ඇමෙරිකාව ගෝටා එපා කියයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු වීසා අයදුම්පත ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කර ඇතැයි හින්දු' පුවත් පත වාර්තා කළේය.

    ද්විත්ව පුරවැසියකු වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හල බව 'ද හින්දු' පුවත් පත ප්‍රකාශ කළේය.

    ඉකුත් සෙනසුරාදා පැවති දැවැන්ත විරෝධතාවයෙන් පසුව ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකා එක්සත් ජනපදයට පිටත් වීමේ බලාපොරොත්තුවෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලයට වීසා අයදුම් පත්‍රයක් යොමු කර ඇතත් ඔහුගේ අයදුම් පත්‍රය ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රතික්ෂේප කළ බව 'ද හින්දු' පුවත් පත සඳහන් කර ඇත.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් 'ද හින්දු' පුවත් පත විමසීමක් කර ඇතත් මෙම ලිපිය පළ වන අවස්ථාව වන විටත් එම විමසීමට ප්‍රතිචාරයක් ලැබී නැතැයි 'ද හින්දු' පුවත් පත වාර්තා කළේය.

    ප්‍රජාතන්ත්‍රවාදී බලය පවරා දීමකට සහයෝගය ලබා දෙන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් පසුගිය දා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය ඉල්ලා සිටි බවද 'ද හින්දු' පුවත් පත ප්‍රකාශ කළේය.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    අනේ එයාව කවුරුහරි බාරගන්න අයියෝ :( අවජාතක දරුවා වගේ
     
    • Haha
    Reactions: hasithayad