එකපාරම කඩා පාත් උන මැසේජ් එකකින් කියවෙන්නේ පසුගිය දිනවලදී ෆේස්බුකියේ උනුසුම් කතාබහකට ලක්වු ඇය සියදිවි නසා ගත් පුවතයි.කවුද මේ කතා නායිකාව හෙවත් ඇය?
නමින් රශ්මි දිසානායක යැයි පැවසෙන ඇය ශ්‍රීලාංකීය සාත්තුසේවිකාවක් ලෙස ඊශ්‍රායලයට විදේශ ගතවී ඇත.ඊශ්‍රායලයට යැමට පෙරාතුව ඇය මීට පෙර සයිප්‍රසයේද සේවය කලා යැයි පැවසේ.මේ පිලිබදව ප්‍රථමයෙන් තොරතුරු ලබාදුන්න වු සයිප්‍රසයේම සේවයේ නියුතු තවත් සොයුරියක් සදහන් කර සිටියේ රශ්මී සයිප්‍රසයේදී මිතුදමක් ඇති කරගත් බංගලි මුස්ලිම් තරුණයෙකු විසින් විවාහ ගිවිසගන්නා පොරොන්දු ලබාදී ඇය සමග ස්ක්යිප් හරහා චැට් කර නිරුවත් දර්ශන ලබාගෙන ඇති බවත් ඉන් පසු ඒ වීඩියෝ සහ පින්තුර අන්තර්ජාලයේ, ෆේස් බුක් තුලට මුදා හරිනවා යැයි පවසමින් විශාල මුදලක් ඉල්ලා සිටි බවත්, ඒහා එකග නොවුන ඇයගේ නිරුවත් සේයාරු ෆේස්බුක් පිටු තුලට මුදා හැර ඇති බවත්ය.ඉන් අනතුරුව ඇය විසින් බෙහෙත් පෙති අධිමාත්‍රාවක් ලබාගෙන දිවි තොරකරගෙන ඇති බවත්ය.මේ කාරණාව පිලිබදව තවත් තොරතුරු පවසමින් ඇය විසින් සදහන් කර සිටිනා ලද්දේ ඇයගේ දේහය මීගමුවේ ඇයගේ නිවස වෙත පසුගිය ඉරිදා ඊශ්‍රායලයේ සිට ගෙන ආ බවත්ය.
කෙසේ නමුත් ෆේස්බුකියේ තටු ඇවිත් පියාඹන මේ සිදුවීම තවත් එක් කටකතාවක් නොවනා බවත් තහවුරු කරමින් තවත් තොරතුරක සදහන් වුයේ රශ්මී විසින් කොරොයාවේ සිංහල තරුණයෙකු සමග ඇතිකරගන්නා ලද ආදර සම්බන්ධයක් අවසානයේ ඒ තිරිසනා විසින් ෆේස්බුක් පිටු සාදමින් රශ්මීගේ නිරුවත් සේයාරු පලකර ඇති බවත්ය.ඔහු විසින් ඇය වෙත අයිපැඩයක් සහ ලැප්ටොප් එකක්ද එවා විශ්වාසය දිනාගෙන ඇති බවත් ඒ හරහා ඇය රවටමින් ඇය බියවද්දමින් ඇයගෙන් ලක්ශ 10ක මුදලක් ඉල්ලා ඒ නොදීමෙන් මේ අවාසනාවන්ත සිද්දියට ඇය මුහුන දී ඇති බවත්ය.
ඉටත් එහා යමින් තවත් මේ සිදුවීම පිලිබදව සදහන් වන්නේ ඇය හා මිතුදමක් ඇති කරගත් පුද්ගලයා සෞදියේ සේවය කරනා ශ්‍රීලාංකාවෙන් පිටත්ව ගිය මුස්ලීමුවෙකු බවයි.ඒ කතාවේද ලක්ශ 10ක කප්පමක් නොගෙවමෙන් පසුව රශ්මිගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි.....
කෙසේ නමුත් මේ සිදුවීමට විවිධ අර්ථකතනයන් සහ සිදුවීම් ආදේශනය කරනා අතර විශේෂයෙන් බැහැර කල නොහැකි සිදුවීමක්ද ඊශ්‍රායලයේ රශ්මී සේවය කලායැයි කියන නගරයේම සේවයේ නියුතු සොයුරකු විසින් සදහන් කොට ඇත.
එනම්.. රශ්මී ශ්‍රීලංකාවේ තරුණයෙකු සමග පෙමින් වෙලී සිට ඇත.ඉතා කෙටි කාලීන ප්‍රේමයක් වූ මෙය, රශ්මී දැන හදුනාගෙන ඇත්තේද ෆේස්බුක් තුලින්ය.ඔහු විසින් රශ්මී සමග ස්කයිප් චැට් කර ඇති අතරම, ඇයගේ නිරුවත් සේයාරූ ඔහු සූක්ශමව ලබාගෙන ඇත.ඉන් අනතුරුව ෆේස්බුක් ප්‍රේමය මෙසේ ගලායන අතර දිනක් ඔහු විසින් ඇයගේ ෆේස්බුක් ගිනුමට ඇතුලූ වී ඇත.එහිදි ඇය සමග මිතුරුරන් ලෙස චැට් කර ඇති බොහෝ දෙනෙක් පිලිබදව ඇගේ පෙම්වතා සැක පහල කරගෙන තිබූ අතර එහිදි ඔහුගේ විශේෂ අවධානයක් බංගලිදේශ මුසල්මානුවෙකු වෙත යොමුවී ඇත.මේ බංගලිදේශ මිතුරා කලක් ඇය සමග සයිප්‍රසයේදී සේවයේ නියුතුව ඇත.එහෙත් මෙය විශ්වාස නොකල සිද්දියට සම්බන්ධ ශ්‍රීලාංකිකයා විසින් ඇයත් සමග දිගින් දිගට රන්ඩු කර තිබූ අතරම රශ්මී විසින් ප්‍රේමයට මීට මසකට ආසන්නව තිත තබා ඇත.එයින් කිපුන තරුණයා විසින් ෆේස්බුක් පේජයන් දහයකට ආසන්න ප්‍රමානයක් සාදමින් රශ්මී තම ජීවිතයටත් වඩා ප්‍රේමය විශ්වාස කරමින් ඔහු වෙත ලබා දුන් ලිංගික සතුට මාකට් කලේ තමන්ද තිරිසනෙකු බව පෙන්වා දෙමිනුයි.
රශ්මීගේ සත්‍ය සිදුවීම දන්නේ දැන් දැත් බදා සදාකාලික නිද්‍රා සුවයේ සිටිනා ඇයම පමණකි.එය ලෝකයා ඉදිරියේ සදාකාලික රහසක් නොවනු ඇත.මේ කුරිරු සිදුවීමට ඇයට මුහුන දි ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූවද ඊට සම්බන්ද අනෙක් පාර්ශවය විසින් රශ්මිගේ සේයාරු බලමින් මේ මොහොතේත් ස්වයන්වින්දනයේ යෙදෙනු ඇත.පෙරකී මේ අපරාධයට සම්බන්ධ පාර්ශවයට නීතියෙන් ගැලවීමට හැකි වූවද තම හෘදසාක්ශියෙන් කිසිදා ගැලවීමට ඉඩක් නොලැබෙනු ඇත.ඒ ලෝක ධර්මතාවයයි.
මීට සමානම සිදුවීමක් පසුගිය දිනවලදීද ෆේස්බුක් තුල දක්නට ලැබුනි.ඒ සාක්ශිය නම් පේජයක් මගින් සිංහල බෞද්ධ සොයුරියන් දෙදෙනෙකුට අතිශය අමානුශික අන්දමෙන් අපහාස කිරීමයි.ඔව්නගේ යැයි සදහන් කරමින් වෙනත් තරුනියන්ගේ නිරුවත් සේයාරු එක්කරමින් සාක්ශිය පේජය මෙහෙයවූ තිරශ්චීණයින්ද තම ලිංගික අසහනය ෆේස්බුකියට මුදාහරින ලද්දාහ.ඊට චීවරධාරීන්ද සම්බන්ධ බවත් සදහන් වී තිබුණි.එම සිදුවීම පිටුපස සිටියේද බොදු සංවිධානයකම සිංහල බෞද්ධයැයි කියාගත් චීවරධාරීන් ඇතුලු පිරිසකැයි කියති.
මෙවන් තිරශ්චීන් සිදුවීම් කොහෙත් කොතනත් සිදුවේ.ලිංගික අසහනයට සිංහලද මුස්ලිම්ද ද්‍රවිඩද බේදයක් නැත.දිනෙන් දින කාන්තාපාර්ශවයට භාවිතා කල නොහැකි අන්දමට ෆේස්බුකියද හැඩ ගැසෙමින් පවති.
පෙරකී සිදුවීම් දෙකටම සම්බන්ධ නොවූ තවත් සිංහල බෞද්ධ සහෝදරියකගේ සේයාරූ යොදා ගනිමින් ව්‍යාජ ෆේස්බුක් පිටු සහ ගිනුම් කිහිපයක් සාදා ඇත්තේ යුද හමුදා නිළධාරියෙකු විසිනි.ඒහි සියලු තොරතුරු සොය ගනිමින් මේ වන විටත් රහස් පොලීසිය වැඩ අරඹා ඇත.යුධ හමුදා නිළදාරියා අත් අඩංගුවට ගැනීමට දැල් එලා ඇති නමුත් මේ වන විටත් පුහුනුවකට විදේශගතව ඇති බැවින් ඔහු අත් අඩංගුවට ගැනීම ප්‍රමාදවී ඇත.
එසේම විශේෂයෙන් පැවසිය යුතු කාරණයක් වන්නේ කාන්තාවන් ෆේස්බුකියෙන් ප්‍රේමයන් පසුපස හඹා නොයා යුතුබවයි.එසේ යම් දෙයක් වේනම් ඒ පිලිඹදව හොදින් සොයා බැලිය යුතුය.තමන්ගේ හැදියාව තියා ගනිමින් ස්කයිප් හෝ වෙනත් වෙබ්කැම් තුලින් තම නිරුවත වෙනත් පාර්ශවයක් වෙනුවෙන් නොපෙන්විය යුතුයි.තවත් සිතා බැලිය යුත්තේ මේ සියළු කාන්තා පාර්ශවයන් සේම ඔබටත් ඔබගේ සහෝදරියක්, මවක් සිටිනා බවය.
හැගීම් වලට වහල් වෙමින් තම නිර්වස්ත්‍රය සමාජය ඉදිරියේ නොහදුනනා පෙම්වතා වෙනුවෙන් දිග හැරීම ජීවිතයේ කලුපැල්ලමක් බව කාන්තාවෝ සියල්ලෝ සිතට ගතයුත්තේමැයි.
විදේශ ගත සොයුරියන් බොහෝ දෙනෙක් තම හුදෙකලාව මකා ගැනීමට පෙම්වතුන් සොයා ගනියි.නැත විදෙස් සොයුරියන් වෙත ඇතැම් තිරිසනුන් දැල් එලමින් ඔව්න් දැලට බාගනියි....විදේශ රටවල සේවයට යන අප රටේ ගෘහසේවිකාවන් ඇතුලු අනෙකුත් සේවිකාවන් සදහා විදේශ කාර්ශංශය පිහිට වන්නේ ඉතාම මන්දගාමීවයි.විදේශ ඇමති ඩිලාන් පෙරේරා වෙනකක් තබා තම අනියම් බිරිය පසුගියදා කොරියාවේ තානාපති සේවය සදහා යැවූ බව රටම දනී.අනෙකුත් විදෙස්ගත සේවිකාවන්ගේ සුභ සිද්දිය ඇමතියා සලකා බලන්නේ නැත.කොතනත් එසේමය ලිංගික අඩන්තේට්ටමට ලක්වී නීතියේ සරණ පතා යන තරුණියට පොලිස් නිළදරුවන්ගේ සුන්දරියන් වීමට විදුවන බවත් බොහෝ අය දනී.අසරණ වන්නේ අපේම සොයුරියන්ය.කොල්ලන් බල්ලන් යැයිද කියමනක් තිබේ.එම බල්ලන්ගෙන් ප්‍රවේශම් වීමත් උන්ට කිසිදු ඉඩක් නොතැබීමත් කාන්තා පාර්ශවයේද වගකීමයි.
රශ්මිගේ මරණයට අප මරණ සහතික ලිවිය යුතු නැත.මේ මෙවන් අකල් ඛේදජනක මරණයක් සිදුවූ අවසාන අවස්ථාව බව සිතා කටයුතු කිරීමට කාලයයි.මෙවන් තිරශ්චීන ක්‍රියාවකට යලි ඉඩ නොතැබිය යුත්තේමැයි.
ආදරණීය අක්කේ, නංගියේ....
දෙවියන්සේ ඔවුන් නුබලාට ආදරේ කියාවී.පොරොන්දු දේවි.බලාපොරොත්තු දේවී.
ඒත්...
ඒ කිසිදු සිදුවීමක් අවසානයේ තම නිරුවත පෙන්වීමට කටයුතු නොකරන්න.රත්තරන් දෙමාපියනේ ආදරණීය දුවට ලැප්ටොප් ජංගම දුරකතන අරන් දුන්නාට කම් නැත, මදක් ඒ පිලිබදව සෙවිල්ලෙන් ඉන්න...
අවාසනාවන්ත සිදුවීම් වලට පාර කැපීමට කිසිදා ඉඩක් තියන්න එපා.
ජාතියේ නාමයෙන් සිංහල කෙල්ලන් රැක ගැනීම අපේම කොල්ලන්ගේත් වගකීමක් බව අමතක කරන්න එපා.සමාජයේ වරදක් කොතනක හෝ සිදුවනවා නම් ඊට දෙවරක් සිතන්න එපා ඒ නුඹලාගේම සහෝදරියකැයි සිතා පිහිට වන්න.බස් රථයක හිටගෙන යන්නා වු,තවත් තරුණයින්ගේ ලිංගික අසහනයෙන් පීඩා විදීමට පෙර ආසනය දෙන්න.මේ ආකාරයට සමාජයේ වෙනස් වියයුතු තැන් වෙනස් කිරීමට කටයුතු කලේ නම් නුඹලාගේ සහෝදරියන් හිතවතියන් පෙම්වතියන් සල්ලාලයන්ගේ ගොදුරක් බවට පත් නොවෙනු ඇත.
මදක් සිතා බලන්න.....
සටහන -
අශාන් ශාමික බණ්ඩාරනායක.
උපුටා ගෑනීම FB


