ඇමති චම්පික මුදල් මණ්ඩලයට බැට දේ.

Athugala

Junior member
  • Nov 11, 2008
    178
    13
    18
    44
    SL
    ඇමති චම්පික මුදල් මණ්ඩලයට බැට දේ.

    ලෝක ත්‍රස්තවාදයේ ව්‍යාප්තියට ඇමෙරිකාව සහ මහා බ්‍රිතාන්‍ය වගකිව යුතුයි. • නට්සි ජර්මනිය මර්ධනය කළාසේ අනුකම්පා විරහිතව අයිසිස් මර්ධනය කළ යුතුයි. • ශ්‍රී ලංකාවේ බැංකු 08 ක් ශරියා නීතියට අනුව බැංකු ගණුදෙනු අරඹයි.
    (www.randora.lk 14/09/2014)- අද වනවිට ලෝකයේ රටවල් 80 ක් පමණ අයිසිස් ත්‍රස්තවාදීන් සමඟ සටන් කරයි. මේ සඳහා සෘජුව හා වක්‍රව ඇමෙරිකාව සහ මහා බ්්‍රතාන්‍ය වගකිව යුතු බව ඇමති චම්පික රණවක ඊයේ(13) අයිසිස් ත්‍රස්තවාදය පිළිබඳව සිදුකළ කතිකාවතෙහිදී අනාවරණය කළේය. නට්සි විසින් ජර්මනිය මර්ධනය කළාසේම අනුකම්පා විරහිතව ලෝකයේ අයිසිස් ත්‍රස්තවාදීන් මර්ධනය කළයුතු බවත්, එසේ නොකළහොත් ලෝකයේ සෑම ගමකම, නගරයකම වහාබ් අන්තවාදීන් තුවක්කුව අතටගෙන අරඹන ලෝක යුද්ධය වැඩි ඈතක නොවන බව ඇමති චම්පික පවසයි.

    ඊශ්‍රයාලයේ හා නයිජීරියාවේ බෝකෝහරාම්, ඇෆ්ඝනිස්තානයේ තලෙයිබාන්, ඉරාකයේ අයිසිස්, මැලේසියාවේ හා ඉන්දුනීසියාවේ ජමිය ඉස්ලමීය, ඉන්දියාවේ ලක්ෂායි ටොයිබා වැනි ත්‍රස්තවාදී කල්ලි මෙන්ම සුඩානය හා සිරියාව වැනි රටවල් අරාජික කිරීමට වහබ්වාදය පිළිගන්නා අන්තවාදී මුස්ලිම් මූලධර්මවාදීන් ලෝකය පුරා කටයුතු කරයි. එහෙත් ඇතමෙක් පවසන්නේ ඊශ්‍රයාලය හේතුවෙන් ත්‍රස්තවාදය ගොඩනැගීම සහ පැවතීම සිදුවන බවයි. එය එසේ නොවන අතර ඇමෙරිකාව සහ එංගලන්තය වැනි රටවල් තමන්ගේ ආර්ථීක සහ දේශපාලනික අවශ්‍යතා සපුරාගැනීම වෙනුවෙන් එක් එක් රටවල් අරාජික කිරීම සඳහා එම රටවලම විවිධ කණ්ඩායම් වෙත ආයුධ සැපයීමෙන් එම තත්ත්වය සිදුවෙයි. ඉරාකයේ බාත් සමාජවාදී පක්ෂය දියකර සදාම් හුසේන් අඩපණකොට ඉරාකයේ තෙල් සම්පත ලබාගැනීමට ඇමෙරිකාව එම රටේ වෙනත් කණ්ඩායම් සන්නද්ධ කිරීමෙන් අද සිදුවී ඇත්තේ එම කල්ලි කණ්ඩායම් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කිරීමටයි. මෙය අතිශය භයානක ඉරණමක් උදාකර දෙන ක්‍රියාවලියක් බවට දැන් පත්වී හමාරය.

    අද වනවිට අන්තර්ජාලයෙන් වැඩි ප්‍රයෝජනයක් ලබාගන්නේ ත්‍රස්ත කණ්ඩායම් බවත්, ඒ සඳහා ලොව පුරා මිලියන 100 ක් කටයුතු කරන බවත් ඇමති චම්පික පෙන්වා දෙයි. ඕනෑම රටක පැවතිය යුත්තේ එක නීතියක් පමණි. ඇඳුම පැළඳුමෙන්, සමාජ චර්යාවන්ගෙන්, ආර්ථීක රටාවන්ගෙන් යම් හෝ කණ්ඩායමක් වෙන්වීමට උත්සාහකරනවා නම් එය සමාජ ඛෙදුම්වාදයේ ආරම්භය බවද හෙතෙම පවසයි. එක ගමක, එක නගරයක සිදුවන එය සමස්ථ ලෝකයේම සංවිධානාත්මකව ජාලයක් ලෙස ක්‍රියාත්මකවීමෙන් අවධානමක් සේම, ව්‍යසනකාරී තත්ත්වයක් ඇතිවීමේ පැහැදිළි තත්ත්වයක් උද්ගතවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මෙම තත්ත්වය නිවැරදිව අවබෝධකරගෙන කටයුතු කිරීම මධ්‍යස්ථ මුස්ලිම් ජනයාගේ වගකීම වියයුතු බව ද හෙතෙම පෙන්වා දෙයි.

    අද වනවිට ලංකාවේ බැංකුක්‍රමය පාලනය කරන මූල්‍ය මණ්ඩලය මඟින් ශ්‍රී ලංකාවේ බැංකු 08 ක ශරියා නීතියට අනුව බැංකු කටයුතු කිරීමට අවසර ලබාදී තිබේ. ඒ අතර රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවද පවතී. මෙය රටේ සැමට පොදුයැයි පවසන නීතියද අභියෝගයට ලක්කිරීමක් බවත්, එවන් තීරණයක් ගැනීමට මූල්‍ය මණ්ඩලයට කිසිදු බලයක් නොමැති බවත් චම්පික රණවක පෙන්වා දෙයි.

    මෙම සෑම ක්‍රියාවකින්ම සිදුවන්නේ සිංහල දෙමළ ක්‍රිස්තියානි හා මුස්ලිම් ජනයා වර්ගකොට එක් එක් ජනවර්ගයාගෙන් ඛෙදා වෙන්කිරීම පමණි. එවන් තත්ත්වයක් ශ්‍රී ලංකාවට අවශ්‍ය නොමැති අතර අතීතයේ සිට පැවත එන සුහදත්වය සහ සංස්කෘතිය රැකගෙන රටේ පවතින එක පොදු නීතියකට අනුව කටයුතු කළයුතු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කර සිටී.

    https://www.youtube.com/watch?v=_vrNA3kb6ks

    source: http://www.randora.lk/index.php/lead-article/item/3135-sharialawchampika