ඇමති මණ්ඩලේ 21 දෙනාගේ පැටිකිරිය මෙන්න

Yastysan

Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    අද දිවුරුම් දුන් ඇමතිවරු 21 දෙනාගෙන් බොහෝ අය ක්ෂෙත්‍රවල ප්‍රවීනයන් වුව ජනතාව අඩුවෙන් හඳුනන අයයි. මේ අය ගැන වැඩි තොරතුරු ඇතුළත් කෙටි සටහන් පෙළක් මේ සමග පළවේ.

    අගමැතිනි හා අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමතිනී - ආචාර්ය හරිනි අමරසූරිය

    කොළඹ දිස්ත්‍රික්කයෙන් 655,289 වැඩිම මනාප දිනා තේරිපත්වූ අචාර්ය හරිනි සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි. සරසවි ආචාර්යවරියකි. සමාජ පර්යේෂිකාවකි.

    විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක ඇමති - එච්.එම්. විජිත හේරත්

    2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකි .ඔහු 2004 සිට 2005 දක්වා මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා විය. ගම්පහින් ඡන්ද 716,715ක් ලබා ගනිමින් නව වාර්තාවක් තබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. පැවති රජයේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විය.

    රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමති - මහාචාර්ය චන්දන අබේරත්න

    ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක යාය, පුත්තලමේ වැඩි මනාප ලද චන්දන අබේරත්න - මෙවර මැතිවරණයේදී 113,334 සලකුණු කළේය.
    කැලණි විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකි.

    අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති - නීතීඥ හර්ෂණ නානායක්කාර

    කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.නීතීඥ යෙකි.
    කොළඹින් 7 වැනියාවූ හර්ෂණ නානායක්කාරට මනාප 82,275 ලැබී තිබුණි.

    කාන්තා හා ළමා කටයුතු ඇමතිනී -සරෝජා සාවිත්‍රී පෝල්රාජ්

    මාතරින් දෙවැනි වැඩිම මනාප ලද සරෝජා පෝල්රාජ් මනාප 148,379 ක් ලබාගත්තාය. ද්‍රවිඩ ජාතික නියෝ‍ජනයකින් තේරී පත්වුණ ඇමතිවරියකි. ඇය හිටපු ගුරුවරියකි.

    කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමති- කේ.ඩී. ලාල් කාන්ත

    1984 වසරේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ විය. මර්දනය හමුවේ වුවද, ඔහු පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයෙකු ලෙස පොළොන්නරුව ප්‍රදේශයේ ක්‍රියාකාරීව සිටියේය. බූස්ස රැඳවුම් කඳවුරේ සිරගත වීමෙන් පසුව, නැවත දේශපාලනයට පිවිස කම්කරු ව්‍යාපාරය ශක්තිමත් කළේය.
    කේ.ඩී. ලාල්කාන්ත මහනුවරින් වැඩිම මනාප 316,951 ලබා මෙවර තේරී පත්විය.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස 200-2001 කාලයේ කටයුතු කර ඇත.

    නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස ඇමති - ආචාර්ය අනුර කරුණාතිලක

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි.
    කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

    ධීවර ජලජ හා සාගර සම්පත් ඇමති- රාමලිංගම් චන්ද්‍රසේකරන්

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි
    පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක

    ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමති - මහාචාර්ය උපාලි පන්නිලගේ

    රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති - සුනිල් හඳුන්නෙත්ති

    මාතර වැඩිම මනාප 249,251 ලබා තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දිගු කලක් පාර්ලිමේන්තුවේ කාර්යභාරයක නිරත විය. ඔහු කෝප් කමිටුවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස දේශපාලනයට පිවිස 1995 දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයකු විය 1996 දක්වා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිටියේය . 1998-1999 කාලය තුළ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. ජනතා විමුක්ති පෙරමුණේ මූල්‍ය ලේකම්වරයා ලෙසද ක්‍රියාකර ඇත.2004 දී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති- ආනන්ද විජේපාල

    කුරුණෑගල දෙවැනි වැඩිම මනාප 133142 ලෙස පාර්ලිමේන්තුවට පත්විය. මෙතෙක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික ලේකම් ලෙස ඔහු කටයුතු කළේය. පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරියෙකු වන ආනන්ද විජේපාල කලක් පුණරුත්තාපන අධිකාරියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර පසුව හානිපූර්ණ කාර්යාලයේද අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත. අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, වරිමාර්ග, ඉඩම් සහ පශුසම්පත් කැබ්නට් ඇමති සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්ව ලෙසද කටයුතු කර තිබේ. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.

    ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති - බිමල් රත්නායක

    ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

    බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති - මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

    රත්නපුර තුන්වැනි වැඩිම මනාප 76,505 දිනා පාර්ලිමේන්තුවට තේරී පත්විය.මහාචාර්යවරයෙකු මෙන්ම ලේඛකයෙකු ලෙස ප්‍රසිද්ධය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති - වෛද්‍ය නලින්ද ජයතිස්ස

    කළුතරින් වැඩිම මනාප 371,640 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින්ද ජයතිස්ස වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු දිගු කලක් තිස්සේ ජවිපේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරකවූ අයෙකි.

    වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති - සමන්ත විද්‍යාරත්න

    බදුල්ලෙන් වැඩිම මනාප 208247 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූ සමන්ත විද්‍යාරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
    උමා ඔය ප්‍රශ්නය සහ ඉඩම් අක්කර 65,000ක් සිංගප්පූරු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් සටන් කිරීම නිසා ප්‍රකට වූ අයෙකි.2004 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් නියෝජ්‍ය ඇමති ධූරයක් දැරීය.

    තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති - සුනිල් කුමාර ගමගේ

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි
    වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

    වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන ඇමති - වසන්ත සමරසිංහ

    අනුරාධපුරින් වැඩිම 251,639 මනාප ‍ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. දිගු කලක් තිස්සේ ජවිපෙ ක්‍රියාකරුවෙකු හා වෘත්තීය සටන් මෙහෙයවන්නෙකි.

    විද්‍යා හා තාක්ෂණ ඇමති - මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

    ගම්පහින් 4 වැනියට වැඩිම මනාප 121,825 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය.
    කැළණිය විශ්වවිද්යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. බෞද්ධ අධ්‍යයනය, ජාත්‍යන්තර සබඳතා, ව්‍යවහාරික සංඛ්‍යානය වැනි විෂයන්හි උසස් උපාධි රැසක් හදාරා ඇත. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත්-MD පුහුණුව ලබා ඇත. 1996 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කර, 1997 සිට කැළණිය විශ්වවිද්‍යාලයේ සේවය කළේය. විශ්වවිද්‍යාල පරිපාලනයේ විවිධ තනතුරු දරන ඔහු සරසවි සමයේ සිට ශිෂ්‍ය නායකයෙකු ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකි.

    කම්කරු ඇමති - මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

    ගම්පහින් 2 වැනියට වැඩිම මනාප 162,433 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරීයෙකි.ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙක් වන අතර එහි ආර්ථික කවුන්සල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.වර්තමාන ජනාධිපති අනුර කුමාර මැතිතුමන්ගේ ආර්ථික උපදේශකයකු ලෙස ද කටයුතු කර තිබේ.

    බලශක්ති ඇමති - ඉංජිනේරු කුමාර ජයකොඩි

    ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාරවරයෙකි, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙකි.

    පරිසර ඇමති - වෛද්‍ය ධම්මික පටබැඳි

    කෑගල්ලෙන් වැඩිම මනාප 186,409 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍යවරයෙකි.රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්තව සේවය කර තිබේ.

    181215437-tile.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,830
    113
    කාන්තා නියෝජනය මදියි. අඩුම තුන්දෙනෙක් වත් ඉන්න තිබ්බා. 5ක් වගේ ආවා නම් සුපිරි.
    කැබිනට් එකට මුස්ලිම් පොරක්වත් දාන්න තිබ්බා. දැනට ඇමතිවරු 21යි ඉන්නෙ. තව 4ක් දාන්න පුළුවන්.
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954

    Agamika katayuthu niyojya amathi thambiyek dammanan hari
    Polraj ge niyojya amathi widiyata thawa gaaniyek damu
    Samanthage niyojya amathi widiyata Ambika daamu

    Me widiyata e field eke athdakim tiyena ekekwa deweniya widiyta damu
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    eXYzHag.png

    මිරිස්කුඩු සංස්කෘතිය කම්මුතුයි...
    යම් අධ්‍යාපන මට්ටමක් තියන අය ඉන්නකොට බෝක්කු ක්‍රමය නැතුව ටිකක් එක ලෙවල් එකකට වැඩ කෙරෙනවා.
    රනිල් ලොක්කා වගේ කතානායකට ඇහැක් ගැහුවම තීරණ දෙන කෙනෙක් නැතුව,
    හොඳ සාධාරණ කතානායක කෙනෙක් පත්කරගත්තනම් හරි...
     
    • Like
    Reactions: Yastysan

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,157
    1
    16,003
    113
    කාන්තා නියෝජනය මදියි. අඩුම තුන්දෙනෙක් වත් ඉන්න තිබ්බා. 5ක් වගේ ආවා නම් සුපිරි.
    කැබිනට් එකට මුස්ලිම් පොරක්වත් දාන්න තිබ්බා. දැනට ඇමතිවරු 21යි ඉන්නෙ. තව 4ක් දාන්න පුළුවන්.
    රනිල් මාත්තයා ගන්න ඉඩ තියාගත්තෙ :cool:
    හෙට අනිද්දා රවියා ඉල්ලා අස් උනාම එන නිසා...
     
    • Haha
    Reactions: ruchira55

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    රනිල් මාත්තයා ගන්න ඉඩ තියාගත්තෙ :cool:
    හෙට අනිද්දා රවියා ඉල්ලා අස් උනාම එන නිසා...
    අම්මටසිරි සිරාවට... රවියා කිව්වම මතක් වුනේ..
    ජාතික ලයිස්තුව හොරාකාලා නේද රවියා... ලොක්කවත් දන්නෙ නෑලු...
    ඔක්කොම එකටි මල පෙරේතයෝ... රහ වැටුනම දාල යන්නෙම නෑ..
     
    • Like
    Reactions: Yastysan

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,159
    3,164
    113
    Aluthen aapu godak un University lecturer witharada Yako company ekakawath weda karala nedda? government horu Tika lassanata kade yawai patholayo tikawa .
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,727
    16,954
    113
    Aluthen aapu godak un University lecturer witharada Yako company ekakawath weda karala nedda? government horu Tika lassanata kade yawai patholayo tikawa .
    ekata niyojya amathi e field eke experience ekek damman hari
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    ලංකාවේ කැම්පස් ලේක්චරසලා කියන්නේ කිසිම අලුත් දෙයක් හිතන්න පුළුවන් එවුන් නෙමයි
     
    • Like
    Reactions: Hapuwa

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    නලින් හේවගේ
    නාමල් කරුණාරත්න ට මොකුත් නැද්ද?

    පෙරේට්ටෝ, විජේවීර ගේ පුතා, නන්දන ගුණතිලක, විමල් වීරවංශ හූල්ලනවා ඇති නේද?
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    නලින් හේවගේ
    නාමල් කරුණාරත්න ට මොකුත් නැද්ද?

    පෙරේට්ටෝ, විජේවීර ගේ පුතා, නන්දන ගුණතිලක, විමල් වීරවංශ හූල්ලනවා ඇති නේද?
    විමල් නම් ඉතිං ඇති වෙන්න ඇමතිකම් කළා හම්බු කළා. අනෙක කොහොමත් මොන ආණ්ඩුව උනත් අවුරුදු 10යිනෙ උපරිම ලංකාවේ අදින්නෙ .
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    විමල් නම් ඉතිං ඇති වෙන්න ඇමතිකම් කළා හම්බු කළා. අනෙක කොහොමත් මොන ආණ්ඩුව උනත් අවුරුදු 10යිනෙ උපරිම ලංකාවේ අදින්නෙ .
    නන්දන ගුණතිලකත් පානදුර නගරාධිපති වෙලා ඉන්න කාලේ හොඳට හෙව්වා කියලා තමයි කියන්නේ 😏
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    අද දිවුරුම් දුන් ඇමතිවරු 21 දෙනාගෙන් බොහෝ අය ක්ෂෙත්‍රවල ප්‍රවීනයන් වුව ජනතාව අඩුවෙන් හඳුනන අයයි. මේ අය ගැන වැඩි තොරතුරු ඇතුළත් කෙටි සටහන් පෙළක් මේ සමග පළවේ.

    අගමැතිනි හා අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන ඇමතිනී - ආචාර්ය හරිනි අමරසූරිය

    කොළඹ දිස්ත්‍රික්කයෙන් 655,289 වැඩිම මනාප දිනා තේරිපත්වූ අචාර්ය හරිනි සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරිනියකි. සරසවි ආචාර්යවරියකි. සමාජ පර්යේෂිකාවකි.

