දිවුරුම් දීම සිදුවන්නේ ඇමරිකානු කොංග්‍රසය සහිත වොෂිංටන් අගනුවර, කැපිටල් හිල් හි පිහිටි “කැපිටල් බිල්ඩින්” නම් ගොඩනැගිල්ලේ ප්‍රධාන බරාඳයේ පිවිසුම මත…..
මුලින්ම පිටතට එනු ලබන්නේ ඒ මොහොත වෙනතුරු පදවියේ රැඳී සිටි ජනාධිපතිවරයා…..ඔහු එනවිට ඇමරිකානු නාවික හමුදාවේ මැරීන් සේනාංකයේ තූර්ය වාදක කණ්ඩායමක් මගින් “හේයිල් ද චීෆ්” ( Hail the Chief ) නම් ඇමරිකානු ජනපතිගේ නිළ ගීතය වාදනය කරනු ලබනවා…..ඒ ධුරයෙන් ඉවත්ව යන එම ජනපති සඳහා අවසන් වතාවට…..
ඉන් පසුව මුලින්ම උප ජනපති ලෙස තේරී පත් වූ තැනැත්තා දිවුරුම් දෙනු ලබනවා…..එවිට ඉහත කී තූර්ය වාදක කණ්ඩායම විසින් සාම්ප්‍රදායිකව ඇමරිකානු උප – ජනපතිගේ නිළ ගීය ලෙස හඳුන්වනු ලබන “හේයිල් කොළොම්බියා” ( Hail Columbia ) ගීය වාදනය කරනු ලබනවා……
ඉනපසුව හරියටම මධ්‍යහ්න 12 එළඹෙනවිට ඇමරිකානු ජනාධිපති ධූරයෙහි අභිනව ජනපතිවරයා හෝ වරිය අග්‍ර විනිශ්ච්‍යකාරවරයා හෝ වරිය ඉදිරියේ දිවුරුම් දෙනු ලබනවා…..ඒ මොහොතේ තූර්ය වාදක කණ්ඩායම “හේයිල් ද චීෆ්” ( Hail the Chief ) අභිනව ජනපති සඳහා පළමු වරට වාදනය කරනු ලබනවා…..
ඉන් පසුව කාළතුවක්කු වෙඩි මුර 21 ක උත්තමාචාර දෙකක් පැවැත්වෙනවා…..ඒ නව ජනපති පිළිගැනීමට සහ ධුරයෙන් ඉවත්ව ගිය හිටපු ජනපතිගේ නික්ම යෑමේ අවස්ථාවේදී ඔහුට සමුදීමට….. ( Inauguration Salute and Farewell Salute )
එයින් පසුව හරියටම දෙපැයක කාළයක් වෙන් වන්නේ හිටපු ජනාධිපතිවරයාට ධවල මන්දිරයේ සේවක කාර්ය මණ්ඩලයට සමුදීමේ සාදය වෙනුවෙන්……
ඉන් පසුව ධුරයෙන් ඉවත්ව යන ජනාධිපතිවරයා සිය පවුල සමග ධවල මන්දිරයේ මිදුලට පැමිණෙනවා…..ඒ පිටුපසින් ආචාරමය ලීලාවකින් නව ජනපති සහ ඔහුගේ පවුල පැමිණෙනවා…..ඉන් පසුව හිටපු ජනාධිපතිවරයා සහ ඒ පවුලේ ඇත්තන් ඇමරිකානු ජනාධිපතිවරුන්ගේ නිළ හෙලිකොප්ටර් රථය වන “මැරීන් – 01 ” / Marine – 01 ( ” රොටර් ෆෝස් – 01 ” ) නම් හෙලිකොප්ටරයේ නැගී ධවල මන්දිරයෙන් පිටත්ව තමන්ගේ වාසය සඳහා තෝරාගත් පෞද්ගලික නවාතැන බලා පිටත්ව යනවා…
copied from ලොව සංකීර්ණම ජනාධිපතිවරණය වන ඇමරිකානු ජනාධිපතිවරණය තේරුම් ගමු by Damith Kethaka