ඇමෙරිකානුවන්ගේ තවත් අපරාධයක්

kungpupanda

Member
Jun 3, 2012
433
293
0
චීනේ
ඇමෙරිකානුවන්ගේ තවත් අපරාධයක්

ඇමෙරිකානුවන්ගේ තවත් අපරාධයක්

p6-1.jpg

සර්බියානු හිටපු නායක ස්‌ලෝබදාන් මිලොසවික්‌ යුද අපරාධ සඳහා වරදකරුවකු නොවන බව ජාත්‍යන්තර අධිකරණය වසර 14 කට පසු ප්‍රකාශ කර ඇත.

2001 වසරේදී මිලොසවික්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසු හේග් නුවර බන්ධනාගාරයක රඳවනු ලැබීය. තමා යුද අපරාධ සිදුකළේ නැති බවක්‌ කොසවෝ ත්‍රස්‌තවාදීන්ගේ සිවිල් ජනතාව බේරාගැනීමට ක්‍රියාකළ බවත් මිලොසවික්‌ පස්‌වසරක්‌ තිස්‌සේ ජාත්‍යන්තර අධිකරණය හමුවේ කියා සිටියේය.

එහෙත් ඒ වනවිට ඇමරිකාව ප්‍රමුඛ නේටෝ සංවිධානය මිලොසවික්‌ට එරෙහිව අතිශයෝක්‌තියෙන් යුක්‌ත සාවද්‍ය තොරතුරු ජාත්‍යන්තර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. වසර පහක්‌ තිස්‌සේ තමා වෙනුවෙන් නිදහසට කරුණු ඉදිරිපත් කළ මිලොසවික්‌ අධික ලෙස රෝගාතුරවුවත් නෙදර්ලන්ත බලධාරීහු ඔහුට නිසි ප්‍රතිකාර ලබාදීමට ක්‍රියාකළේ නැත. 2006 මාර්තු 11 දා මිලොසවික්‌ සිය සිරමැදිරිය තුළ මියගොස්‌ සිටියදී සොයා ගැනුණි. එහෙත් මරණයට මුල්වූ හේතුව ගැන ජාත්‍යන්තර අධිකරණය වෝහාරික විශේෂඥයන් ගෙන්වා පරීක්‍ෂණයක්‌ කළේ නැත. අවසානයේදී මිලොසවික්‌aගේ සිරුර සර්බියාවට බාරදෙනු ලැබීය. එවකට පැවැති බටහිරට ගැති සර්බියානු රජය කොස්‌වෝ ත්‍රස්‌තවාදීන්ට එරෙහිව ක්‍රියාකළ සිය අසහාය නායකයාට රාජ්‍ය ගෞරවය දුන්නේ නැත.

එසේ වූවත් වසර 14 කට පසු හේග්හී ජාත්‍යන්තර අධිකරණය සිය තීන්දුව ප්‍රකාශ කර ඇත. ඒ ස්‌ලොබදාන් මිලොසවික්‌ යුද අපරාධ සිදුකර නැති බවයි.

එසේ නම් ඔහුව අත්අඩංගුවට ගෙන හේග් බන්ධනාගාරයේ දැමීම සම්බන්ධයෙන් වගකියන්නේ කවුද?

නිවැරැදි රාජ්‍ය නායකයකුට බොරු චෝදනා ගොතා ඔහුගේ මරණය සිදුවීම පිළිබඳව බටහිර රටවල් සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වගකිවයුතු බව දැන් සනාථ වී තිබේ.

ස්‌ලොබදාන් මිලොසවික්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසු බටහිර රටවල් මෙන්ම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඔහුව හඳුන්වනු ලැබුවේ බෝල්කන් ඝාතකයා නමිනි. මිලොසවික්‌ ලක්‍ෂ ගණනක්‌ ඇල්බේනියානුවන් ඝාතනය කළ බවට චෝදනා එල්ලවිය. ඔහු සමූහ ඝාතනද කළ බවටද ප්‍රචාරය කරනු ලැබීය.

එහෙත් ජාත්‍යන්තර වෝහාරික විශේෂඥයන් කොසවෝ ප්‍රදේශයේ සමූහ මිනීවලවල් වල තිබී සොයාගත්තේ සිරුරු ස්‌වල්පයක්‌ පමණකි. මේ සිරුරු කොසවෝ ත්‍රස්‌තයන් විසින් ඝාතනය කළ සිවිල් වැසියන්ගේද එසේත් නැතිනම් අතුරු හමුදා සිදුකළ ඝාතනදැයි තහවුරු වූයේ නැත.

මේ හිටපු සර්බියානු නායකයාට එරෙහිව නඩුව මෙහෙයවූ ලුවිසේ ආබර් පැවසුවේ කොසවෝහී විශාල මිනිස්‌ ඝාතනයක්‌ සිදුවී ඇති බවයි.

හේග් අධිකරණය නිදහසට කරුණු දැක්‌වීම සඳහා මිලොසවික්‌ට දුන්නේ පැය හතරක කාලසීමාවක්‌ පමණි. ඔහු බිල්ක්‌ලින්ටන්, ටෝනි බ්ලේයාර්, ජර්මන් චාන්සලර් ජර්හාඩ් සාක්‌ෂි සඳහා කැදවීමට කළ ඉල්ලීමද ප්‍රතික්‍ෂේප විය.

ජාත්‍යන්තර අධිකරණය බොරු කාරයන්ගේ අධිකරණයක්‌ බවට ඔහු චෝදනා කළේය.

