ඇවන්ට්ගාඩ්vsරක්නා.ලංකා

monson

Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    රක්නා ලංකා දෙන්නම් කාසිවලට අවි අරං

    කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ගබඩා කර තිබූ අවි කුලී පදනම මත රජයේ හමුදාවලින් ලබා ගත් බවත්, රක්නා ලංකා සමාගම එම අවිවලට ගෙවිය යුතු මුදල් ගෙවා නැති බවත්, විශ්‍රාමික මේජර් ජනරාල් විජේකෝන් බණ්ඩාර පැවසීයැයි කුරුඳුවත්ත පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්නේය.

    එහි තිබී ටීපනස් අය රයිෆල් 44ක්, එස් 84 අවි 35ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 32ක්, බෝර 12 තුවක්කු 29ක් හා තුවක්කු 10ක් (මුළු ගණන 151) හමු විය.

    එහෙත් රක්නා ලංකා අවි ගබඩාවේ භාණ්ඩ ලැයිස්තුව අනුව ටීපනස් හය රයිඨල් 2300ක්, එස් 84 අවි 670ක්, සැහැල්ලු මැෂින් තුවක්කු 385ක් (මුළු ගණන 3473) තිබිය යුතු බව පොලිසිය අධිකරණයට දැන්වීය.

    මෙම ගබඩාවේ අවි පොලිස් විශේෂ කාර්ය බළකායට හා වෙනත් ආරක්ෂක අංශවලට නිකුත් කළ බව රක්නා ලංකා අධ්‍යක්ෂ පැවසූ බව ද පොලිසිය අධිකරණයට දැන්වීය. ඒ සම්බන්ධයෙන් තවත් වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා පොලිසියට නියෝග කළේය.

    විභාගය ලබන 23 වැනි දාට කල් තැබිණි.


    - http://www.lankadeepa.lk/index.php/top_story/292516
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    Shocking revelations of deep security state within the State


    By Our Political Editor

    Defence Ministry-sponsored private army links up with private maritime company supplying arms
    Huge armouries of private firms kept in Galle Navy camp and at BMICH; potential threat to C’wealth leaders and Pope

    President calls for explanation from new Defence Secretary for trying to defend predecessors actions

    Revelations of corruption, abuse of power and a multitude of other illegal acts under the reign of the previous UPFA Government are unfolding day by day.
    In this midst, the role of a private security company which ran a veritable army in a controversial tie-up with a Defence Ministry sponsored security agency, is now under investigation by the Police and has raised some alarming questions. Police sought the advice of the Attorney General as several aspects were uncovered.

    They were told last week that the legal issues arising from the tie-up between Rakna Arakshaka Lanka Limited (RALL) and the privately owned Avant Garde Maritime Services Ltd. (AGMSL) needed very close and careful study. Hence, the Attorney General has said that a team of State Attorneys have been appointed to go into all aspects of the matter and advice on the follow-up action required. The team’s task will begin next week. Among matters to be examined is the legality of the operation and whether the Government of Sri Lanka had the legal right to transfer weapons in its possession to a private security company. That too without the approval of the Cabinet of Ministers and without any calls for international tenders thereafter.

    The AGMSL website notes that the company’s role is “provision of Sri Lanka Government Owned Weapons and Associated equipment to PMSC’s (private maritime security companies)” which is returnable to ports in Muscat and Mauritius, both as is clear, outside Sri Lanka. Among the weapons are Chinese made T-56, Russian Kalashnikovs (AK 47s) assault rifles, 7.62 ammunition for these weapons, Light Machine Guns (LMGs), ballistic helmets, body armour, Night Vision Goggles, Radio Sets (for communications) and flashlights.

    RALL questioned by COPE

    The RALL was the brainchild of former Defence Secretary, Gotabaya Rajapaksa. The company is registered with the Registrar of Companies and is not answerable to Parliament. It is yet a Government undertaking. This is what last year’s report by the Parliamentary Committee on Public Enterprises (COPE) had to say:

    The Committee enquired about the category of personnel who were recruited to the Company – It was stated that the ex-security personnel, those who have retired or legally resigned from the Sri Lankan Armed Forces and Police Service were recruited and they were being paid a salary in addition to their pensions.
    It was enquired whether the Company, as a unit of providing maritime security, has taken any action on the threat caused to Sri Lanka Fishermen by the Indian Fishermen in the Northern Sea: It was stated that this matter has not yet been considered by the Company.

