ඇලෝසියස්ට ඇප දීමට තීරණය වෙයි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඇලෝසියස්ට ඇප දීමට තීරණය වෙයි

    අර්ජුන් ඇලෝසියස්ට කොන්දේසියක් මත ඇප දීමට තීරණය වෙයි!

    රක්ෂිත බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා කොන්දේසියකට යටත්ව ඇප ලබා දීමට තීරණ වී ඇතැයි වාර්තා වෙයි.

    රජයේ ඉහළ තැනකින් ඒ සඳහා අවසරය ලැබී ඇති බවයි වාර්තා වුණේ. (මහින්ද රාජපස්ස සීමතානන් ගේ රජයෙන් වෙන්ඩ බෑ, මයිට්‍රීපාලර්ගේ රජයෙන් වෙන්ඩැති ) :D :D

    ඒ අනුව ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුවේදී මුදල් බෙදී ගිය ආකාරය අර්ජුන් ඇලෝසියස් මහතා විසින් අධිකරණයේදී ප්‍රකාශ කළ යුතු වෙයි.

    එම කොන්දේසියට එකඟ නම් ඔහුට ඇප ලබාදීමට කටයුතු කළ හැකි බවයි රජයේ ඉහළ තැනකින් අවධාරණය කර ඇත්තේ.

    මේ වනවිට ඇලෝසියස් මහතාගේ පෞද්ගලික හේතු මත ඔහුට හැකි ඉක්මණින් නිදහස් වීමේ අවශ්‍යතාව මතුව ඇති අතර ඔහුද එම කොන්දේසියට එකඟවී ඇති බවයි ලංකා නිවුස් වෙබ් වෙත වාර්තා වූයේ.

    මෙම තත්ත්වය මත ඉදිරියේදී ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් වසන් කරමින් තිබූ තොරතුරු රැසක් හෙළිදරව් වනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.

    අර්ජුන් ඇලෝසියස් මහතාගේ එම එකඟතාවට අනුව ඔහු සමඟ රක්ෂිත බන්ධනාගාරගතව සිටින පර්පෙචුවෙල් ට්‍රේෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන මහතාටද ඇප හිමිවනු ඇති.

    2018 පෙබරවාරි මස 04 වැනි දින ඔවුන් දෙදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුව ගන්නා ලදී.

    ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා විශේෂ ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කළ අතර එම විමර්ශනයන්ගෙන් අනතුරුව අර්ජුන් ඇලෝසියස් හා කසුන් පළිසේන යන දෙදෙනා අත්අඩංගුවට ගැනුණි.

    එමෙන්ම ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව නිසා එවකට මුදල් ඇමතිව සිටි රවී කරුණානායක මහතාට සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූ අතර ඊට ඔහුගේ සම්බන්ධයක් ඇති බවට පැහැදිලි සාක්ෂි නොතිබීම හේතුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රවී කරුණානායක මහතාට එල්ලකර තිබූ චෝදනා වලින් නිදහස් කෙරුණි.

    මෙම ප‍්‍රශ්නගත භාණ්ඩාගාර බැඳුම්කර ගණුදෙනුවෙන් රජයට රුපියල් කෝටි 1006 කට ආසන්න පාඩුවක් සිදුවී ඇති බවට කොමිසමේ දී සාක්කි ඉදිරිපත් වූ බව නීතී විශාරදයෝ පෙන්වාදී තිබුණි.



    https://lankanewsweb.net/sinhala/%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82-%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B6%AD%E0%B7%8A/35573-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%87%E0%B6%BD%E0%B7%9D%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%A7-%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B6%AD-%E0%B6%87%E0%B6%B4-%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7-%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA-%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
     
    Last edited:

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia

    රජයේ ඉහළ තැනකින් ඒ සඳහා අවසරය ලැබී ඇති බවයි වාර්තා වුණේ. (මහින්ද රාජපස්ස සීමතානන් ගේ රජයෙන් වෙන්ඩ බෑ, මයිට්‍රීපාලර්ගේ රජයෙන් වෙන්ඩැති ) :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රජයේ ඉහළ තැනකින් ඒ සඳහා අවසරය ලැබී ඇති බවයි වාර්තා වුණේ. (මහින්ද රාජපස්ස සීමතානන් ගේ රජයෙන් වෙන්ඩ බෑ, මයිට්‍රීපාලර්ගේ රජයෙන් වෙන්ඩැති ) :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    mara nikanma pin agamathi.sirage wada thama owa.:yes:
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,833
    645
    113
    mara nikanma pin agamathi.sirage wada thama owa.:yes:


    ජයවේවා!!!

    අඩෝ හදුනා... උබේ බඩ බුරැල්වෙලා යනවා කියන්නේ හැබෑද මේවා අහලා...