ඇමරිකානු හමුදාවේ අලූත් ‘රහස් අවිය’

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    00020408.gif



    බොහෝම වැදගත් විස්තරයක්
    ස්තුතියි යාළුවා
    ,,,, +9 ,,,,
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    "ඒ මගින් ටෙරාබයිට් මිලියනයක දත්ත ගබඩා කරන්න පුළුවන්" budu ammooooooooooooo . TFS machn
     

    netlife008

    Active member
  • Mar 5, 2012
    145
    84
    43
    අදහන්නත් බැරි තරම් විස්මිත ඔත්තු බලන යානයක්! ඇමරිකානු හමුදාවේ අලූත් ‘රහස් අවිය’ මෙන්න!
    ගූගල් වීදි දසුන් දැන් ඔබටත් හුරු ඇති. සමහර විට ඔබට පාර සොයා ගෙන යන්නත් ඒවා උදවු වෙනවා ඇති. දැන් ඇමරිකානු හමුදාව සතු මිනිසුන් රහිත ඔත්තුකාර ගුවන් යානාවලට ඉහළ අහසේ සිට, බිම ඇවිදින, ඔබේ සාක්කුවේ තියෙන දුරකතනය පවා හඳුනා ගන්න පුළුවන්.

    අපේ ඔත්තු බලන ගුවන් යානාවලට වඩා ඉතා සියුම් කැමරා පද්ධතියක් ඒ යානාවලට සවි කර තියෙනවා. ආගස්-ඉස් (ARGUS-IS) නමින් හැඳින්වෙන මේ කැමරා පද්ධතිය සෑම මිනිසුන් රහිත ගුවන් යානයකටම සවිකර තියෙනවා.

    එයට වර්ග සැතැපුම් 15ක ප‍්‍රදේශයක් එකවර හසු කර ගන්න පුළුවන්. ඇදහිය නොහැකි විස්මිත මෙගා පික්සල් 1,800කින් යුත් පින්තූරයක් ලබා දෙන්න පුළුවන්. පින්තූර ගැනීමේදී එය අයි ෆෝන් කැමරාවකට වඩා 225ස් ගුණයක් සංවේදියි.

    අහසේ අඩි 17,500ක් ඉහළ සිට බිම ඇති අඟල් 6ක් තරම් කුඩා වස්තුවක් වුනත් පැහැදිලිව කැමරාවට හසුකර ගන්න පුළුවන්. යුද පිටියක දී නම් එහි සිදු වන සියල්ලම ඉතා පැහැදිලිවම ඒ මොහොතේ ම දැක ගන්න හමුදාව මෙහෙයවන්නන්ට හැකියාව ලැබෙනවා.


    1.jpg


    අඩි 17,500ක් ඉහළ අහසේ සිට ගන්නා පින්තුරවල විශේෂයෙන් පාටින් ලකුණු කර ඇති කොටස් එවේලේම විශාලනය කොට වඩාත් සමීපව දැක ගන්නට පුළුවන්.

    ”මේවා මහජනතාව දැන ගෙන ඉන්න ඕනෑ. මේ යානාවලට ඔත්තු බැලීම ඉතා සියුම් ආකාරයට කළ හැකි බව ඔවුන් දැනුවත් වී ඉන්න එක හොඳයි.” කියා මේ පද්ධතිය සැලැසුම් කළ බි‍්‍රතාන්‍යයේ බීඒඊ ආයතනයේ ඉංජිනේරු යිආනිස් ඇන්ටෝනියේඞ්ස් පීබීඑස් රූපවාහිනී නාලිකාවට පසුගිදා කීවා.

    බීඒඊ කියන්නේ බි‍්‍රතාන්‍යයේ අභ්‍යවකාශ උපකරණ හා අවි ආයුධ තනන සමාගමක්. ඔවුන් තමා මේ ආගස්-ඉස් කැමරා පද්ධතිය ඇමරිකාවේ ආරක්ෂණ පාලන අධිකාරිය වූ පෙන්ටගනය වෙනුවෙන් නිපදවූයේ. ඒ වියහියදම් දැරුවේ ඩාපා (Darpa) යනුවෙන් හැඳින්වෙන ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුවේ උසස් පර්යේෂණ ව්‍යාපෘති ඒජන්සිය (Defense Advanced Research Projects Agency) මගිනුයි. ඒ සඳහා වැය කළ මුදල ඩොලර් මිලියන 18.5ක්.

    ආගස් කියල චරිතයක් ගී‍්‍රක මිථ්‍යා කතාවල එනවා. ඔහුට ඇස් සීයක් තිබුණා, අපේ ප‍්‍රවාදවල එන සක්දෙවියන්ට ඇස් දාහක් තිබුණා වගේ.

