ඇයි මදුරුවො මරන එක ප්‍රාණඝාතය නෙවේද

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උපුටාගැනීම:- රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථයෙනි

    ප්‍රාණාතිපාතය පිළිබඳ ප්‍රයෝග සයෙකි. ප්‍රයෝගය යනු සිදු කිරීමට කරන උත්සාහය ය.

    1. මරනු සඳහා ගැසීම්, කැපීම්, ඇනීම් ආදි සියතින් ම කරන්නා වූ ව්‍යායාම ස්වාහස්තික ප්‍රයෝග නම් වේ.
    2. සියතින් නො මරා අනෙකකු ලවා කරවීම ආඥා ප්‍රයෝග නම් වේ.
    3. ගල් ගැසීම, පොලු දමා ගැසීම, ආයුධ දමා ගැසීම, වෙඩි තැබීම යනාදි වශයෙන් යම් කිසිවක් තමා ගේ අතින් මුදා සත්ත්වයකුගේ ශරීරයට යැවීම් වශයන් කරන්නා වූ උත්සාහය නිස්සර්ගික ප්‍රයෝග නම් වේ.
    4. උගුල් ඇටවීම, හුල් සිටවා තැබීම, තුවක්කු බැඳ තැබීම, වලවල් සාරා තැබීම යනාදිය ස්ථාවර ප්‍රයෝග නම් වේ.
    5. අංගම් පිඹීම, සූනියම් කිරීම, පිල්ලි යැවීම ආදි වූ විද්‍යාවකින් කරන්නා වූ උත්සාහය විද්‍යාමය ප්‍රයෝග නම් වේ.
    6. ඇතැම් සත්ත්වයනට අනුන් නැසිය හැකි සෘද්ධි උත්පත්තියෙන් ම පිහිටා තිබේ. බොහෝ සෙයින් එබඳු සෘද්ධි ඇත්තෝ අමනුෂ්‍යයෝ ය. ඔවුනට තමාගේ ශරීරය දැක්වීමෙන් ද, බිය ගෙන දෙන වෙස් මවා දැක්වීමෙන් ද, බිය ගන්වා මනුෂ්‍යාදි සත්ත්වයන් මැරිය හැකිය. ඒ ඔවුන්ගේ සෘද්ධිය ය. එ බඳු සෘද්ධියකින් කරන්නා වූ උත්සාහය සෘද්ධිමය ප්‍රයෝග නම් වේ.
    මේ සයක් වූ ප්‍රයෝගයන් අතුරෙන් කවර ප්‍රයෝගයකින් වුව ද මැරුවහොත් ප්‍රාණඝාත පාපය සිදු වේ.
    ---------------

    ප්‍රාණඝාත කර්ම ප්‍ර‍තිසන්ධි විපාක දීම් වශයෙන් කර්මය කළ තැනැත්තා නරකයෙහි ද උපදවයි. ප්‍රේත යෝනියෙහි ද උපදවයි. තිරිසන් යෝනියෙහි ද උපදවයි.
    ප්‍ර‍වෘත්ති විපාක වශයෙන් උපන් සත්ත්වයා හට රෝගාදි අන්තරායයන් ඇති කරයි. එබැවින් ප්‍රාණඝාත කර්මය කළවුනට අඩු ආයුෂයෙන් මැරෙන්නට ද සිදුවේ.

    තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.

    - රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "බෞද්ධයාගේ අත්පොත" ග්‍රන්ථයෙනි -
    https://pitaka.lk/books/bauddhayage-athpotha/9-1-1.html
     

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    තවද ප්‍රාණාතිපාත කර්මය කළ තැනැත්තා අන් කුශලයකින් සුගතියක උපන් කල්හි ද ඒ හේතුවෙන් අසම්පූර්ණ වූ අංග ප්‍ර‍ත්‍යංග ඇතියෙක් වේ. උසින් මහතින් ඌන වූ ශරීර ඇත්තේ වේ. දුබල තැනැත්තේ වේ. නො මනා අවයව ඇතියෙක් වේ. ලෝකයාට අප්‍රිය කෙනෙක් වේ. අශෝභන ශරීර ඇතියෙක් වේ. බිඳෙන පිරිස් ඇතියෙක් වේ. නොයෙක් විට ශෝක කරන්නෙක් වේ. නිතර බියෙන් පෙළෙන්නෙක් වේ. අකාරණයෙහි ද බිය වන්නෙක් වෙයි. බොහෝ සතුරන් ඇත්තේ වේ. සතුරන් විසින් පෙළනු ලබන්නෙක් වේ. පරෝපක්‍ර‍මයෙන් මරණයට පැමිණෙන්නේ වෙයි.
    @siri_ayya උබටත් දැන් වෙලා තියෙන්නෙ මේටික තමයි දැන්වත් මනුස්සයෙක් වගේ හැසිරියන්
     

    nipund

    Well-known member
  • May 17, 2007
    833
    1,151
    93
    තරහක් හරි ලෝබ හිතක් හරි එන්නෙ නැතුව තණකොළ ගහක් වත් ගලවන්න පුළුවන් ද?
    වල් ගහක් ගලවන්නෙ මේ ගහ හින්දා මෙතැන කැතවෙලා කියලා ඒක හින්දා ගැටිලා නෙමේද ගොඩක් වෙලාවට
    (පව් පින් ගැන නෙමේ!!!!!)
    හිතෙ observation එක මොකද්ද ?
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,828
    3,004
    113
    වතුර රත් කරනකොට වතුරේ ඉන්න ක්ෂුද්‍රජීවින් මැරෙන එක ප්‍රාණඝාතයක්
    උඹේ චේතනාව අවශ්‍යතාවයකට වතුර එක රත්කරන එකනම් ඒක ප්‍රාණගාතයක් නෙවෙයි වතුර එක එක රත්කරන එකේ චේතනාව ක්ෂුද්‍ර ජීවීන් මරන එකනම් ඒක ප්‍රාණගාතයක්

    චේතනාහන් භිඛ්කවේ කම්මං වදාමි
    චේත ඉත්වා කම්මං කරෝති
    කායේන වාචාය මනසා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹේ චේතනාව අවශ්‍යතාවයකට වතුර එක රත්කරන එකනම් ඒක ප්‍රාණගාතයක් නෙවෙයි වතුර එක එක රත්කරන එකේ චේතනාව ක්ෂුද්‍ර ජීවීන් මරන එකනම් ඒක ප්‍රාණගාතයක්

    චේතනාහන් භිඛ්කවේ කම්මං වදාමි
    චේත ඉත්වා කම්මං කරෝති
    කායේන වාචාය මනසා
    වතුර රත් කරලා නිවල බොන්න කියන්නෙ විෂබීජ නැති කරන්න => චේතනාව ක්ෂුද්‍ර ජීවින් මැරීම
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,628
    1
    32,386
    113
    - උඩරට -
    මොස්කිටෝ රැකට් එකක් ගන්නවා
    චට පට ගාලා පුපුරනවා මදුරුවෝ ටික
    මාර ෆන් ඒක
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වතුර රත් කරලා නිවල බොන්න කියන්නෙ විෂබීජ නැති කරන්න => චේතනාව ක්ෂුද්‍ර ජීවින් මැරීම
    උඹේ චේතනාව අවශ්‍යතාවයකට වතුර එක රත්කරන එකනම් ඒක ප්‍රාණගාතයක් නෙවෙයි. වතුර එක රත්කරන එකේ චේතනාව පණ ඇති සතුන් (ප්‍රාණීන්) මරන එකනම් ඒක ප්‍රාණගාතයක්.
    අමතරව: පණ ඇති සතෙක් ඉන්න බව දන්නවා නම්, මරන්න හිතුවා නම්, මරන්න ක්‍රමයක් යෙදුවා නම්, ඒ ක්‍රමයට මැරුවා නම් ඒක ප්‍රාණගාතයක්.

    ඒක නෙවේ, @topkollek ට දැන් කතෝලික ආගම දැන් එපා වෙලා වගේද? 🤔
    දැන් කර්මය විශ්වාස කරන්න ප⁣ටන් අරන්ද? 🤔
    නැත්තං බුද්ධාගමට ගහන්න තැනක් හොයනවද?
    අපිට නම් තේරෙන්නෑ මේවා.
     
    Last edited:

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    darwin-charles-darwin.gif