ඉතින් දෙයියනේ දැන් මම තහනං කරන්ඩ එපා කීවද. ගෙදර ඉන්න මදුරුවෙක් අල්ලන්න හදන එකාට ඕක අල්ලන එක හොඳයි හැබැයි මේකේ තව කැරපොත්තෝ මකුළුවෝ මැස්සෝ පිරිලා ඒවා ගැනත් බලන්න ඕනා නැතුව ඔය එක මදුරුවෙක් ඇල්ලුවා කියල ගෙදර මිනිස්සුන්ගේ ආරස්සාව සහතික වෙන්නේ නෑ කියලනේ කිවේ. මදුරුවගෙන් එහාට පොඩ්ඩක් මාතෘකාව පුළුල් කරා මිසක් මදුරුව සුළු කොට තැකුවේ නෑ.
මෙහෙම හිතපන්කෝ.
මම පැපොල් ගෙඩියක් අරන් ඒකේ ගුණ ගැන කියනවා උඹට. උඹත් කිව්ව තරම් ගුණයක් නැති උනත් ඔව් හොඳයි තමා කියනවා. තව පැපොල් ප්‍රවාහනය, හදන පොලොව ගැන පවා කතා කරනවා... ඒ ඔක්කොම කමක් නෑ...
ඒ ඔක්කොම කියලා අන්තිමට කියනවා ඔය කිව්වට පැපොල් කියන්නේ තාල වර්ගයේ ගහක් කියලා...
ඉතින් මම උඹ කියපු අමතර තොරතුරු අතෑරලා "තාල වර්ගයේ ගහක්" කියපු කෑල්ලට විතරයි රිප්ලයි කලේ...
බැන්නේ නෑ කටුසු පුතේ... ෆීල්ඩ් එකේ ඉන්න මිනිස්සු අසනීප වෙනවා දකිනවා...
ස්වශන රෝග කියලා මිසක් ඇස්බැස්ටෝස් නිසා කියලා නම් වෛද්‍ය වාර්තා නැතුව ඇති..
මාස තුනකට කලින් එක්කෙනෙක් නම් කැන්සර් හැදිලා මැරුණා. එයත් ඉස්සර ඉදන්ම වහලවල් ගහපු බාස් කෙනෙක්.
මිනිස්සුන්ට කොච්චර කිව්වත් නහය කට වහගෙන වැඩ කරන්නේ නෑ අඩුම ගානේ එෆෙක්ට් එක ඒ මනුස්සයට නොදැනෙන්නවත්. ඒවා දැකලා දැකලා, වැඩ කරන මිනිස්සුන්ගේ ස්වශන ආබාධ දැකලා දැකලා "ස්වයං පාලනයක්" නැති සිගර්ට්ටුවට ඇබ්බැහි උනු මිනිස්සුන්ගේ ගොඩට දානකොට කොහොමද රිප්ලයි නොකර?
අපි හැමෝම පරිසරය විනාශ කරන්න දායක වෙනවා සාමුහිකව.... පුලුවන් දෙවල් වත් නොකර කොහොමද බන්...ආත්මාර්ථකාමී වෙලා බෑනේ

කූරුම්බැට්ටි තාච්චියක් එකතුකරගත්තා අද රෑ කැලෑ පාරෙන් නෙ එන්නේ දේවාලෙට දෙන්නං බැටේ
