ඇමරිකානු ජනාධිපතිගේ සාක්කුවට විදීමට තැත&

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඇමරිකානු ජනාධිපතිගේ සාක්කුවට විදීමට තැත&

    1940 ගනන් වල කියුබාවේ දුෂ්කර ගම්මානයක තිබු කුඩා පාසලකි. එලක පාසල් වල අඩු දරුවන් සංඛ්‍යාවක් ඉගෙනුම ලැබූ බැවින් සෑම දරුවෙක්ම එකිනෙකා දැන හැදුනූහ. එම හේතුව නිසාම පාසලේ ජනප්‍රිය චරිතයක් වීමට සැවොම උත්සහා කලහ.එම පාසලේ ඉගෙනුම ලැබූ වයස අවුරුදු 12ක පිරිමි දරුවෙකි.පාසලේ පොදු කටයුතු වලදි කැපී පෙනුනු දරුවෙකු වුවත් අධ්‍යාපන කටයුතු වලදී එතරම් දක්ශතාවයක් දැක්වූ දරුවෙකු නොවීය. නමුත් මොහු සමහර ක්‍රියාකාරකම් හේතුවෙන් පාසලේ යම් නමක් දිනාගෙන සිටියේය.

    එකල ඇමරිකාව ලෝකයේ ප්‍රබලම රටක් ලෙස බොහෝ සෙයින් කතා බහට ලක්වූ කාලයකි. ඒ අතර මොහු කල යම් ක්‍රියාවක් නිසා පාසලේ ජනප්‍රියම චරිතය බවට පත්විය.එනම් එකල ඇමරිකානු ජනාධිපති වූ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල් ට යැවූ ලිපියක් හේතුවෙනි.තමා මෙන්ම තම පාසලේද සියලු දෙනා ඇමරිකානු ජනාධිපති ට ගරු කරන බවත්, එතුමා තමා වැඩිපුරම කැමති වීරයන්ගෙන් කෙනෙකු බවත් එහි සදහන් විය. එමෙන්ම තමා කිසි දිනෙක ඩොලර් 10 යේ නොට්ටුවක් දැක නැති බවත් ඩොලර් 10 යේ නෝට්ටුවක් එවිය හැකි නම් එය තමා ඇතුලු මුලු පාසලටම ගෞරවයක් බවත් එහි සදහන් විය. එම ලිපියට කෙටි කලකින් පිලිතුරු ලිපියක් ලැබුනු අතර එය ඇමරිකානු ජනාධිපති කාර්යාලයෙන් එවා තිබිනි. ලිපියේ වූ කරුනු ගැන බොහෝ සතුටට පත් වන බවත් පාසලේ අනාගතයට සුබ පතන බවත් එහි සදහන් විය, නමුත් ඩොලර් 10ක් එවා නොතිබිනි. පාසලේ නාමයෙන් ඇමරිකානු ජනාධිපති ගේ සාක්කුවට විදිමට තැත් කල බවක් නොදන්නා පාසලේ බලධාරීන් මෙයින් බොහෝ සතුටට පත් විය. පිලිතුරු ලිපිය මාසයක් පුරාවට පාසලේ ප්‍රධාන දැන්වීම් පුවරුවේ ප්‍රදර්ශනය කෙරුනු අතර දරුවා අතිශය පැසසුමටත් ජනප්‍රියත්වයටත් පත් විය.


    නමුත් මුල් ලිපිය අදටත් ඇමරිකානු රාජ්‍ය ලේඛනාගාරයේ සුරක්ශිතව තබා ඇති අතර ලිපියේ අවසානයේ අත්සනට යටින් මෙලෙස සදහන් කර තිබෙන දකිනවුන් පුදුමයෙන් පුදුමයට පත් වෙති..















    "පිදෙල් කැස්ත්‍රෝ"



    phpEko3ImAM.jpg castroletter1.JPG




    ALL RIGHTS RESERVED

    උපුටා ගැනිමක් නොවේ , මහන්සි වෙලා Type කරේ ඒක නිසා රෙප් + ඉල්ලනව.

    Thanks for reading.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    good post
    rep+

    pattaneee

    TFS :)
    Rep++

    thx for sharing


    Maxxaaaaaaaaaaaaaaaaaaaaaaaaaa....................

    නියම පෝස්ට් එක:D:D
    රෙප් දෙන්න බෑලු බන් අනිවා දෙනවා
    rep dunna comment karapu okkotama thanks.. :):)
     
    Last edited: