ඇමෙරිකානුවන්ගේ තවත් අපරාධයක්
ඇමෙරිකානුවන්ගේ තවත් අපරාධයක්
සර්බියානු හිටපු නායක ස්ලෝබදාන් මිලොසවික් යුද අපරාධ සඳහා වරදකරුවකු නොවන බව ජාත්‍යන්තර අධිකරණය වසර 14 කට පසු ප්‍රකාශ කර ඇත.
2001 වසරේදී මිලොසවික් අත්අඩංගුවට ගැනීමෙන් පසු හේග් නුවර බන්ධනාගාරයක රඳවනු ලැබීය. තමා යුද අපරාධ සිදුකළේ නැති බවක් කොසවෝ ත්රස්තවාදීන්ගේ සිවිල් ජනතාව බේරාගැනීමට ක්‍රියාකළ බවත් මිලොසවික් පස්වසරක් තිස්සේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ කියා සිටියේය.
එහෙත් ඒ වනවිට ඇමරිකාව ප්රමුඛ නේටෝ සංවිධානය මිලොසවික්ට එරෙහිව අතිශයෝක්තියෙන් යුක්ත සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. වසර පහක් තිස්සේ තමා වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කළ මිලොසවික් අධික ලෙස රෝගාතුරවුවත් නෙදර්ලන්ත බලධාරීහු ඔහුට නිසි ප්‍රතිකාර ලබාදීමට ක්‍රියාකළේ නැත. 2006 මාර්තු 11 දා මිලොසවික් සිය සිරමැදිරිය තුළ මියගොස් සිටියදී සොයා ගැනුණි. එහෙත් මරණයට මුල්වූ හේතුව ගැන ජාත්‍යන්තර අධිකරණය වෝහාරික විශේෂඥයන් ගෙන්වා පරීක්ෂණයක් කළේ නැත. අවසානයේදී මිලොසවික්aගේ සිරුර සර්බියාවට බාරදෙනු ලැබීය. එවකට පැවැති බටහිරට ගැති සර්බියානු රජය කොස්වෝ ත්රස්තවාදීන්ට එරෙහිව ක්‍රියාකළ සිය අසහාය නායකයාට රාජ්‍ය ගෞරවය දුන්නේ නැත.
එසේ වූවත් වසර 14 කට පසු හේග්හී ජාත්‍යන්තර අධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කර ඇත. ඒ ස්ලොබදාන් මිලොසවික් යුද අපරාධ සිදුකර නැති බවයි.
එසේ නම් ඔහුව අත්අඩංගුවට ගෙන හේග් බන්ධනාගාරයේ දැමීම සම්බන්ධයෙන් වගකියන්නේ කවුද?
නිවැරැදි රාජ්‍ය නායකයකුට බොරු චෝදනා ගොතා ඔහුගේ මරණය සිදුවීම පිළිබඳව බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය වගකිවයුතු බව දැන් සනාථ වී තිබේ.
ස්ලොබදාන් මිලොසවික් අත්අඩංගුවට ගැනීමෙන් පසු බටහිර රටවල් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔහුව හඳුන්වනු ලැබුවේ බෝල්කන් ඝාතකයා නමිනි. මිලොසවික් ලක්ෂ ගණනක් ඇල්බේනියානුවන් ඝාතනය කළ බවට චෝදනා එල්ලවිය. ඔහු සමූහ ඝාතනද කළ බවටද ප්‍රචාරය කරනු ලැබීය.
එහෙත් ජාත්‍යන්තර වෝහාරික විශේෂඥයන් කොසවෝ ප්‍රදේශයේ සමූහ මිනීවලවල් වල තිබී සොයාගත්තේ සිරුරු ස්වල්පයක් පමණකි. මේ සිරුරු කොසවෝ ත්රස්තයන් විසින් ඝාතනය කළ සිවිල් වැසියන්ගේද එසේත් නැතිනම් අතුරු හමුදා සිදුකළ ඝාතනදැයි තහවුරු වූයේ නැත.
මේ හිටපු සර්බියානු නායකයාට එරෙහිව නඩුව මෙහෙයවූ ලුවිසේ ආබර් පැවසුවේ කොසවෝහී විශාල මිනිස් ඝාතනයක් සිදුවී ඇති බවයි.
හේග් අධිකරණය නිදහසට කරුණු දැක්වීම සඳහා මිලොසවික්ට දුන්නේ පැය හතරක කාලසීමාවක් පමණි. ඔහු බිල්ක්ලින්ටන්, ටෝනි බ්ලේයාර්, ජර්මන් චාන්සලර් ජර්හාඩ් සාක්ෂි සඳහා කැදවීමට කළ ඉල්ලීමද ප්‍රතික්ෂේප විය.
ජාත්‍යන්තර අධිකරණය බොරු කාරයන්ගේ අධිකරණයක් බවට ඔහු චෝදනා කළේය.
නේටෝ සංවිධානය යුගෝස්ලාවියාවට එරෙහිව යුද අපරාධ සිදුකර ඇති බව මිලොසවික් පළ කළේය.
මිලොසවික්ට එරෙහි නඩුව පැවැත්වෙද්දී ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රධාන නඩු අධ්යක්ෂ කාලා ඩෙල් පොන්ටේ සර්බියානු සාක්කිකරුවකුට එක්සත් ජාතීන්ගේ ඉහළම වැටුපක් සහිත රැකියාවක් දීමට පොරොන්දුවීම ගැන චෝදනාවක්ද එල්ල විය.
මිලොසවික්ට එරෙහි නඩු විභාගය පැවැත්වූ විදේශ විනිසුරුවන් අතර සිටි ඩෙන්මාර්ක් විනිසුරු ප්‍රෙඩ්රික් ගාර්ගොප්ගේ විද්‍යුත් ලිපියකින් හෙළිවූයේ විනිසුරු මඩුල්ලේ සභාපති තියඩෝර මෙරොන් නැමැති ඇමරිකානුවා අනිකුත් විනිසුරුවන්ට බලපෑම් එල්ල කළ බවයි.
ස්ටර්ලින් පවුම් මිලියන 157 ක් වැය වූ මෙම පරීක්ෂණයෙන් තහවුරුවූයේ සර්බියානු හිටපු නායකයා නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන සිරගතකිරීමෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බවයි. එසේ නම් ඔහුගේ අකල්මරණය ගැන වගවිය යුත්තේ ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවේද?
උපුටාගැනීම

ඉරාකෙත් ඔහොම සීන් එකක් නේද උනේ, රසායනික අවි තියෙනවා කියල රටම වනසල ලක්ෂ ගානක් මැරිල අන්තිමට එකක්වත් හොයාගත්තෙ නෑ නෙ 