ඇවිදිනවිට ඉපැයීම

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ඇවිදිනවිට ඉපැයීම

    ‘බිට් වෝකින් ඩොලර්ස්’: ඇවිදිනවිට ඉපැයීම

    151121164304_bitwalking_1_512x288_bbc_nocredit.jpg


    ඇවිදින මිනිසුන් හට අදායමක් ලැබෙන නව ‘ඩිජිටල්’ මුදල් විශේෂයක් හඳුන්වා දෙනු ලැබ තිබේ.

    පරිගණකය ඔස්සේ භාවිතයට පැමිණ ඇති ‘බිට් කොයින්ස්’ (Bitcoins) වැනි වෙනත් ‘ඩිජිටල් කරන්සීස්’ නැතහොත් ඩිජිටල් මුල්‍ය ඒකක මෙන් නොව ‘බිට් වොකින් ඩොලර්ස්’ (BW$) නමින් හැඳින්වෙන මෙම මුල්‍ය ඒකකය තුළින් අදායම් ඉපැයීමක් කළ හැක්කේ ඇවිදීම මගින්.

    ජංගම දුරකථන ‘ඇප්’ එකක් මගින් ඇවිදින පියවර සංඛ්‍යාව ගණනය කෙරෙන අතර දල වශයෙන් පියවර 10.000 ( සැතපුම් පහක් පමණ) ක දුරක් සඳහා එක් BW$(බී ඩබ්ලිව් ඩොලරයක්) බැගින් ඉපයීමේ හැකියාව පවතී.

    සැබෑ මුදල්

    ඒ අනුව ඇවිදින්නා විසින් උපයාගත් BW$ (බී ඩබ්ලිව් ඩොලර) ප්‍රමාණය අන්තර්ජාල මිලදී ගැනීමක දී ගෙවීම් සඳහා භාවිතා කිරීමට හෝ භාවිතයේ පවතින මුදල් වලට මාරු කර ගැනීමේ හැකියාව ලැබේ.

    මෙම නව මුල්‍ය ඒකකය ආරම්භ කළ නිසාන් බහාර් (Nissan Bahar) සහ ෆ්රැන්කි ඉම්බෙසි (Franky Imbesi) මේ සඳහා අවශ්‍ය ආරම්භක ප්‍රාග්ධනය සහ “බිට් වොකින්” ගණුදෙනු පවත්වාගෙන යාම සඳහා සුවිශේෂ බැංකුවක් ආරම්භ කිරීම පිණිස ප්‍රතිපාදන සපයාගෙන ඇත්තේ ප්‍රධාන වශයෙන් ජපන් ව්‍යවසායකයන් ගෙන් වන බවයි පැවසෙන්නේ.

    පියවර ගණනය කිරීමේ ‘ඇප්’ එකක් සහිත ‘ස්මාර්ට් ෆෝන්’ ජංගම දුරකතනයක් රැගෙන ඇවිදීම වෙනුවට ජපාන ඉලෙක්ට්‍රොනික නිෂ්පාදනයන් ගේ පතාක යෝධයෙකු වන ‘මුරතා’(Murata) සමාගම විසින් මේ සඳහා අවශ්‍ය ඉලෙක්ට්‍රොනික අත් පටියක් නිෂ්පාදනය කිරීමේ කාර්යය ද අරඹා තිබේ.

    විශාල පිළිගැනීමක්

    සපත්තු නිෂ්පාදකයන් විසින් දැනටමත් මෙම මුල්‍ය ඒකකය පිළිගැනීමට කැමැත්ත පළ කොට ඇති අතර ලබන වසරේ එක්සත් රාජධානියේ පැවැත්වෙන විශාලතම සංගීත උළෙලක් සමග මේ ව්‍යාපෘතිය එක් කර ගැනීම පිණිස බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පෙලේ බැංකුවක් සාකච්ඡා පවත්වමින් සිටී.

    මෙම ව්‍යාපෘතිය රැගෙන එන්නවුන් දියුණු රටවල් වලට මෙන්ම දියුණුවෙමින් පවතින රටවලට ද ප්‍රයෝජනවත් නව නිපැයුම් පිලිබඳ නමක් දිනා සිටින සමාගම් වේ.

    පසුගිය වසරේ ඔවුන් විසින් හඳුන්වා දුන් කීපොර්ඩ් (Keepod) නම් ඩොලර් හතක් පමණක් වන USB ‘ඩොන්ගලය’ කෙන්යාවේ නයිරෝබි හි දී පරිගණකයක් ලෙසින් භාවිතා කෙරේ.

    මෙම “බිට් වොකින්” නමැති අදහස මගින් බලාපොරොත්තු වන්නේ ශරීර සුවතාව පිලිබඳ උනන්දුවක් දැක්වීමේ ප්‍රවණතාව ප්‍රයෝජනයට ගෙන එය නොකඩවා කරගෙන යාමට අමතර සහයෝගයක් ලබා දීමයි.

    මෙම ගෝලීය වැඩසටහන ක්‍රීඩා ඇඳුම් සන්නාමයන්, සෞඛ්‍ය සේවාවන්, සෞඛ්‍ය රක්ෂණ සමාගම්, පරිසර සංවිධාන සහ වෙළඳ දැන්වීම් ආයතන වල සුවුශේශී අවධානයට ලක්වනු ඇත්තේ ඒවා මගින් ඉලක්ක කෙරෙන පාරිභෝගික ප්‍රජාවන් හා මේ අතර ඇතිවිය හැකි අන්තර් සම්බන්ධය හේතුවෙන්.

    මාසික වේතනයට

    අනාගතයේ දී සේවාදායකයන් ට මෙම ව්‍යාපෘතියට සම්බන්ධ වීමට ඇරයුම් කෙරෙනු ඇති අතර ඔවුන් විසින් දිරිගන්වනු ලබන සේවකයන් උපයාගන්නා ‘බිට්වෝකින් ඩොලර්’ ඔවුන්ගේ මාසික වෙතනයට එක් කොට ලබා දීම ද සිදුවිය හැකිය.

    දියුණු රටක සාමාන්‍ය පුද්ගලයකු විසින් මසකට බිට් වෝකින් ඩොලර් (15 BW$) උපයනු ඇති අතර රැකියාවට හෝ පාසැලට යාම පිණිස නැතිනම් බීමට ජලය සොයා ගැනීමට විශාල දුරක් ඇවිදින දුප්පත් රටක පුද්ගලයෙකුට මේ ව්‍යාපෘතිය තම ජීවන තත්වය ඉහල නංවන්නක් වීමේ හැකියාවද පවතී.

    දෙගුණයක ආදායමක්


    තොරතුරු තාක්ෂණ ගුරුවරයෙකු වන උතුරු මලාවි වල ඇති තම පාසැලට යාම සඳහා සලීම් ඇඩම් (Salim Adam) සාමාන්‍යයෙන් දිනකට සැතපුම් හයක් ඇවිදියි.

    ඔහුගේ ගණනයන්ට අනුව තම ජංගම දුරකතනයේ ‘වෝකින් ඇප් එක’ ස්ථාපනය කර ගැනීමෙන් පමණක් ඔහුට මසකට බිට් වෝකින් ඩොලර් විසි හයක් (26 BW$) උපයාගත හැකි වෙයි. එම මුදල ඔහු දැනට උපයන ඇමරිකානු ඩොලර් 26 ක මුදලට සමාන වේ.

    දියුණු වෙමින් පවතින රටවල මේ ව්‍යාපෘතිය ජනප්‍රිය වීමේ හැකියාව පවතින බවට සැලකෙන ප්‍රධාන සාධකය වන්නේ ද එයයි. මෙම ව්‍යාපෘතියට එක්වූ මුල්ම රටවල් වලින් එකක් වන මලාවි දේශයේ සාමාන්‍ය පුද්ගලයෙකු ගේ දිනක ආදායම ඇමරිකානු ඩොලර් 1.5 ක් වේ. ඒ අනුව වෙළඳ උපදේශකයෙකු වන ‘ජුබිලී එන්ටර්ප්‍රයිසස්’ අධිපති කැරන් චින්ක්විටා (Karen Chinkwita) පවසන්නේ තරුණ පිරිස් වැඩ කරනු වෙනුවට ඇවිදීමට පමණක් පෙළඹවිය හැකි බවයි.


    151121165106_bitwalking_2_512x288_bbc_nocredit.jpg


    බීමට ජලය සොයා ගැනීමට විශාල දුරක් ඇවිදින දුප්පත් රටක පුද්ගලයෙකුට මේ ව්‍යාපෘතිය තම ජීවන තත්වය ඉහල නංවන්නක් වීමේ හැකියාවද පවතී

    මීට අමතරව අන්තර්ජාල ව්‍යපෘති සම්බන්ධයෙන් පැන නගින අන්තර්ජාල සොරකම් හා ඒවා සිදුකරන ‘හැකරුන්’ පිලිබඳ ගැටළු වලට ද පිළිතුරු සෙවීම සඳහා GPS ක්‍රමවේදය සහ wi-fi තාක්ෂනය පිළිබඳවද අවධානය යොමු වී තිබේ.

    :)


    BBC
     
    Last edited:

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    බීමට ජලය සොයා ගැනීමට විශාල දුරක් ඇවිදින දුප්පත් රටක පුද්ගලයෙකුට මේ ව්‍යාපෘතිය තම ජීවන තත්වය ඉහල නංවන්නක් වීමේ හැකියාවද පවතී

    මෙච්චර දුප්පත් අයට කොහෙන්ද බන් ස්මාට් පෝන් ???
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපේ උන් ඔය ඈප් එක ෆෝන් එකට දාලා.... ෆෝන් එක වෙන මොකක් හරි මැෂින් එකකට සෙට් කරලා හොල්ලයි සල්ලි ලැබෙනවා නම්.... :P