ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා

cat123

Well-known member
  • Sep 25, 2007
    2,709
    4,460
    113
    115723308_196281018504814_6338242957456218240_n.jpg


    ඇල්බට් අයින්ස්ටයින් ගැන රස කතා.

    1.
    අයින්ස්ටයින් තම ඇදුම් ගැන කිසිම වුවමනාවක් නොදැක්වූ පුද්ගලයෙකි. පොඩි වූ දුර්වර්ණ ඇදුම් ඔහු නිතරම භාවිතා කළේය . දිනක් ඔහු විශ්වවිද්‍යාලයට යාමට ලෑස්තිවෙනවිට බිරිද එහි විත් ,
    " මේ පොඩ්ඩක් හොදට අදින්නකෝ..?"
    "මොකටද..? .. මම මම කියලා හැමෝම එතන දන්නවනේ " අයින්ස්ටයින් කීය. බිරිද කරබාගෙන යන්නට ගියාය.
    තවත් දිනක අයින්ස්ටයින් දේශනයක් කිරීමට යාමට සූදානම් විය .
    "අදවත් පොඩ්ඩ්ඩක් ලස්සනට ගියොත් නරකද ?" බිරිද ඇසීය .
    "මොකටද..? මාව කවුරුත් එතන දැන්නවැයැ ?" අයින්ස්ටයින් කීය. බිරිද කරබාගෙන ගියාය.

    2.
    සාපේක්ෂතාවාදය පැහැදිලි කරදෙන මෙන් ඉල්ලීම් ලැබුණ විට ඔහු එය පැහැදිලි කලේ මෙසේය.
    " ගිනි දැල්වූ උදුනක් මත ඔබේ අත විනාඩියක් තියාගෙන ඉන්න. ඒක පැයක් වගේ දැනේවි"
    " ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් විතර වාඩි වෙලා ඉන්න . ඒක මිනිත්තුවක් වගේ දැනේවි "
    "ඕක තමයි සාපේක්ෂතාවාදය. එහෙනම් ඕගොල්ලෝ උදුන උඩ අත තියාගෙන ඉන්න. මම යනවා ලස්සන කෙල්ලෙක් එක්ක පැයක් වාඩි වෙලා ඉන්න " අයින්ස්ටයින් පැවසීය.

    3.
    අයින්ස්ටයින් ප්‍රින්ස්ටන් සරසවියේ සේවය කරන කාලයේ දවසාවසානයේ ගෙදර යාමට කැබ් රථයකට නැංග විට ගෙදරට යා යුතු මාර්ගය ඔහුට අමතක වින. කැබ් රියදුරාත් ඔහුව හදුනාගත්තේ නැත .
    " මේ.. අයින්ස්ටයින්ගේ ගෙදර දන්නවද ඔහේ?" අයිස්ටයින් රියදුරාගෙන් ඇසීය
    "කව්ද එහේ නොදන්නේ? මොකද මිනිහව හමබවෙන්න ඕනෙද ?"
    "මම තමා අයින්ස්ටයින්. මාව එහෙට ගිහින් දානවද ?"
    රියදුරා අයින්ස්ටයින්ව ගෙදරට ඇරලූ අතර ගාස්තුවද නොගත්තේය.

    4.
    දිනක් අයින්ස්ටයින් දුම්‍රියෙන් ගමනක් යනවිට ටිකට් පරීක්ෂක ටිකට් බලමින් ඔහු සිටින අසුන දෙසට ආවේය.
    අයින්ස්ටයින්ගෙන් ටිකට් පත විමසූ විට අයිස්ටයින් සාක්කුවට අත දමා බැලුවද ටිකට් එක සොයාගැනීමට නොහැකි විය.
    කලිසම් සාක්කු වල සහ ගමන් මල්ලේද ටිකට් එක තිබුනේ නැත.
    ඔහු හැමතැනම ටිකට් එක සොයන බව දුටු ටිකට් පරීක්ෂක " අයින්ස්ටයින් මහත්මයා.. කමක් නෑ ටිකට් නැති වුනාට . ඔයා කවුද කියලා අපි දන්නවනේ. කමක් නෑ." යනුවෙන් පැවසීය. ඉන්පසුව අයින්ස්ටයින්ව පසු කර අනික් මගීන්ගේ ටිකට් පරීක්ෂාකරමින් ගමන් කළේය.
    ටිකට් පරීක්ෂක අනිත් දුම්‍රිය මැදිරියට යාමට පෙර නිකමට හිස හරවා බැලූ විට දුටුවේ දණගාමින් සීට් යට තම ටිකට් එක සොයන අයින්ස්ටයින්වය.
    වහාම ඔහු වෙත දුව ආ ටිකට් පරීක්ෂක" අය්යෝ අයින්ස්ටයින් මහත්තයෝ... මම කිව්වනේ ටිකට් ඕනේ නෑ කියලා. ඔහෙව නොදන්න කෙනෙක් මේ ට්‍රේන් එකේ ඉන්නවද ? ඕක අල්ලල්ලා දාන්න "
    අයින්ස්ටයින් ඔහු දෙස බලා " හරි හරි.. මමත් දන්නවා මම කවුද කියලා. හැබැයි ප්‍රශ්ණේ තියෙන්නේ මම දන්නේ නෑ මම කොහෙන්ද යන්නේ ..බහින්න ඕන ස්ටේසම මොකක්ද කියලා. ඒකයි මේ ටිකට් එක හොයන්නේ ..!! " යනුවෙන් පැවසීය .
    😄
    😄


    5.
    දිනක් අයිස්ටයින් ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ තම කාර්‍යාලයේ වැඩකරමින් සිට එළියට යාමට අවශ්‍යතාවයක් ඇතිවී දොරේ" අයින්ස්ටයින් කාර්‍යාලයේ නැත" යනුවෙන් සටහනක් අලවා ගියේය. පැය භාගයකට පමණ පසුව ඔහු නැවත කාර්‍යාලයට එනවිට දොරේ මේ දැන්වීම දුටු ඔහු "අයින්ස්ටයින්" එනතුරු අසල තිබූ පුටුවක වාඩිවී සිටියේය. ටික වෙලාවකින් ඔහුට තමන් කවුදැයි මතක් වූ පසු නැවත කාර්‍යාලය තුළට ගියේය.

    6.
    දිනක් අයිස්ටයින් බසයෙන් ගමනක් යෑමට ටිකට පතක් මිළදීගෙන තමන්ට ලැබුණු ඉතුරු මුදල් ගණන් කර " මේ ඉතුරු සල්ලි වැරදීනේ යනුවෙන් " අදාළ පුද්ගලයාට පැවසීය .
    අයිස්ටයින්ව හදුනානොගත් ඔහු "කෝ බලන්න ..?" යනුවෙන් ඉතුරු සල්ලි පරීක්ෂාකර " මේ තියෙන්නේ හරියට ? ඔහේට ගණන් බැරිද ?" යනුවෙන් ඇසීය.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දවසක් ඔරලෝසු විකුණන කෙනෙක් අයින්ස්ටන් ළඟට ඇවිත් කිව්වාලු එයාගෙන් ඔරලෝසුවක් ගන්න කියලා.
    ඔරලෝසු 3 ක් තිබුණාලු. එකක වෙලාව විනාඩි කීපයක් වැඩියෙන් යනවාලු. තව එකක විනාඩි කීපයක් අඩුවෙන් යනවාලු. අනිත් එකේ වෙලාව නැවතිලාලු.
    අයින්ස්ටයින් අර පුද්ගලයාට කරන උදව්වක් විදිහට ඔරලෝසුවක් ගන්න තීරණය කළාලු. අයින්ස්ටයින් ගත්තෙ අර වැඩ කරන්නැති ඔරලෝසුවලු.
    අර පුද්ගලයා ඇහුවාලු ඇයි ඒක ගත්තෙ කියලා.
    අයින්ස්ටයින් කිව්වාලු "මේ ඔරලෝසුවෙ දවසකට දෙපාරක්වත් හරි වෙලාව පෙන්නනවානෙ" කියලා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,225
    1
    61,628
    113
    Mother Earth
    මම හිතන්නෙ ටෙස්ලගෙ ගොඩක් නිර්මාණ මූ හොරකම් කරා. ටෙස්ල පොන්නයෙක්. මූ ඌට පුකේ අරින්න ඇති කියල තමයි මට නම් හිතෙන්නෙ.
     