නේටෝ සංවිධානය යුගෝස්‌ලාවියාවට එරෙහිව යුද අපරාධ සිදුකර ඇති බව මිලොසවික්‌ පළ කළේය.

මිලොසවික්‌ට එරෙහි නඩුව පැවැත්වෙද්දී ජාත්‍යන්තර අධිකරණයේ ප්‍රධාන නඩු අධ්‍යක්‍ෂ කාලා ඩෙල් පොන්ටේ සර්බියානු සාක්‌කිකරුවකුට එක්‌සත් ජාතීන්ගේ ඉහළම වැටුපක්‌ සහිත රැකියාවක්‌ දීමට පොරොන්දුවීම ගැන චෝදනාවක්‌ද එල්ල විය.

මිලොසවික්‌ට එරෙහි නඩු විභාගය පැවැත්වූ විදේශ විනිසුරුවන් අතර සිටි ඩෙන්මාර්ක්‌ විනිසුරු ප්‍රෙඩ්රික්‌ ගාර්ගොප්ගේ විද්යුත් ලිපියකින් හෙළිවූයේ විනිසුරු මඩුල්ලේ සභාපති තියඩෝර මෙරොන් නැමැති ඇමරිකානුවා අනිකුත් විනිසුරුවන්ට බලපෑම් එල්ල කළ බවයි.

ස්‌ටර්ලින් පවුම් මිලියන 157 ක්‌ වැය වූ මෙම පරීක්‍ෂණයෙන් තහවුරුවූයේ සර්බියානු හිටපු නායකයා නීතිවිරෝධීව අත්අඩංගුවට ගෙන සිරගතකිරීමෙන් ඔහුගේ මරණය සිදුවී ඇති බවයි. එසේ නම් ඔහුගේ අකල්මරණය ගැන වගවිය යුත්තේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් සහ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය නොවේද?

උපුටාගැනීම
 
Murphyx9

Member
Apr 28, 2016
676
57
0
ඇමරිකාව යුද අපරාද ගැන කතා කරනවා. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ.
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය දේම තමයි අද මහින්දට විරුද්දව ආණ්ඩුවෙන් කරන්නෙත්/ හෙට එක්සත් ජාතින් කරන්ඩ බලන් ඉන්නෙත් ඔකම තමයි,:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :( ඉරාකෙත් ඔහොම සීන් එකක් නේද උනේ, රසායනික අවි තියෙනවා කියල රටම වනසල ලක්ෂ ගානක් මැරිල අන්තිමට එකක්වත් හොයාගත්තෙ නෑ නෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :( ඉරාකෙත් ඔහොම සීන් එකක් නේද උනේ, රසායනික අවි තියෙනවා කියල රටම වනසල ලක්ෂ ගානක් මැරිල අන්තිමට එකක්වත් හොයාගත්තෙ නෑ නෙ
    :yes::yes: ගඩාෆිට කරෙත් ඔක, ප්‍රජාත්‍රන්තවාදෙ දෙන්ඩ ගිහින් කොහොමද අද ලිබියාව :angry:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    :( ඉරාකෙත් ඔහොම සීන් එකක් නේද උනේ, රසායනික අවි තියෙනවා කියල රටම වනසල ලක්ෂ ගානක් මැරිල අන්තිමට එකක්වත් හොයාගත්තෙ නෑ නෙ

    Iraq,Libya,Syria okkommaa ekama kathawaa thama
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :( ඉරාකෙත් ඔහොම සීන් එකක් නේද උනේ, රසායනික අවි තියෙනවා කියල රටම වනසල ලක්ෂ ගානක් මැරිල අන්තිමට එකක්වත් හොයාගත්තෙ නෑ නෙ

    උං ඊස්‍රායලේට ගහන්න හැදුවනෙ බං තමන්ගෙ පාඩුවෙ හිටියනං ඉවරයිනෙ ඒකට නං කමක් නෑ ඉරාකෙට වඩා ඊස්‍රායලේ වටිනව :yes: :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔය දේම තමයි අද මහින්දට විරුද්දව ආණ්ඩුවෙන් කරන්නෙත්/ හෙට එක්සත් ජාතින් කරන්ඩ බලන් ඉන්නෙත් ඔකම තමයි,:angry:

    මහින්ද ඇරෙන්න වෙන වචනයක් කියහන් බලන්න :rofl:
    උබ නමල්ද?:P
     
    kasun sandeep

    Active member
  • Oct 8, 2008
    376
    15
    28
    Bump

    ඔය දේම තමයි අද මහින්දට විරුද්දව ආණ්ඩුවෙන් කරන්නෙත්/ හෙට එක්සත් ජාතින් කරන්ඩ බලන් ඉන්නෙත් ඔකම තමයි,:angry:

    :( ඉරාකෙත් ඔහොම සීන් එකක් නේද උනේ, රසායනික අවි තියෙනවා කියල රටම වනසල ලක්ෂ ගානක් මැරිල අන්තිමට එකක්වත් හොයාගත්තෙ නෑ නෙ

    :yes::yes: ගඩාෆිට කරෙත් ඔක, ප්‍රජාත්‍රන්තවාදෙ දෙන්ඩ ගිහින් කොහොමද අද ලිබියාව :angry:

    Bump
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    :( ඉරාකෙත් ඔහොම සීන් එකක් නේද උනේ, රසායනික අවි තියෙනවා කියල රටම වනසල ලක්ෂ ගානක් මැරිල අන්තිමට එකක්වත් හොයාගත්තෙ නෑ නෙ

    අදිරාජ්‍යවාදී උපක්‍රම !!

    විරුද්දව නැගී එන රටවල් වට්ටන්නේ ඔහොම
    :angry::angry: