එන්න අපි ඔන්ලයින් ඉගෙන ගමු !
"මේකෙ සූම් එකට යනෙන් නෑනෙ,ටීචර් උගන්නනවා.ඉක්මනට හදලා දෙන්න පුළුවන්ද?"
ඔන්ලයින් පාඩමකට එකතු වෙන්න බැරුව ෆෝන් එකක් උස්සගෙන 12 වසරෙ ඉගෙන ගන්න පොඩි කෙල්ලෙක් එනවා. වට්සැප් එකෙන් සූම් ලින්ක් එකක් එවලා ඒකට යන්න බැරි එක තමයි ප්‍රශ්නෙ. ෆෝන් එක අතට ගන්නකොට ස්ක්‍රීන් ලොක් එකක් දාලා. ඒක අරින්න කියලා බලනකොට ෆෝන් එකේ මෙමරි ෆුල්.
"මේකෙ තියෙන මොනවහරි ඩිලීට් කරලා දාන්න"
මම ෆෝන් එක ආපහු දීලා මගෙ ලැප් එක දිහා බලගෙන මගෙ වැඩක්. ටිකකින්
"ඩිලීට් කලා"
කියලා ෆෝන් එක මගෙ අතේ. මගෙ වැඩේ පොඩ්ඩකට නතර කරලා ෆෝන් එක දිහා බලනකොට ආයෙත් ස්ක්‍රීන් එක ලොක්. පළවෙනි කාරනේ තත්පර 30න් ස්ක්‍රීන් එක ලොක් කරලා ආරක්ශා කරන්න තියෙන දේ මොකක්ද මේ කෙල්ලට කියන එක. ආයෙත් අන්ලොක් කරවගෙන සූම් එක ඕපන් කරද්දි ප්‍රශ්ණයක් නැතුව වැඩ නිසා කෝ දැන් ටීචර් එවපු ලින්ක් එක හරි මීටින් එකේ කෝඩ් එක හරි ගන්න කිව්වම
"ඒක වට්ස් ඇප් එකට එවන්නෙ"
හරි මම වට්ස් ඇප් එකට යනවා. ෆෝන් එක අතට දුන්න වෙලේ ඉඳන් ඒක දිහා බලාගෙන හිටිය කෙල්ල ෆෝන් එක උදුරගෙන වගේ අරන් අදාල චැට් එක ඕපන් කරල මගෙ අතට ආයෙ ෆෝන් එක දෙනවා. ඒකෙ තියෙන ලින්ක් එක ක්ලික් කරලා මීටින් එකේ අයි.ඩී එක ගන්න මන් ආයෙත් වට්ස් ඇප් එකට එනවා. එවෙලෙ ෆෝන් එක ගන්න අවස්තාවක් නැතිවෙන නිසා මට එතන චැට් ලිස්ට් එක වුවමනාවෙන් නොබැලුවත් පේනවා.
"සුදු අයියා වීල් ලව් [හදවතක් රතු පාට]"
"අහවලා .. ලව්"
"අහවලා.. සුදූ [හදවතක් රතු පාට]"
"අහවලා.. අයියා [හදවතක් රතු පාට]"
"අහවලා .. [හදවතක් රතු පාට]"
ලොක් කරලා රකින දේ පැහැදිලියි. මම දන්න තරමින් මේ පවුලෙ මාසික ආදායම රුපියල් විසිදාහකට වඩා වැඩි නෑ.ඒ වගේම ලක්ශ පහක ණයක් අරන් තවම යම්කිසි මුදලක් ඒකට ගෙවනවා. ඒ තාත්තා ගෙවාගන්න අතමාරු ඉල්ලගන්න එන නිසා මම ඒක පැහැදිලිව දන්නවා.
