ප්ලානටර් ෆැශියයිටිස්( Plantar Fasciitis)
ප්ලානටර් ෆැශියා ලෙස හදුන්වන්නේ, පාදයේ යටිපතුලේ සමට සහ මේද ස්තරයට යටින් පිහිටි, තතුමය සම්බන්දක පටක වලින් සෑදුනු ගනකම් පටලයකි. එය යටිපතුලේ ආරුක්කු හැඩය පවත්වා ගැනීමට උපකාර වේ.
ප්ලන්ටර් ෆැශියයිටිස් යනු මෙම ස්තරයේ සිදුවන ප්‍රදාහ තත්ත්වයකි(inflammation) බොහෝ විට මෙම ප්‍රදාහය ,මෙම පටලය අස්ති වලට සමබන්ද වන ස්ථානයේ ඇතිවේ.
මෙය වයස අවුරුදු 40ත් 60ත් අතර සුලබව දැකිය හැක.
මෙය වැඩිහිටි පුද්ගලයන් අතර සුලබ විලුබේ වේදනවට ප්‍රදානම හේතුවයි.
මෙම තත්ත්වයේ ප්‍රදානම රෝගි ලක්ශන වන්නේ , විවෙකීව හිද ඇවිදීම පටන්ගත් මුල් පියවර කීපයෙන් පසු විලුබේ, යටිපතුලේ ඇතිවන දැඩි වේදනාවයි. මෙම වේදනාව ඉදිරි මිනිත්තු 30-45 කාලය තුල ක්‍රමයෙන් වැඩිවේ.
විලුබේ මැද ප්‍රදේශයේ(medial side) තද කිරීමේදී ද දැඩි වේදනාවක් දැනේ.
මෙම තත්ත්වය ඇතිවීමට මූලික වන්නේ ප්ලාන්ටර් ෆැශියා එකට දීර්ගකාලිනව පීඩනය නිසා සිදුවන සුලු අනතුරු (microtrauma) තත්ත්වයන්ය.
සාමන්යයෙයෙන් ක්‍රීඩා වල යෙදිම, තරබාරුබව, නිතරම සිටගෙන සිටීම , නිතරම වල ගොඩැලි සහිත මතුපිටවල ඇවිදීම මෙනම උපතින්ම පාදයේ පවතින විරූපන තත්වයන්(Congenital Deformities) ද මෙයට හේතුකාරක වේ.
මෙම රෝගි ලක්ශන පවතීනම් ඔබ සාමාන්‍ය ශල්‍ය වෛද්‍ය වරයෙකු හෝ විකලාන්ග(orthopedic)ශල්‍ය වෛද්‍ය වරයෙක් හමුවිය යුතුය.
රෝග නිර්නය සායනික ඉතිහාසය විමසීමෙන් සහ සායනික පරීකශාව මගින් සිදුකරයි. නමුත් අස්තිවල පිපුරුම් හෝ වෙනත් පටක වලට සිදුවූ අනතුරු සැක කරන්නේ නම් කකුලේ Xray හෝ ස්කෑන් පරීක්ශාවකට යොමු කරනු ඇත.
ප්‍රතිකාර පිලිබද සැලකීමේදී, විවේක ගැනීම, අයිස් තැබීම, තද වෙලුම් පටියක් යොදා තැබිම, හා රාත්‍රී කාලයේදී ආදාරකයක්(Splint) යොදා තැබීම සමග වේදනා නාශක ලබාදීම මූලික ප්‍රතිකාර වේ.
සති 8ක පමන ඉහත ප්‍රතිකාර මගින් සාර්ථක ප්‍රතිපල නොලැබේ නම් ස්ටිරොයිඩ් වර්ගයේ බෙහෙත් විදීම යෝජනා කරයි. මෙය සායනයේදී හෝ ශල්‍යාගාරයක් තුල සිදුකල හැක නමුත් රෝහල ගතවීමට අවශ්‍ය නැත.
විලුබ ප්‍රදේශය විශබීජ හරන ඩියර වලින් පිරිසිදු කිරීමෙන් පසුව, හිරි වැට්ටවීමට යොදාගන්නා බෙහෙත් (local anestgetic agents) මිශ්‍ර කර , ස්ටිරොයිඩ් විදිනු ලබයි. මෙහිදී සුලු අපහසුවක්/වේදනාවක් දැනෙනු ඇත.
සාමන්‍යයෙන් මාස 3ක පමන කාලයක් රෝගලක්ශන පාලනය කිරීම මෙමගින් සිදුවේ. ඇතැම් විට මෙමගින් රෝග ලක්ශන සම්පුර්නයෙන් සුවවීමද, ඇතැම්විට නැවත නැවත හටගැනීමද සිදුවිය හැක.
දීර්ග කාලිනව පවතින, අනිත් ප්‍රතිකාර සදහා ප්‍රතිරෝදී තත්තවලදී ශල්‍ය කර්ම ක්‍රම යොදාගන්නමුත් ලන්කාවේ සුලබව සිදු නොකරයි.
මෙම රෝගයට ප්‍රතිකාර නොකර සිටියහොත් දීර්ග කාලින වේදනාව, කකුලේ විරූපනය වීම් හා ඇතැම් විට ප්ලාන්ටර් ෆැශියා එක පුපුරායාම(rupture) වැනි ස්න්කූලතා ඇතිවේ.