ඇයි බන් මෙයා මෙහෙම

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඇයි බන් මෙයා මෙහෙම

    Skip to content
    කොන්ද පන තියෙනවනම් මේවට විරුද්ධ වෙන්නෙ නැත්තෙ ඇයි:frown::angry:



    මහින්ද ඇතුළු 63ක් කර අරී




    ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට අද පස්වරුවේ ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 127කින් සම්මත විය.

    පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් සියලු දෙනාගේ නම් පිළිවෙළින් ඡන්දය විමසනු ලැබූ අතර, එහිදී පක්ෂව ඡන්ද 143ක් සහ විපක්ෂව ඡන්ද 16ක් ඊට ලැබී තිබිණ.

    ඒ අනුව ජාතික ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ නැංවීමටත්, කැබිනට් නොවන සහ නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 45 ක් දක්වා ඉහළ නැංවීමටත් අනුමැතිය ලැබිණ.

    ජනතා විමුක්ති පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ යන පක්ෂවල මන්ත්‍රීවරුන් හා උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා යෝජනාවට එරෙහිව ඡන්දය දුන්නේය.

    මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නැහැ :

    ඡන්දය විමසන අවස්ථාවේ කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මන්ත්‍රීවරු 63 ක් සභාගැබේ නොසිටියහ. දෙමල ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ද ඒ අතරවේ.

    විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා කියා සිටියේ, ජාතික ආණ්ඩුවකට තමන්ගේ විරුද්ධත්වයක් නොමැති නමුත් අමාත්‍ය ධූර වැඩි කිරීමට තමන් එරෙහි බවයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට අනුව අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 කට සීමා වේ.

    කෙසේවෙතත් ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේදී කැබිනට් අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නංවන්නේ නම් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුයි.

    අග්‍රාමාත්‍යවරයා විසින් අද මෙම යෝජනාව ඉදිරිපත් කළේ අදාළ අනුමැතිය ලබාගැනීමේ අරමුණිනි.

    ජාතික ආණ්ඩුවක් ලෙස ඇමැතිවරු සංඛ්‍යාව ව්‍යවස්ථානුකූලව වැඩි කළ නොහැකි බව කියමින් ජනතා විමුක්ති පෙරමුණ ඒ සඳහා විවාදයක් ඉල්ලා තිබිණි.

    Posted on September 3, 2015Author
    Powered by Mogo Solutions (Pvt) Ltd


    Hh




     

    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    1. ඇමති වරු වැඩි කරගැනීමක් සම්මත කර ගත හැක්කේ ජාතික ආණ්ඩුවක් තියනවනම් පමණි
    2.මෙය ජාතික ආණ්ඩුවක් නොවේ
    3.ජාතික ආණ්ඩුවක් නම් විපක්ෂයක් තිබිය නොහැක
    4.ජාතික ආණ්ඩුවක් නම් සියලු පක්ෂ සන්දාන ගත උතු වේ

    ඉතින් ඇමතිවරු වැඩි කරගැනීම සදාචාර සම්පන්නද?
     

    Calvin_83

    Active member
  • Feb 10, 2015
    522
    39
    28
    Colombo
    1. ඇමති වරු වැඩි කරගැනීමක් සම්මත කර ගත හැක්කේ ජාතික ආණ්ඩුවක් තියනවනම් පමණි
    2.මෙය ජාතික ආණ්ඩුවක් නොවේ
    3.ජාතික ආණ්ඩුවක් නම් විපක්ෂයක් තිබිය නොහැක
    4.ජාතික ආණ්ඩුවක් නම් සියලු පක්ෂ සන්දාන ගත උතු වේ

    ඉතින් ඇමතිවරු වැඩි කරගැනීම සදාචාර සම්පන්නද?

    :yes::yes::yes::yes::yes::yes:
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1. ඇමති වරු වැඩි කරගැනීමක් සම්මත කර ගත හැක්කේ ජාතික ආණ්ඩුවක් තියනවනම් පමණි
    2.මෙය ජාතික ආණ්ඩුවක් නොවේ
    3.ජාතික ආණ්ඩුවක් නම් විපක්ෂයක් තිබිය නොහැක
    4.ජාතික ආණ්ඩුවක් නම් සියලු පක්ෂ සන්දාන ගත උතු වේ

    ඉතින් ඇමතිවරු වැඩි කරගැනීම සදාචාර සම්පන්නද?

    තාම සෙල්ලම් පටන් ගත්තේ නෑ පුතා බලන් හිටු
    :oo::oo: