2021 අගෝස්තු මස 15 වැනිදා දිනය අවසන් වූයේ ලොව අංක එකේ සුපිරි බලවතා වන අමෙරිකා එක්සත් ජනපදය මෑත ඉතිහාසයේ මුහුණ දුන් විශාලතම යුද පරාජය හා අසාර්ථකම විදෙස් පිළිවෙත් තීන්දු මාලාව ගැන ලොවට කතා කිරීමට බොහෝ දේ ඉතිරිකරමිනි. ඉතිහාසය පුරා බලවත් අධිරාජ්‍යයන් දණගැස්වූ ඇෆ්ගනිස්ථානය හඳුන්වනු ලබන්නේ අධිරාජ්‍යයන්ගේ සොහොන් බිම ලෙසිනි. අධිරාජ්‍යයක් නොවූවද වත්මන් ගෝලීය බල කේන්ද්‍රය වන අමෙරිකා එක්සත් ජනපදය අද එම ඓතිහාසික සොහොන් බිමේ සිය ගෞරවය, සෙබළ ජීවිත හා ධනය මිහිදන් කර හමාරය. ඇෆ්ගනිස්ථානය අද නැවතත් 2001 වසරට පෙර එනම් අමෙරිකාව යුද්ධය ආරම්භ කිරීමට පෙර පැවති තත්ත්වයටම පැමිණ තිබේ. ඉන් පෙනී යන්නේ වසර විස්සක් පුරා අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ යුද්ධ කර හිස් අතින් ආපසු යන්නේ තම ප්‍රතිරූපයට අන්තර්ජාතික වශයෙන් මෙන්ම දේශීය වශයෙන්ද අත්කරගත් දැවැන්ත හානියක්ද සමග බවය. මේ තත්ත්වය පැහැදිලි කිරීමට සිංහලයේ ඇති “ගඟට ඉණි කැපුවා වගේ” හා “නටපු නැටුමකුත් නැත බෙරේ පළුවකුත් නැත” යන ප්‍රස්ථාව පිරුළු ගැළපෙයි.
ඉරිදා පස්වරුවේ අමෙරිකාව ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ග්‍රීන් සෝන් නම් අධි ආරක්ෂක කලාපයේ පිහිටි තම තානාපති කාර්යාලයේ ඔසවා තිබූ ධජය අවසන් වරට පහත හෙළීය. ඒ ඇෆ්ගනිස්ථානයේ එතෙක් සේවය කළ අමෙරිකානු නිලධාරීන් හා වෙනත් පුරවැසියන් අමෙරිකානු හමුදා සහය ඇතිව ලහි ලහියේ පලායමින් සිටි අවස්ථාවකයි. ඒ සමගම ඇෆ්ගන් ජනාධිපති අශ්රෆ් ගානි ද තම ආධාරකරුවන් හා ජනතාව තලෙබාන් සටන්කාමීන්ට භාර කර ලේ වැගිරීමක් අවශ්‍යය නොවන බව පවසමින් ට්ටිටර් සටහනක් තබා පලා යන්නේ එරට රජයේ පාලනය අවසන් කරමිනි.
විසිවසරකට පෙර අමෙරිකාව විසින් පරාජය කරනු ලැබ බිමට සමතලා කර තිබූ තලබොන් සටන්කාමී කල්ලිය තෙදිනක් තුළ ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගරවලින් බහුතරයක බලය තහවුරු කරගෙන ඉරිදා වනවිට කාබුල් අගනුවර ද තම ග්‍රහණයට නතු කර ගත්තේ බටහිර දේශපාලන අධිකාරිය හා විද්වතුන් මෙන්ම දේශපාලන විචාරකයන්ද මවිතයට පත්කරමිනි. අමෙරිකාව පමණක් නොව නේටෝ ධජය යටතේ තලේබාන් කල්ලියට එරෙහිව සටන් කළ හා පසුව ඇෆ්ගනිස්ථානය ගොඩනැගීමට ආධාර කළ යුරෝපා සංගම් රටවල් හා බ්‍රිතාන්‍යයද තම තානාපති කාර්ය මණ්ඩල හා පුරවැසියන් ඉවත්කරගෙන පලායමින් සිටින්නේ සාමය, නිදහස හා අන්තවාදී නොවන ජීවන රටාවක් අපේක්ෂා කළ ඇෆ්ගන් පුරවැසියන් තනිකර දමා ඔවුන් නැවතත් තලේබාන් අන්තවාදයට භාර කරමිනි. පලායන විදෙස් මිතුරන් දෙස බලා කාබුල් වැසියන්ගෙන් ඇතමෙක් මාධ්‍යවේදීන්ට පවසා තිබුණේ “ඔවුන් අපිව තලේබානුවන්ට විකුණා දැමුවා” යනුවෙනි.
සයිගොන් අවතාරය
කාබුල් අගනුවර අතහැර අමෙරිකානුවන් පලායන ආකාරය දැක්වෙන දසුන් හා සේයා රූ මාධ්‍ය ඔස්සේ විකාශය වෙද්දී අමෙරිකාවේ අතීත අඳුරු සෙවණැලිද ඉස්මතුවන්නට පටන් ගත්තේය. ජෝ බයිඩන් ජනාධිපතිවරයා විසින් යොදවනු ලැබූ අතිරේක භටයන් පන්දහසකගේ සහය ඇතිව එකක් පසුපස එකක් කාබුන් අමෙරිකානු තානාපති කාර්යාලීය පරිශ්‍රයට ගොඩබස්වනු ලැබූ චින්හුක් හෙලිකොප්ටරවල නැගී නිලධාරීන් පලායද්දී ඊට සමාන දර්ශනයක් ඇතුළත් වසර 26 ක් පැරණි කළු - සුදු ඡායාරූප මාධ්‍ය ඔස්සේ කලඑළි බසින්නට විය. ඒ 1975 වසරේදී වියට්නාම් යුද්ධයෙන් පරාජය ලබා අමෙරිකානුවන් පොරකමින් හෙලිකොප්ටරවල නැගී දකුණු වියට්නාමයේ සයිගොන් නගරයෙන් පලායන ආකාරය දැක්වෙන පැරණි ඡායාරූප පෙළකි. වියට්නාම් යුද පරාජය හා ඇෆ්ගන් පසුබෑම සමපාත කරමින් අමෙරිකානු මාධ්‍ය ඔස්සේ විවිධ විචාර මතුවෙන්නට පටන්ගෙන තිබිණ. ඉන් කියැවුණේ වසර 26 කට පසුව අමෙරිකාවට තවත් සයිගොන් පලායාමකට මුහුණ දීමට සිදුව ඇති බවයි. ඒ හා සම්බන්ධ මාධ්‍ය විමසීම්වලට පැටලිලිසහගත ලෙස උත්තර දුන් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ප්‍රකාශ කළේ සයිගොන් සිද්ධිය හා කාබුල් අත්හැරීම අතර වෙනස්කම් රැසක් ඇති බවයි. එහෙත් සිදුව ඇති අවමානයෙන් ගැලවීමට එය ප්‍රමාණවත් නොවීය. බයිඩන් පාලනයට විවේචනවලට මුහුණ දීමට සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ සැබෑ තත්ත්වය හා තලෙබාන් ශක්තිය අවතක්සේරු කළ බවට නැගෙන චෝදනා මධ්‍යයේයි. සිදුවූයේ කුමක්ද? අමෙරිකාවට වියට්නාමයේදී මෙන් වැරදුනාද? එසේත් නැත්නම් ඇෆ්ගනිස්ථානය පාලනය කළ නොහැකි භූමියක්ද? තලේබාන් කල්ලිය අසාමන්‍ය ලෙස බලවත්ද? මේ ගැන විමසා බැලීම වටී.
අධිරාජ්‍යයන්හි සොහොන් බිම
ඇෆ්ගනිස්ථානය පිහිටා ඇත්තේ බටහිර හා නැගෙනහිර යුරේෂියා කලාප අතර සන්ධිස්ථානයකයි. වර්තමානයේ එය නැගෙනහිරින් හා දකුණෙන් පාකිස්ථානයටත් බටහිරින් ඉරානයටත් උතුරෙන් උස්බෙකිස්ථානයට හා තජිකිස්ථානයටත් වක්හාන් කොරිඩෝව ඔස්සේ ඉතා සුළු බිම්කඩක් චීනයටත් මායිම්ව පවතී. අතීතයේදී එය පැරණි සේද මාවතේ වැදගත් සන්ධිස්ථානයකි. හේතු දෙකක් නිසා ඇෆ්ගනිස්ථානය යනු පාලනයට හෝ අත්පත් කර තබාගැනීමට දුෂ්කර භූමියකි. පළමුවැන්න දුෂ්කර භූ විෂමතා කලාපයක් වීමයි. ඇෆ්ගනිස්ථානය හින්දුකුෂ් හා කාරාකොම් කඳු පන්තිවල කොටසක් ලෙස පවතින අතිදුෂ්කර බොහෝවිට වියළි කටුක කඳු බෑවුම්, ගුහා හා ප්‍රපාත බහුල විෂම භූ කලාපයකි. දේශීය සතුරන් සමග ගැටෙමින් එම භූමිය පවත්වාගැනීම බාහිර අධිරාජ්‍ය බලවේගයකට ඉතා අපහසු තත්ත්වයකි.
දෙවැනුව ඇෆ්ගනිස්තානය යනු සටන්කාමී කඩිනමින්ම ස්ථාවරය වෙනස්කරන, විශ්වාස කිරීමට අපහසු ජනවර්ග හා ගෝත්‍ර මෙන්ම සන්නද්ධ පාර්ශවයන්ගෙන් සමන්විත රටකි. එවැනි ජන සමාජයක් පාලනය යනු අතිශය බරපතළ අභියෝගයකි.
ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ ගෝලිය අධිරාජ්‍යයක් ගැන සැළසුම් කළ ග්‍රීක මැසිඩෝනියාවේ මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා නැගෙනහිරට හමුදා මෙහෙයවමින් ඉන්දියාව ආක්‍රමණය කිරීමේදී ඇෆ්ගන් කලාපය හරහා ගමන් කළා මිස එහි භූමිය අත්පත් කරගැනීමට උත්සුක නොවීය. එම කලාපය මුලින් සාර්ථකව පාලනය කළේ පැරණි භාරතයේ මෞර්ය රාජ වංශයයි. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට භාරතයෙන් විකාශය වූ ගාන්ධාර බෞද්ධ සංස්කෘතිය එහි උතුරු හා නැගෙනහිර කලාපවල විසිරී තිබිණ. ප්‍රකට බාමියාන් බුදුපිළිම තැනූ කුෂාන් අධිරාජ්‍යයද ඉන් කොටසකි. ක්‍රි.ව. හත්වැනි සියවසේ සිට අරාබියෙන් ව්‍යාප්ත වූ ආක්‍රමණ හා මොංගෝලියානු ආක්‍රමණ හේතුවෙන් බෞද්ධ රාජ්‍ය ක්‍රි.ව. එකොලොස්වැනි සියවස වනවිට අවසන් විය. අනතුරුව අරාබිවරු මොංගෝලියානුවන් හා ඉන්දියාව යටත් කරගත් මෝගල්වරු වරින් වර ඇෆ්ගනිස්ථානය පාලනය කළද ඔවුන් ද ඇෆ්ගන් ගෝත්‍ර සමග විනාශකාරී යුද්ධවල යෙදී හානි සිදුකරගත්හ. බලවත් මොංගෝලියානු අධිරාජ්‍ය ජෙංජීස් ඛාන්ට සිය ඥාති සොයුරා අහිමි වූයේද ඇෆ්ගන් සටනකදීය.
ආසියාවේ බලය පැතිර වූ බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යුද්ධ තුනක් ඇෆ්ගනිස්ථානයේදී සිදුකළ අතර ඍජුව එම භූමිය දිගුකාලීනව පාලනය කළේ නැත. පළමු ඇෆ්ගන් බ්‍රිතාන්‍ය යුද්ධය 1839 දීත් දෙවැනි ඇෆ්ගන් බ්‍රිතාන්‍ය යුද්ධය 1878 දීත් තෙවැන්න 1911දීත් සිදුවූ අතර ඉන් බ්‍රිතාන්‍යයන්ට මෙන්ම ඇෆ්ගන්වරුන්ටද දැඩි හානි සිදුවිය. සෑම විටකම බ්‍රිතාන්‍ය තමන්ට පක්ෂපාත දේශීය පාලනයක් ඇෆ්ගනිස්ථානයේ පවත්වාගැනීමට උත්සුක වුණා මිස ඉන්දියාව මෙන් ඍජුව තම පාලනයට නොගත්තේය.
1979 දී ලෝක බලවතුන් දෙදෙනාගෙන් එක් පාර්ශවයක් වූ සෝවියට් දේශය ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ තම භූමි බලය දකුණු හා මධ්‍යම ආසියාවේ ගැඹුරට ව්‍යාප්ත කිරීමටයි. ජනාධිපති නජිබුල්ලා යටතේ සෝවියට් හිතවාදී රූකඩ ආණ්ඩුවක් පිහිටුවා එය ආරක්ෂා කිරීමට රතු හමුදා බලය යොදවනු ලැබීය. එහෙත් හමුදා මරණ පහළොස්දහසක් හා රූබල් මිලියන ගණනක අලාභයක්ද සමගින් අමෙරිකාව විසින් මෙහෙයවනු ලැබූ ඇෆ්ගන් මුජහිදීන් සටන්කරුවන්ට පරාජය වී 1989 දී හිස් අතින් ඇෆ්ගනිස්ථානය හැර ගිය සෝවියට් දේශය ඊට වසරකට මදක් වැඩි කාලයකදී කඩාවැටුණේ ඇෆ්ගන් යුද්ධයේ එක් අතුරුඵලයක් වශයෙනි. අධිරාජ්‍ය සුසානයේ සෝවියට් බලවතා මිහිදන් වූයේ ඒ අයුරිනි. එදා ඇෆ්ගන් යුද්ධයේ මෙහෙයුම්කරු වූ අමෙරිකාව අද එහි ගොදුරක් බවට පත්වීම දෛවෝපගත සිද්ධියකි.