ඇය මියදෙමින් සිටී
විසිවෙනි සියවසේ අගභාගයත් විසි එක්වෙනි සියවසේ මුල් දශක දෙකත් සලකනකොට මිනිස් සමාජයෙන් ලෝකෙට උන සමහරක් හානි නැවත යථාතත්වයට පත් කරන්න බැරි දේවල්, නමුත් වෙනත් ග්‍රහලොවක ජීවත් වීමේ හැකියාව ගවේශණය කරනවට වඩා හුගක් ලේසියෙන් මිනිස් වර්ගයාට පුලුවන් දැනට ජීවය පැවතෙන එකම ග්‍රහලෝකය රැක ගන්නත් තවත් වසර දහස් ගනනක් ලෝකය මිනිස් ප්‍රජාව ඇතුළු සියලු සතුන්ට හිතකර තැනක් කරන්නත් බොහොමේ පොඩි පියවරකින් කරන්න පුළුවන්. මේ තියෙන්නෙ පසුගිය දශක කීපයේ ශ්‍රී ලංකාවත් ලෝකයෙත් සිදුවුන ඒ වගේ නැවත යථාතත්වයට පත් කරන්න බැරි උන දේවල් කීපයක්.
විල්පත්තු ජාතික වනෝද්‍යානය - ශ්‍රී ලංකාව
ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යාන අතරින් ප්‍රධානම ජාතික වනෝද්‍යානයක් වුන විල්පත්තුව 2000 දශකයේ අගභාගයේ පටන්ගෙන මේ වන විටත් වන ගහනය ක්‍රමයෙන් අඩු වෙමින් පවතින ජාතික වනෝද්‍යානයක්. 2009 එළුවන්කුලම, මොල්ලිකුලම ප්‍රදේශයෙන් අක්කර 300කින් ආරම්භකරපු වන විනාශය, සංරක්ශිත ප්‍රදේශයේ අනවසර පදිංචියට විරුද්ධව සිවිල් සංවිධාන, ලංකාවේ ජනමාධ්‍ය කොච්චර හඩක් නැගුවත් මේ වනවිටත් රාජ්‍ය ආයතන හා දේශපාලන බල පුලුවන්කාර කම මත සිදුවන දෙයක්.
වන විනාශයත් එක්ක මේවනවිට හදුනාගෙන තියෙන ආකාරයට පිරිසිදු ජල ප්‍රභව හා වන විල්ලු සිදීයාමෙන් ඒක දේශීය ශාක 33ක් ඇතුලත්ව ශාක වර්ග 605ක්, මත්ස්‍ය වර්ග 30ක් උභය ජීවීන් වර්ග 17ක් උරග විශේෂ 57ක්, පක්ශීන් වර්ග 149ක්, ක්ශීරපායීන් වර්ග 41ක්, සමනල විශේෂ 86ක් එම ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම තුරන්වීමේ අවධානමක් තියෙනවා.
2017 වසරෙ ආරම්භයේදි ගනන් බලා ඇති ආකාරයට ඒ වනවිට අක්කර 4000කට අධික ප්‍රදේශයක වන විනාශයක් සිද්ධ වෙලා තිබුනත් මේ වෙනකොට මේ ප්‍රමාණය මීට වඩා හුගක් අගයක් ගන්න පුළුවන්.
සිද්ධවන වන විනශයෙන් විල්පත්තුවට අමතරව විල්පත්තුවෙන් පෝශණය වන අභයභූමි, රක්ශිත රාශියක පැවත්මට තර්ජනයක් වෙලා තියෙනව.
1. විල්පත්තු ජාතික වනෝද්‍යානය.
2.විල්පත්තු උතුරු අභයභූමිය.
3. මරිච්චකඩ්ඩි - කරඩික්කුලි රක්ශිතය.
4. තබ්බෝව අභයභූමිය.
5. වීරක්කුලිචොල් අභයභූමිය.
6. එළුවන්කුලම යෝජිත සංරක්ශිතය.
7. වප්පල් සංරක්ශිතය.
8. මාවිල්ලු සංරක්ශිතය.
