මේක ElaKiri talk ද ElaKiri joke ද කියල හිතා ගන්න බෑ..කෝකටත් කියල මේකෙම දැම්මා.....

අමෙරිකාවේ රුපියල් 250 ට 300 ට විකුණන පාන් ගෙඩිය ලංකාවේදි රුපියල් 20 ට 30 ට මෙරටේ ජනතාව බලාපොරොත්තුවීම විහිළුවක් බව බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය...

ඔහු එම අදහස් පළ කළේ පනාගොඩ ප්‍රදේශයේ මැදගම වෙල්යායේදි ඊයේ (10) පැවති වප්මගුල් උත්සවයකට සහභාගිවෙමිනි. එම නිසා පාන් කෑමෙන් ඉවත් වී වැඩි වැඩියෙන් බත් කෑමට පුරුදු විය යුතු බවද ඔහු සඳහන් කළේය.
රටේ නාගරික ජනතාවගෙන් බහුතරයක් පාන් කෑමට හුරුව ඇත්තේ බත් කෑමට ඇති අකමැත්ත නිසා නොවන බවත් පාන් පෙත්තක් දෙකක් කා කහට කෝප්පයක් බී වේල පිරිමසා ගැනීමට හුරුව ඇති ජනතාවට, මෙවැනි දේ පවසන්නේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ප්‍රශ්න ගැන කිසිදු අවබෝධයක් නැති සීනිබෝල ඇමතිවරුන් බවත් ඉහත ප්‍රකාශය සම්බන්ධයෙන් නාගරික වැසියන් චෝදනා කරයි. අමෙරිකන් ජනතාවගේ ඒක පුද්ගල ආදායම හා අපේ රටේ ජනතාවගේ ඒක පුද්ගල ආදායම සමාන යැයි සිතා මෙවැනි ප්‍රකාශ කරන පුද්ගලයන්ගේ මොළය පිළිබඳව ප්‍රශ්නයක් පවතින බවද ඔවුන් පවසයි....