    It was questioned about the matter pointed out at the last Committee meeting that the Company has invested funds without obtaining Treasury approval – It was stated that being a private company, it was not required to obtain Treasury approval and the problem had been regularised by obtaining the approval of the Board of Directors.

    It is not clear whether RALL declared dividends to the State. After all it has not only used state funds entirely but all other state assets including weapons belonging to the Government. Among those who were on the board of directors was Mohan Peiris, the Chief Justice, who is now at the centre of a heightening controversy. RALL has won contracts to provide security in different state institutions and state-backed institutions ousting other private operators. Many lost employment opportunities in the latter. RALL also operates catering services and restaurants competing with the private sector. RALL’s strength at present is 4,000.

    The AGMSL is a subsidiary company of Avant Garde Security Services (Pvt.) Ltd. located in Kotte. The prime mover in this private venture is a former commando, retired Major Nissanka Senadipathy and the company’s website boasts of an employee strength of 6,500 which is almost a quarter of the strength of the Sri Lanka Air Force. It is also six and half times bigger than the Sri Lanka Coast Guard. On Friday, Senadipathy was banned from leaving Sri Lanka by Colombo’s Chief Magistrate Gihan Pilapitiya. Top armed forces and Police officials who are retired, including at least two former Navy Commanders, have been employed by this company for whopping wages. Senadipathy is a strong supporter of the UPFA and campaigned for former President Mahinda Rajapaksa at the January 8 presidential election. He is also considered a close confidant of former Defence Secretary Gotabaya Rajapaksa.


    It was a top Sri Lanka Navy officer who once recommended that the tasks now being carried out by Avant Garde Maritime Services could not be handled by his institution. The move did surprise senior Navy officers then. Some alleged this was pre-arranged but this could not be confirmed. Their concerns were heightened by the fact that the Navy had been equipped; its strength multiplied and better organised professionally to cope with a terrorist threat when RALL was formed in October 2006. This not only paved the way for the RALL-AGMSL tie-up but also led to the officer concerned being recruited to a top slot after retirement. He is receiving a six figure monthly salary, a luxury SUV and other perks.

    The probe itself began by chance after the discovery of weapons on board the fully air-conditioned MV Mahanuwara, a vessel owned by AGMSL, when it was at the Galle Harbour. It came on a tipoff to the Harbour Police. The new Defence Secretary, B.M.U.D Basnayake, told the media last week that “it was a legitimate project” with the military hardware found on this vessel described as a floating armoury. Police investigations were still under way when he made those remarks. In a separate statement, Basnayake also said that a bank account of the MoD, opened by his predecessor Gotabaya Rajapaksa “is not a personal account and has been operated by the Ministry within legal parameters.” In effect, Basnayake was publicly contradicting Finance Minister Ravi Karunanayake who made the disclosure to the media. Karunanayake was wrong when he said it was a “personal account” but a question about legality remained.

    Basnayake’s assertions became the subject of a lengthy discussion at the first meeting of the Cabinet of ministers of the National Unity Government last Wednesday evening. It was revealed by Finance Minister Karunanayake that the account in the Taprobane Branch of the Bank of Ceylon was registered as that of “Gotabaya Rajapaksa, Secretary, Ministry of Defence…” He said in terms of Financial Regulations, no Ministry Secretary was allowed to open accounts and deposit proceeds from the sale of state property. They have to be deposited in the Consolidated Fund in The Treasury, he said. The monies had accrued after the outright sale of land adjoining Army Headquarters including the sale of the Army’s former playground to Shangri La Hotels.


    - http://www.sundaytimes.lk/150125/co...p-security-state-within-the-state-131923.html
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    10389275_1593723334183918_5645613701959255881_n.jpg
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Update 2015 - 01 - 27

    ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබෙමින් තිබූ ඇමරිකානු ඩොලර් කෝටි 30ක් (රුපියල් කෝටි 3,900ක්) පමණ වූ ආදායම අහිමි කරමින් ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් නමින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් මැදිහත්වී පිහිටුවන ලද සමාගමට ලැබෙමින් පවතින බව අනාවරණය වේ.

    ත්‍රිවිදහමුදාවන්ගෙන් විශාල වශයෙන් ආදායම් ඉපයූ එකම හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාවය. දකුණු මුහුදේ යාත්‍රාකරමින් තිබෙන විදේශීය නැවු සඳහා ආරක්ෂාව සැපයීමෙන් මෙම මුදල උපයාගන්නා ලදී. එහෙත් හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගේ සමයේ ඇවන් ගාඩ් මැරීන් ස්ර්විස් සමාගම පිහිටුවා එම ආයතනයට අදාල ආදායම් ලබාගැනීමට ඉඩ කඩ සලසා දෙන ලදී.

    මෙම සමාගමට ආයුද සැපයීම නාවික ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළු වෙනත් සේවාවන් වෙනුවෙන් ඉතා සුළු මුදලක් නාවික හමුදාවට ලබා දී රුපියල් කෝටි දහස් ගණනක් ඉහත සමාගම හරහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් බෙදාගන්නා බව හෙළි වෙමින් තිබෙන බනට වාර්ථාවේ.


    ------------------------------------------------------------------------------------------------------------------------


    ඔන්න ඔය හේතුව නිසා අද්මිරාල් සෝමතිලක දිසානායක මහතා මේ ඇවන්ගාඩ් පෞද්ගලික සමාගම වෙනුවෙන් පෙනී සිටිනවා ... අද විශ්‍රාම ගිහින් හිටියත් ....

    කොන්දේසියකින් තොරව .... මාධ්‍ය වලට ප්‍රකාශ ලබා දෙමින් !

    එතුමා මේ ක්‍රියාවන්ට සම්බන්ධ නැත්නම් පෙනී ඉන්න ඕනේ අපේ නාවික හමුදාවට අහිමි වුනු විශාල ආදායම ඇවන්ගාඩ් නම් පෞද්ගලික සමාගම වෙත යාම සම්බන්ධයෙන් !

    දෙරණ මේ රාජපක්ෂ මැදමුලන පවුල් සමාගම නිදොස් කිරීමට පෙරමුණ ගන්නවා විද්‍යුත් මාධ්‍ය අතරින් !


    මොකද රාජපක්ෂ පවුලේ මුදල් මේ රජයෙන් සොරකම් කරන ලද මුදල් විවිධ නීතියානුකුල වියාපාර වල යෙදෙව්වේ .... (හෝටල් වියාපාර වැඩි වශයෙන් ! citrus හෝටල් සමුහය , මාළු මාළු හොටෙල් එක )

    ශ්‍රී ලංකා කොටස් වෙළදපොලේ මුදල් විශුද්ධිකරණය කරමින් ! පසුගිය විනිමය කොමිසන් සභාවේ සභාපති දෙදෙනෙක්ම කෙටි කාලයක් තුල ඉල්ලා අස් වීමට කටයුතු සැලැස්සුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අණ මත දෙරණේ සම අයිතිකාර දිලිත් ජයවීර යි.

     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ශ්‍රී ලංකා නාවික හමුදාවට ලැබෙමින් තිබූ ඇමරිකානු ඩොලර් කෝටි 30ක් (රුපියල් කෝටි 3,900ක්) පමණ වූ ආදායම අහිමි කරමින් ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස් නමින් ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම් මැදිහත්වී පිහිටුවන ලද සමාගමට ලැබෙමින් පවතින බව අනාවරණය වේ.

    ත්‍රිවිදහමුදාවන්ගෙන් විශාල වශයෙන් ආදායම් ඉපයූ එකම හමුදාව ශ්‍රී ලංකා නාවික හමුදාවය. දකුණු මුහුදේ යාත්‍රාකරමින් තිබෙන විදේශීය නැවු සඳහා ආරක්ෂාව සැපයීමෙන් මෙම මුදල උපයාගන්නා ලදී. එහෙත් හිටපු නාවික හමුදාපතිවරයෙකු වන අද්මිරාල් සෝමතිලක දිසානායක මහතාගේ සමයේ ඇවන් ගාඩ් මැරීන් ස්ර්විස් සමාගම පිහිටුවා එම ආයතනයට අදාල ආදායම් ලබාගැනීමට ඉඩ කඩ සලසා දෙන ලදී.

    මෙම සමාගමට ආයුද සැපයීම නාවික ප්‍රවාහන පහසුකම් සැපයීම ඇතුළු වෙනත් සේවාවන් වෙනුවෙන් ඉතා සුළු මුදලක් නාවික හමුදාවට ලබා දී රුපියල් කෝටි දහස් ගණනක් ඉහත සමාගම හරහා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් බෙදාගන්නා බව හෙළි වෙමින් තිබේ.​
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    ගෝඨා-ඇවන්ට් ගාඩ්-රක්නා ලංකා අවි ජවාරම් වලින් බිඳක් මෙන්න: එරිත්‍රියා, සෝමාලියා, මියන්මාර් කැරලි කරුවන්ට අවි විකුණලා

    (ලංකා ඊ නිව්ස් -2015.ජන.27, ප.ව.4.40) මතබේදයට තුඩු දී ඇති ගාලු වරායට ඔබ්බෙන් පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාව සහ සමුද්‍රාරක්ෂක සේවය විසින් එරිත්‍රියානු සහ සෝමාලියානු කැරලි කරුවන් සමග නීති විරෝධී අවි ගණුදෙනු සිදුකර ඇති බවට ඉතා ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වෙමින් තිබේ.

