ඇයගේ_රැකියාව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam

bat_girl1_2_edit.jpg


ඇගේ රැකියාව මදුරු මැසි බැට් විකිණීමය.
ඔබ මෙවැනි තරුණයන් තරුණියන් මග දිගට ඕනෑ තරම් දැක ඇත. එහෙත් ඔබ එක දවසක් හෝ ඒ කෙනෙක් සමග වචනයක් හෝ කතා කලාද? අපි ඇය සමග කතා කළෙමු . දින තුනක් එකදු මදුරු මැසි බැට් එකක්වත් විකිණී නැත. එහෙත් වාහනයට නැග සෙක්ස් කරන්නටනම් ඇයට ආරාධනා ලැබී ඇත. අපි මේ සමාජයේ නොයෙක් පරාශයන් වල ජීවත් වන ඇය ගැන කතා කරන බව ඔබට කීවෙමු. එනිසාවෙන් ජීවිතේ සුන්දරම වයසේ සිටින මුත් මහත් දුක් ගැහැට දහසක් මද ජීවත් වන ඇය ගැන යමක් කීමට අපි තීරණය කළෙමු. ඇය නිෂානි රුවන්මාලිය. වයස අවුරුදු 23කි. ඇයව මිරර් ගර්ල්ට හමු වුනේ අද බත්තරමුල්ල කොස්වත්ත හන්දිය ආසන්නයේය. ජීවිතය පවත්වා ගැනීමට මහත් අසීරු සටනක් කරන ඇය සමග වචනයක් කතා කිරීමට සිතුනේ එනිසාවෙනි. මිරර් ගර්ල් ඇය සමග වචන කිහිපයකින් දොඩමලු වුනේ ඇය විකුණන මදුරුවන් මැස්සන් මරණ බැට් ගැන අසමිනි. කෙමෙන් මේ කතා කරන්නේ භාණ්ඩය ලබා ගැනීමේ වුවමනාවෙන් නොවන බව දැන ගත් ඇය තම ජීවිතය හෙළි කිරීමට කැමති වූ නිසා අපි කවුරුන්දැයි ඇයට කීවෙමි. එනිසාවෙන් ඇය ඇගේ ජීවිත කතාව අපට කියන්නට විය.


bat_girl1_2_edit.jpg


මම නුවර එළියේ. උසස් පෙළ කලා. එච්චරයි. මමයි අම්මයි තාත්තයි විතරයි ඉන්නේ ගෙදර. තාත්තට දැන් අංශ භාගේ හැදිලා අවුරුදු දෙකක් වෙනවා. අම්ම තාමත් එහෙ වත්තක වැඩ කරනවා. මම ඉගෙන ගන්නකම් එයා වියදම් කලා. දැන් තාත්තට සති දෙකකට රුපියල් පන්දාහක් මම යවන්න ඕනි. නැත්නම් බෙහෙත් ගන්න වෙන්නේ නැහැ . එත් මම යවනවා. ගිය සතියේ යවන්න බැරි වුණා.
කොහොමද ඔයාගේ ආදායම් ? අපි ඇයගෙන් ඇහුව.
ඇය සිනහසෙමින් නැවත කතාව පටන් ගත්ත. අද එකක්වත් තාම විකිණුනේ නැහැ. එකකින් අපිට තියෙන්නේ රුපියල් දෙසීයක කමිසන් එකක්. කෑලි පහක් විකුණ ගන්න බැරි වුනොත් මහන්සී වෙන එකෙත් තේරුමක් නැහැ. ගිය සතියේ දවස් තුනක් එක දිගට එකක්වත් විකිණුනේ නැහැ.
ඒ වචනය ඇගේ මුවෙන් පිට වන විටම වේගෙන් ගිය වාහනයක කලුපාට දුම් වලාවක් ඇගේ මුහුණ වසා ගනු අපි දුටුවෙමු. සාමාන්‍යයෙන් මෙවැනි වයසක පසුවන තරුණියක් පාරේ මදුරු බැට් විකුණනු තියා පාරේ ඇවිදින්නේද අනෙකෙක්ගේ සුවිශේෂී අවධානය දිනා ගැනීමේ ආශාවෙනි. ඇයටත් එවැනි හැගීම් ගොන්නක් ඇති බව අපි ඉතාමත් හොදින් දනිමු. එහෙත් ඒ සියලු හැගීම් පසෙකලා තමන්ගේ පියාගේ ජීවිතය රැක ගැනීමටත් ඇයට ජීවත් වීමටත් මහත් වූ සටනක නිරත වෙමින් සිටි.


bat_girl1_1_edit.jpg




ඇය තව දුරටත් අපි සමග ජීවිතය බෙදා ගන්නා ලදී.
සමහරු ඇවිත් කතා කරනවා. මම හිතන්නේ බැට් එකක් ගන්න කියල. විශේෂයෙන් එහෙම කරන්නේ වාහනවල එන මහත්තුරු. දවසක් කෙනෙක් කිව්ව බෑග් එකත් අරන් නගින්න, බැට් ඔක්කොම ගන්නම් කියල. එයාගේ වුවමනාව වුනේ වෙන එකක්. කන්න බොන්න ජීවත් වෙන්න බැරි නිසයි මම මෙහෙම කරන්නේ. එකත් සමහරු හිතන්නේ වල් කමට.
ඈ හදවතේ දැවෙන පීඩාව පිට කලේ එලෙසිනි.
දවසක් නෝනා කෙනෙක් ඇවිත් මසාජ් සෙන්ට්‍ර එකක වැඩ කරන්න පුලුවන්ද ඇහුව. මම බැහැ කිව්ව. අපිත් එක්ක ආපු නංගිලා කිහිප දෙනෙක්ම මේ රස්සාවෙන් ගොඩ යන්න බැරි නිසා එහෙම ගියා.
ජීවිතයනම් වූ මේ මහා ප්‍රශ්න ගොඩ මැද ඇයට විදින්නට සිදු වී තිබෙන දුක්බර අත් දැකීම් එසේය. ඇය කී පරිදි මෙකී රැකියාවෙන් ජීවත් වීමට නොහැකිව වෙනත් රැකියා වලට ගිය තරුණියන් ගැන ඔවුන්ගේ ජීවිත වලට වග කියන්නේ කවුරුන්ද ?
මේ සමාජ ක්‍රමය ඇයට මෙන්ම ඔබටද මටද උරුම කර දී ඇත්තේ එවන් ජීවිතයකමය. කිසිවක් වෙනස් වී නැත. සයිබර් අවකාශයේ මෙලෙස ඇය ගැන සටහනක් තබන්නේ මෙයද කියවා විනෝදයක් ලබා ගැනීමට නොව මෙවන් ජීවිත වලට සාධාරණය ගෙන දෙන සමාජයක් උදෙසාත් එකී සටන මේ සටහනෙන් මහා පොළොවට ගෙන ඒම උදෙසාය.
ඉතින් මිරර් ගර්ල් ගේ ඉතීහාසයත්. ඉතහාසය විසින් මේ මොහොතට බල කර සිටින යුතුකමත් මෙවැනි දහස් සංක්‍යාත තරුණියන්ගේ තරුණයන්ගේ ජීවිත වෙනුවෙන් යමක් කල හැකිනම් එය ඉටු කිරීමය. එනිසාවෙන් අපි ඇයට කියමු.
ඇය දුර්වලය. එසේ සිතන්නේ කියන්නේ ඇය දුර්වලවීමට කැමැත්ත දක්වන වුන්ය.
ලෝක කාන්තා දිනයද ලග ලගම එනු ඇත. බොහෝ ව්‍යාපාර ඒම දිනය සැමරීමට බොහෝ වැඩසටහන් මේ වන විටත් සංවිදානය කරමින් ඇත. මිරර් ගර්ල් ඔවුන්ට කියන්නේ, සංදර්ශන පැවැත්වීම් වෙනුවට මෙවැනි ජීවිත වලට සාධාරණය ඉටු කරන සමාජ අවකාශයක් ගෙන ඒම වෙනුවෙන් වෙර දරන ලෙසය.
මේ පොළොවේ එවැනි යුගයක් නිර්මාණය කිරීම හැර ඉන් මෙපිට කිසිදු පිළිතුරක් ඇතැයි අපි විස්වාස නොකරමු

bat_girl1_3_edit.jpg

 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ගාමන්ට් එකක වගේ වැඩ කරන්න අමාරු ඇති මහන්සි ඇති. ගල් කඩලා දරු පවුල් ජීවත් කරන ගෑනු ඉන්න රටේ මුනුත් ගෑනුද? :eek:
 

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මදුරු බැට් විකුණන වෙලේ තව පොඩි පොඩි අයිටම් ටිකක් තියාගෙන විකුණන්න බැරි කමක් නැහැනේ බං. බං වලට නැගලා හෝ ගෙයින් ගෙට ගිහින් විකුණන්න පුලුවන්. මොනවා උනත් ගරුකළයුත්තෙක් ආකල්ප සහ අධිෂ්ඨානය වෙනුවෙන්.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
පැටියා;17945425 said:
ගාමන්ට් එකක වගේ වැඩ කරන්න අමාරු ඇති මහන්සි ඇති. ගල් කඩලා දරු පවුල් ජීවත් කරන ගෑනු ඉන්න රටේ මුනුත් ගෑනුද? :eek:

:yes::yes::yes::yes::yes::yes::yes::yes:
 

djuk

Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    මදුරු බැට් නැතිව වෙන දෙයක් විකුණුව නම් තමා හොද
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    පැටියා;17945425 said:
    ගාමන්ට් එකක වගේ වැඩ කරන්න අමාරු ඇති මහන්සි ඇති. ගල් කඩලා දරු පවුල් ජීවත් කරන ගෑනු ඉන්න රටේ මුනුත් ගෑනුද? :eek:

    ekne bn mn danna aya innawa iena genath garment yanawa kranna deyak nathikamata,
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    ගාර්මන්ට් හරි මාසි මදුරු බෑට හරි විකුනනවනේ බන්..මේකේ ඉන්නේ මුකුත් කරන්නේ නැති තම අම්ම අප්පගෙන් යැපෙන කාලකන්නි ටිකක්..ඒ අතින් මේ කෙල්ල දහින් සම්පතය්..පව් ඉත්න්...ජිවිතේ දිය්නුන් කරගන්න සියලු ශක්තිය ලැබේව..!!!!
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ගාර්මන්ට් හරි මාසි මදුරු බෑට හරි විකුනනවනේ බන්..මේකේ ඉන්නේ මුකුත් කරන්නේ නැති තම අම්ම අප්පගෙන් යැපෙන කාලකන්නි ටිකක්..ඒ අතින් මේ කෙල්ල දහින් සම්පතය්..පව් ඉත්න්...ජිවිතේ දිය්නුන් කරගන්න සියලු ශක්තිය ලැබේව..!!!!

    ridei yako meke inna kotipathi nikamunta LOL
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැටියා;17945425 said:
    ගාමන්ට් එකක වගේ වැඩ කරන්න අමාරු ඇති මහන්සි ඇති. ගල් කඩලා දරු පවුල් ජීවත් කරන ගෑනු ඉන්න රටේ මුනුත් ගෑනුද? :eek:

    :yes::yes::yes: