උපුටාගැනීම:- රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථයෙනි
ප්‍රාණාතිපාතය පිළිබඳ ප්‍රයෝග සයෙකි. ප්‍රයෝගය යනු සිදු කිරීමට කරන උත්සාහය ය.
---------------
ප්‍රාණඝාත කර්ම ප්‍රතිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි.
ප්‍රවෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ.
තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍රත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍රමයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.
- රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථයෙනි -
https://pitaka.lk/books/bauddhayage-athpotha/9-1-1.html

- මරනු සඳහා ගැසීම්, කැපීම්, ඇනීම් ආදි සියතින් ම කරන්නා වූ ව්‍යායාම ස්වාහස්තික ප්‍රයෝග නම් වේ.
- සියතින් නො මරා අනෙකකු ලවා කරවීම ආඥා ප්‍රයෝග නම් වේ.
- ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම යනාදි වශයෙන් යම් කිසිවක් තමා ගේ අතින් මුදා සත්ත්වයකුගේ ශරීරයට යැවීම් වශයන් කරන්නා වූ උත්සාහය නිස්සර්ගික ප්‍රයෝග නම් වේ.
- උගුල් ඇටවීම, හුල් සිටවා තැබීම, තුවක්කු බැඳ තැබීම, වලවල් සාරා තැබීම යනාදිය ස්ථාවර ප්‍රයෝග නම් වේ.
- අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම ආදි වූ විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම් වේ.
- ඇතැම් සත්ත්වයනට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන් ම පිහිටා තිබේ. බොහෝ සෙයින් එබඳු සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන් ද, බිය ගෙන දෙන වෙස් මවා දැක්වීමෙන් ද, බිය ගන්වා මනුෂ්‍යාදි සත්ත්වයන් මැරිය හැකිය. ඒ ඔවුන්ගේ සෘද්ධිය ය. එ බඳු සෘද්ධියකින් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ.