අල්ලස් කොමිසම විසින් තාක්ෂනික දොෂ සහිතව ගොනු කිරිඔ නිසා නිශ්ප්‍රභා වූ ඇවන්ගාට් නඩුව වෙනුවට
මෙරට අපරාධ නඩුවකට එරහිව ගොනුකල වැඩිම අදි චෝදනා (7532) සහිතව රජයේ නීතීපති දෙපාර්තමේන්තුව ත්‍රීපුද්ගල විශේෂ මහාධිකරණයෙදී ඇවන්ගාට් නඩුව ගොනුකරයි!
චෝදනා 7537 ක් යටතේ ඇවන්ගාඩ් චූදිතයන්ට විශේෂ මහාධිකරණය හමුවේ අද(27) අධි චෝදනා ගොනු කරයි.
ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාව සම්බන්ධව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ පවරා ඇති නඩුව අද (27) විභාගයට ගැනීමට නියමිතය.
ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ. විශේෂත්වය වන්නේ ඔවුන්ට එරෙහිව චෝදනා 7537 ක් යටතේ අධි චෝදනා ගොනු කිරීමට නියමිතය. මෙය මෙරට අධිකරණ ඉතිහාසයේ එක් නඩුවකට අදාලව ගොනු කරන වැඩිම අධි චෝදනා ප්‍රමාණය ද වේ.
මෙම නඩුව ධම්මිකා ගනේපල මහත්මිය, ආදිත්‍ය පටබැඳිගේ මහතා, මංජුල තිලකරත්න මහතා යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය.
මීට පෙර අල්ලස් කොමිසම විසින් ඇවන්ගාඩ් පාවෙන අවි ගබඩාවට අදාලව ගොනුකර තිබූ අල්ලස් නඩුවෙන් එම නඩුව ගොනු කිරීමේ දෝෂ හේතුවෙන් එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටි ගෝඨාභය රාජපක්ෂ, නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අධිකරණය විසින් නිදහස් කෙරිණි.