දැන් ඔතන විතරයි කියන එකේ අනෙක් එක මොකක්ද එතකොට?
ඔයා අදහස් කරන්නේ බුද්ධිය නම් ඉතිහාසය කියවලා බලන්න
දැන් ඔයා ඉදගෙන ඉන්නේ පුටුවේ ඉදලා ගෙදර තියෙන හැම දෙයක්ම
දක්වා බටහිරයන්ගේ නිර්මාණ සමහර ඒවායේ සැලසුම් බටහිරයන් විසින් නිර්මාණය
කරන ලද ඒවා. මම ඒකෙන් කියන්නේ නෑ ආසියාතික රටවල අයට බුද්ධිය නෑ
අද ඉන්දියාවේ මිනිස්සු සෑම කේෂත්‍රයකම පැතිරිලා ඉන්නාවා හැම රටකම
සමහර ආයතන වල ඉහළම තනතුරු දරන්නේ අද ඉන්දියන් අය ඇමරිකාවේ වුනත්.
නමුත් එතන තියෙන්නේ බුද්ධියේ අඩුපාඩුව නෙවෙයි සමගියේ අඩුපාඩුවයි
තුන්වෙනි ලෝකයේ බහුතර රටවල ඉන්න මිනිස්සු හරි කුහකයි, ජාතිවාදියි, අන්තවාදියි
මාන්නය ,පටු ආකල්ප තියෙන්නේ නමුත් බටහිරයන් විසින් ඒ වායින් මිදිලා නිසයි ඔවුන් හට
ඉහළ තැනක ඉන්න පුලුවන් ආසියාතික රටවල ඉන්න අයට මුදල් හොයන්න පුලුවන්
ඕන තරම් ඒකේ ප්‍රශ්ණයක් නෑ. අද ලංකාව වුනත් පහළ තියෙන්නේ පාලකයන්ගේ ඉදලා
ජනතාව දක්වා බහුතරයන් දුෂකයන් ,අලස නිසා, පටු ආකල්ප වලින් හිස් පුරවගෙන ඉන්න නිසා.
රටක් හදන්න නම් ඒ රටේ ඉන්න මිනිස්සු හැදිලා ඉන්න ඕනේ, මිනිස්සු හදන්න නම් ඒ මිනිස්සුන්ගේ
ආකල්ප වෙනස් කරනන් හෝ වෙන්න ඕනේ. නැත්නම් එතන වෙනසක් වෙන්නේ නෑ.
අවුරුදු 500 වගේ කාලයක් ඇතුලත වේගවත් ලෙස ලෝකයේ ඉහළටම ගිය රටේ අයද
දක්ෂ නැත්නම් 2500 වංශේ කබල් ගාණේ අයද දක්ෂ හිතන්න කරන විදියෙන් වැඩක් නෑ
වැදගත් වෙන්නේ ලබාගන්නා ප්‍රතිඑලයෙන්.
History is written by victors
ඒක නිසා ජයග්රාහකයෙකුවීම තමයි ඉතිහාස ගතවෙන්නේ. අවුරුදු 8000 කට වඩා දැවන්ත ඉතිහාසයක්
තියෙන ඊජ්ප්තුව අද තාම සංවර්ධනය වීමට දගලනවා.
මම කියන්නේ ඇත්ත පොඩ්ඩක් හිතන්න රුසියාව වුනත් අද ඒ ගොල්ලෝ ළග තියෙන
තාක්ෂණය 1945 පස්සේ ජ්ර්මනියෙන් කොල්ලකාගත්ත ඒවා, බ්‍රිතාන්‍යය, ඇමරිකාව වුනත්
අන්තිම කාලේ ජර්මනියේ ඉදලා කරේ මේක තමයි, මොංගල් අධිරාජ්‍යය රොකට්, වෙඩි බෙහෙත්
තාක්ෂණය ගත්තේ චීනය ආක්‍රමණය කරලා ඒකෙන් තමයි මේ අය ලෝකයේ දෙවැනි
විශාලතම අධිරාජ්‍යය පවා හදන්න යොදාගත්තේ. නමුත් අද මොංගෝලියාවට මුහුදක්වත් නැති.
දුප්පත් රටක් ගාණට වැටිලා. ලංකාව වුනත් එහෙම නේ පරාක්‍රම බාහු රජුගේ කාල්යේ
ඉන්දියාවේ කොටස් පවා ආක්රමාණය කරලා තියෙනවා නමුත් බටහිර ජාතින් හමුවේ
යටත් වීමට සිදුවුනා අන්තිමට ලංකාවට. ජයග්‍රාහකයන්ට කුමන ක්‍රමයෙන් හරි තමන්ගේ ජයග්‍රහනය රැකගන්න
පුලුවන් නම් ඒ කෙනා තමයි බලවතාවෙන්නේ.!
නමුත් යම් කිසි දවසක එම ජයග්‍රාහකයව මර්ධනය කරන කෙනා ඊට පසු එම තැන ගන්නවා.