    ඒ වගේ පෙන්ටගනයේ ආගස්ටත් ඇස් 368ක් තියෙනවා. අහසේ සිට පහත වෙන දේවල් බලන්න. ඒ ඇස්වලට ස්වයංකී‍්‍රයව සැබෑ කාලයක් තුළ කි‍්‍රයාත්මක වෙලා බිම සිදුවෙන දේවල් දිහා බලලා එසැණ වාර්තා කරන්න පුළුවන්. හරියටම කියනවා නම් අපේ ජීවිතවලට එබිලා අපේ රහස් සොයලා වීඩියෝ කරලා ඇමරිකාවට ඔත්තු සපයන්න පුළුවන්.

    මිනිසුන් රහිතව අහසට නගින ගුවන්යානයක තමයි, මේ වීඩියෝ ඇස් සවි කරපු චිප් තියෙන්නෙ. ඒවායින් දකින දේ එක්කාසු කරලා තනි විශාල පින්තුරයක් සකසන්න පුළුවන් ප්‍රොසෙසරයක් යානය තියෙනවා. පහළ දර්ශනයෙ ඇති වෙන වෙනස්කම් තත්පරයට රූප රාමු 15ක වේගයෙන් ඒ තනි පින්තූරෙ ඇතුළෙ වෙනස් කෙරෙනවා. ඒ හැරෙන්නට එහි ඇති රාමුවක් තුළ ඇති දෙයක් වෙනවෙනම ළං කරල බලන්නත් පුළුවන්.

    4.JPG
    බිම සිදු වන සියල්ල ඒ මොහොතේම ඩිජිටල් කැමරා සංවේදක සිය ගණනකින් රූප ලබා ගෙන එකතු කර දෙන්නට මේ ඇමරිකානු යුද හමුදාවේ ආගස්-ඉස් කැමරා පද්ධතියට පුළුවන්.

    මේ ආගස්-ඉස් කියන නම හදාගෙන තියෙන හැටි අපූරුයි. එය Autonomous Real-time Ground Ubiquitous Surveillance-Imaging System යන වදන් පෙළේ මුල් අකුරු ආපස්සට කියවෙන විටයි, ්ඍඨඹී-ෂී යන්න සෑදෙන්නේ. එය සිංහලෙන් කියන්න ගියොත් ‘ සැබෑ කාලය තුළ ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කරන භූමි සර්වවර්ති ආවේක්ෂණ පිළිබිඹු පද්ධතිය’ වැනි ටිකක් බරපතල වචන එකතුවක් තමයි ලැබෙන්නෙ.

    5.jpg


    මේ ආගස්-ඉස් කැමරා පද්ධතියට සම්බන්ධ කර තියෙනවා, ඩිජිටල් කැමරා පිළිබිඹු චිප් 386ක් තනි ඒකකයක් හැටියට එක විට ස්වයංකී‍්‍රයව කි‍්‍රයා කළ හැකි වන ආකාරයට.

    මේ පද්ධතිය කෙතරම් පැහැදිලි සවිස්තරාත්මකව රූප ලබා දෙනවා ද කීවොත් අඩි දහස් ගණනක් බිම සිටින අය එහා මෙහා යන අයුරු පමණක් නොව ඔවුන් කරන්නේ මොනවාද ඔවුන් අතේ ගෙන යන්නේ මොනවාද ආදී හැම දෙයක් ම ඒ වීඩියෝ පින්තූරවලින් දැක ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ජංගම දුරකතනයක් ඇත්නම් එය කුමන වර්ගයේ එකක් ද කියාත් දැන ගන්න පුළුවන්.

    ආගස් කැමරා පද්ධතිය මේ තොරතුරු ඒ මොහොතේම සජීවීව අහස් යානයේ සිට පහළ ඇති පාලක මැදිරියකට යවනවා. ඒ මැදිරියේ ඇති ස්පර්ශ කළ හැකි තිරයක් මත ඒවා පතිත කෙරෙනවා.

    ඔබට එහි ඇති යමක් වඩාත් ළං කර බලන්නට අවශ්‍ය නම් කළ යුත්තේ අත තැබීම පමණයි. ඒ රූපය විශාල වී ඔබට අවශ්‍ය දේ වඩාත් පැහැදිලිව බලා ගත්තෑකි. කැමරා නෙතට අසු වන ඕනෑම දෙයක් බලා ගන්න ඔබට පුළුවන්. එකවර සමීප රූපවලට යා හැකි වීඩියෝ කවුළු 65ක් එහි තියෙනවා.

    මේ සෑම වීඩියෝ කවුළුවක් ම වෙන වෙනම විද්‍යුත්ක‍්‍රමය�� �න් නිදහස්ව හසුරුවන්න පුළුවන්. එසේ ම යමක් කෙරෙහි නොකඩවා බැල්ම හෙළිය යුතු නම් ඒකත් තිතටම කරන්න ඔබට පුළුවන්. යම් අයකු පසුපස හඹා යායුතු නම් ඒකත් ස්වයංකී‍්‍රයව මෙහෙය වන ලෙසට අණ දෙන්න ඔබට පුළුවන්.

    මේ ක‍්‍රමයෙන් සියලූම චලනය වෙන වස්තූන් පාට කොටුවලින් ලකුණු කොට දක්වනවා. ඒ නිසා වාහනයකින් හෝ පයින් යන හැම කෙනකු පැහැදිලිව දැක ගන්න පුළුවන්. ඔබට අවශ්‍ය ඔවුන් පසුපස හඹා යාම පහසුවෙන් කළ හැකියි. පාලක මැදිරියේ සිට ඒ හැම සිදු වීමක් ගැන සීරුවෙන් සොයා බලන්න ඔබට පුළුවන්.

    මෙහිදී සියල්ල පටිගත කෙරෙනවා. ඒ මගින් ටෙරාබයිට් මිලියනයක දත්ත ගබඩා කරන්න පුළුවන්. ඒක හරියට අධිරූපණ වීඩියෝ පැය 5000කට සමානයි.

    ”ඔබට අවශ්‍ය නම් ආපසු ගිහිල්ලා දින තුනකුත් පැය දෙකකුත් මිනිත්තු හතරකට කලින් වෙච්ච දෙයක් බලන්න ඕනෙ නම් ඒ සිද්ධිය ප‍්‍රතිවාදනය කරල බලන්නත් පුළුවන්, එවේලේ වෙච්ච විදියටම කිසිම වෙනසක් නැතුව.” ඇන්ටෝනියේඞ්ස් කියනවා.

    ”දැනට තියෙන මිනිසුන් රහිත යානා යවා අහසින් කෙරෙන විමසීම්වල ඇති අඩුපාඩු සියල්ල මේ නව ක‍්‍රමයෙන් හරිගස්සලා තියෙනවා. මීළඟට අපි ගෙන එන්නේ රාති‍්‍ර කාලයේ දී පවා දැකිය හැකි අධෝරක්ත කිරණවලින් කි‍්‍රයා කර හැකි කැමරා පද්ධතියක්.” ආචාර්ය ස්ටීවන් වේන් කියනවා. ඔහු තමා මේ බීඒඊ සමාගමේ දෘශ්‍ය සංවේදක පද්ධති භාර අධ්‍යක්ෂවරයා.

    6.jpg
    මේ ක‍්‍රමයෙන් සියලූම චලනය වෙන වස්තූන් පාට කොටුවලින් ලකුණු කොට දක්වන නිසා ඔවුන් පසුපස හඹා යාම පහසු වෙනවා. පාලක මැදිරියේ සිට ඒ හැම සිදු වීමක් ගැන සොයා බලන්න පුළුවන්.

    7.jpg

    ආගස් වෙතින් පාලක මැදිරියට යැවෙන රූප ස්පර්ශක තිරයක් මත වැටෙනවා. එය ඔබට ස්පර්ශයෙන් හසුරුවන්න පුළුවන්.


    8.jpg

    පාලක මැදිරියේ ඉන්නා අයට එහි ඇති විශාල තිරය මත තමන්ට ළං කර බලන්නට අවශ්‍ය කොටස කවුළුවක් විවෘත කිරීමෙන් තෝරා ගන්න පුළුවන්. එවැනි කවුළු 65ක් එකවර කි‍්‍රයාත්මක කරන්න පුළුවන්.

    9.jpg

    මේ ක‍්‍රමය හඳුන්වා දෙද්දී ඇමරිකාවේ වර්ජිනියා ප‍්‍රාන්තයේ ක්වොන්ටිකෝහි දර්ශනයක් පීබීඑස් නාලිකාවෙන් විකාශනය කෙරුණේ මෙහෙමයි.




    Read more: .: මල් කැකුළු : Sri Lankan Kids :.: අදහන්නත් බැරි තරම් විස්මිත ඔත්තු බලන යානයක්! ඇමර#



    mekath balala yanna meka mge nirmanyak

    http://www.elakiri.com/forum/showthread.php?t=1532176

    ඔබේ ලග්නය අනුව කියවෙන තොරතුරු(meke lagana 12 hoda wisthrayak thiyenwa balanna mis unu krnrk hari kamathi kenek hari balanna )
    http://www.elakiri.com/forum/showthread.php?t=1529397


    THANKS....
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ට නේ..:cool:
    මීට පස්සේ පාරේ යනකොට ලඟ තියෙන ඒවා එළියේ දාගෙන යන්නේ නැතුව සාක්කුවේ දාගෙන පලයල්ලා ..:P:rofl: