ඇල්බට් අයින්ස්ටයින්

djrox91

Well-known member
  • Sep 27, 2011
    686
    359
    63
    Matara
    ඇල්බට් අයින්ස්ටයින්

    පාසල් යන අවදියේ මා ආසාවෙන් කියවූ පොතක් විය. ක්වොන්ටම් භෞතික විද්‍යාව පිලිබඳ ලියවුනු එහි කාලය නමැති සිවුවන මානයක් පිලිබඳ අදහසක් විය. ලොව පවතින උපරිම වේගය 3x108 ms-1 ක් වූ නියත අගයක් බවත්, සෛද්ධාන්තිකව ගත්කල එම වේගයෙන් යන පදාර්ථයේ ස්කන්ධය හා කාලය ශූන්‍ය විය යුතු බවත් මා කියවූ අයුරු මතකය. ආලෝකයේ ප්‍රවේගයෙන් යන වස්තුවක කාලය නොගෙවෙන බව මා එදා කියවූයේ සුරංගනා කතාවක් කියවන්නාක් මෙනි. ආලෝකයේ photon වාදය (අංශුමය ස්වභාවය) පිලිබඳ සංකල්ප කියවීමට මා තුල විශාල ආශාවක් ඇතිවිය.
    මෙම ලිපිය ක්වොන්ටම් භෞතික විද්‍යාව පිලිබඳ විද්‍යාත්මක න්‍යාය විශ්ලේෂනයක් නොවේ. කුඩාකල පටන් මා ප්‍රියකල ක්වොන්ටම් භෞතික විද්‍යා ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු ගැන වූ කෙටි චරිතාපදානයකි.

    1879 මාර්තු 14 ජර්මනියේ උපත ලද අයින්ස්ටයින් කතාකරන්න පටන්ගන්නේ වයස අවුරුදු 3ක් ගතවූ පසුවයි. දෙමාපියන් එතෙක් සිතා සිටියේ ඔහු ගොලු දරුවෙක් කියායි. ඇල්බට් පාසලේදී ඉතා දුර්වල ශිෂ්‍යයෙකු විය. මේ නිසා නිරතුරුව ගුරුවරුන්ගේ දෝෂදර්ශනයට ලක්වීමට ඔහුට සිදුවිය.
    විදුලි උපකරන අලුත්වැඩියා කරන්නෙකු වූ ඇල්බට්ගේ පියා තම ව්‍යාපාර බංකොලොත් වීම නිසා ඉතාලියටත්, එතනින් ස්විට්සර්ලන්තයටත් සංක්‍රමනය විය.
    1896 දී ඔහු සුරිච් බහුතාක්ෂනායතනයට ඇතුලත්වන්නේ ඇතුල්වීමේ විභාගය දෙවෙනි වතාවට සමත් වීමෙනි.
    1901 දී ස්විට්සර්ලන්තයේ පුරවැසිබව ලබාගන්නා ඇල්බට්, මේ කාලයේදී සිය උපාධිය නිමකර ‍රැකියාවක් සොයාගැනීමට වෙහෙසවිය.
    පසුව තම මිතුරෙකුගේ ධනවත් පියෙකු මාර්ගයෙන් පේටන්ට් කාර්යාලයක 3වන පන්තියේ සේවකයෙකු ලෙස ‍රැකියවක් ලැබුනි.
    ඒ 1902 වර්ෂයයි. භෞතික විද්‍යාව පිලිබඳ දැඩි ආශාවක් තිබූ ඇල්බට්, තම පර්යේෂණ කටයුතු සඳහා සහායිකාවක් සොයා ගනී. ඒ Mileva Marić ය.
    ඇය මේ කාලයේදී ඇල්බට්ට දාව දියනියක වැදූ අතර පෝෂණ ඌණතාවයක් නිසා මාස කීපයකින් මියගිය බව සඳහන්ය.
    1903දී මිලීවා සමග විවාහවූ ඇල්බට්, පුතුන් දෙදෙනෙකුගේ පියෙක් විය.
    ඔහුගේ බාල පුතු ස්නායු රෝගියෙකු වූ බවත්, ඇල්බට් ඔහුගැන කල කිරීමෙන් සිටි බවත් සඳහන්ය.1905දී ඇල්බට් විශේෂ සාපේක්ෂතාවාදය ලොවට හඳුන්වාදෙන්නේ තම ආචාර්ය උපාධි නිබන්ධනය සඳහාය.
    1919දී මිලීවාගෙන් දික්කසාදවූ ඇල්බට්, සිය ඥාති සොහොයුරියක වූ එල්සා සමඟ විවාහ විය.
    1922දී මේ මහා විද්‍යඥයා ලංකාවට පැමිනිබව සඳහන්ය. එල්සා සමඟ ලංකාවට පැමිනි ඔහුට රික්ෂෝ රථයක යාමට සිදුවූ බවත්, මිනිසෙක්‌ විසින් ඇදගෙන යන කරත්තයක ගමන් කිරීමට අකමැතිවූ බවත් සඳහන්ය.
    ලංකාවෙන් පිටත්වී සිංගප්පූරුවටත් එතනින් චීනයටත් ගිය අයින්ස්ටයින්ට ඉතා ප්‍රීතිජනක පුවතක් ලැබුනි. ඒ ඔහුට 1921 භෞතික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගය හිමි වූ බවයි. ප්‍රකාශ විද්යුත් ආචරණ මූලික කරගත් ඔහුගේ සෙද්ධාන්තික සොයාගැනීම් සඳහා මෙම ත්‍යාගය හිමිවිය.

