ඇමෙරිකානු ජනාධිපති රිය අනතුරක!!!!!!!!!!

cj_shaf

Junior member
  • Jun 15, 2007
    344
    15
    18
    Kalutara
    ඇමෙරිකානු ජනාධිපති රිය අනතුරක!!!!!!!!!!

    අයර්ලන්තයේ නිල සංචාරයක නිරතව සිටින ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා මහතා අයර්ලන්ත මාර්ග බාධක බැම්මක් කඩාගෙන ගිය පුවතක් වාර්තා වේ.

    සිද්ධිය වාර්තා වන ආකාරයට සැකෙවින් මෙසේ ය.

    ඇමෙරිකානු ජනාධිපතිවරයා සිය ඇඹේනිය සමඟ අයර්ලන්තයේ ඩබ්ලීන් හි පිටිහි ඇමෙරිකානු තනාපති කාර්යාලයේ දිවා භෝජන සංග්‍රාහයක් සඳහා සහාභාගී වී ඇත. එහිදී ඔවුන් කා බී සිත්සේ විනෝද වී ඇත. ඔහුව තනාපති කාර්යාලය වෙත රැගෙන ආ කැඩිලැක් රථයේ රියදුරුද හොදින් කා බී විනෝද වී ඇත.

    මෙම භෝජන සංග්‍රාය අවසානයේ දී නැවත පිටව යාම සඳහා ඇමෙරිකානු ජනාධිපතිවරයා ඇතුලු පිරිස තානාපති කාර්යලයේ භූමීයෙන් පිටවෙමින් එළියට එමින් තිබූ ඉහත කැඩිලැක් රිය එම භූමීයේ තිබු මාර්ග බාධක බැම්මක එකවරම මහා සද්දයක් නගමින් ගැටී ඇත. මෙම ගැටීම පසුව ඔවුන් රැගත් වාහනය නැවත පනගැන්වීමට උත්සහා කලද එය නැවතත් පන ගැන්වීමට නොහැකි වී ඇත. කෙසේ හෝ පැමිණි පිරිස පසුව බසයකින් තනාපති කාර්යාල භූමියෙන් ඉවත්ව ගොස් ඇත.

    තනාපති කාර්යාලයේ පිටත සිටි 100 ක් පමන වූ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් වාහනය ගැටෙන විට “ඔබාමා” යැයි කෑ ගැසු බවද විදෙස් වාර්තා වල සඳහන් වන අතර ඇතැම් පිරිස් හූ හඬ නඟමින්, විසිල් ගසමින්, අත්පුඩි තලමින් සන්තොසයෙන් කෑ ගැසූ බවද එම වාර්තා වල සඳහන් වේ.

    “අයර්ලන්ත බැමි වලට ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ගමන වැළැක්විය නොහැකි බවට” මෙය හොඳ සාධකයක් බව ඇතැම් විදෙස් වෙබ් අඩවි වල සඳහන් වේ.

    මූලාශ්‍ර-Lanka C News-