ඇමෙරිකාවට හිනා වෙන්න ගිහින් ලංකාවෙ ඇස් ර&#3501

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඇමෙරිකාවට හිනා වෙන්න ගිහින් ලංකාවෙ ඇස් ර&#3501

    "ඇමෙරිකාවට හොඳ වැඩේ...."
    මේ දවස්වල ආණ්ඩුව නොකියා කියන්නේ මේ කතාවය.
    "අපි ත්‍රස්තවාදය මර්දනය කළා කියලා අපිට දඬුවම් දෙන්න යන අයම දැන් ත්‍රස්තවාදයෙන් හොඳට කනවා..."
    මේ ආණ්ඩුව හිතන විදියය.​


    හැබැයි ඇමෙරිකාවේ බොස්ටන් ප්‍රහාරයට පසු එරට රහස් ඔත්තු වාර්තාවක් කළ අනාවරණයකින් ආණ්ඩුව තක්බීර් වී තිබේ. ඒ වාර්තාවෙන් කියන්නේ බොස්ටන් ප්‍රහාරය පිටුපස මුස්ලිම් රටවල් සිටින බවත් ප්‍රහාරයට වගකිව යුතු අල් - කයිඩා වැනි ත්‍රස්තවාදීන්ට සම්බන්ධකම් ඇති පිරිස් ලංකාවේ සහ බංග්ලාදේශයේ සිටිනා බවය. මේ තොරතුරු අනාවරණය කොට ඇත්තේ ඉරානයේ රහස් ඔත්තු සේවා නිලධාරියකු බව එම වාර්තාව හෙළිදරව් කොට තිබේ.


    මෙයට පෙර ඉන්දියාවේ පූනායිහි බේකරියක සිදු වූ බෝම්බ ප්‍රහාරයකට වගකිව යුතු බේයිග් නමැත්තා 2008 මාර්තු මාසයේදී ලංකාවට ගිය බවත් එහිදී අන්සාරි සහ කෂාගී නම් වූ ත්‍රස්තවාදීන් සමඟ ප්‍රහාරය සැලැසුම් කළ බවත් පාපෝච්චාරණය කර තිබිණි. මෙම පාපෝච්චාරණයට පසු ඉන්දියාව වහාම ලංකාවට දන්වා සිටියේ ඉස්ලාම් ත්‍රස්තවාදීන් සිය මෙහෙයුම් කටයුතු සඳහා ලංකාව පාවිච්චි කරන බවය. ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ එය ප්‍රතික්‍ෂේප කරමින් කීවේ, එය පිළිගත නොහැකි බවත් එවැන්නකට තමන් ඉඩ නොදෙන බවත්ය. පසුව ඇමෙරිකානු ශාන්තිකර කලාපීය විධානයේ නාවික හමුදා නිලධාරි රොබට් විලාඩ් ඇමෙරිකානු සෙනෙට් සභාවේ හමුදා කමිටුව ඉදිරියේ සාක්‍ෂි දෙමින් පවසා තිබුණේ ලංකාව ඇතුළු දකුණු ආසියානු රටවල් ලක්‍ෂා - ඊ - ටොයිබා ත්‍රස්ත සංවිධානයට ආරක්‍ෂිත ස්ථාන බවට පත්ව ඇති බවය. තම මෙහෙයුම් සැලැසුම් කිරීමට ඔවුන් ලංකාව ඇතුළු රටවල් තෝරාගෙන ඇති බවය. ආරක්‍ෂක ලේකම්වරයා මෙයද ප්‍රතික්‍ෂේප කොට තිබිණි. කෙසේ හෝ මෙම සාක්‍ෂිය එළියට ආ විට ඉන්දියාව කීවේ තමන් කී දේ හරි බවය.


