ඇවරියක්_අත්_අඩංගුවට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇවරියක්_අත්_අඩංගුවට

තජුඩීන් මැරෙව්වේ යෝෂිත නොවේ නාමල්..? ඩයලොග් අධිපති හාන්ස් විජේසූරිය විහින් අනතුරේ: ලබන සතියේ ඉහල ඇවරියක් අත් අඩංගුවට..!



Thajudeen_assasinater_Namal_not_Yoshitha.jpg


තජුඩීන් ඝාතනය කරන ලද්දේ යෝෂිත රාජපක්ෂගේ පෙම් පලහිලව්වකට යැයි මෙතෙක් ප්‍රචාර පැතිර ගියද තජුඩීන් ඝාතනය කර ඇත්තේ නාමල් රාජපක්ෂගේ වුවමනාවට සහ ඔහුගේ මග පෙන්වීම අනුව යැයි පරීක්ෂණ වලදී හෙලිදරව් වී ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙම ඝාතනයේ පළමු වගකිව යුත්තා නාමල් රාජපක්ෂ වන අතර යෝෂිත වගකිව යුතු වන්නේ දෙවන වටයේදී බව දැනගන්නට ඇත.
මේ අතර තජුඩීන් පැහැරගත් ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ පුද්ගලයන් 6 දෙනෙකු සතුව තිබූ ඩයලොග් දුරකථන වලින් ලබා ගත් ඇමැතුම් පිලිබඳ මෙම පරීක්ෂණ වලට අදාල තොරතුරු ඩයලොග් සමාගමේ අධිපති හාන්ස් විජේසූරිය විසින් සිතා මතා වසන් කරන බවද දැනගන්නට ඇත. හාන්ස් විජේසූරිය විසින් මේ දක්වා එම දුරකථන වාර්තා ලබා නොදී මග හරිමින් සිටී. ඔහු පවසන්නේ පැහැර ගැනීම සිදුකළ දිනය සහිත සති දෙකක එකී දුරකථන වල වාර්තා ඔවුන්ගේ සර්වර් වලින් මැකී ගොස් ඇති බවයි. එවැන්නක් ජංගම දුරකථන ජාලයක කිසිසේත්ම සිදුවිය නොහැක්කකි. ඒ අනුව මෙම ඝාතන පරීක්ෂණයකට බාධා කිරීම යනු ඝාතනයට උදව් කිරීමක් වන බැවින් එම චෝදනා යටතේ හාන්ස් විජේසූරියද අත් අඩංගුවට ගත හැකි වනවා ඇත.
හිටපු විගණකාධිපති පී.එම්.ඩබ්. විජේසූරියගේ පුත්‍රයෙකු වන ආචාර්ය ශ්‍රීධීර් සාරිපුත්ත හන්ස විජේසූරිය හෙවත් හාන්ස් විජේසූරිය නමැත්තා රාජපක්ෂ දරුවන් පාසැල් ගිය සාන්ත තෝමස් විදුහලේම ආදි සිසුවෙක් වන අතර එංගලන්තයේ කේම්බ්‍රිජ් සරසවියෙන් උපාධි ලැබූවෙකි. ඩිජිටල් ජංගම සන්නිවේදනය සම්බන්ධයෙන් ඔහුගේ ආචාර්ය උපාධිය ලබාගෙන ඇත්තේ එංගලන්තයේ බ්‍රිස්ටල් සරසවියෙනි. කෙතරම් උගත් වැදගත් පවුල් පසුබිමකින් පැවත ආවද ඔහු පසුගිය කාලයේ රාජපක්ෂලා සමග ඩීල් බිස්නස් කළ පුද්ගලයෙක් වේ. මොහු තම ඩයලොග් සමාගම කෙතරම් පරදාර සේවනයක යොදා තිබිනිදැයි කියන්නේ නම් හමුදා බුද්ධි අංශ වලට ඕනෑම අවස්ථාවක ඩයලොග් සමාගමේ ජංගම දුරකථන වලට සවන් දීමටත් ඒවායේ තොරතුරු ලබා ගැනීමටත් පහසුකම් රහසිගතව සපයා දී තිබී ඇත. එනම් තම පාරිභෝගිකයන් සම්පූර්ණයෙන්ම ගෝඨාභය රාජපක්ෂට පාවා දී තිබී ඇත. හාන්ස් විජේසූරිය 2010 ජනාධිපතිවරණයේදී ඩයලොග් දුරකථන 1200 ක් මහින්ද රාජපක්ෂගේ ඡන්ද ව්‍යාපාරය සඳහා නොමිලේ ලබා දී තිබේ. මේ හේතු නිසා රාජපක්ෂ පුත්‍රයන් බේරා ගැනීමට අපරාධයකට අදාල තොරතුරු සැඟවීම නමැති අපරාධ සහායක ක්‍රියාවේ යෙදෙන හාන්ස් විජේසූරිය තමා විහින් රටේ මහජනතාවගේ අගෞරවයට අප්‍රසාදයට පමණක් නොව වෛරයට ද පාත්‍ර වී තිබේ.
මේ අතර මිහිදන්කර තිබියදී ගොඩ ගන්නා තජුඩීන්ගේ දේහයෙන් ලබා ගන්නා ලද ඩී. එන්. ඒ. සහ ඔහුගේ මවගේ ඩී. එන්. ඒ. වාර්තා ගැලපෙන බව ජීන් ටෙක් ආයතනයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ රුවන් ජේ. ඉලයප්පෙරුම පසුගිය 4 වෙනිදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් තහවුරු කෙළේය. එවැනි ඩී.එන්.ඒ පරීක්ෂණයක් කෙළේ තජුඩීන් මියයාමෙන් පසු සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාව සහ ඔහුගේ සිරුර මිහිදන් කර තිබූ ස්ථානයෙන් ගොඩ ගැනීමෙන් පසුව සිදු කළ පරීක්ෂණ සමාන ද යන්න සොයා බැලීම සඳහාය.
එමෙන්ම සිරුර ගොඩ ගැනීමෙන් පසුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය අජිත් තෙන්නකෝන්, විශේෂඥ වෛද්‍ය ජීන් පෙරේරා සහ අතිරේක අධිකරණ වෛද්‍ය නිලධාරි විශේෂඥ වෛද්‍ය එස්.පී.ඒ හේවගේ යන විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් සිදුකරන ලද මරණ පරීක්ෂණ වාර්තාවද එදිනම අධිකරණයට වාර්තා කළ අතර ඉන් කියා සිටියේ ඔහුට පහරදී දුර්වලකොට මගී අසුනේ තබා අනතුර සිදුවීමට ඉඩ සලස්වා ඇති බවයි. ඔහු රථය එළවා නැති බවද තහවුරු කෙරිණ. මරණයට හේතුව ගෙළ ප්‍රදේශයට, පපුවට සහ කකුල්වලට සිදුවී ඇති තුවාල හේතුවෙන් ඇති වූ ප්‍රතිවිපාක සහ ඉන්පසු ඇති වූ ගින්නේ ප්‍රතිවිපාක බව වෛද්‍ය මන්ඩලය වාර්තා කර ඇත. ඒ අනුව, ගිනි ගැනීම මරණයට ස්වල්ප වේලාවකට පෙර හෝ මරණය සිදුවෙමින් තිබූ කාලය තුළ සිදුව ඇති බවත්, ගිනි ගැනීම නිසා මරණය සිදුව නැති බවත් ඒ අනුව මෙය මිනීමැරුමක් ලෙස සහතික කර ඇත.
කෙසේ වෙතත් මෙකී වාර්තාව නිකුත් වීමත් සමග මරණය සිදු වූ දා පරීක්ෂණ විකෘති කිරීමට නියෝග කළ විශ්‍රාම ලත් කුප්‍රකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අත් අඩංගුවට ගත යුතු වනවා ඇත.
අදාල වාර්තා දැන් අධිකරණයට බාර දී ඇති බැවින් ලබන සතියේ තජුඩීන් ඝාතනයට අදාල සැකකරුවන් වන ජනාධිපති ආරක්ෂක අංශයට සම්බන්ධ අයද අපරාධයක තොරතුරු වසන් කිරීම යටතේ හාන්ස් විජේසූරියද රාජපක්ෂ කෙනෙක්ද අත් අඩංගුවට ගැනීමට බොහෝ විට ඉඩ කඩ පවතී.
 
  • Like
Reactions: freak88

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    hamadama kaiya witarai bn
    matanam ahalama ati wela
    aru maruwa mu maruwa ganawa wena huttak na
    maha hutte anduwak kaiya witarai
    mata nam moka maruwat kamak na
    oka ahalama epa wela
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    බයලොග් කාරයා මහින්දට දීගෙන හිටියෙ ඒ කාලේ ඉදලම. දැන් ඉතින් බඩ යනවා ඇති සැරටම. :lol:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    maruwanam sakki ekka oppu karala daduwam denna one
    rate prashna yatapath karanna kalen kaleta oka genalla anthimata wihiluwak wela thiyenne
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ෂුවර් එකට ආණ්ඩුව තව මොකක් හරි වර්චස් වැඩක් පටන් අරන්.. ඒක වහගන්න ආපහු මිනිය ගොඩ අරන්
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ


    තජුදින් <--------------> ඇවන්ගාඩ්


    ඔය දෙක තියෙනකන් ආණ්ඩුව දුවයි. ඔය දෙක අතර තමා ආණ්ඩුව දෝලනය වෙන්නේ.

    ආණ්ඩුව චාටර් වෙනකොට කවර් එක තමා ඔය.

    ඉස්සරහට තව මොන මොන දේවල් එකතු වෙයිද දන්නේ නෑ.


     

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    උන්ම මෝඩ බත් බාලයෝ අන්දෙනවා හිටු කියලා
    නොදකින් පොන්න හැතිකරේ