    ශ්‍රී ලංකාවේ දකුණු මුහුදේ යාත්‍රා කරන වෙළෙඳ නැව් වලට සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් ගෙන් ආරක්ෂාව ලබා දීම සඳහා යැයි කියමින් උතුරේ යුද්ධයෙන් පසුව මෙම සමුද්‍රාරක්ෂක සේවය පිහිටුවන ලද්දේ හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභයගේ මග පෙන්වීම පරිදිය. එම ව්‍යාපෘතිය ඊට පෙර නාවුක හමුදාව විසින් ඉටු කරමින් තිබියදී ආරක්ෂක ලේකම් ගෝඨාභය විසින් ඊට වඩා අඩු මුදලකට ලබාගෙන ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය සහ රක්නා ආරක්ෂක ලංකා සේවය යන ආයතනයන් හි ඒකාබද්ධ පුද්ගලික ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කෙරිණි.

    වෙළඳ නැව් වල කපිතාන් වරුන් සහ සේවක මණ්ඩලයේ සාමාජිකයන් නැව් හිමිකරුවන් සමග අත්සන් කරනු ලබන රහසිගත ගිවිසුමක් අනුව නෞකා වල සිදුවන මෙවැනි දේ ගැන අභ්‍යන්තර තොරතුරු හෙලිදරව් කිරීම නීත්‍යාණුකූලවම වරදක් වන නිසා මේවා පිලිබඳ තොරතුරු මෙතෙක් හෙලිදරව් වී නැත.

    එහෙත් ලංකා ඊ නිව්ස් වෙත එම තොරතුරු හෙලිදරව් කරනු ලැබූ පුද්ගලයා මේ සම්බන්ධයෙන් ප්‍රබල තොරතුරු රැසක් හෙලිදරව් කරයි. ඔහු පවසන අන්දමට “මහනුවර“ නමින් හඳුන්වන සැපයුම් ටග් යාත්‍රාවේ සහ සමුද්‍රාරක්ෂක සේවාවෙහි ශ්‍රී ලාංකික ආරක්ෂක භටයන්ට අමතරව ඇමරිකානු ඊශ්‍රායල් සහ රුසියානු කුලී හේවායන්ද සේවයෙහි යොදවනු ලැබ තිබේ. සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන මෙම කුලී හේවායන් ගුවන් තොටුපොලේ සිට ගාල්ල දක්වා ගෙන එනු ලබන්නේ ප්‍රභූ ආරක්ෂාවක් සහිතව ය. වෙළඳ නැව් වලට නැගීමට පෙර ඔවුන් ගාල්ලේ සත්කාරක හෝටලයක නවාතැන් ගන්වනු ලැබෙති. ශ්‍රී ලංකාවේ ධජය යටතේ පවතින නෞකාවක සේවය කිරීම සඳහා වෙළඳ නෞකා අධ්‍යක්ෂ වරයාගේ, ආගමන විගමන බලධාරීන්ගේ සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නියමිත අවසර ලබා දිය යුතු නමුත් මේ සමහර කුලී හේවායන්ට නාවික යාත්‍රා සේවකයන් සඳහා ලබා දිය යුතු වීසා බලපත්‍රවත් (සීඩීසී) නොමැති බව හෙලිදරව් වී තිබේ.

    මුහුදෙහි ගමන් කරන වෙළඳ නාවික යාත්‍රා වල ආරක්ෂාව සඳහා යොදවනු ලබන මෙම කුලී හේවායන් නැව් වලට නගින්නේ විවෘත කර නොපෙන්වන විශාල ගමන් මලුද ඇතිවය. නැව් වල සේවය කරන සෙසු සේවකයන් නිරීක්ෂනය කර ඇති පරිදි ඔවුන් ආරක්ෂක කාර්යයන් සඳහා ගෙන එනු ලබන අර්ධ ස්වයංක්‍රීය ගිනි අවි වලට අමතරව මෙම ගමන් මලු වල තවත් ගිනි අවි 20 ක 30 ක ප්‍රමාණයක් ගෙන එනු ලැබේ.

    නෞකාවන් සෝමලියාව පසුකර රතු මුහුදට පැමිණි විට මෙම කුලී හේවායෝ තම ගමන් මලුද රැගෙන මුහුද මැදදීම තවත් කුඩා නැවකට ගොඩ වෙති. මෙය සිදු කෙරෙන්නේ එරිත්‍රියාවට අයත් රතු මුහුදේ දකුණු මුහුදේ පිහිටි ‘ඒසෙබ්‘ වරායෙහි දී ය. මේ අනුව අමතර ගිනි අවි එරිත්‍රියාවේ සහ සෝමාලියාවේ කැරලි කරුවන් වෙත අලෙවි කිරීමේ රහසිගත ගණුදෙනුවක් ඇති බව සහතිකය.

    මෙසේ වෙළඳ නැව් වලින් වෙනත් නැව් වෙත කුලී හේවායන් හුවමාරු වීමට පෙර සමහර අවස්ථා වලදී කැරලි කාරයන් විදේශීය සිගරැට් සහ ස්කොච් විස්කි සොයා නැව් වලට නගින අවස්ථා තිබේ. එවැනි අවස්ථා වල අප වෙත තොරතුරු හෙලිදරව් කරන්නා හමුවූ කැරලි කරුවන් පවසා ඇත්තේ ශ්‍රී ලංකා ආන්ඩුව ඇවන්ට් ගාඩ් ආරක්ෂ සේවය හරහා කැරලි කරුවන් සමග රහසිගත ගනුදෙනු සිදුකරන බවයි. ඇවන්ට් ගාඩ් සමාගමේ අධ්‍යක්ෂවරුන් බොහෝ දෙනෙකු සහ ශ්‍රී ලංකා හමුදාවල හිටපු අය බව ඔව්හු වැඩි දුරටත් පවසා තිබේ.

    ඇවන්ට් ගාඩ් අාරක්ෂක සේවයේ අධ්‍යක්ෂවරුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සහ ඔවුන් ඒම රටවල සංචාරය කෙළේ අැයි දැයි යන්න විමසා බැලුවෙහාත් මේ කරුණු සනාථ කරගත හැකිය.

    මෙකී සමාගමේ අධ්‍යක්ෂවරුන් අතරේ මංජුල යාපා නම් අයෙක් වේ. ඒ අන් කිසිවෙක් නොව 88-89 යුගයේ කුප්‍රකට ඇඹිලිපිටියේ සිසුන් 32 ක් සමූහ ඝාතනයට වැරදිකරුවෙක් වූ කර්නල් මංජුල ඈපාය. (අධිකරණයෙන් වරදකරු වූවෙක් බැවින් හමුදා නාමය භාවිත කළ නොහැකිය) ජීවිතාන්තය දක්වා හිරේ ගියද වසර 15 කින් පමණ නිදහස ලබා පැමිණ ඇවන්ට් ගාඩ් සමාගමට සම්බන්ධ වී සිටීමෙන්ම මෙම සමාගම මොන ජාතියේ එකක්දැයි ජනතාවට තේරුම් ගත හැකිය.

    ඇවන්ට් ගාඩ් මැරිටයිම් සේවා සමාගමේ උපදේශක වරයෙක් ලෙස පෙනී සිටින ශ්‍රී ලංකා නාවික හමුදාවේ හිටපු රියර් අද්මිරාල් දක්ෂින නාවුක හමුදා අණදෙන නිලධාරී ලක්ෂ්මන් ඉලංගකෝන් තම ෆේස් බුක් ගිණුමේ ඇතුලත් කොට තිබූ ඔහුගේ අප්‍රිකානු සංචාරවල ඡායාරූප ගාලු ආයුධ නැව සීල් තැබීමෙන් පසු ඉවත් කොට ගෙන තිබේ.