_______________________________________________________________________
"අයියෙ මේ ලැප් එකේ සූම් ස්ලොව් වෙලානෙ,පාවිච්චි කරපු එකක් ගත්තෙ,හැබැයි ගේනකොට හොඳට තිබ්බා"
මම හිතන්නෙ මේ පොඩි එකා නවය වසරෙ වගේ ඇති. මම ලැප් එක ඔන් කරලා බලන් ඉන්නවා. ඔව් ඇත්තටම ගොඩක් ස්ලෝ. දන්න දෙවල් ටික කරලා තව කරන්න පුළුවන් දෙයක් තියෙයිද කියලා ඩෙස්ක්ටොප් එක දිහා බලද්දි ඩව්න්ලෝඩ් කරන්න අවශ්‍ය සොෆ්ට්වෙයා වගේම ගේම් දෙකතුනක් පෙන්නනවා. ඒක ආසාව වෙන්න පුළුවන්. මම ඒ ටික අයින් කරන්න හදනකොට එපා කියලා විරුද්ධ වෙන නිසා එහෙමම තියලා නිකමට ඩවුන්ලෝඩ් ෆෝල්ඩර් එක බලනවා. අයින් කරන්න දෙයක් තියෙයිනම් ඒකත් සුද්ද කරලා දාලා බලන්න. මම හිතන විදියට වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතෙ වීඩියෝ සීයකට වඩා එතන තියෙන්න ඇති.
"ඩව්න්ලෝඩ් කරලා එහෙම මොකුත් තියෙනවනම් ඩිලීට් කරලා දන්න පුතා, දැන් ටිකක් විතර හරි "
"මේකෙ මගෙ නමත් වෙනස් කරලා දෙන්න බැරිද"
"මොකක්ද දාන්න ඕනෙ නම?"
මම ආයෙත් ලැප් එක ඔන් කරනවා.
"[අහවලා.. රොක්ස්] කියලා දාන්න"
එතනින් එහාට මම කතාකල යුතු නෑ කියලා හිතුණ හින්දා
"මට දැන් පොඩි වැඩක් තියෙනවා. නම වෙනස් කරන්න ටිකක් වෙලා යනවා. ඔයා ඉන්න ගමන් පොඩ්ඩක් බලල කරගන්නකො"
කියලා ලැප් එක වහලා උගෙ අතට දෙනවා. මම දන්න තරමින් අම්මා ගෘහණියක්.තාත්තා ගරාජ් එකක වැඩ කරනවා.

උදේ ඉඳන් හවස් වෙනකල් ගෑණු මිනිස්සු වේසකමේ දුවන නාට්ටි ටික අම්මා හොටු කඳුළු පෙරාගෙන දුවත් එහා පැත්තෙන් තියාගෙන අවුරුදු ගාණක් බලන්න ගත්තම, ඒකි අතට හම්බුන ෆෝන් එකෙන් හය හත් දෙනෙක්ට ආදරේ කරන්න හදන එකවත්, පපුව පොඩ්ඩක් ඉඳිමිලා එන්න ගද්දිම මොකෙක් හරි අතින් බඩ වෙන එකවත් අහන්න දෙයක් නෙමෙයි.
අවුරුදු දහතුනක් දාහතරක් වෙන පොඩි කොල්ලො ඇවිදින මළමිනී වගේ පේන්න අරන්. ඒක මට පේන විදියම නෙවෙයි කියලා විස්වාස ඒ කතාව අනන්තවත් යන එන ගමනෙ ඇහිලා තියෙන හින්දා.
සින්හල දුන්කොල කෑල්ලක රුපියල් දහයේ හුණු පැකට් එකක් ගාලා, පුවක් ගෙඩියක් හොඳට ඒකෙන් ඔතාගෙන දවසට සැරයක් දෙකක් කාපුවහම උන් එහෙම නොවෙන්න හේතුවක් නෑ.
ඔළුවෙ ගාන්න තියෙන ජෙල් පැකට් දෙකතුනක් එක අල්ලට අරන් ගිලපුවහම උන්ට එහෙම නොවෙන්න හේතුවක් නෑ.
සින්හල දුන්කොලේ හුණු පොදියක් ගාලා සිලි උරේක ඔතාගෙන කුඩු වෙනකල් හපලා ගුලියකින් පටන් අරන් ගුලි තුන හතර දිව අස්සෙයි, තොල් අස්සෙයි තියාගෙන ඉන්නකොට උන්ට එහම නොවෙන්න හේතුවක් නෑ.
මේක ඛේදවාචකයක්ද කියන්න මට තේරුමක් නෑ. හැබැයි මොකක් නමුත් වෙනසක් වෙලා තියෙනවා.
Copied -chathuranga ruwan jayarathna