ඇරුම_පුදුම_සත්වයෙක්

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
ඇරුම_පුදුම_සත්වයෙක්

Fennec Fox

fennec fox කියන්නේ අපි අතරේ වැඩිය කතා බහකට යොමු නොවෙන සත්වයෙක්.මේ සතා ගැන ගොඩක් අය දන් නැති නිසා මූ ගැන කෙටි විස්තරයක් දාන්න ඕනෙ කියලා මට හිතුනා.
මෙන්න මෙයා තමයි මේ fennec fox.



fennec-fox.jpg

IMG_3190_NN_0.preview.jpg
2289249_f520.jpg

Fennec_Fox_2_by_Art_Photo.jpg



මෙයා ගැන විස්තරයක් කෙටියෙන් කියනවනම්,
මෙයාගෙ විද්‍යාත්මක නාමය වෙන්නේ Fennecus zerda.මෙයා ජීවත් වෙන්නේ සහරා කාන්තාරය ආශ්‍රිත ප්‍රදේශ වල.Fennec කියන්නේ අරාබි භාෂාවෙන් හිවලා කියන එකයි.උස අඟල් 7-12 ක්ද, බර රාත්තල් 2.2-3.3 වන මේ සතා හිවල් පවුලේ කුඩාම සත්වයාද වෙනවා.මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මෙයාගෙ ශරීරය හැඩ ගැසිලා තියෙන්නේ අධික උෂ්ණත්වයන්ට ඔරොත්තු දෙන්න.මෙයාට තියෙන අඟල් 6ක් විතර දිග කන්පෙති වලින් අධික උෂ්ණත්වය විසිරුවා හරිනවා.ඒවගේම මෙයාගේ කකුල් පවා සම්පූර්ණයෙන් ලෝම වලින් වැහිලා තියෙන්නේ රත් වූ වැලි මත ඇවිදීම පහසු කරන්න.මෙයාගෙ කන්පෙති වල තියෙන ලෝම කන්පෙති තුලට වැලි යාම වලක්වනවා.
මෙයාගෙන් කාටවත් හානියක් නම් නෑ.නමුත් මෙයාට හානි කරන්න නම් ඕනෙ තරම් කට්ටිය ඉන්නවා.මෙයාව දඩයම් ගොදුරක් වෙලා තියෙන්නේ.ඒ වෙනත් සත්තුන්ගෙන් නම් නෙමෙයි,මිනිස්සුන්ගෙන්.මෙයාගෙ ලොම් ගන්න මෙයාව දඩයම් කරනවා.ඒ වගේම සුරතල් සත්වයෙක් විදියට ඇති කරන්නත් ගන්නවා.

සටහන - Starz DK විසිනි.

කියවලා බලලා හොඳයි නම් rep+ දුන්නට අමනාපයක් නෑ.:D:D:D
 
Last edited: