ඇමෙරිකානු

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඇමෙරිකානු ගුවන්-නාවුක ඩ්‍රොන් යාත්‍රාවන් ඉන්දියන් සාගරයටත්?

    US-sea-based-drones.jpg

    ඉදිරියේ දී බොහෝ දුරට මුහුදේ පාවෙන ඇමෙරිකානු ගුවන්-නාවුක ඩ්‍රොන් යාත්‍රා අංගනයක් ශාන්තිකර සාගරයේ සහ ඉන්දියන් සාගරයේ ස්ථාපිත කිරීමට ඉඩ ඇති බව ඇමෙරිකානු 7 වන නාවුක සේනාකයේ අණ දෙන නිලධාරීයා විසින් සඳහන් කර ඇත.

    මෙම මුහුදේ පාවෙන ගුවන්-නාවුක ඩ්‍රොන් යාත්‍රා අංගනය සඳහා මෙම වසරේ පෙබරවාරී මාසයේ දී හඳුන්වා දී ඇති අද්‍රෘෂ්‍යමාන ප්‍රහාරක ගුවන් යානා කාණ්ඩයක් වන X-47B යානා ද ඇතුලත් කිරීමට ඇමෙරිකා විසින් බලාපොරොත්තු වන බව චීන වාර්තා වල සඳහන් වේ.

    තවද, මෙම X-47B අද්‍රෘෂ්‍යමාන ප්‍රහාරක යානාවන් ඉතා ඉක්මනින් සහා නිවැරදිව ඉලක්ක වෙත ප්‍රහාර එළ්ල කිරීමේ හැකියාවෙන් යුක්ත බව ද සඳහන් වේ. නියමුවන් රහිත ගුවන් යානා කාණ්ඩයකට අයත් වන මෙම ගුවන් යානා පද්ධතිය ඉදිරියේ දී මෙම කලාපය තුළ ඔත්තු බැලීම සහා මුර කටයුතු සඳහා භාවිතා කිරීම ඇමෙරිකාවේ අරමුණ බව ද සඳහන් වේ.

    නාවුක යාත්‍රා අංගනයක සිට මෙහෙයුම සිදු කළ හැකි වන ලෙස සදා ඇති මෙම ගුවන්යානා ඉදිරියේ දී ආසියා මහද්වීපය තුළ සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා පූර්ණ ලෙස යොදා ගැනීමට නියමිත බව ද සඳහන් වේ.

    කෙසේ හෝ ඇමෙරිකාව විසින් ඉදිරියේ දී ආසියාවේ ස්ථාපිත කිරීමට නියමිත මෙම පාවෙන මුහුදු නාවුක අංගනයට මේ වන විට චීනයේ දැඩි විරෝධය එළ්ල වී ඇති බව ද, සඳහන් වේ
     
    • Like
    Reactions: kgspriyan

    Similar threads