    විදේශ කටයුතු විදේශ රැකියා හා සංචාරක ඇමති - එච්.එම්. විජිත හේරත්

    2000 වසරේ සිට ගම්පහ දිස්ත්‍රික්කයේ දේශපාලනඥයෙකි .ඔහු 2004 සිට 2005 දක්වා මීට පෙර සංස්කෘතික කටයුතු සහ ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යවරයා විය. ගම්පහින් ඡන්ද 716,715ක් ලබා ගනිමින් නව වාර්තාවක් තබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. පැවති රජයේ විපක්ෂ මන්ත්‍රීවරයෙකු විය.

    රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන ඇමති - මහාචාර්ය චන්දන අබේරත්න

    ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායමේ නායක යාය, පුත්තලමේ වැඩි මනාප ලද චන්දන අබේරත්න - මෙවර මැතිවරණයේදී 113,334 සලකුණු කළේය.
    කැලණි විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකි.

    අධිකරණ හා ජාතික ඒකාබද්ධතා ඇමති - නීතීඥ හර්ෂණ නානායක්කාර

    කොළඹ දිස්ත්‍රික්කය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි.නීතීඥ යෙකි.
    කොළඹින් 7 වැනියාවූ හර්ෂණ නානායක්කාරට මනාප 82,275 ලැබී තිබුණි.

    කාන්තා හා ළමා කටයුතු ඇමතිනී -සරෝජා සාවිත්‍රී පෝල්රාජ්

    මාතරින් දෙවැනි වැඩිම මනාප ලද සරෝජා පෝල්රාජ් මනාප 148,379 ක් ලබාගත්තාය. ද්‍රවිඩ ජාතික නියෝ‍ජනයකින් තේරී පත්වුණ ඇමතිවරියකි. ඇය හිටපු ගුරුවරියකි.

    කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ඇමති- කේ.ඩී. ලාල් කාන්ත

    1984 වසරේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ විය. මර්දනය හමුවේ වුවද, ඔහු පක්ෂයේ පූර්ණකාලීන සාමාජිකයෙකු ලෙස පොළොන්නරුව ප්‍රදේශයේ ක්‍රියාකාරීව සිටියේය. බූස්ස රැඳවුම් කඳවුරේ සිරගත වීමෙන් පසුව, නැවත දේශපාලනයට පිවිස කම්කරු ව්‍යාපාරය ශක්තිමත් කළේය.
    කේ.ඩී. ලාල්කාන්ත මහනුවරින් වැඩිම මනාප 316,951 ලබා මෙවර තේරී පත්විය.
    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස 200-2001 කාලයේ කටයුතු කර ඇත.

    නාගරික සංවර්ධන ඉදිකිරීම් හා නිවාස ඇමති - ආචාර්ය අනුර කරුණාතිලක

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි.
    කැලණිය විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

    ධීවර ජලජ හා සාගර සම්පත් ඇමති- රාමලිංගම් චන්ද්‍රසේකරන්

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි
    පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කාරක සභා සභාපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සහ යාපනය දිස්ත්‍රික් සංවිධායක

    ග්‍රාමිය සංවර්ධන සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් ඇමති - මහාචාර්ය උපාලි පන්නිලගේ

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි.
    රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික

    කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමති - සුනිල් හඳුන්නෙත්ති

    මාතර වැඩිම මනාප 249,251 ලබා තේරී පත්වූ මන්ත්‍රීවරයෙකි. විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස දිගු කලක් පාර්ලිමේන්තුවේ කාර්යභාරයක නිරත විය. ඔහු කෝප් කමිටුවේ සභාපති ලෙසද කටයුතු කර ඇත.
    ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු ලෙස දේශපාලනයට පිවිස 1995 දී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ ක්‍රියාකාරිකයකු විය 1996 දක්වා සමාජවාදී ශිෂ්‍ය සංගමයේ සිටියේය . 1998-1999 කාලය තුළ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. ජනතා විමුක්ති පෙරමුණේ මූල්‍ය ලේකම්වරයා ලෙසද ක්‍රියාකර ඇත.2004 දී ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කර ඇත.

    මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමති- ආනන්ද විජේපාල

    කුරුණෑගල දෙවැනි වැඩිම මනාප 133142 ලෙස පාර්ලිමේන්තුවට පත්විය. මෙතෙක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ පුද්ගලික ලේකම් ලෙස ඔහු කටයුතු කළේය. පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරියෙකු වන ආනන්ද විජේපාල කලක් පුණරුත්තාපන අධිකාරියේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ අතර පසුව හානිපූර්ණ කාර්යාලයේද අධ්‍යක්ෂක ලෙස කටයුතු කර ඇත. අනුර කුමාර දිසානායක, කෘෂිකර්ම, වරිමාර්ග, ඉඩම් සහ පශුසම්පත් කැබ්නට් ඇමති සමයේ ඔහුගේ පෞද්ගලික ලේකම්ව ලෙසද කටයුතු කර තිබේ. දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කළේය.

    ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා ඇමති - බිමල් රත්නායක

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි.
    ජවිපෙ දේශපාලන මණ්ඩල සභික, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී

    බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමති - මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි

    රත්නපුර තුන්වැනි වැඩිම මනාප 76,505 දිනා පාර්ලිමේන්තුවට තේරී පත්විය.මහාචාර්යවරයෙකු මෙන්ම ලේඛකයෙකු ලෙස ප්‍රසිද්ධය.

    සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති - වෛද්‍ය නලින්ද ජයතිස්ස

    කළුතරින් වැඩිම මනාප 371,640 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූ නලින්ද ජයතිස්ස වෘත්තියෙන් වෛද්‍යවරයෙකි. ඔහු දිගු කලක් තිස්සේ ජවිපේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරකවූ අයෙකි.

    වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමති - සමන්ත විද්‍යාරත්න

    බදුල්ලෙන් වැඩිම මනාප 208247 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූ සමන්ත විද්‍යාරත්න කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
    උමා ඔය ප්‍රශ්නය සහ ඉඩම් අක්කර 65,000ක් සිංගප්පූරු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් සටන් කිරීම නිසා ප්‍රකට වූ අයෙකි.2004 දී චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය විසින් නියෝජ්‍ය ඇමති ධූරයක් දැරීය.

    තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති - සුනිල් කුමාර ගමගේ

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි
    වරලත් ගණකාධිකාරී, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ආර්ථික කවුන්සිල සාමාජික, ජාතික විද්වත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සභාපති

    වෙළෙඳ වාණිජ ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන ඇමති - වසන්ත සමරසිංහ

    අනුරාධපුරින් වැඩිම 251,639 මනාප ‍ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. දිගු කලක් තිස්සේ ජවිපෙ ක්‍රියාකරුවෙකු හා වෘත්තීය සටන් මෙහෙයවන්නෙකි.

    විද්‍යා හා තාක්ෂණ ඇමති - මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන

    ගම්පහින් 4 වැනියට වැඩිම මනාප 121,825 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය.
    කැළණිය විශ්වවිද්යාලයේ වෛද්‍ය පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකි. බෞද්ධ අධ්‍යයනය, ජාත්‍යන්තර සබඳතා, ව්‍යවහාරික සංඛ්‍යානය වැනි විෂයන්හි උසස් උපාධි රැසක් හදාරා ඇත. ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත්-MD පුහුණුව ලබා ඇත. 1996 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවය කර, 1997 සිට කැළණිය විශ්වවිද්‍යාලයේ සේවය කළේය. විශ්වවිද්‍යාල පරිපාලනයේ විවිධ තනතුරු දරන ඔහු සරසවි සමයේ සිට ශිෂ්‍ය නායකයෙකු ලෙස දේශපාලනයට පිවිසි අයෙකි. ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙකි.

    කම්කරු ඇමති - මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු

    ගම්පහින් 2 වැනියට වැඩිම මනාප 162,433 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්විය. වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඔහු ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරීයෙකි.ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජිකයෙක් වන අතර එහි ආර්ථික කවුන්සල සාමාජිකයෙකු ලෙසද කටයුතු කරයි.වර්තමාන ජනාධිපති අනුර කුමාර මැතිතුමන්ගේ ආර්ථික උපදේශකයකු ලෙස ද කටයුතු කර තිබේ.

    බලශක්ති ඇමති - ඉංජිනේරු කුමාර ජයකොඩි

    ජාතික ලැයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි.
    ඉංජිනේරු, ව්‍යාපෘති කළමානාකාරවරයෙකි, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභිකයෙකි.

    පරිසර ඇමති - වෛද්‍ය ධම්මික පටබැඳි

    කෑගල්ලෙන් වැඩිම මනාප 186,409 ලබා පාර්ලිමේන්තුවට තේරී පත්වූ වෛද්‍යවරයෙකි.රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්තව සේවය කර තිබේ.

    View attachment 241928
    පස්සේ වෙනස්කරන්න කලින් (y) (y)