    • Like
    Reactions: D_Mad

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,773
    113
    අම්බකිස්ස
    මේක නන් ඇත්තම කතාවක් උඩ තියන කතා වල ඇත්ත ඒවද දන්නේ නෑ.මර්ලින් මුනරෝ අයින්ස්ටයින් හම්බුන වෙලාවක අහලා තියනවා අපි දෙන්නා එකතු වෙලා ලමයෙක් හදමු මගේ ලස්ස්නයි ඔයාගේ බුද්දියයි එකතු වෙලා සුපිරි මනුස්සයෙක් හැදෙයි කියලා.එතකොට අයින්ස්ටයින් කියලා තියනවා බැරි වෙලා හරි මගේ ලස්සනයි ඔයාගේ බුද්දියයි ආවොත්...ඒක නිසා ඒ වැඩේ නොකර ඉමු කියලා..
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    අයින්ස්ටයින් කාරයත් අංක එකේ දාර බඩු කාරයෙක්. ඔහොම හිටියට
     
    • Like
    Reactions: D_Mad

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    මගෙයි මුගෙයි ලොකු වෙනසක් නෑ බුද්දිය ඇරුනම :lol::lol::lol::lol::lol:

    කාර් එකේ ඔෆිස් ගිහින් අමතක වෙලා බස් එකේ ගෙදර ඇවිත් තියනවා මම
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මම හිතන්නෙ ටෙස්ලගෙ ගොඩක් නිර්මාණ මූ හොරකම් කරා. ටෙස්ල පොන්නයෙක්. මූ ඌට පුකේ අරින්න ඇති කියල තමයි මට නම් හිතෙන්නෙ.
    ටෙස්ලගෙ නිර්මාණ හොරකං කරේ තෝමස් අල්වා එඩිසන්.
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මම හිතන්නෙ ටෙස්ලගෙ ගොඩක් නිර්මාණ මූ හොරකම් කරා. ටෙස්ල පොන්නයෙක්. මූ ඌට පුකේ අරින්න ඇති කියල තමයි මට නම් හිතෙන්නෙ.
    Testa gen horakam kale Einstine newei.....Thomas Alwa Edison
     
    • Like
    Reactions: sidathsaumya

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    අයින්ස්ටයින්ට බල්ලෝ දෙන්නෙක් හිටියලු.එකෙක් ලොකුයි අනිකා පොඩියි.බලු කුඩුවක් හදලා බාස්ට දොරවල් දෙකක් දාන්න කිව්වලු පොඩි දොරකුයි ලොකු දොරකුයි.බාස් කිව්වලු ලොකු දොරක් දැම්මම බල්ලෝ දෙන්නටම යන්න පුළුවන් නේ කියලා. අයින්ස්ටයින්ට ඊට පස්සෙලු වැඩේ තේරුනේ.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මේ ගොඩක් කතා urban myths. ඔය මොළේ තියන බුලට් වල සිහිකල්පනාව අඩුයි කියන ජනප්‍රිය මතය පදනම් කරගෙන හැදුන ඒව. ඒ කොහොම වෙතත් අයින්ස්ටයින් දාර ගැනු ලෝලියෙක්. ආතල් එකේ හිටපු බුවෙක්.

    අයින්ස්ටයින්ට බල්ලෝ දෙන්නෙක් හිටියලු.එකෙක් ලොකුයි අනිකා පොඩියි.බලු කුඩුවක් හදලා බාස්ට දොරවල් දෙකක් දාන්න කිව්වලු පොඩි දොරකුයි ලොකු දොරකුයි.බාස් කිව්වලු ලොකු දොරක් දැම්මම බල්ලෝ දෙන්නටම යන්න පුළුවන් නේ කියලා. අයින්ස්ටයින්ට ඊට පස්සෙලු වැඩේ තේරුනේ.

    ඔය කතාව හයිසන්බර්ග් ටත් කියනව 🙂.