ඇයත් ඔහුත්

ruvindya1992

Member
Mar 8, 2010
238
18
0
home
ඇය, ජීවිතය ගැන තවමත් කෙල්ලක සේ සැහැල්ලුවෙන් සිතන දඟකාර තරුණියක්.ඔහුගේ අතගෙන අනන්තයක් දුර ආකාසේ පියාඹන්න සිහින මවන පුන්චි සමනලියක්.

ඔහු ජීවිතය ගැන මහමෙරක් තරම් උස බලාපොරොත්තු ගොඩක් හැබෑකරගන්න සිහින මවන්නෙක්.තමන්ගේම කියා ව්‍යාපාරයක්,වාහනයක් ගැන සිහින මවන්නෙක්.ඔහුට ඇයගේ ආදරයද අවැසිය.එහෙත් ඒ ඇයගේ බොළද ආදරය නොවේ.ඇයගේ බොලද සිහින,බලාපොරොත්තු ඔහුට ගානක්වත් නැත.

ඔවුන් තවමත් පෙම්වතුන්ය.කවදා හෝ එක්වී කූඩු තනන්නට සිහින දකින යුවලකි.

කෙල්ලන් උපතින්ම බොලදය.පොඩි දේටත් හඩා වැටෙයි.එහෙත් ඔහු ඇයගෙන් අපේක්ශා කරනුයේ එවැනි කෙල්ලෙකු නොවේ.ජිවිතය ගැන මහා ගැඹුරින් සිතන කෙල්ලෙක් වීමට ඇය කොතෙකුත් උත්සාහ කලද සමනල් වියේ ඇගේ සිතුවිලි හදවත පතුලේ සිරකර තැබීමට ඇයට හැකි නොවුනි.


ඔහු දිනපතා ඇයට කෙටි පණිවුඩ එව්වේය.දුරකතනයෙන් කතාබහ කලේනම් බොහෝ විට මාසයකට සැරයක් වගේය.ඔහුත් සමඟ කතාකරන්නට අවැසි යැයි ඇය කියන බොහෝ විට ඔහු නොයෙකුත් නිදහසට කාරනා කිව්වේය.ඇය සියල්ල විඳ දරා සිටියාය.

ඇයගේ පසු ගිය උපන් දිනයදා ඔවුන් අවසන් වරට මුණ ගැසුනි.ඒ මීට මාස නවයකට පෙරාතුවය.කිලෝ මීටර් 30ක් පමණ දුර ගෙවා ඇයව බැලීමට පැමිණීමට ඔහු අදිමදි කරයි.ඇයට ඔහුගැන පුදුමය.ඇයගේ මිතුරියගේ පෙම්වතා සිටිනුයේ නුවරය.එහෙත් දුරද නොසලකා මාසයකට සැරයක් මිතුරිය හමුවීමට ඔහු මාතරට පැමිණේ.


ඇය නව මසක් බලා උන්නා ඒ ඔහු ඇයව බලන්නට ඒවි යැයි කියාය.ඇය ඔහුට ඇවටිලි කරන වාරයක් පාසා ඔහු එය මග ඇරියේය.ඇය ඔහුව මුනගැසෙන්නට වුවමනා බව කියා හඩා වැටෙයි.එහෙත් ඔහුගේ තීරණය වෙනස් වුවේ නම් නැත.


ඔහුගේ මග හැරීමට හේතුව... අවසානයේ ඇය සියල්ල තේරුම් ගත්තාය.

වෙනස් වූ මාවත් දෙකක ජීවිත මගේ යන ඇයටත් ඔහුටත් එක් වන්නට හැකි වේවිද?


මල් පෙති නිදන එක් රැයක
ගලන සඳ රැස් මතින
නුඹ ඒවි යැයි සිතා
පියා උන්නෙමි මගේ නෙත් යුග

මැවූ මා සිහින මන්දිර
සැබෑවක්ම විය නෙත් අග
මා නිදන නෙත් යුග
වැසුනු මේ පාළු රෑ යම

සියුමැලි මල් පෙති
සුසිනිදු බැව් සොද
දන්නවාද නුඹ
දුරින් වුන් සඳ

ඉඳි වැට අද්දර
නෙත් බොඳ වෙන තුරු
බලා උන්නෙමි මම
පෙනෙන තුරු නුඹ රුව

වෙනස් වුනු සිතුවිලි
ගෙන යයි නුඹව මවෙතින්
තේරුම් ගෙන ම'සිතුවිලි
හැකි වේයිද යන්න තා දුර


http://himahansi.blogspot.com
 
  • Like
Reactions: DJ Pubu