ඇවන්ගාඩ් සමාගමට යුරෝපයේ ඉහළම සම්මානය. නර&#3540

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ඇවන්ගාඩ් සමාගමට යුරෝපයේ ඉහළම සම්මානය. නර&#3540

    ඇවන්ගාඩ් සමාගමට යුරෝපයේ ඉහළම සම්මානය. නරුම පාලකයින්ට කට උත්තර නැති වෙයි.

    එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් නුවර පිහිටි යුරෝපිය ව්යාපාරික සම්මේලනය විසින් ලෝකයේ විශිෂ්ටතම ජාත්යන්තර සමුද්රාරක්ෂක ක්ෂේත්රයේ ව්යාපාරික සන්නාමය සඳහා වාර්ෂිකව පිරිනමන ‘සොක්රටීස් සම්මානය’ 2016 වසර සඳහා පිරිනමා ඇත්තේ ශ්රිලංකාවේ ඇවන්ගාර්ඩ් සමුද්රාරක්ෂක සමාගමටය.

    ලොව පුරා පවතින ප්රධාන පෙලේ සමුද්රාරක්ෂක සමාගම් 175ක් පසුපසට ඇද දමමින් මෙම සම්මානය ඇවන්ගාර්ඩ් සමාගම දිනා ගෙන ඇත. පසුගිය 7 වනදා ප්රංශයේ කේන්ස් නුවර කාර්ල්ටන් ඉන්ටර්නැෂනල් හෝටලයේදි මෙම සම්මාන පිරිනැමීම සිදුකොට තිබේ.

    කෙසේ නමුත් වත්මන් යහපාලන යැයි කියා ගන්නා ආණ්ඩුව බිහිවීමෙන් පසුව ඇවන්ගාඩ් සමාගමට එරෙහිව චෝදනා පිට චෝදනා එල්ල විය. මූල්ය චෝදනා, අවිජාවාරම් චෝදනා ඒ අතර විය. මේවන විට අල්ලස් කොමිසම මෙම සමාගම විසින් රජයට පාඩුවක් සිදු කළාය යනුවෙන් චෝදනා කොට නඩු පැවරීම සිදුකොට ඇති අතර බරපතල අපරාධ පිලිබඳ ජනාධිපති විමර්ශන විශේෂ කොමිසමද පසුගියදා නිවේදනය කර තිබුනේ එම විමර්ශන අවසන් කර ඇති බවත් නෛතික පියවර ගන්නා බවත්ය.

    කෙසේ නමුත් ඇවන්ගාර්ඩ් සමාගමට එරෙහිව ක්රියාත්මක වූ මෙරට බලවේග දේශපාලන වුවමනාවන් හා කප්පම් මුදල් නොලැබීම හා එම ව්යාපාරය තමන් සන්තක කර ගැනිමේ වුවමනාවන් මත ක්රියාත්මක වු බව පැහැදිලිව අනාවරණය විය. එහෙත් මේ දක්වා පැහැදිලි චෝදනාවක් එම ව්යාපාරයට එරෙහිව සිදුකර නොමැත. අල්ලස් කොමිසම විසින් පැවැරූ නඩුවද විවාදාපන්නය.

    මෙරටදි චෝදනා පිට චෝදනා එල්ල වී ඇති මොහොතක ඇවන්ගාර්ඩ් සමුද්රාරක්ෂක සමාගමට ජාත්යන්තරයෙන් විශිෂ්ට ඇගයුමක් ලැබී තිබීම මෙම චෝදනා සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට චූදිතයන්ට සිදුවනු ඇති නමුත් කෙසේ හෝ මෙම සමාගම විනාශ කර දැමීමේ නොනිත් ආශාවෙන් පෙලෙන නිසා ඔවුන් ඒ නොසලකා හැරීම සිදුවිය හැකි වූවත් සිහි බුද්ධියක් ඇති ජනතාවට ඒ ගැන නොතකා සිටිය නොහැක.

    යහපාලන යැයි කියාගන්නා ආණ්ඩුව බිහි වූ දා පටන් ඇවන්ගාඩ් ආයතනය විනාශ නොකරන්නට මේ වන විට එම ආයතනය ලෝකයේ විශාලතම ජාත්යන්තර මුහුදු ආරක්ෂණ ආයතනය වීමට ඉඩ තිබූ බව විශේෂඥයින්ගේ මතයයි.

    ඇවන්ගාඩ් ආයතන සම්බන්ධයෙන් එජාපයෙන් මඩ ගසද්දී mahinda.info වෙතින් ජනතාවට දිගින් දිගටම එහි නිර්දෝශී භාවය සහ එහි ඇති ජාතික වැදගත්කම පැහැදිළි කළෙමු.
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    1. මුහුදු කොල්ලකරුවන්ව භීතියට පත් කළ අපේ රටේ පාවෙන අවි ගබඩාව ගැන අප්රසිද්ධ තොරතුරු
    2. පාවෙන අවි ගබඩාව ගැන කරන මඩ චෝදනා වලට ගෝඨාභය මහතාගේ පිළිතුරු ((video))
    3. පාවෙන අවි ගබඩාව නීත්යානුකූලයි, ඒත් ගෝඨාභය ව සිරගත කිරීමට සූදානම්.
    4. “ගෝඨාභය” නම නැවතත් බබළයි. අවි ගබඩාව නීත්යානුකුලයි! යහපාලනෙන් නඩුව ඉල්ලා අස් කර ගනී.
    5. පාවෙන අවි ගබඩා නඩුව යහපාලනයෙන් ඉල්ලා අස් කර ගැනීම ගැන ගෝඨාභය මහතාගේ අදහස.

    ඇවන්ගාඩ් ආයතනය සම්බන්ධ කරගනිමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දිගින් දිගටම විවිධ චෝදනා එල්ල කරමින් ඔහුව වැලිකඩට දැමීමට හැදූ අතර එජාප වෙබ් මඩකරියන් විසින් තොරක් නැතිව මඩ ගැසීම සිදුකරන ලදී. නිශ්ශංක සෙනාධිපති මහතා ඇතුළු ඇවන්ගාඩ් ආයතනය මෙහෙයවූ හිටපු නාවික හමුදපතිවරුන් ප්රමුඛ රණවිරුවන් ගණනාවක්ම සිරගත කරන ලදී. එදා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දුර දක්නා නුවනට අද ජාත්යන්තර ඉහළතම සම්මාන ලැබෙද්දී එජාප මඩකරියන්ට දැන් කට උත්තර නැති වී තිබේ.

    ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතු මොහොත ඉහත පින්තූරයේ දැක්වේ… ගෝඨාභය රාජපක්ෂ මහතාව එලෙස මොහොතකට හෝ උසාවියේ සිර කූඩුවට දැමූයේ ඔහු සුදු කොඩි කතාව කියා හමුදාව පාවාදීමක් නිසා නොවේ. හමුදා නිලඇඳුම ඇඳන් දේශපාලනය කළ නිසා නොවේ. හයිකොප් ජාවාරමක් නිසා නොවේ. සිනමන් ලේක්සයිඩ් හෝටලයේ සිට හමුදා කුමන්ත්රණයක් සැලසුම් කිරීම නිසා නොවේ. ඔහුව සිරගත කළේ ශ්රී ලංකාවට මුළු මහත් ජාත්යන්තරයේම කීර්තියක් ලබා දුන් ඇවන්ගාඩ් ආයතනය අධිකව ලාභ ලැබූවා කියමිනි. එජාපය සහ රතු අලි පැටියා පැවසූ ලෙසට ඇවන්ගාඩ් ආයතනයේ කිසිම හෝ දූෂණයක් සිදුවුණානම් එවැනි ජාත්යන්තර සම්මාන ලැබෙන්නේ නැත. ඇවන්ගාඩ් ආයතනයට යුරෝපයේ ඉහළම සම්මානය ලැබෙද්දී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව එසේ කූඩුවට දැමූ අයට දැන් සතුටුද?
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    Following are the celebrities in Sri Lanka by Yahapalana Government.

    http%3A%2F%2Fi.huffpost.com%2Fgen%2F2479512%2Fimages%2Fn-LTTE-628x314.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වද &න්නය දන්නෙ රට විනාශ කරන්ඩ විතරයි, ඇවගාඩ් එකට කෙලිය සක්කිලිය, දැන් බිස්නස් එක ඉන්දියාවෙන් අල්ලගෙන, වෙනස බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62 මීහරක්ට දැන් සතුටුද???