ඇමරිකාවද?චීනයද?
පිරිමින් පරදන ඇගේ වේගයට බටහිරින් 'කොක්කක්'
සැබෑ ලෝක බලවතා ඇමරිකාවද? නොඑසේ නම් චීනයද? යන්න පැනයකි. සැබැවින්ම මේ වන විට ලොව අංක එකේ බලවතා වීමේ අරගලය ඇත්තේ ඇමරිකාව සහ චීනය අතරය. ලොව කිසිම රටකට දෙවැනි නොවන මානව සම්පතක් ඇති චීනය සහ ලොව අන් කිසිම රටකට දෙවැන නොවන භෞතික සම්පත් ඇතැයි කියනා ඇමරිකාව අතර 'සීතල' බල අරගලයේ එක් නිර්නායකයක් බවට ක්‍රීඩාවද පත්ව ඇත.
කාලයක් මුළුල්ලේ ලොව ක්‍රීඩා මහා බලවතා වූ ඇමරිකාව ඉකුත් බෙයිජිං (2008) ඔලිම්පික් උළෙලේදී දෙවැනි තැනට ඇද දැමූ චීනය විසින් ක්‍රීඩාව විශයෙන්ද ඇමරිකාවට මහා අභියෝගයක් කළේය. එය හුදෙක් සත්කාරකත්වයේ වාසියද නැති නම් සැබෑ ක්‍රීඩා උන්නතියක්ද යන්න චීනය විසින් තහවුරු කිරීමේ වේදිකාව බවට මෙම (2012) ලන්ඩන් ඔලිම්පික් උළෙල පත්ව තිබේ. යම් හෙයකින් මේ 'ලන්ඩන් ක්‍රීඩා මණ්ඩපයේදී'ද චීනය විසින් බෙයිජිං ප්‍රතිඵලයම යළි කැන්දන්ට සමත්වුවහොත් ලොව ක්‍රීඩා මහා බලවතා ලෙසින් ඇමරිකාව සතුවූ කිරුළෙ 'සින්නක්කර' හිමිකාරිත්වයක ගැනීමට චීනයට හැකිවනු ඇත. එය නිශ්චිතවම තීරණය වීමට තවත් සතියක කාලයක් අවැසිය. එහෙත් ඉන් ප්‍රථම තම ජගත් ක්‍රීඩා ආධිපත්‍යයට චීනය හමුවේ වන අභියෝගයට ඇමරිකාවේ ප්‍රතිචාරය තරමක් ඊර්ෂ්‍යාසහගත බවක් පෙනෙන්නට විය.
එයට හේතු වූයේ ඇගේ වේගයයි. දියේදී ඇයට ඒ සා වේගයක් ඇති බව විශ්වාස කිරීමට ඇමරිකාව සහ පක්ෂ කඳවුර අකමැතිය. එය ඇමරිකාවට අදහාගත නොහැකි වේගයකි. එනිසාම එය 'අස්වාභාවික' වේගයක් ලෙසින් චෝදනා කිරීමට එම කඳවුර පියවර ගත්තේය.
ඇය යේ ෂිවෙන් නම් චීන ක්‍රීඩිකාවයි. 1996 මාර්තු 1දා උපන් ඇය දැන් 16 හැවිරිදිය. ඇගේ මව පාසල් යන වයසේදී දුර පැනීමේ ශූරියකි. ඇගේ පියා දක්ෂ ධාවකයෙකි. එහෙත් ඇයට උරුම වූයේ ඇගේ දෙමාපියන් මෙන් 'ගොඩ ' තරග නොව, දිය තරගයි.
ඇයට එම උරුමය ඇතැයි පළමුව කියන්නේ ඇගේ පාසලේ ගුරුවරියි. ඇගේ අත් පා ඒ වයසේ අනිත් අයට වඩා දිගු යෑයි දිනක් සිය ගුරුතුමිය ඇයට පවසන්නීය. ඒ අනුව පිහිනුම් ක්‍රීඩාවට යොමුවන ෂිවෙන් 2006 වසරේදී සිය ප්‍රාන්ත පිහිනුම් තරගාවලියේ මීටර් 50 නිදහස් ආර ඉසව්වේ ශූරිය බවට පත්වූවාය. එය ලෝක මට්ටමේ දෝංකාරයක් වූ ශක්තියක පළමු කැපී පෙනෙන ජයග්‍රහණය විය. 2007 වසරේදී ෂීයැන්ග් පළාතේ පිහිනුම් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකාවක බවට පත්වන ෂිවෙන් 2008 වසර වන විට චීනයේ ජාතික කණ්ඩායමටද වරම් ලබන්නීය.
ඉනික්බිති ලොව සුපතල පිහිනුම් පුහුණුකරුවන් දෙදෙනෙකු යටතේ ඔස්ටේ්රලියාවේදී වැඩිදුර පිහිනුම් පුහුණුව ලබන ඇය 2011 වසර දක්වාම තම චීන පුහුණුකරුයටතේද ඔස්ටේ්රලියාවේම පුහුණුව ලැබුවාය.
ඒ අතර කාලයේදී 2010 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 මිශ්‍ර ආර ඉසව්වේ රන් පදක්කම දිනූ ඇය මීටර් 200 මිශ්‍ර ආර ඉසව්ව මිනිත්තු 2 තත්පර 09.37කින් නිමකර රන්පදක්කම දිනාගත්තේ එම වසරේ ලොව හොඳම කාලයද වර්තා කරමිනි. එවර ඇය එම මීටර් 400 මිශ්‍ර ආර ඉසව්වේ වාර්තා කළ කාලය එම වසරේ ලොව දෙවැනි වේගවත්ම කාලය වුණි.
2011 වසරේ ශැන්ග්හයිහී පැවැති ලෝක ජල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී ද ඇයි මීටර් 200 මිශ්‍ර ආර තරගයේ රන් පදක්කම දිනාගත්තේ 2012 ලන්ඩන් ඔලිම්පික් උළෙලේදී රන් පදක්කමක් දිනාගන්නා බව සපථ කරමින්ය.
ඒ අවස්ථාව එළඹිණි. ඉකුත්දා ඇය ලන්ඩන් ඔලිම්පික් පිහිනුම් තටාකයට බැස ගත්තේ තම හැකියාව ලොව කිසිවෙකුට නොදෙවෙනි බව නැවතත් ඔප්පු කිරීමේ අරමුණ සහිතවය.
එහි මීටර් 400 මිශ්‍ර ආර ඉසව්වේ තෙවැනි මූලික තරගයේදී ඇය වාර්තා කළ කාලය (මි.04 තත් 31.73) 2010 ආසියානු ක්‍රීඩා උළෙලේදී ඇගේ වූ වෙගය තප්පර 2 ක කාලයකින් කෙටි කිරීමක් විය. එම අවසන් තරගයේදී මේ වේගය තවත් ඉදිරියට ගෙන ගිය ෂිවෙන් මි 4 තත් 28.43ක් හෙවත් තවත් තත්ත්පර 3 ක කාලයකින් වේගවත් වූවාය. එය එසේ මෙසේ වේගයක් නොව එම ඉසව්වෙ ලෝක වාර්තාව විය. ඒ අනුව ස්ටෙµdනි රයිස් විසින් 2008 ඔලිම්පික් උළෙලේදී තැබූ වාර්තාව බිඳ දැමුණි. ෂිවෙන් සිය වාර්තාගත පිහිනුමේ අවසන් මීටර් 50 ගෙවීමට ගත කර තිබුණේ තත්පර 28.93ක කාලයකි.
එම අතිවේගවත් අවසන් මීටර් 50 සඳහා ඇය ගත කළ කාලය පිරිමින්ද පරදවන්නක් විය. එය මේ වන විට ඇමරිකාවේ සිටින එම ඉසව්වේ හොඳම පිහිනුම් ශූරයා වන රයන් ලුක්ටද වඩා වේගවත් පිහිනීමක් වුණි. රයන්ට අදාළ මීටර් 50ක දුර ගෙවා යැමට තත්පර 29.10 ක කාලයක් ගතව තිබුණද ශැවැන්ගේ එම කාලය තත් 28.93ක් විය. එය පිරිමි ශූරයන් පරදන වේගයක් වීම ලොවම මාතෘකාවක් බවට පත්විය. ෂිවෙන් සිය ඉසව්වේ අවසන් මීටර් 100 සඳහා තත්පර 58.68 ක කාලයක් ගත් අතර ඇමරිකානු පිහිනුම් ශූර ලුක්ට ඒ සඳහා තත්පර 58.65 ක කාලයක් ගතව තිබිණි. ඒ අනුව තත්ත්පරයකින් සියයෙන් තුනක තරම් කුඩා කාලයකින් සිය 'පුරුෂ ගෞරවය' රැකගැනීමට ඇමෙරිකානු ක්‍රීඩකයාට හැකි විය.
එහෙත් මේ සුපිරි වේගයට ප්‍රසංශා වෙනුවට ඇමරිකාව සහ එරටට භය පක්ෂාපත රටවල 'සැකය' යොමු කළේය. එය අසාමාන්‍ය සහ අස්වාභාවික වේගයක් ලෙසින් හැඟවූ ඔව්හු මේ සුපිරි වේගයට 'තහනම් උත්තේජක' සැක පටලා ජයග්‍රහණයේ ගෞරවය බාල කිරීමේ උත්සහයක යෙදෙති.
ඉකුත් වසරේ ලෝක ශූරතා තරගාවලියට වඩා තත්පර 7 කට ආසන්න කාලයක් වේගවත්වූ ෂිවෙන් ගැන බ්‍රිතාන්‍ය 'ද ටයිම්ස්' පුවත්පත වාර්තා කර තිබුණේ 'විශ්වාස කළ නොහැකි වේගයක්' ලෙසිනි.
බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා විසින් 1980 සහ 1990 කාලවලදී රාජ්‍ය අනුග්‍රහය යටතේ චීනයේ ක්‍රියාත්මක වූ තහනම් උත්තේජක වැඩසටහන් ආදීය උපුටා පෙන්වමින් 'චීන පිහිනුම් ක්‍රීඩාවට ඇත්තේ එවැනි ලැඡ්ජාසහගත ඉතිහාසයක්' යෑයි පවසා තිබුනේ ෂිවෙන්ගේ ජයග්‍රහණය තහනම් උත්තේජක භාවිතයේ ප්‍රතිඵලයක් විය හැකි බවට නොකියා කියමිනි.
මේ අතර ඇමරිකානු පිහිනුම් පුහුණුකරුවන්ගේ සංගමයේ විධායක අධ්යක්ෂ ජෝන් ලෙනාර්ඩ් ප්‍රකාශයක් කරමින් මේ චීන ක්‍රීඩිකාවගේ වේගය ඉතාම සැකසහිත බව පවසා තිබුණි.
එහෙත් මේ විවේචන එල්ල වීමටද ප්‍රථම ඇය අදාළ තරගයෙන් පසු සහභාගී වූ තහනම් උත්තේජක පරීක්ෂාවෙන් සමත්ව සිටියාය. එනමුත් විවේචනවල අඩුවක් නොවීය. එයින් ඇමරිකාව සහ ඔවුනට ගැති බටහිර මාධ්‍ය පාර්ශ්ව ව්‍යාංගයෙන් පවසා සිටියේ දැනට තහනම් උත්තේජක සඳහන් ලෝක තහනම් ඖෂධ නිවාරණ ඒජන්සියේ වන ලැයිස්තුවට අයත් නොවන නවතම උත්තෙජකයක් මේ චීන ක්‍රීඩිකාව භාවිතා කළ බවද?
එහෙත් කිසිදු සාධාරණ හෝ ඔප්පු කළ හැකි සාක්ෂියක් නොමැතිව, තහනම් උත්තේජක පරීක්ෂාවේද අසමත්වීමක් නොමැතිව ශූරියකු වී සිටින මේ චීන ක්‍රීඩිකාවට මෙලෙස චෝදනා කිරීමේ අරමුණ කුමක්ද? මෙය කුහකත්වයෙන් මතු වූ චොදනාවක් හෝ ඇයව ජයග්‍රාහී මානසිකත්වයෙන් ඇද දැමීමට කළ උත්සහක් වේවා ඇය ඒ සියල්ල මධ්‍යයේ කාන්තා මීටර් 200 මිශ්‍ර ආර ඉසව්වේදීද සුපරි ලෙසින් රන් පදක්කම කරා ගියාය.
බටහිර සහ පෙරදිග ලෝක බල සංග්රාමයෙන් බටහිර 'නන්නාත්තර' කර පෙරදිග බලවතා චීනය ජයගන්නා බවට උදාහරණයක්ද මෙය.
ane h*ke..ethakota marian jones

divaina

Last edited:

එහෙමද?