    මෙහි ඇති එක් සේයාරුවකින් තහවුරු වන්නේ ඇවන්ට් ගාඩ් ආරක්ෂක සේවය අප්‍රිකානු මහාද්වීපික කැරලි කරුවන් සමග පමණක් නොව මියන්මාරය සමග ද අවි ගණුදෙනු සිදුකර ඇති බවයි. එහි දැක්වෙන්නේ පෙර කී රියර් අද්මිරාල් ලක්ෂ්මන් ඉලංගකෝන් මියන්මාර ගනුදෙනු කරුවන් පිරිසක් සමග සේයාරුවකට පෙනී සිටි අවස්ථාවකි. (See Photo)

    මේ අතර ඇවන්ට් ගාඩ් ආරක්ෂකයන් හා එක්ව කටයුතු කරන රක්නා ආරක්ෂක ලංකා සේවයේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ තිබූ අවි ගබඩාවේ තිබී
    ටී 56 අවි 44ක්,
    එස් 84 අවි 35ක්,
    සැහැල්ලු මැෂින් තුවක්කු 32 ක්,
    බෝර 12 තුවක්කු 29ක්
    තුවක්කු 10ක් සමග ගිනි අවි 151 හමු වූ අතර එහි භාණ්ඩ ලැයිස්තුව අනුව තිබිය යුතු ටී 56 අවි 2300 ක්,
    එස් 84 අවි 670ක්,
    සැහැල්ලු මැෂින් තුවක්කු 385ක් සමග ගිනි අවි 3473ක් අතුරුදහන්ව තිබිණි. සාමාන්‍ය ආරක්ෂක සමාගමකට ලබා නොදෙන බර අවිද එහි තිබීම සැක සහිතය.

    මෙම සම්මන්ත්‍රණ ශාලා අවි ගබඩාව ගැන කුරුඳුවත්ත පොලිසිය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී රක්නා ආරක්ෂක ලංකා සේවයේ විශ්‍රාමික මේජර් ජනරාල් විජේකෝන් බණ්ඩාර නමැත්තා පොලිසියට දුන් කට උත්තරයේ අපූරු ප්‍රකාශයක් කර ඇති බව හෙලි විය. එනම් එම අවි, කුලී පදනම මත රජයේ හමුදාවලින් ලබා ගත් නමුත් එම අවිවලට ගෙවිය යුතු මුදල් ගෙවා නැති බවයි. මෙම ගබඩාවේ අතුරුදහන් අවි පොලිස් විශේෂ කාර්ය බළකායට හා වෙනත් ආරක්ෂක අංශවලට නිකුත් කළ බව ද රක්නා ලංකා අධ්‍යක්ෂ පැවසූ බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. මෙහි ඇති අපූරු විහිළුව නම් රජයේ හමුදා වලින් කුලියට ලබා ගන්නා අවි යලි රජයේ හමුදා වලටම නිකුත් කලා යැයි අතේ පැලවෙන බොරු කියා තිබීමයි.

    ගෝඨාභය රාජපක්ෂ මෙම රක්නා ලංකා සහ ඇවන්ට් ගාඩ් යන අටවා ගත් සමාගම් හරහා ජාත්‍යන්තර හොර අවි ගණුදෙනුවක යෙදෙන බව ලංකා ඊ නිව්ස් මීට පෙර 2012 සිට අවස්ථා කිහිපයකදීම හෙළිදරව් කර තිබේ.

    ඉන් පළමු වැන්න 2012 ඔක්තෝම්බර 01 වෙනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙරළාරක්ෂක හමුදාවන්ට ෆුජයිරා මුහුදේදී ඇවන්ට් ගාඩ් සමාගමට අයත් ‘සින්බෑඩ්‘ නමැති ශ්‍රී ලංකාවේ ලියා පදිංචි නෞකාවක තිබී හසුවූ අවි තොගය පිලිබඳව කළ හෙළිදරව්වයි. එම නෞකාව බේරා ගත්තේ එම අවි ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට ගෙන එන අවි යැයි පවසමින් ඒ සඳහා එවක සිටි නාවික හමුදාපතිවරයා වූ සෝමතිලක දිසානායක පෙනී සිටීමෙනි. නමුත් එවැනි අවි නෞකාවක් ශ්‍රී ලංකා හමුදාවට ඇනවුම් කර නොතිබිණ. එදා ගෝඨාභයගේ හොර අවි නැව වෙනුවෙන් පෙනී සිටි සෝමතිලක දිසානායක (වත්මන් රූපවාහිනී සභාපති සෝමරත්න දිසානායකගේ සොයුරා) අද එකී ඇවන්ට් ගාඩ් සමාගමේ උපදේශකවරයෙකි. ගාලු නැව හසුවූ සැනින් සෝමරත්න, මල්ලී සෝමතිලක ලවා රූපවාහිනියට ප්‍රකාශයක් කරවා හොරුන් ශුද්ධ කෙරෙව්වේය.

    දෙවැනි වරට 2014 පෙබරවාරි 01 වෙනිදා ගෝඨාභය සහ ඇවන්ට් ගාඩ් පිරිස ඊශ්‍රායලයෙන් මිලදී ගත් තවත් අවි තොගයක් සහිත නැවක් රතු මුහුදේ යාත්‍රා කරන බවත් එය ද සින්බෑඩ් ලෙස නම් තිබුනද ඒ වන විට එය ජිබුටි රාජ්‍යයේ ලියා පදිංචි කර ඇති බවත් හෙලි කෙලේ්‍ය. එහි කපිතාන් පද්මකුමාර ගුණවර්ධන නමැති අයෙක් බවද හෙලි කෙළේය. එම හෙලිදරව්වෙන් පසුව “උඹව ලෝකයේ කොහේ හිටියත් මරා දානවා“ යයි දුරකථනයට කතා කළ පුද්ගලයෙක් සිංහලෙන් තර්ජනය කෙළේය.“

    තෙවැනිව 2014 පෙබරවාරි 20 වෙනිදා ඇවන්ට් ගාඩ් තවත් නැවකින් අවි ගෙනා බවත් (පෙබරවාරි 01 වෙනිදා කී නැව හැර) ඇවන්ට් ගාඩ් අයිතිකරු නිශ්ශංක සේනාධිපති විසින් හිටපු නාවික හමුදාපති ජයන්ත කොළඹගේ ගේ බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසටම ගොස් එම අවි ගනුදෙනුවේ සන්තෝසම් ගෙවූ බවත් එය සිදුවූයේ පෙබරවාරි 08 දා සෙනසුරාදා රාත්‍රියේ බවත් හෙළි කෙළේය. එකී සන්තෝසමට රත්රන් ඔර්ලෝසු, රත්තරන් ආභරණ ඉලෙක්ට්‍රොනික උපකරණ ආදිය අයත් වූ අතර මුදලින් ගෙවිය යුතු සන්තෝසම් විදේශ ගිණුමකට යවා තිඛෙන බවද හෙලි කෙළේය.

    මොවුන්ගේ අවි සහ විදෙස් කුලී හේවායන් සහිත යාත්‍රාවක් ඉන්දියාව විසින් අත් අඩංගුවට ගත් බවත් ඒවා නිදහස් නොකළ බවත් ලංකා ඊ නිව්ස් 2014 ජනවාරි 21 දා හෙලි කෙළේය. ඒ සම්බන්ධ පුවත් පහත දිගු වලින් යලි කියැවිය හැකිය.

    මේ සියල්ලටමත් වඩා කාලකන්නි පුවත නම් ගෝඨාභය - ඇවන්ට් ගාඩ් - රක්නා ලංකා අවි ජාවාරම් ගැන මෘදු අන්දමින් කටයුතු කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහට ඔහුගේ උපදේශකයෙක් වන තිලක් මාරපන විසින් දැඩි ලෙස බලපෑම් කරන බව ලංකා ඊ නිව්ස් වෙත හෙලි වී තිබීමයි. අගවිනි-සොරා සම්බන්ධයෙන්ද රනිල්ට ඩීල් දමන්නේ වෙනින් කවුරුත් නොව තිලක් මාරපන විසින්ම බව හෙලි කළ යුතුය. රනිල්ගේ මීට පෙර තිබූ වසර දෙකේ ආණ්ඩුව බිඳ වැටීමට විශාල හේතුවක් වූයේ ද මෙකී තිලක් මාරපන නම් මාරයාගේ මාර උපදේශයන් බව මේ වන විට රහසක් නොවේ.

    Further readings

    ගෝඨාගේ තවත් හොර අවි නැවක් රතු මුහුදේ: සියළු තොරතුරු මෙන්න

    https://www.facebook.com/lankaenews...566c63a9240&size=250,288&fbid=662153297183172

    ගෝඨා තවත් යාත්‍රාවකින් හොර ගිනි අවි ගෙන්වලා: මෙවර ආවේ ඊශ්‍රායලයේ සිට: නාවික හමුදාපති රහසේ දුන් සහායට රත්තරනින් පගාව ගෙවයි

    https://www.facebook.com/lankaenews...5315bcfd71a&size=399,360&fbid=672166269515208

    ගෝඨා එල්ටීටීඊ හොර අවි ජාවාරම් කරුවෙක් සමග කළ හොර අවි ගනුදෙනුවක් ජාත්‍යන්තර බුද්ධි අංශ වලට හසුවේ

    https://www.facebook.com/lankaenews...7774900cbc0&size=400,270&fbid=649593898439112

