අවස්ථාවාදී පකයලා එහෙ මෙහෙ විසි කරල තියෙන ට්වින් බොක්සර් දහ දොලොස්දහට අරන් ලාම්පු දැලි පේන්ට් එකක් උලලා විකුනනවා. මෝඩ හූනු බිජ්ජෝ අමෝ අමෝ ක්ලැසික් හාලි ඩේවිඩ්සන් වගේ කියල අරගන්නවා බරගණන් දීලා. ඕව ගත්ත වගේ නෙමෙයි පදින්න බෑ. ප්ලැටිනම් සෙට් තියෙන්නෙ, දැන් බයික් එකක ප්ලටිනම් එකක් ඇජස්ට් කරගන්න දන්න බාස්ලා වත් නෑ. අනික 6V ඉලෙක්ට්‍රික් සිස්ටම්. පලවෙනි දේ එන්ජිම හොඳට තියෙන්න ඕනේ. උඩ කෑල්ලෙන් පොඩිපොඩි සද්ද ආවට, ඔයිල් පිච්චුනාට අවුලක් නෑ. රොඩ් සද්ද නැති ගියර් ටික වැටෙන එකක් වෙන්න ඕනේ. ඊට පස්සෙ වයර් හනස්ස විසි කරල දාල අලුත් වයර් හනස්සක් එක්කො හදාගන්න ඔනෙ නැත්නම් බ්‍රෑන්ඩ් නිව් තායිවාන් එකක් තියන්න ඕනේ. අනිවාර්යයෙන් 12V කරන්න ඕනේ. සයිලන්සර් මඩ්ගාඩ් ටැංකි සීට් ලගේජ් වල ගණන් දැන් කීයද දන්නෙ ත් නෑ. අවුරුදු කීපයකට කලින් නම් අවජාතක සයිලන්සර් ජෝඩුවක් 11,000-16,000 අතර ගියේ.
Cd125 බෙන්ලි වෙනම කතාවක්. Cdi නිසා ඉග්නිෂන් පැත්ත ඉලෙක්ට්‍රික් පැත්ත කිසිමම අවුලක් නෑ. V අකුරෙන් මෙහා වගේඑකක් ගන්න පුළුවන් නම් නියම බයික් එකක්. ආයෙ කතා දෙකක් නෑ.
පෙනුමට ආස වෙලා ට්වින් ගත්තට මෙලෝ ආතල් එකක් නෑ පදිද්දි. ගියර් 4, පිකප් මදි. ගියර් 5 හොඳ බෙන්ලියක් නම් මරු. මාර ස්මූත්.
මේවගෙ අමුතු සැපක් නෑ. බැලන්ස් එක නම් හොඳයි. පෙට්‍රල් කරන්නෙ නෑ කියන එකත් බයිලාවක්. ඉන්‍දියන් 150 එකක් ගාණට පෙට්‍රල් වැඩ.