ඇල්ෆා මේල්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    .
    ඉකොනොමියෙ ඉච්ජාභංගත්වය ප්‍රෝසෙස් කරගන්න නෙමෙද පොඩි කොල්ලො ඇල්ෆා මයින්ඩ්සෙට් එක බදන් ඉන්නෙ. දැනටම ඉන්නව නේ ගෑනු සහ රොමෑන්ටික් බැඳීම් රිනවුන්ස් කරන කොල්ලො. මුන්ට බැනල වැඩක් නෑ තේරෙන්නෙත් නැතුව ඇති වැරැද්ද කොතනද කියල. කල්පිතයක් විදිහට දෙවනි ලෝක යුද්දෙන් පස්සෙ තිබ්බා වගෙ බුරිය උල් වෙන සැප පහසු ආර්ථිකයක් ඇති උනා කියල හිතන්න, ඔය ගොඩක් කල්ට් නැති වෙලා යනව (කියල හිතෙනව ඈ ෂුවර් නෑ).
    සැහෙන සෙට් එකක් වලකජ්ජ ගහපු එකද එහෙම ආර්ථිකයක් හැදෙන්න මූලිකම හේතුව
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ගැනි හම්බකරලා මිනිහා ගෙදර ඉන්නවනම් ඌ ගෙදර වැඩ ටික කරන්න ඕනේ .

    හැබැයි මිනිහා හම්බ කරලා ගෑනි ගෙදර ඉන්නවා නම් මිනිහා වැඩ ඇරිලා ඇවිල්ල අඩු ගානේ උදව්වක්වත් දෙන්න ඕනේ ,

    දෙන්නම රස්සාව කරනවා නම් දෙන්නා බෙදාගෙන වැඩ ටික කරන්න ඕනේ,

    ඔය මොක කලත් කඩේ යන්න වෙන්නේ පිරිමියාට , ඒක නිසා බදින්න ඉන්න උන් .අලුත බැදපු උන් ඕවා පුරුදු වෙන්න ඕනේ ,

    මොකද අන්තිමට පාඩුවේ ඉන්න ටික වෙලාවක් හම්බෙන්නේ කඩේ යන එකයි ,රෙන්න යන එකයි විතරයි,


    රෙන එකත් හිස රුදාවක් වෙනවා පොඩි උන් ඉන්නකොට,උන් දොර කඩන්න හදනවා,

    අත්දැකීමෙන් කියන්නේ ප්‍රෙන්


    ඇල්ෆා මේල් වෙන්න පුළුවන් පට්ටම සල්ලි කාරයෙක් නම් .
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,338
    6,518
    113
    පවුලේ කටයුතු දෙදෙනාටම අවශ්‍ය පරිදි ඉටුකිරීමට සිදුවනවා. නීති රීති දාගෙන මතවාද හදාගෙන සාමයෙන් ජීවත්වෙන්න බෑ.
    alfa male කියන්නෙ බිරිඳට සහය නොදීම නෙමේ, ඇල්ෆා මේල් කෙනෙක් සාමාන්‍යයෙන් සමාජ කණ්ඩායමක ප්‍රමුඛ හා වඩාත්ම බලගතු සාමාජිකයා කියලා කියන්න පුලුවන්. ඇල්ෆා නායකයින්ගේ මානසිකත්වය ශක්තිමත්, විශ්වාසදායක, ස්ථිරසාර සහ ඔහුගේ පරිසරය පාලනය කරනව. ඔහුගේ සම වයසේ මිතුරන් කෙරෙහි බලය පිළිබඳ හැඟීමක් පවත්වා ගනිමින් ඔහු වටා සිටින අයව මෙහෙයවීමට, පෙළඹවීමට සහ ප්‍රබෝධමත් කිරීමට ඔහුට හැකියාව තියනවා.
     
    • Like
    Reactions: Wade Ripple

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    .

    සැහෙන සෙට් එකක් වලකජ්ජ ගහපු එකද එහෙම ආර්ථිකයක් හැදෙන්න මූලිකම හේතුව

    ඕකටත් වඩා බ්‍රෙටන් වුඩ්ස් සහ අනික් කාරනා ටික වෙන්න ඕනෙ. හැත්තැ ගණන් වල ගෝල්ඩ් එක්ස්චේන්ජ් ක්‍රමෙ වැටෙනකම් ඒකෙ වාසියක් ඇමරිකාව බ්‍රිතාන්‍යෙට තිබුනා, ඉන්ටනැෂනල් ට්‍රේඩ් වැඩි උනා, උද්ධමනය වෙනස් නොවුන තරම්. මාශල් ප්ලෑන් එක යටතෙ වැඩි උන ඇමරිකාවෙ එක්ස්පෝට්, වැටිල හිටපු යුරෝපෙ රටවල් වල මාකට් එකක් විවෘත වීම නිසා. පස්සෙ ස්ටර්ලින් පවුම් වැටීමත් එක්ක ඩොලර් එක තනි ස්ටෑන්ඩර්ඩ් එක උනා. යුද්ධෙත් එක්ක සහ පස්සෙ දිගටම ඇති උන මිලිටරි ඉන්ඩස්ට්‍රි නිසා ඇතිවුන මාකට් (යුද්ධෙ කාලෙ ලෝකෙ බටහිර හරියට වැඩකරමින් ඉතිරිවෙල තිබ්බ මාකට් එක ඕක විතරයි කියල් කියන්නෙ) සහ අසීමාන්තිකව ෆන්ඩ් කරපු රිසර්ච් (blue skies research).
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය ඇල්ෆා මේල් සීන් එක වාහන ගද්දිත් මතුවෙනව නේද? උන් පොඩි සිටි වාහන වලට කැමති නෑ. පරණ උනත් සද්දෙ දාගෙන යන්න ඕනෙ. ස්කූටි වලට කැමති නෑ, ටැංකිය පුම්බල තියන්න ඕනෙ. සල්ලි නැතත් ලොරි ටෝක්. අනුන්ගෙ වැරදි පෙන්නල බන දෙසනව, තමන්ගෙ වැරැද්දක් පෙන්නපු ගමන් නෝන්ඩියට මල පනිනව. හොස්ස ලඟින් ගියත් ගහගන්න කතාව. පයින් යන්න කැමතිත් නෑ හති වැටෙනව. රෑට එලියට බහින්නෑ හොල්මන් වලට බයයි. දේවාලයක් ජෝතිෂ කාරයෙක් දැක්ක ගමන් රැවටෙනව.

    ටිකක් රාජපස්ස ටයිප් එවුන් කියල හිතෙන්නෙ නැද්ද :baffled:
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඔය ඇල්ෆා මේල් සීන් එක වාහන ගද්දිත් මතුවෙනව නේද? උන් පොඩි සිටි වාහන වලට කැමති නෑ. පරණ උනත් සද්දෙ දාගෙන යන්න ඕනෙ. ස්කූටි වලට කැමති නෑ, ටැංකිය පුම්බල තියන්න ඕනෙ. සල්ලි නැතත් ලොරි ටෝක්. අනුන්ගෙ වැරදි පෙන්නල බන දෙසනව, තමන්ගෙ වැරැද්දක් පෙන්නපු ගමන් නෝන්ඩියට මල පනිනව. හොස්ස ලඟින් ගියත් ගහගන්න කතාව. පයින් යන්න කැමතිත් නෑ හති වැටෙනව. රෑට එලියට බහින්නෑ හොල්මන් වලට බයයි. දේවාලයක් ජෝතිෂ කාරයෙක් දැක්ක ගමන් රැවටෙනව.

    ටිකක් රාජපස්ස ටයිප් එවුන් කියල හිතෙන්නෙ නැද්ද :baffled:
    Apo muscle car nan ganna epa. 1971 charger ekak aran hena kattak kava