9 විලත්තයිකුලම් රක්ශිතය
කොහොම උනත් ජාතික පාරිසරික පනතත්, වන සංරක්ශණ ආඥා පනතත්, සත්ව හා ශාක සංරක්ශණ ආඥා පනතත්, පුරාවිද්‍යා ස්ථාන සංරක්ශණ ආඥා පනතත් උල්ලංඝනය කරමින් සිදුවෙන වන විනාශයට ලංකාවේ කිසිම බලධාරියෙක් මැදිහත් නොවීමත්, වගකීම වෙනත් පාර්ශවයන්ට පැවරීමෙන් දේශපාලන වාසි ලබාගැනීමට පෙලබීමත් නිසා විල්පත්තුව තවත් නොබෝ කලකින් ලංකා සිතියමෙනුත්, ජාතික වනෝද්යාණ ලයිස්තුවෙනුත් ඉවත්වීම අපේක්ශා කරන්න පුලුවන්.
ඒරියල් මුහුද - කසකස්ථානය, උස්බෙකිස්ථානය
ඒරියල් මුහුද පිහිටල තියෙන්නෙ, කසකස්ථානයටත් උස්බෙකිස්ථානයටත් මායිම්ව. 1960ට කලින් වර්ග කිලෝමීටර 68,000ක වපසරියක ( ලංකාව ආසන්න වශයෙන් ව.කි 65,500ක් විතර ) තිබුන ලෝකයේ හතරවෙනි විශාලම විල විදිහට පැවතුන, අසල් වැසි රටවල් කීපයකට ධීවර කටයුතු වලට හුගක් අධාර කරපු විලක්. 1960 ගනන් වලදි සෝවියට් සමූහ ආණ්ඩුවෙන් කෘශිකර්මාන්ත ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් විදිහට ඒරියල් විලට ජලය සැපයෙන ප්‍රධාන ජල මූලාශ්‍ර වුන Amu Darya හා Syr Darya කියන ගංගා දෙක හරස් කරල වේල්ලක් ඉදිකරලා කපු වගා කරන්න ක්‍රමයක් සකස් කරනවා, කෙටි කාලීනව ලැබුන ලාභයක් විදිහට මෙමගින් 1988 වෙනකොට උස්බෙකිස්ථානය ලෝකයේ විශාලම කපු අපනයනකරුවා උනත් පාරිසරික ගැටළු එන්න පටන් ගන්නකොට ඒරියල් විලට නැවත ජීවය දෙන්න හුගක් ප්‍රමාද වැඩි වෙනවා.
1997 වෙනකොට ඒරියල් විල පැවති තත්වයෙන් 10% ක් පමණ ප්‍රමාණයකට පහත වැටෙනකොට ධීවර කර්මාන්තයෙන් යැපුව හුගක් අයට වගේම ඒ අවට ජීවත් උන ශාක හා සත්ව ප්‍රජාවන්ට දැඩි තර්ජනයක් එල්ල වෙනවා. ජලයේ ලවණතවත්, විශ සහිත බවත් වැඩි වීමත්, ජල මට්ටම පහල බැසීමෙන් අළුතින් ඇතිවෙන බිම දූවිලි හා අධික ලවණ සාන්ද්‍රණය නිසා කිසිවක් වගා කල නොහැකි නිසරු මුඩු බිම් ලෙසින් පැවතීමත්, මුඩු බිම් වලින් හමා එන දූවිලි සහිත හුළග බොහෝ ලෙඩ රෝග වලට හේතු වීමත් මීට අමතරව සිද්ධ වුන දේවල්.
1950 කාලයේ වාණිජ්‍යමය වශයෙන් ධීවර වෙලදාමට දායක වුන ප්‍රදේශයට අනන්‍ය මත්ස්‍ය වර්ග 22ත් 24ත් අතර ප්‍රමාණයක් 1980 මුල් කාලය වෙනකොට සම්පූර්ණයෙන්ම තුරන් උනා. කාලෙකට කලින් සත්ව විශේෂ 173කට ජීවය දුන් මේ ප්‍රදේශය දැන් සත්ව විශේෂ 38කට සීමා වෙලා තියෙන්නෙ. කාලෙකට කලින් ධීවර කර්මාන්තයේ යෙදුන කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ නැව්, බෝට්ටු මේ මුඩු බිමේ ඕනෙ තරම් දකින්න පුලුවන්.
දැන් පවතින රජය ඒරියල් මුහුද යලිත් යථාතත්වයට ගන්න විවිධ යෝජනා ඉදිරිපත් කලත් ඒවත් ක්‍රියාත්මක නොවෙන බවලු පෙනෙන්නෙ. ( ලංකාවෙ වගේ ඇතිනෙ )
ෂැකුල්ටායා ග්ලැසියරය- බොලිවියාව
ෂැකුල්ටයා කියන්නෙ කාලෙකට කලින් ලෝකයේ සමකයට ආසන්නයෙන්ම තිබුණ හිම මත ලිස්සා යාමට ප්‍රසිද්ධ තැනක්. මුහුදු මට්ටමින් අඩි 17,785ක් උඩින් තිබුණ මෙම ස්ථානය අවුරුදු 18,000ක් පැරණි කියන මේ ස්ථානය 1940දි ගනන් බලපු විදිහට ව කි 0.22 වපසරියක තිබුන. නමුත් 2007 වෙනකොට ඒක ව. කි 0.01ක් වෙනකන් පහල වැටුනා. 2009 වෙනකොට සම්පූර්ණයෙන්ම නැතිවෙලා ගියා. 2009 දි ඇතිවුන එල් නිනෝ තත්වය මෙකට බලපෑම් එල්ල කල බව හදුනා ගත්තත්, ඊට කලින් ඉදන් සිද්ධවුන මිනිස් ක්‍රියාකාරකම් හුගක් ලොකු පිටුවහලක් උනා කියල තමයි කියන්නෙ.
කොහොම උනත් ග්ලසියරය විනාශ උනායින් පසුව සංචාරක කර්මාන්තය සම්පූර්ණයෙන්ම බිද වැටුනට අමතරව, ග්ලැසියරයෙන් පෝශණය උන ජල ප්‍රභව විනාශවීම තවත් පාරිසරික ගැටළු ගොඩක් ඇතිකලා.
-----------------------------------------
Resource
https://www.change.org/p/stop-deforestation-in-wilpattu-forest-complex/u/22183690
https://www.change.org/p/stop-deforestation-in-wilpattu-forest-complex
https://en.wikipedia.org/wiki/Aral_Sea
https://www.nationalgeographic.com/magazine/2015/06/vanishing-aral-sea-kazakhstan-uzbekistan/
http://www.asia-travel.uz/en/uzbekistan/the-aral-sea/environmental-impacts/
https://enviroliteracy.org/special-features/geoquiz/aral-sea/
https://roar.media/sinhala/main/features/important-places-destroyed-by-men/
ටිකක් දිග විස්තරයක් දාන්න (පුත්තලමෙ මුතු බෙල්ලො නැති උන එක, මහා භධක පරය ගැන ) හිතන් හිටියට පොඩ්ඩක් කෙටි කරන්න උනා. හුග කාලෙකින් පෝස්ට් එකක් දාන්න හිතුනෙ අද තිබ්බ රස්නෙ මතක් වෙලා. ඇත්තටම මේකෙ අරමුණ පුලුවන් විදිහකට ගස් කොලන් අපිට රැක ගන්න දායක වෙන්න කියන දේ ඉල්ලන්න. රෙප් නැති උනාට කමක් නෑ, හැබැයි පුලුවන් නම්
1. ඉන්න වට පිටාවෙ පොඩ්ඩක් හෙවන හැදෙන ගස් ටිකක් හිටවන්න.
2. කඩෙන් පොලිතින් බෑග් එකක් දෙනකොට ඕනෙ නැති නම් ප්‍රතික්ශේප කරන්න. පුලුවන් තරම් පාවිච්චිය අඩු කරන්න.
3. කුණු බැහැර කරන කොට - විශේෂයෙන් පොලිතින් ප්ලාස්ටික්, CFL බල්බ් වගේ දේවල් හුගක් සැලකිලිමත් වෙන්න.
4. ට්‍රිප් එකක් ගිහින් ආතල් එකක් ගත්තට කමක් නෑ, ගිය තැන විනාස නොකර එන්න.
වෙගේ පොඩි දේකින් ලොකු දෙයක් කරන්න පුලුවන්.
Let's make it a better world

Last edited:
TFS