    මේ අතරතුර කාලයේදී භෞතික විද්‍යාව පිලිබඳ ආචාර්ය, මහාචාර්ය, අධ්‍යක්ෂක තනතුරු කීපයක් හෙබවීමට ඇල්බට් අයින්ස්ටයින්ට හැකිවිය.
    1927දී පැවති භෞතික විද්‍යාව පිලිබඳ මහා සමුලුවට (Solvay Conference) සහභාගි වීම ඇල්බට් අයින්ස්ටයින්ගේ ජීවිතයේ වැදගත් අවස්ථාවකැයි මට සිතේ.



    Solvay Conference - 1927
    — with P. Debye, Gavin I. Langmuir, M. Knudsen, A. Piccard, M. Planck, E. Henriot, W.L. Bragg, P. Ehrenfest, M. Curie, H.A. Kramers,E. Herzen, H.A. Lorentz, Th. De Donder, P.A.M. Dirac, E. Schrödinger, A. Einstein, A.H. Compton, J.E. Verschaffelt, P. Langevin, L. de Broglie, W. Pauli,Ch. E. Guye, M. Born, W. Heisenberg, R.H. Fowler, C.T.R. Wilson, Aage N. Bohr,L. Brillouin and O.W. Richardson.




    පසුව ඇමරිකාවට සංක්‍රමණයවූ අයින්ස්ටයින් 1940දී ඇමරිකානු පුරවැසිභාවය ලබාගන්නා ලදී. ජීවිතයේ සැඳැකාලය ඇමරිකාවේ ගතකල මේ මහා විද්‍යාඥයාගේ ජීවිත කතාවේ අඳුරු තැන් කීපයක්ද විය. දුම්පානයට දැඩි රුචිකත්වයක් දැක්වූ ඔහුට පෙම් සබඳතා රාශියක් වූ බව සඳහන්වේ.


    විටෙක ඔහු දක්ෂ වයලීන වාදකයෙකු විය. තවත් විටෙක ඔහු නිහතමානී මිනිසෙක් විය. 1952දී ඊශ්‍රායලයේ ජනාධිපතිධූරය ඔහුට පිරිනැමුනි. දන්නා විද්‍යාව පසෙකලා නොදන්නා දේශපාලනයක් කිරීමට තරම් අනුවණ නොවූ ඔහූ එම ඉල්ලීම නිහතමානීව ප්‍රතික්ෂේප කරනලදී.

    1955 අප්‍රේල් 18 දින ඔහු නො එන ගමන් ගියත්, ඔහු ලොවට දායාද කල භෞතික විද්‍යා න්‍යායන් අදත් අප අතර නොනැසී පවතී.

    Source:-
    http://nishuoc.blogspot.com/2011/09/blog-post_14.html