පෞද්ගලීකරණය කිව්වෙ රජයේ ආයතනයක් කාට හරි විකුනන එකටද?
පෞද්ගලීකරණය කියන එකෙ අර්ථ කිහිපයක් තියෙනවා ,
අපෙ අය පද්ගලීකරණය කිව්වහම හිතන්නෙ අර කාට හරි විකුණනවා වගෙ එකක්.
එක්කො මුදලාලි කෙනෙක් අතින් පාලනය වෙන දෙයක් .
එත් පෞද්ගලීකරණය කියන්නෙ ජනතා බදු මුදලින් නඩත්තු නොවන ජනතා පරමාධිපත්‍යෙන් පත් උනු නියොජිතයන් පත්කරන නිලධාරීන් විසින් පූර්ණ තීරණ නොගන්න ආයතන .
දැන් ඔය හාවර්ඩ් වගෙ විශ්වවිද්‍යාල පාලනය වෙන්නෙ භාරකාර මණ්ඩලයක් යටතෙ.
ඒ විශ්වවිද්‍යාලයට ආධාර උපකාර එහෙම කරන ධනවතුන් ඉන්නවා ඒ ආධාර පාලනය කරන්න වෙනම මණ්ඩලයක් ඉන්නවා .
ඉගෙන ගන්න එන උන්ගෙන් සල්ලි ගන්නවා පූර්ණ වශයෙන්ම
ඒ සල්ලි නැවත් විශ්වවිද්‍යාලයටම යොදවනවා අර භාරකාර මණ්ඩලය හරහා .
එත් හාවර්ඩ් එකත් තනි මුදලාලි කෙනෙක් අතෙ තිබ්බොත් ?
අන්න එතකොට මුදලාලිගෙ ඕනෑ එපාකම් මත ගුණාත්මක භාවය තීරණය වෙන්න පුළුවන් .
එත් අපෙ රටෙ පෞද්ගලීකරණය එච්චර සාර්ථක වෙනවාද කියන එකත් ප්‍රශ්නයක් ?
උදා : ප්‍රයිවට් බස් ?