    ගෝඨා හොරෙන් ඉන්දීය ත්‍රස්තවාදීන්ට ගිනි අවි විකුණලා: ගෝඨාගේ හොර ගිනි අවි 45 රැගත් සුද්දන් 16 ක් සමග ලංකාවේ වෙරළාරක්ෂක යාත්‍රාවක් ඉන්දීය අත් අඩංගුවේ: රාජිත ඉන්දියා ගියේ එය බේරාගන්නයි

    https://www.facebook.com/lankaenews...a3570fe18ab&size=400,864&fbid=655837421148093

    ---------------------------
    by -ලංකා ඊ නිව්ස් විශේෂ වාර්තා කරුවෙකු විසිනි- (2015-01-26 23:23:30)
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,599
    28,547
    113
    'රක්නා ලංකා -ඇවන්ගාඩ් බේරා ගැනීමට දේශපාලන කණ්ඩායමක්'

    27 January 2015

    ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් විසින් සිදු කරනු ලැබූ 'රක්නා ලංකා' හා 'ඇවන්ගාඩ්' දුෂිත ගණුදෙනුවට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කිරීම වැලැක්වීම සදහා බලවත් දේශපාලන කණ්ඩායමක් කටයුතු කරමින් සිටීන බව 'දුෂණ විරෝධී පෙරමුණ' මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි.

    දේශපාලන ක්‍රියාකාරිකයින් පිරිසක් ද ඇතුලත් මෙම කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ඇතුඵ කණ්ඩායමට එරෙහිව මේ වන විට ආරම්භ වී ඇති පරීක්ෂණ කඩාකප්පල් කොට නීතිය ක්‍රියාත්මකවීම වලක්වා ගැනීම බවද එම සංවිධානය පවසයි.

    ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිට නීතිඥ උපදෙස් ලබා දීමට ඉදිරිපත්වී ඇති බවත්, මේ වන විට රාජ්‍ය මාධ්‍ය ආයතන පවා යොදා ගනිමින් හිටපු නාවුක හමුදා නිලධාරීන් ද මෙයට එක් වී සිටින බවත් එම නිවේදනයේ දැක්වේ.

    එම කරුණ සත්‍ය නම්, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් සහ ඔවුන්ගේ සමීපතම ජාවාරම්කාරයින් බේරා ගැනීමට මේ වන විට දියත්ව ඇති වැඩපිළිවෙළෙහි ඇති ප්‍රබලත්වය අවබෝධ කොට ගත හැකි වනු ඇතැයි ද එම සංවිධානය කියයි.

    ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් ද, ඇවන්ගාඩ් ආයතනයට ද එරෙහි නීති මගින් කටයුතු කිරීම වැලැක්වීමට ගන්නා කුමන හෝ උත්සාහයක් පරාජය කළ යුතු බව දුෂණ විරෝධී පෙරමුණ දැඩිව අවධාරණය කරයි.


    - http://www.sinhala.srilankamirror.com/news/item/2263-rakna-lanka-and-avant-garden
     
    Oct 30, 2014
    306
    9
    0
    ගෝටාට මිට වැඩිය ආරක්ෂක අංශ දැනුවත් කරලා ඕක පවත්වාගෙන යන්න තිබ්බා. එහෙම කරලා තිබ්බේ නැති හින්ද වෙන්න ඕනේ වටලන වෙලාවේ ආරක්ෂක අංශෙ කවුරුත් ඒ වෙනුවෙන් කතා කරේ නැත්තේ (මට මතක හැටියට). බොහෝදුරට එහෙමවුනේ ගොටා ඔතනින් පෞද්ගලිකව ප්‍රතිලාභ ගත්ත නිසා වෙන්න ඕනේ. ඒත් ඔකේ ආයුධ ගබඩා මාධ්‍යට එලිකරපු එක එච්චර හොඳ නැහැ. එහෙම කරපු එකෙන් ජාතික ආරක්ෂාවට ලොකු ප්‍රශ්නයක් නැති වුනත් කම්පැනියේ නමට සහ එහි සේවකයින්ට හොඳ නැහැ. ඕක ගැන ශේප් එකේ පරීක්ෂණ, විගණන කරලා වැරදි කරුවන්ට දඬුවම් දීලා පස්සේ ආයතනය රජයට පවරගන්නවාද නැත්තන් නව අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ රජයේ දැනුවත් වීම මත කරගෙන යනවද වගේ තීරණයක් ගත්තනම් තමයි හොඳ.
     
    Last edited: