ඇමරිකාවේ_කාන්තාරයකින්_අභිරහස්_බෝල

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඇමරිකාවේ_කාන්තාරයකින්_අභිරහස්_බෝල

ඇමරිකාවේ කාන්තාරයකින් අභිරහස් බෝල විශේෂයක් හමුවේ! එලොවින් ආ දෙයක්ද?

ඇරිසෝනාවේ කාන්තාරයකින් හමු වී ඇති මේවා අමුතු දම් පැහැයකින් යුත් ගෝලාකාර ද්‍රව්‍යයක් ලෙස හඳුනා ගෙන තියෙනවා. මෙතෙක් මේ ලෝකයේ කිසිම තැනක හමු වී නැති මේ ගුප්ත ගෝලාකාර ද්‍රව්‍ය කුමක් ද? ඒවා එහි පැමිණියේ කොහේ සිටද යන්න දැන් ඒවා හමු වූ ටක්සන් ප‍්‍රදේශවාසීන්ට ලොකු ප‍්‍රශ්නයක් වී තිබෙනවා.
68zgbTX.jpg


k2cj45X.jpg


පසුගිය ඉරිදා සවස ඇවිදින්නට ගිය ජෙරාඞීන් වාගාස්ට හා ඇගේ සැමියාටයි, මේ දම්පැහැති අමුතු බෝල එකතුව හමුවෙලා තියෙන්නෙ.
3GUsrll.jpg


”අපි ඒ ප‍්‍රදේශයේ ඡායාරූප ගනිමින් සිටියදී හදිසියේ තමයි, මේවා දකින්නට ලැබුණේ. ලේසියෙන් මග ඇරෙන දෙයක් නෙවෙයි. හිරු එළියට හොඳින් දිලිසෙමින් තිබුණේ.” ජෙරාඞීන් කියවනවා.

ljv4uFv.jpg

මේ දීප්තිමත් දම් පැහැති ගෝලකාර ද්‍රව්‍ය කුමක්ද? තාන්තාරයට ඒවා ආවේ කොහේ සිටද?

”අපි මේවා මිට කලින් කවදාවත් කොහේදිවත් දැකලා නෑ.” ඔවුන් කියනවා.
Cpbt9CO.jpg

”මේවා සමහරක් දියරකින් පිරිලා. සමහර ඒවා ආලෝකය විනිවිද පෙනෙනවා. ඒ කාන්තාර පරිසරයේ අනෙක් සියලූම දෙයින් සම්පූර්ණයෙන් ම වෙනස් ඒවා බවයි පෙනෙන්නේ.”

”අපි මේ ගැන අපේ මිත‍්‍ර සත්ව විද්‍යාඥවරියකගෙන් විමසීමක් කළා. ඇය කීවේ ඇයටත් මේ ගැන කිසිවක් සිතා ගත නොහැකි බවයි. ඇයට මේවා මොනවාදැයි හඳුනා ගන්න බැරි වුණා.” ජෙරාඞීන් වාර්තාකරුවන්ට කියා තිබෙනවා.
6SqOOa8.jpg

වාර්තාකරුවන් ඒවා වීදුරු බෝල වැනි ඇලෙනසුලූ ද්‍රව්‍යයක් ලෙස හඳුන්වා තියෙනවා. ඔවුන් කියන්නේ ඒවා මිරිකූ විට දියරයක් පිට වෙන බවයි.

ටකස්න් උද්භිද උද්‍යානයේ ප‍්‍රචාරක අධ්‍යක්ෂවරිා වන ඩැරලීන් බුරෝ කියන්නේ තමා මේවා පිළිබඳව උද්භිද විද්‍යාඥයන්ගේ අදහස් විමසූ බවත් මේවා ස්වභාවිකව ඇති වූවක් නම් සෙවල හෝ දිලීර හෝ විශේෂයක් විය හැකි බවයි.

අනෙක් අය කියන්නේ මේවා ශාක ජලීකරණය සඳහා ගන්නා ජලය පිර වූ ගෝලාකාර ද්‍රව්‍යයක් විය හැකි බවයි. එසේ නම් මේ තරම් ප‍්‍රමාණයක් කාන්තාරයේ මෙසේ අතහැර දමා ගොස් ඇත්තේ කවුරුන් විසින්ද?


සමහරු හිතන්නේ මේ ගෝලාකාර වස්තු යම් සෙවල විශේෂයක් හෝ ජෙලි දිලීර වර්ගයක් විය හැකියි කියලයි. තවත් අය හිතන්නේ ඒවා ශාකවලට ජලය සැපයීමට මිනිසා විසින් තනන ලද ජලීකරණ ද්‍රව්‍යයක් විය හැකි බවයි.


මේ ශූෂ්ක ප‍්‍රදේශයට මේවා ආවේ කෙසේද යන්න හැම දෙනාටම ප‍්‍රශ්නයක්. දැනටමත් ටීවී කණ්ඩායම් හා උද්භිද විද්‍යාඥයන් මෙය පරීක්ෂා කරන්න එතැනට ගිහින්.




විස්තර ගත්තේ ''මල් කැකුළු'' එකෙන්

http://www.malkakulu.com/
 
  • Like
Reactions: harindugamlath

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මාර කේස් එකක්නේ..
    ඔය සුද්දොන්ගෙ ඇට කූට්ටම්ද දන්නෙත් නෑ..
    :dull: