ඇයි අපි පොහොසත් නැත්තෙ?

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඒක නම් හරියටම හරි මචන්. මමත් සමහර වෙලාවට තද උනාම ඔයවගේ වැඩ කරනව. :lol: කොච්චර කරත් හරියන්නෙ නැති උනාම අනිත් උන් ඕන මගුලක් හිතාගත්තුදෙන් මොකෝ මගෙ ඇඟේ වදින්නෙ නෑනෙ කියල හීතල කරනව. ඇත්තටම ගොඩක් වෙලාවට හරියනව බන්. අනිත් මිනිස්සු අපි ගැන මොනව හිතයිද කියල වැඩ කලොත් කිසිම දෙයක් කරන්න වෙන්නෙ නෑ.​

    :yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,748
    2,788
    113
    මම හිතන්නේ මේ ත්‍රෙඩ් එකේ ටොපික් එකේ හෙන නෙගටිව් ගතියක් තියෙනවා.
    ටොපික් එක කියවද්දිම එන්නේ හෙන නෙගටිව් ෆීලින් එකක්. එත් ඇතුලේ කන්ටෙන්ට් එක නම් සුපිරි.
    ටොපික් එකත් වෙනස් කරානම් හරි.
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    බලු වැඩ කරලා නම් සල්ලි හෙව්වා..:sorry:
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,054
    4,833
    113
    අඩෝ bump එකක් වත් දැම්මෙ නැත්තෙ ඔක්කොම කියවන්න ඕනෙ නිසා. ඇත්තටම මම දැක්ක පට්ටම thread එක මේක බන්. විකියා උබනම් එල කොල්ලෙක් බන්. අපේ කම්මැලිකම නැතිකරගෙන ගොඩයන්නනම් මේක පට්ට විදියට වටිනව බන්. උබලට කියන්න මම මේක කියවලම (අද අපි අතේ තියෙන සල්ලි වලට හෙට තියෙන වටිනකම අඩුයි, අතේ තියෙන සල්ලි මොකක් හරි ඉස්සරහට වැඩක් තියෙන දේකට invest කරන්න ඕනෙ කියන එක ගැන) future එක ගැන හිතල step එකක් ඉස්සරහට තිබ්බ බන්. මමත් forex අරව මේව ඔහේ කරල කෙලවගෙන එපා වෙලා හිටියෙ. දිගටම මේක update කරපන් මචන්. 👍
    Thanks machan
     
    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    අලුත් දෙයක් දාපන් මචන්. බලාගෙන ඉන්නවා.
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    අනිත් එක තමයි ගොඩක් උන්ට තරුණ කාලෙදි බිස්නස් උණ ගහනවා,උඹලා හිතන තරම් බිස්නස් ලේසිනම් හැම එකාම බිස්නස් කරයි.අවසානෙ අතේ පිච්චිය නැතුව කෙලවෙන එවුන් අනන්තයි අප්‍රමානයි.අපේ තාත්තා බිස්නස් කරන්නෙ,අත්දැකීමෙන් කියන්නෙ.අනිත් එක බිස්නස් එකක් කරනකොට නිදහස කියන දේනම් පොඩ්ඩක්වත් නෑ,පවුලෙ උන් එක්ක ට්‍රිපක් යන්න බෑ,කාටහරි බිස්නස් එක බාරදීලා ගියොත් දිවෙන් දිව ගාගෙන හිටියත් එනකොට බිස්නස් එකේ කෑලිත් නෑ පුතේ.දැනට අවුරුදු 2,3කට කලින් අපි අඳුරන අංකල් කෙනෙක්ට එහෙම උනා.කෝටි 7ක ගබඩාවක් හිස් කරා මිනිහගෙම නෑදෑ පුතෙක්.මම ත්‍රෙඩ් එක දැම්මෙ ජොබෙන් අස් වෙලා ගිහින් බිස්නස් කරපියව් කියන්නවත්,ඒ ලෙවල් කෙලවෙලා ඉන්න උන්ට ආතල් දෙන්නවත් නෙවෙයි.මේ ජීවිතේ අමාරුකම්වලින් පොඩ්ඩක් උඩට එන්න ක්‍රමයක් කියන්න.:D:D:D:D

    අම්මෝ මේක නම් ඇත්ත. පඩියට වැඩ කරන අය ඉන්නවා නම් පිලිවෙලට system දාලා තියෙන්න ඔනෙ නැත්නම් සල්ලි ටික ඔක්කෝම අදිනවා:yes::yes:

    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    මට මේකේ අද වැටිලා තියෙන replies ටික දැක්කහම තව දෙයක් හිතුනා. ලංකාවේ විශේෂයෙන් බෞද්ධයෝ බුද්ධදර්මයේ එන සමහර ඉගැන්වීම් අවියක් කරගන්නවා අපතය ගහල ඉන්න. ඕවා කරලා වැඩක් නෑ, කවද හරි යනකොට ගෙනියන්නද? උඹලට සල්ලි විතරයි, උඹලගේ සසර දිගයි කිය කිය. අවංකවම මෙහෙම කියන එක කමක් නෑ, ඒත් ගොඩක් උන් මෙහෙම කියන්නේ හිත හදාගන්න (සිත නිවන කතා) තමුනුත් කැමති සල්ලි කාරයෙක් වෙන්න. ඒත් කම්මැලි කමට, නැත්තන් වෙන එකෙක් ගොඩ යන එක බලාගෙන ඉන්න බැරි කමට තමයි ගොඩක් උන් ඕක කියන්නේ.

    බොන්න ගිහාම, හතරවටේ ගෑනුත් එක්ක බුදියාගන්න ඕන උනාම, සූදු කෙලින්න ඕනේ උනාම, මස් කන්න ඕනේ උනාම ගොඩක් උන් බුද්ධ ධර්මය අලුතින් අර්ථ දක්වල හරි තමුන්ට ඕනේ දේ කරනවා. මේවගේ දේවල් වලදී සියලු දේ අනිත්‍යයි කියල කුසීත කමට ඉන්නවා.

    මම physics class ගිය sir පින්නපොල sir ගේ ගෝලයෙක්. සමහර වෙලාවට class එක නවත්තල අපිව බන අහන්න එක්ක යනවා මාලිගාවේ. Sir හැමවෙලාවෙම කියපු දෙයක් තමයි ගිහියෝන්ට ජීවිතේ දුකක් කියල තේරෙනවා. ඒත් අවබෝධ වෙන්නේ නෑ කියල. තේරුම් ගැනීමයි, අවබෝධ කරගැනීමයි දෙකක්. අපිට හරියට අවබෝධ වෙලානම් ජීවිතේ දුකයි කියල අපි මේ හැමදේම අත ඇරලා මහණදම් පුරන්න යන්න ඕනේ නෙ. අපි එහෙම නොයන්නේ අපිට ජීවිතේ දුක හරියට අවබෝධ වෙලා නැති හින්ද. අපිට ඒ ඥානය පහල වෙලා නෑ තවම.

    බුදුහාමුදුරුවෝ අපි වගේ අයට වෙනම උපදෙස් දෙන්න ඇත්තේ ඒකයි. නැත්තන් "උපයන ධනයෙන් හතරෙන් එක ගානේ ආයෝජනය කරන්න, ඉතුරු කරන්න, වියදම් කරන්න, දන් දෙන්න" කියල දේශනා කරන්න ඕනේ නෑනේ.

    ඒක නිසා ගොඩක් එවුන් කරන්නේ කන්න ඕනේ උනාම කබරගොයා තලගොයා කරගන්න එක. තමුන්ට තියෙන දෙයින් සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් එකයි, තමුන්ගේ කම්මැලි කමට මෙලෝ දෙයක් නොකර දෙමව්පියන්ට ගෑනීට ළමයින්ට දුක් දෙන එකයි දෙකක්.

    සමහර උන්ට කොච්චර සල්ලි තිබුනත් සතුටෙන් ඉන්න බෑ. තව තව සල්ලි හොයන්න ඕනේ ඒත් ඒවගෙන් කරන දේකුත් නෑ. උන් කෝටිපතියෝ උනත් කොච්චර ඉඩකඩම් යාන වාහන තිබ්බත් මැරෙන දවසේ ආපහු කල්පනා කරලා බැලුවොත් ජීවිතේ සතුටෙන් ඉඳල නෑ. අපි නවත්තන්න ඕනේ අන්න ඒ දේ.

    "උපයන ධනයෙන් හතරෙන් එක ගානේ ආයෝජනය කරන්න, ඉතුරු කරන්න, වියදම් කරන්න, දන් දෙන්න"

    මේක තමයි අනිත් දේ. අපි ළඟ තියෙන ප්‍රමාණය වැඩි නම් අපිට දෙන්න පුළුවන් ප්‍රමාණය වැඩි. ඒක නිසා අපි දෙන දෙයින් ලෝකෙට කරන්න පුළුවන් "impact" එක වැඩි. හොඳම උදාහරනේ Pet scanner එක ගන්න කෝටි 4ක් දීපු පුද්ගලයා. ඒ මනුස්සය ඕක නොදුන්නනම් ඔය scanner එක ගන්න එක තව සති ගානකින් පරක්කු වෙන්න තිබුනා. සමහරවිට ඒක හින්ද ජීවිත ගානක ඉරණම තීන්දු වෙන්න තිබුනා. පොඩි පොඩි ගණන් දීපු අපිව හෑල්ලු කරගන්නවා නෙවෙයි. අපි දුන්නේ අපිට පුළුවන් විදියට. ඒත් ඒ මනුස්සය කරපු දේ impact එක අපිට වඩා වැඩි.
    obahari machoo :yes::yes:
     
    anton1979ss

    Member
    Sep 9, 2014
    281
    10
    0
    diwunu wenna one nam wahal manasikathwayen eliyata enna sidda wenawa.

    දැන් තමයි thread එකේ ඔක්කොම කියවල ඉවර වුනේ. එළ මචන් ඇත්තටම වටිනව. ඒත් මචන් දවස් දෙකකින් විතර මේක අප්ඩේට් වෙලා නෑනෙ. මේක ඉවරද?
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පොහොසත් අයම දියුනු වෙන්නෙ ඇයි කියලා Ultra සහෝදරයා දාලා තිබුනු ත්‍රෙඩ් එකට මම දාපු උත්තරේ සහ මේ විෂය පිලිබඳව යන්තම් හරි මම දන්න දේ කිරියෙ දාන ලෙස Dimer සහෝදරයා කරපු ඉල්ලීම නිසා මෙම ලිපිය පල කරන්නෙමි.ගොඩක් උන්ට මල පනියි මම මේ කියලා තියෙන දේවල් වලට.ඒත් කවුරුහරි වැඩක් ගනියිනෙ

    ඇත්තටම පොහ්සත් උන් පොහොසත් උනේ කොහොමද?ලක් එකට,නිධානයක් හම්බ වෙලා.. ඕකා මිනිස්සුන්ට පොලු තියලා දියුනු උනේ වගේ කතා අපි දවසට 3,4ක් අහලා තියෙනවනෙ.ඒත් ඇත්ත ඒක නෙවෙයි,මේ කතා කියන උන් ගොඩක් ඒවා කියන්නෙ උන්ගෙ හිත රවට්ටගන්න.ඇත්තටම අපි හිතන විදිය වෙනස් කරගන්න එකයි බන් වෙන්න ඕනෙ... ඒක නිසා තමයි ලෝකෙ 1%ක් 85%ක් සල්ලි පාවිච්චි කරන්නෙ,පොඩ්ඩක් හිතහන් අපි ඉගෙන ගන්නෙ ඇයි? රස්සාවක් කරන්න.රස්සාවක් කරන්නෙ ඇයි? සල්ලි හොයන්න.සල්ලි හොයන්න රස්සාවක් කරන්න අපි ඉගෙනගන්න කොච්චර කාලය වය කරලා ඇද්ද?සල්ලි යට කරලා ඇද්ද? එතකොට ඒ ගාන හොයන්න අපි අවුරුදු කීයක් වැඩට යන්න ඕනෙද?... ඒ එකක්....
    එතකොට අපේ දවස හිතහන්,අපි උදේ 6.30ට වැඩට යන්නෙ කියලා හිතපන්,8.30ට වැඩට ගිහින් 4.30 වෙනකල් වැඩ කරලා ගෙදර එනකොට 6.30යි.එතකොට අපිට ගිය පෙට්‍රල් වියදම,ඔෆිස් ඇඳුම් පැලඳුම්වල වියදම?පැය 4ක් පාරෙ නාස්ති කරපු කාලය?කවුරුවත් මේවට ගනන් හදන්නෙ නෑ,පඩිය කීයද කියලා ඇහුවම ලක්ෂයයි දෙකයි කියනවා.පැය 8යි වැඩ කරන්නෙ කියනවා.ඇත්තද?.....
    මේ තමයි වැදගත්ම කාරනය,උඹලා කවුරුහරි පන්තියෙ පලවෙනියා වෙලා තියෙනවද?වෙලා තියෙනවනම් උඹලා දන්නවා ගෙදර මිනිස්සු එදා උඹට කොච්චර සැලකුවද?සෙල්ලම් බඩු අරන් දුන්නද කියලා...ඒත් උඹ 7 වසරෙ පලවෙනියා වෙච්චි එක අද වැඩක් තියෙනවද උඹට?කැම්පස් එකේ පුක උඩ තියාගෙන පාඩම් කරලා බැච් ටොප් උනා කියලා,4.0 GPA එක දැම්මා කියලා රස්සාවට ගිහින් අවුරුදු 5කට පස්සෙ වැඩක් තියෙනවද?ඒ උනාට අපි ඒ වෙලාවෙ පට්ට ෆැන්ටසියක ජීවත් උනානෙ මචන්.යාලුවො උනත් බැච් ටොපාට වැඩි සැලකිලි.ඒත් අවුරුදු 5කින් උඹ කලින් බැච් ටොපා උනා කියලා කාටවත් වැඩක් නෑ...
    මම කියන්නෙ ඉගෙනගන්න එපා කියලා නෙවෙයි,අපි ඉගෙනගන්නෙ වැරදි දේ කියලා කියන එක.අපි ඉගෙනගන්නෙ,අපිට උගන්නන්නෙ වහල්ලු වෙන්න.උඹ පොඩි කාලෙ උඹෙන් ආසම කාර් එක ඇහුවොත් කියන්නෙ ෆෙරාරි එකක් නැත්තන් ලැම්බො එකක්.අද මරුටියක් ගන්න කටු කනවා...,ෆේස්බුක් එකේ කවදාහරි ෆෙරාරියක් ගන්නවා කියලා කී දෙනෙක් පෝස්ට් දානවද?ඒත් ඒ එකෙක්ටවත් ඕක කරන්න බැරි බව මම දන්නවා,උඹ දන්නවා කොටින්ම ඒ පෝස්ට් එක දාපු එකත් දන්නවා... ඇයි එහෙම කරන්න බැරි?ඒ මොකද අපි සිස්ටම් එකෙන් වෙන් වෙන්න කැමති නෑ,මේ අපි ෆලෝ කරන සිස්ටම් එක කවදාවත් අපිව ෆෙරාරියකට ගෙනියන්නෙ නෑ,මිනිස්සු වාසනාව කර්මය වගේ දේවල් වලට මුලු ජීවිතේම බාර දීලා උඩ බලාගෙන සිස්ටම් එක ෆලෝ කරනවා.උඹ පන්තියෙ පලවෙනියා වෙනකල් බැච් ටොපා වෙනකල් උඹ හිතන්නෙ උඹ සාර්ථකයි කියලා,වටේ ඉන්න 2.0 GPA එක දාන එකත් හිතන්නෙ උඹ සාර්ථකයි කියලා.ඒත් මචන් රියැලිටිය ඊට වඩා සෑහෙන්න වෙනස්.මම තවම සාර්ථක එකෙක් නෙවෙයි,ඒත් මම අද දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා.මම ඔය ෆීල්ඩ් එක ගැන සෑහෙන්න හැදෑරුවා බන්,තාමත් හදාරනවා....

    මෙතනින් උත්තරේ ඉවරයි,ඉතුරු ටික බලාගනින් පහලින් :D:D:D
    Vadagathma tika thamai-------TIME--------KIYANA EKA, GOLD VALATATH VADA VATINA AVASTHA THIYENAVA. Eka nisa job ekakata gihilla , thamange vatina time eka nathi kara ganna kenata , Loku Pohosathek viya nohaka.
     
    pagani69

    Junior member
  • Jun 3, 2018
    81
    19
    18

    මම තාම thread එක කියවනව. Wikiya මචන් පට්ටටම දීල තියෙනව. උබල කියන නිසාම මමත් ගත්ත මේ පොත hot hot දැන් කුරුනෑගල සරසවි එකෙන්. 😂😂😂😂 ..............?????? ඔව් ඔව් මටත් මේකෙන් ගොඩයන්න පුකේ අමාරුවක් තියෙනව තමයි
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    පොහොසත් අයම දියුනු වෙන්නෙ ඇයි කියලා Ultra සහෝදරයා දාලා තිබුනු ත්‍රෙඩ් එකට මම දාපු උත්තරේ සහ මේ විෂය පිලිබඳව යන්තම් හරි මම දන්න දේ කිරියෙ දාන ලෙස Dimer සහෝදරයා කරපු ඉල්ලීම නිසා මෙම ලිපිය පල කරන්නෙමි.ගොඩක් උන්ට මල පනියි මම මේ කියලා තියෙන දේවල් වලට.ඒත් කවුරුහරි වැඩක් ගනියිනෙ

    ඇත්තටම පොහ්සත් උන් පොහොසත් උනේ කොහොමද?ලක් එකට,නිධානයක් හම්බ වෙලා.. ඕකා මිනිස්සුන්ට පොලු තියලා දියුනු උනේ වගේ කතා අපි දවසට 3,4ක් අහලා තියෙනවනෙ.ඒත් ඇත්ත ඒක නෙවෙයි,මේ කතා කියන උන් ගොඩක් ඒවා කියන්නෙ උන්ගෙ හිත රවට්ටගන්න.ඇත්තටම අපි හිතන විදිය වෙනස් කරගන්න එකයි බන් වෙන්න ඕනෙ... ඒක නිසා තමයි ලෝකෙ 1%ක් 85%ක් සල්ලි පාවිච්චි කරන්නෙ,පොඩ්ඩක් හිතහන් අපි ඉගෙන ගන්නෙ ඇයි? රස්සාවක් කරන්න.රස්සාවක් කරන්නෙ ඇයි? සල්ලි හොයන්න.සල්ලි හොයන්න රස්සාවක් කරන්න අපි ඉගෙනගන්න කොච්චර කාලය වය කරලා ඇද්ද?සල්ලි යට කරලා ඇද්ද? එතකොට ඒ ගාන හොයන්න අපි අවුරුදු කීයක් වැඩට යන්න ඕනෙද?... ඒ එකක්....
    එතකොට අපේ දවස හිතහන්,අපි උදේ 6.30ට වැඩට යන්නෙ කියලා හිතපන්,8.30ට වැඩට ගිහින් 4.30 වෙනකල් වැඩ කරලා ගෙදර එනකොට 6.30යි.එතකොට අපිට ගිය පෙට්‍රල් වියදම,ඔෆිස් ඇඳුම් පැලඳුම්වල වියදම?පැය 4ක් පාරෙ නාස්ති කරපු කාලය?කවුරුවත් මේවට ගනන් හදන්නෙ නෑ,පඩිය කීයද කියලා ඇහුවම ලක්ෂයයි දෙකයි කියනවා.පැය 8යි වැඩ කරන්නෙ කියනවා.ඇත්තද?.....
    මේ තමයි වැදගත්ම කාරනය,උඹලා කවුරුහරි පන්තියෙ පලවෙනියා වෙලා තියෙනවද?වෙලා තියෙනවනම් උඹලා දන්නවා ගෙදර මිනිස්සු එදා උඹට කොච්චර සැලකුවද?සෙල්ලම් බඩු අරන් දුන්නද කියලා...ඒත් උඹ 7 වසරෙ පලවෙනියා වෙච්චි එක අද වැඩක් තියෙනවද උඹට?කැම්පස් එකේ පුක උඩ තියාගෙන පාඩම් කරලා බැච් ටොප් උනා කියලා,4.0 GPA එක දැම්මා කියලා රස්සාවට ගිහින් අවුරුදු 5කට පස්සෙ වැඩක් තියෙනවද?ඒ උනාට අපි ඒ වෙලාවෙ පට්ට ෆැන්ටසියක ජීවත් උනානෙ මචන්.යාලුවො උනත් බැච් ටොපාට වැඩි සැලකිලි.ඒත් අවුරුදු 5කින් උඹ කලින් බැච් ටොපා උනා කියලා කාටවත් වැඩක් නෑ...
    මම කියන්නෙ ඉගෙනගන්න එපා කියලා නෙවෙයි,අපි ඉගෙනගන්නෙ වැරදි දේ කියලා කියන එක.අපි ඉගෙනගන්නෙ,අපිට උගන්නන්නෙ වහල්ලු වෙන්න.උඹ පොඩි කාලෙ උඹෙන් ආසම කාර් එක ඇහුවොත් කියන්නෙ ෆෙරාරි එකක් නැත්තන් ලැම්බො එකක්.අද මරුටියක් ගන්න කටු කනවා...,ෆේස්බුක් එකේ කවදාහරි ෆෙරාරියක් ගන්නවා කියලා කී දෙනෙක් පෝස්ට් දානවද?ඒත් ඒ එකෙක්ටවත් ඕක කරන්න බැරි බව මම දන්නවා,උඹ දන්නවා කොටින්ම ඒ පෝස්ට් එක දාපු එකත් දන්නවා... ඇයි එහෙම කරන්න බැරි?ඒ මොකද අපි සිස්ටම් එකෙන් වෙන් වෙන්න කැමති නෑ,මේ අපි ෆලෝ කරන සිස්ටම් එක කවදාවත් අපිව ෆෙරාරියකට ගෙනියන්නෙ නෑ,මිනිස්සු වාසනාව කර්මය වගේ දේවල් වලට මුලු ජීවිතේම බාර දීලා උඩ බලාගෙන සිස්ටම් එක ෆලෝ කරනවා.උඹ පන්තියෙ පලවෙනියා වෙනකල් බැච් ටොපා වෙනකල් උඹ හිතන්නෙ උඹ සාර්ථකයි කියලා,වටේ ඉන්න 2.0 GPA එක දාන එකත් හිතන්නෙ උඹ සාර්ථකයි කියලා.ඒත් මචන් රියැලිටිය ඊට වඩා සෑහෙන්න වෙනස්.මම තවම සාර්ථක එකෙක් නෙවෙයි,ඒත් මම අද දන්නවා කරන්න ඕනෙ මොකක්ද කියලා.මම ඔය ෆීල්ඩ් එක ගැන සෑහෙන්න හැදෑරුවා බන්,තාමත් හදාරනවා....

    මෙතනින් උත්තරේ ඉවරයි,ඉතුරු ටික බලාගනින් පහලින් :D:D:D
    POHOSATH NATTHE------Ehema target ekak [course ekak] , ape education system eken nathi nisa.