ඇයි අපේ තාත්තා විතරක්

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    ඇයි අපේ තාත්තා විතරක්

    රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා වෙත,
    20597029_10154599254956493_6999195449203208183_n.jpg

    ඔබ විසින් පළකර තිබු ලිපිය (facebook පොස්ට් එක) එක වරක් නොව කිහිප වරක්ම පසු ගිය දින දෙකේදී කියෙව්වා. ‘ඇයි අපේ තාත්තා විතරක්’ යනුවෙන් මේ රටේ මිනිස්සුන්ගෙන් ඔබ අසන ප්‍රශ්නය, ඔබේ පියාගෙන් එහාට ගිය, කාලීන සහ අත්‍යවශ්‍ය ‘දේශපාලනික’ ප්‍රශ්නයක්. මේ ලිපිය ඒ ප්‍රශ්නෙට හරි උත්තරේම නොවුණත්, ‘ඇයි අපේ තාත්තා විතරක්’ කියන එකට ඔබ වෙනුවෙන් හරි හමන් උත්තරයක් සෙවීමේ උත්සාහයක්.

    ඔනෙලා, ඔබේ ප්‍රශ්ණය දුටු මොහොතේම මට සිතුනේ උත්තරය තිබෙන්නේ ‘සාමාන්‍ය මිනිස්සු’ වන අපි ලග නොව ඔබට දුරකථන ඇමතුමක් දුරින් සිටින ‘අන්කල් රනිල්’ සහ ‘අන්කල් මලික්’ ගාව බවයි. ඔබ වෙන බොහොමයක් කටයුතු වලදී මේ අංකල්ලා සහ ආන්ටිලාගෙන් තොරතුරු වලින් එහාට ගිය උදවු උපකාර ලබාගෙන ඇතැයි විශ්වාස කරමි. ‘ඇයි අපේ තාත්තා විතරක්’ යනුවෙන් ඔබ අපෙන් ඇසු විට, අපිට මේ ප්‍රශ්නයම අහන අනෙක් දුවල පුතාලත් ඉබේම සිහියට එනවා. ඔබේ පියා ඇතුළු කණ්ඩායම මහින්ද හොරා කියන විට ඔහුගේ පුත්තු තුන් දෙනාත්, ගෝටා හොරා කියන විට ඔහුගේ පුතාත්, නාලක ගොඩහේවා හිරේට යනවිට ඔහුගේ කුඩා දියණියත්, විමල් විරවංශ හිරේ යන විට ඔහුගේ සිගිති දියණියත්, මගේ සභාපතිවරයා වී සිටි පියුම් පෙරේරා හැම මාසෙම ජනාධිපති කොමිසමට යන විට ඔහුගේ කුඩාම කුඩා පුතු හා දියණියත් ‘ඇයි අපේ තාත්තා විතරක්’ යනුවෙන් අසන්නට ඇතැයි මට සිතෙනවා.

    මීලගට මට ආපු ගැටලුව නම් ‘ඇයි මටයි මගේ පවුලටයි විතරක්’ කියා මොනාක් පෙන්ත්හවුස් එකේ සිටින විටදීත්, හෙලිකොප්ටර් එකෙන් ගමන් බිමන් යන විටදීත්, ඔබේ සමාගම අලුත් ව්‍යාපාර ආයෝජනයන්ට ගිණුම් ගත නොවූ මුදල් යොදවද්දීත් ‘ඔබට සිතුනාද’ යන්නයි. පහු ගිය ආණ්ඩුවේ හිටපු තාත්තලා හොරු, මිනීමරුවෝ, දුෂකයෝ කියලා ‘ඔයාගේ තාත්තා’ උදේ දවල් ජප කරද්දී ‘ඇයි අපේ තාත්තා විතරක්’ කියා ඒ දරුවනුත් සිතන්නට ඇතැයි, ඔබට හිතෙනවාද?

    ඔනෙලා, ඔබ තවත් වැදගත් ප්‍රශ්නයක් අපෙන් අහනවා. ඒ තමයි කොමිසමක් තියෙද්දී ‘මිනිස්සු’ විනිසුරුවන් බවට පත්වී ‘තීරණ’ දෙන්නේ කොහොමද කියන එක. ඔබට අමතක වුණු දේ තමයි කොමිසමක් නැතුවත්, ආණ්ඩුවේ ඉන්නේ කබ්බ හොරු කියලා, චන්දෙදි මිනිස්සුන්ට ‘තීරණයක් ගන්න’ කීවේ ඔයාගේ තාත්තලමයි. ඒ මිනිස්සු කියන කරන දේවල්ම තමයි ඔයාට ඔය Facebook එකේ පෙනෙන්නේ.
    20604153_10154599254756493_7815246626476879698_n.jpg

    ඔබ ඉතාම වටිනා ඉල්ලීම් දෙකක් කරනවා මුළු රටෙන්ම. එකක් තමා කරුණු හරි හැටි තහවුරු වෙනකම් තීරණයක් ගන්න එපා කියන එක. ඔය කතාවම අපි කියද්දී ‘ඔයාගේ තාත්තා’ කිවා පස්සේ ඔප්පු කරනකම් චන්දෙදි වැඩේ දෙන්න කියලත්, පරීක්ෂණ කරනකම් හිරේ දාන්න කියලත්. ඔබේ වැදගත්ම ඉල්ලීම තමයි මෙතන දේශපාලනික කුමන්ත්‍රණයක් තිබෙන බව තේරුම් ගන්න කියන එක. ඔනෙලා, ඔය එක්කම කියන්න පුලුවන්ද රටේ ආණ්ඩු පෙරලන එක පිටිපස්සේ ඔයාලගේ තාත්තලට ඉන්දියාව උදවු කළා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට ලොතරැයි මණ්ඩලේ අනුබද්ධයේ විද්‍යාත්මක පැතිකඩ වගේ දේවලුත් තේරුම්ගන්න කියල?

    ඔබ මේ ලිපියේදී අපි හැමෝම දන්නා එහෙත් නොදන්නා වගේ ඉන්න සත්‍යක් නැවත මතුකරනවා. ඇයි අපේ තාත්තා ‘විතරක්’ කියද්දී ඔයා අපිට නොකියා කියන දේ තමයි ‘අනිත් හැමෝමත් හොරකම් කරනවා, ඒ නිසා (හොරකම්කරන) අපේ තාත්තා විතරක් ප්‍රශ්න කරන එක නවත්තන්න’ කියන දේ. සමහරවිට ඔයා හිතනවා ඇති ඇමතිවරු උනහම හොරකම් කරන එක වරප්‍රසාදයක් කියල. එහෙම නොවේනම්, අපි රහස් පරීක්ෂකයෝ නොවන නිසා, හොරකම් කරන අනිත් අංකල්ලාගේ නම් ටිකත් ඔය Facebook පිටුවෙම පලකරන්න.

    ඔනෙලා, දේශපාලනික කාරණා පුද්ගලිකව ගන්න එපා කියන එක මුග්ධ ඉල්ලීමක්. දේශපාලනේ කියන්නෙම විවිද පැතිවලින් පෞද්ගලික කාරණයක්. ඔය ගොල්ලෝ කෝටි ගණන් බදු සල්ලි දීල වාහන ගද්දි ගංවතුරට අහුවුණු මිනිස්සු අහන්න තිබ්බ ‘ඇයි ඔයාලගෙ තාත්තල විතරක්’ සැපගන්නෙ කියල. ඔයාගෙ කොම්පැනියේ සේප්පුවේ මිලියන් 160 තියෙද්දී අහපු නැති ‘ඇයි අපේ තාත්තට විතරක්’ කියන ප්‍රශ්නය, දැන් ‘ඇයි අපේ තාත්තා විතරක්’ කියල අන්කල් රනිල්ගෙන් නොඅසා අපෙන් අහල වැඩක් නෑ. නමුත් ඔනෙලා, ඔයා මේ දේශපාලනික ප්‍රශ්නය අහපු එක රටේ දේශපාලනය කරන නොකරන හැම දුවල පුතාලටම දෙවරක් හිතන්න පදනමක් සපයනවා. ඒකට ස්තුතියි.

    මිලින්ද