    ඉස්ලාම් ත්‍රස්ත සංවිධාන මෙහෙයුම් සැලැසුම් කරන රටවලට ඇමෙරිකාව කඩා පනින්නේ එරට අවසරයකින්ද තොරවය. හොඳම නිදසුන පාකිස්තානයට කඩා වැදී බින් ලාඩන් ඝාතනය කරන්න දියත් කළ මෙහෙයුමය. තමන්ට එරෙහි ප්‍රහාර සැලැසුම් කරන ත්‍රස්තවාදීන් සිටින රටවල ආණ්ඩු එම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න උදවු නොකරන්නේ නම් එම ආණ්ඩු විනාශ කරන්න ඇමෙරිකාව මැළි නොවෙයි. එසේම ත්‍රස්තවාදීන්ට උදවු දෙන ආණ්ඩු විනාශ කිරීමටද ඇමෙරිකාව මැළි නොවේ. ඉරාකයේ සදාම් හුසේන්ට සහ ලිබියාවේ ගඩාෆිට වුණ දේ ඒ සඳහා සාක්‍ෂිය.


    ලංකා ආණ්ඩුව ඇමෙරිකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන හිනා වෙනකොට හිනාවෙන් ඇස් රතු වෙන බව තේරුම් ගත යුතුය.
    ඒ වගේම පසුගිය දින ලන්ඩනයේ මුස්ලිම් සංවිධාන ලංකාවට එරෙහිව ආගම් යුද්ධයක් කළ යුතු බව කියමින් විරෝධතා ව්‍යාපාර පැවැත් විය. බොස්ටන් ප්‍රහාරයට වගකිව යුතු ත්‍රස්ත සංවිධානවලට සම්බන්ධ පිරිස් ඉන්නවාය කියන අනෙක් රට වූ බංග්ලාදේශයේ අළු තොප්පි හැකර්වරුන් ලංකා රජය දියත් කොට ඇති ඉස්ලාම් විරෝධී ක්‍රියාවලියට විරෝධය පා රජයේ වෙබ් අඩවි තුනක් අවුල් කර තිබෙන බව වාර්තා විය. මේ මෙරට හලාල් විරෝධයට එරෙහිව දුන් අනතුරු ඇඟවීමකි. ලංකාව ඇතුළේ ත්‍රස්ත සංවිධාන ඉන්නවා යැයි ඇමෙරිකාව සහ ඉන්දීය ආරක්‍ෂක අංශ දිගින් දිගටම කියද්දී ලංකාවේ හලාල් විරෝධී රැල්ලක් මතු වන විට මෙම ත්‍රස්ත සංවිධාන ලංකාවේ සිට ඇමෙරිකාවට ඉන්දියාවට ප්‍රහාර එල්ල කිරීම පසෙකලා ලංකාව ඇතුළේ ප්‍රහාර සැලැසුම් කිරීමට තිබෙන ඉඩ කඩ වැඩිය. එහෙම වුණොත් බොස්ටන් වර්ගයේ ප්‍රහාරවලට ලංකාව ගොදුරු වීමට ඉඩ තිබේ. මේ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් ලංකාවට පාඩමක් උගන්වන්න ඇඟිලි ගැණ ගැණ ඉන්නා පොට්ටු අම්මාන් හදපු ජාත්‍යන්තර කොටි බුද්ධි ජාලයද ලංකාව තුළ ප්‍රහාරයකට ඉස්ලාම් ත්‍රස්ත කල්ලි උසිගන්වන්න ඉඩ තිබේ.


    එම නිසා ලංකා ආණ්ඩුව කළ යුත්තේ ඇමෙරිකානු ප්‍රහාරයට සිනාසීම හෝ විරිත්තීම නොව ලංකාව පරෙස්සම් කර ගැනීමය.



    උපුල් ජෝශප් ප්‍රනාන්දු
    Source: Mawbima News Web​
     
    • Like
    Reactions: minipura

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මව්බිම කියන්නෙ ආණ්ඩුවෙම MP කෙනෙක්ගෙ (ටිරාන් අලස්) පත්තරෙ :rofl:

    ටිරාන් අලස් ආණ්ඩුවේ mp කෙනෙක් නම් නෙමෙයි, හැබැයි මම දන්නා විදියට ආණ්ඩුවත් (මහින්ද) එක්ක ලොකු ඩීල් දාගෙන ඉන්නේ. :yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මව්බිම කියන්නෙ ආණ්ඩුවෙම MP කෙනෙක්ගෙ (ටිරාන් අලස්) පත්තරෙ :rofl:
    nidahas mdayawarayek ne mu upul guruda vighaya liyanneth meyane
    unp salli walin duwna porak :yes:tr alas sarth mhaththaygen kaduna neh?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ටිරාන් අලස් ආණ්ඩුවේ mp කෙනෙක් නම් නෙමෙයි, හැබැයි මම දන්නා විදියට ආණ්ඩුවත් (මහින්ද) එක්ක ලොකු ඩීල් දාගෙන ඉන්නේ. :yes::yes::yes:
    :yes: alas isara hitiya danuth anduwata kde yanna hadanne thma ayin wela inne desapalanayen
     

    Morrowind

    Member
    Apr 19, 2013
    37
    2
    0
    මේ ආණ්ඩුව අයින් කරනවා නම් මොකක් වුනත් කමක් නෑ :P
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මේ ආණ්ඩුව අයින් කරනවා නම් මොකක් වුනත් කමක් නෑ :P
    ආ0ඩුව මාරු කරන්න නම් විකල්පයක් තියෙන්න ඔනි බන්,,එහෙම විකල්පයක් නෑති නිසාතමයි ජනතාව ගෑන හිතන්නෙ නෑත්තෙ ආ0ඩුව,,රනිල්.සජිත්,සොමව0ශ,ෆොන්සෙකා මෙ එක් කෙනෙක්වත් රටක් පාලනය කරන්න තරම් සුදුස්සො නෙමෙයි,,ෆොන්සෙකා මහත්තයා හොද අබිත යුද නායකයෙක්..එක ගෑන විවාදයක් නෑහෑ,,නමුත් එතුමා හොද දෙශපාලන නායකයෙක් නම් නෙමෙයි,,රනිල් හොද මහත්මයෙක්,,නමුත් මෙ රටෙ පලවෙනි පුරවෑසියා විමට ඔහු සුදුසු මදි,,සජිත් ,සොමව0ශ ගෑන කතා කරන්න කාලය නාස්තිකරන එකත් අපරදෙ,,
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    රන්ජන් හොදයි.
    රන්ජන් සමහර අයට හොද නලුවෙක් බන්,,නලුවෙක් රටක් පාලනය කලොත් අපෙ රටෙ මිනිස්සුත් අර තමිල්නාඩු ස0ස්කෘතියටම හෑඩ ගෑහෙයි බන්,,මොලෙ නෑති හරක් වගෙ,,,:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    avatar418757_2.gif
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එම නිසා ලංකා ආණ්ඩුව කළ යුත්තේ ඇමෙරිකානු ප්‍රහාරයට සිනාසීම හෝ විරිත්තීම නොව ලංකාව පරෙස්සම් කර ගැනීමය. :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    රන්ජන් සමහර අයට හොද නලුවෙක් බන්,,නලුවෙක් රටක් පාලනය කලොත් අපෙ රටෙ මිනිස්සුත් අර තමිල්නාඩු ස0ස්කෘතියටම හෑඩ ගෑහෙයි බන්,,මොලෙ නෑති හරක් වගෙ,,,:P

    :rofl:

    එතකොට මහින්දගෙන් පස්සෙ කවුද උඹද රජා වෙන්නෙ? :rofl:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    පැටියා;14841631 said:
    :rofl:

    එතකොට මහින්දගෙන් පස්සෙ කවුද උඹද රජා වෙන්නෙ? :rofl:
    එකට තමයි යකො මම කිවෙ තවම විකල්පයක් නෑහෑ කියලා,,අත්හදාබෑලිමක් විදිහට "විදායක" බලයක් කිසිම කෙනෙකුට දෙන්න නරකයි