ඇස්‌බැස්‌ටස්‌_මරාලයක්‌

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,031
    10,599
    113
    ඇස්‌බැස්‌ටස්‌_මරාලයක්‌

    ඇස්‌බැස්‌ටස්‌ වහලය මරාලයක්‌ වන්නට පෙර


    asbestos.gif



    ගොඩනැඟිල්ලකින් කඩා ඉවත් කළ පැරණි ඇස්‌බැස්‌ටස්‌ තහඩු සුංබුං විශාල ප්‍රමාණයක්‌, මීගොඩ ප්‍රදේශයේ එක්‌තරා පුරාණ විහාරස්‌ථානයක්‌ ඉදිරිපිට එළිමහනේ ගොඩගසා තිබෙනු මෑතකදී මා නෙත ගැටිණ. අව්වට වැස්‌සට සුළඟට නිරාවරණය වෙමින් දැඩි සේ අනාරක්‌ෂිත තත්ත්වයක තිබෙන මෙම ඇස්‌බැස්‌ටස්‌ සුංබුං ගොඩෙන් වායුගෝලයට මුසු වන ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති කෙළින් ම ඒ අසල තිබෙන මාර්ගයේ මෙන්ම හයිලෙවල් මාර්ගයේ ගමන් කරන දෙනෝ දාහක්‌ ජනතාවගේ, අවට පදිංචිකරුවන් මෙන්ම ආසන්නයේම තිබෙන පන්සලේ වැඩවසන භික්‌ෂූන් වහන්සේලාගේ, විහාරස්‌ථානයට යන එන බැතිමතුන්ගේ, දහම් පාසල් සිසුන්ගේ නාස්‌පුඩු ඔස්‌සේ ශරීරගත වෙයි. එමෙන්ම වැස්‌සට සෝදා ගෙන යන ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති අවට ළිsවලට එකතු වී පානීය ජලය දූෂණය කෙරෙනු ඇත.


    සුද්දගේ කාලේ ඉදන් මෙරට කළ ඉදිකිරීම් සඳහා ඇස්‌බැස්‌ටස්‌ භාවිත කර ඇත. දැනටත් මෙරට සිදු කෙරෙන නිවාස සහ ගොඩනැගිලි අති බහුතරයක්‌ සඳහා ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි භාවිත කරයි. ඇස්‌බැස්‌ටස්‌ භාවිත කොට නිෂ්පාදනය කෙරෙන නිෂ්පාදන රාශියක්‌ ඇත. සීලින් තහඩු, වැලන්ස්‌ බෝඩ්, ග්‍රැනේ- බට, වාහනවල බ්රේක්‌ පෑඩ්ස්‌, ක්‌ලච් ප්ලේට්‌, ඒවායින් කිහිපයකි. 2018 වර්ෂයේ සිට අපේ රටේ ඇස්‌බැස්‌ටස්‌ තහනම් කරන්නට මුලින් තීරණය වී තිබිණ. ලංකාවේ ඇස්‌බැස්‌ටස්‌ කර්මාන්තශාලාවල සේවය කරන සේවකයින්, වැඩ පරීක්‌ෂකවරු, ගොඩනැඟිලි ඉදිකරන්නන්, ඇස්‌බැස්‌ටස්‌ නිෂ්පාදන අළෙවිසැල් පවත්වාගෙන යන්නන්, ඒවායේ සේවකයින්, ඇස්‌බැස්‌ටස්‌ වහලවල් කඩා ඉවත් කරන්නන්, ඇස්‌බැස්‌ටස්‌ සුංබුං අවසන් බැහැර කිරීම් කරන්නන්, ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු ප්‍රවාහනය කරන්නන් (බොහෝ විට ඒවා පරිසරයට විවෘතව ප්‍රවාහනය කෙරේ.) කොටින්ම ඇස්‌බැස්‌ටස්‌ වහලවල් යට ජීවත් වන පොදු ජනතාව සාතිශය බහුතරයකට ඇස්‌බැස්‌ටස්‌ පිළිබඳ ඒ හැටි අවබෝaධයක්‌ නොමැති බවක්‌ පෙනී යයි. එසේ තිබුණානම් ඇස්‌බැස්‌ටස්‌වලට එරෙහිව මිනිසුන් වීදි බසිනු ඇත.

    සියලුම ඇස්‌බැස්‌ටස්‌ වර්ග මහජන සෞඛ්‍යට අනතුරුදායක ද?

    ඇස්‌බැස්‌ටස්‌ වනාහි පොළවේ ස්‌වාභාවික නිධිවලින් ලබා ගන්නා සිලිකන් අඩංගු ඛනිජයක්‌ වෙයි. ඇසට පෙනෙන ප්‍රමාණයේ ඇස්‌බැස්‌ටස්‌ කෙන්දක්‌ සෑදී ඇත්තේ ඉතා සියුම් ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති මිලියන ගණනකින් වන අතර, ඇස්‌බැස්‌ටස්‌ කෙඳිත්තක්‌ මිනිස්‌ හිස කෙසකට වඩා 200 ගුණයකින් සිහින් වේ. ඇස්‌බැස්‌ටස්‌ සංයුතියෙ වෙනස්‌කම් මත වර්ග කිහිපයක්‌ ඇත. ඒවා නිල් ඇස්‌බැස්‌ටස්‌, දුඹුරු ඇස්‌බැස්‌ටස්‌a, කොළ ඇස්‌බැස්‌ටස්‌ හා සුදු ඇස්‌බැස්‌ටස්‌ ලෙස හැඳින්වෙයි. ඇස්‌බැස්‌ටස්‌ වර්ග අතුරින් නිල්, දුඹුරු සහ කොළ ඇස්‌බැස්‌ටස්‌ වඩාත් අනතුරුදායක වර්ග ලෙස සැලකේ. මුලදී සුදු ඇස්‌බැස්‌ටස්‌ නොහොත් ක්‍රිසොටයිල් (Chrysotile) ඇස්‌බැස්‌ටස්‌ හානිදායක නොවන බවට මතයක්‌ ප්‍රචාරය වුවද, වර්ෂ 1989 මහාචාර්ය ඡේ. කෝබට්‌ මැක්‌ඩොනල්ඩ් (J. Corbett McDonald) විසින් ඇමරිකන් ජර්නල් ඔෆ් ඉන්ඩස්‌ටි්‍රයල් මෙඩිසින් හි වාර්තාවක්‌ පළ කරමින් කියා සිටියේ ක්‍රිසොටයිල් ඇස්‌බැස්‌ටස්‌ ද මිසොතෙලියොමස්‌ (Mesotheliomas) නැමති දරුණු පිළිකා තත්ත්වය සඳහා හේතු වන බව ය. ලොව පුරා සිදු කෙරුණු පර්යේෂණ වාර්තා පාදක කර ගනිමින් වර්ෂ 1999 වන විට මහා බ්‍රිතාන්‍යයන්, වර්ෂ 2005 වන විට යුරෝපා සංගමයේ සියලු රටවල්වලත්, 2017 වන විට ලොව පුරා රටවල් 50 කට වඩා වැඩි ගණනකත්a සුදු ඇස්‌බැස්‌ටස්‌ ඇතුළු සියලුම ඇස්‌බැස්‌ටස්‌ වර්ග තහනම් කර තිබිණ.

    මෙහිදී සුදු ඇස්‌බැස්‌ටස්‌ තහනම් කිරීමට අදාළව යුරෝපා කොමිසම විසින් වර්ෂ 1999 ජූලි 27 දින ප්‍රකාශයට පත් කළ මාධ්‍ය නිවේදනයෙ සඳහන් කරුණු අපගේ අවධානයට ලක්‌ විය යුතුව ඇත. (http://europa.eu/rapid/press-releaser®IP-99-572r®en.htm) වර්ෂ 1998 වන විට යුරෝපා කොමිසමේ විද්‍යාත්මක කමිටුව විසින් සුදු ඇස්‌බැස්‌ටස්‌ ආශ්‍රිත සියලුම නිෂ්පාදන සඳහා විකල්ප, ආරක්‌ෂිත නිෂ්පාදන තිබෙන බව තහවුරු කිරීමෙන් පසු, පරිසර සහ සෞඛ්‍යයට හිතකර ආදේශක සුලබ කිරීමට ව්‍යාපාරිකයින්ට සාධාරණ කාලයක්‌ ලබා දී ඇත. ඉන් අනතුරුව වර්ෂ 2005 සිට තහනම බලාත්මක කර ඇත.

    වර්ෂ 2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වාර්තාවක්‌ ප්‍රකාශයට පත් කරමින් (Chrysotile Asbestos - World Health Organization) තව දුරටත් සුදු ඇස්‌බැස්‌ටස්‌ තහනම් කර නොමැති රටවල්වලට, සුදු ඇස්‌බැස්‌ටස්‌ තහනම් කරන්නට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙන ඒම සඳහා අවශ්‍ය මග පෙන්වීමක්‌ ද සිදු කරන ලදි. පිටු 52 න් සමන්විත මෙම වාර්තාව මගින් සියලුම ආකාරයේ ඇස්‌බැස්‌ටස්‌ පිළිකා කාරක බව අවධාරණය කර ඇති අතර, ප්‍රතිපත්ති සම්පාදකයින්ට, තීන්දු තීරණ ගන්නා උදවියට අවශ්‍ය කරන සියලු මග පෙන්වීම් මෙහි දක්‌වා ඇත. (www.who.int/ipcs/assessment/publicr®health/ chrysotiler®asbestosr®summary.pdf)

    කෙසේ වෙතත් ජාත්‍යන්තර පිළිකා පර්යේෂණායතනය, (IARC) ලෝක සෞඛ්‍ය සංවිධානය, (WHO) ඇමරිකානු පාරිසරික ආරක්‌ෂණ අධිකාරිය, (EPA) යුරෝපා කොමිසම, (EU) එක්‌සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව, (HHS) ඇතුළු ලොව පිළිගත් ආයතන බොහොමයක්‌ම සියලුම ඇස්‌බැස්‌ටස්‌ වර්ග පිළිකා කාරක බව තහවුරු කර ඇත.

    ඇස්‌බැස්‌ටස්‌ නිසා වැළඳෙන රෝගාබාධ.

    ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති සුළු වශයෙන් ස්‌වසන මාර්ගයට ඇතුළු වීමේදී ඒවායින් බොහෝ ප්‍රමාණයක්‌ අපගේ ස්‌වසන මාර්ගයේ ආරක්‌ෂාව සඳහා තිබෙන පක්‌ෂම සහ ශ්ලේස්‌මලය විසින් ඉවතට බැහැර කරයි. නමුත් ඇතැම් කෙඳිති ස්‌වසන මාර්ගය ඔස්‌සේ අභ්‍යන්තරයටම ගමන් කොට පෙනහැල්ලේ අභ්‍යන්තර පටක තුළ නිධන්ගත වෙයි. මෙම කෙඳිති කිසිදාක කිසිවිටෙකත් ක්‌ෂය වීමක්‌ හෝ ජීර්¨ණය වීමක්‌ සිදු නොවන අතර, මේවා සමඟ පෙනහැල්ලේ පටක ඔබ ජීවත්ව සිටින තාක්‌ අනවරත අරගලයක නිරත වෙයි. කාලාන්තරයක්‌ තිස්‌සෙ තැන්පත් වන ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති නිසා පෙනහැල්ලේ පටක තුවාල වීම්වලට සහ ඉදිමීමට ලක්‌ වෙයි. මෙම තත්ත්වය විවිධ ස්‌වසන ආබාධ සහ පිළිකා තත්ත්වයනට හේතු විය හැකිය.

    ඇස්‌බැස්‌ටෝසිස්‌ (Asbestosis) නැමති නිව්මෝනියා තත්ත්වයකට හේතු විය හැකි දරුණු ස්‌වසන ආබාධය සහ මිසොතෙලියොමස්‌ (Mesotheliomas) නමැති ඉතා දරුණු පිළිකා තත්ත්වය ඇස්‌බැස්‌ටස්‌වල Rජු බලපෑම නිසාවෙන් ඇති වන දරුණු රෝග තත්ත්වයන් දෙකකි. එමෙන්ම, හතිය, ඇදුම වැනි ස්‌වසන රෝග, ක්‌ෂය රෝගය වැනි රෝග සඳහා ද අනියම් වශයෙන් බලපෑ හැකි බව සොයා ගෙන ඇත. මෙම ආබාධ සඳහා කෙනෙකු ඇස්‌බැස්‌ටස්‌ කෙඳිවලට නිරාවරණය වන කාලසීමාව සහ ශරීරගත වන ඇස්‌බැස්‌ටස්‌ කෙඳිති ප්‍රමාණය මත තීරණය වන අතර, ඇස්‌බැස්‌ටස්‌ කෙඳි වලට නිරාවරණය වීම ආරම්භ වී වසර 20 ක්‌ 30 ක පමණ දීර්ඝ කාලයක්‌ ගත වීමෙන් පසු රෝග ලක්‌ෂණ පහල විය හැකිය. දුම්පානය වැනි නරක සෞඛ්‍ය පුරුදු ඇති උදවියට මෙම තත්ත්වය කෙටි කාලයකින් මතු විය හැකිය.

    ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු යෙදූ වහලවල් යට ජීවත් වීම අනතුරුදායකද?

    මේ සඳහා ලබා දිය හැකි සරල පිළිතුර වනුයේ නැත යන්න ය.



    කැමතිනම් rep+++ දාගෙනම යන්න ( 19+ ගානේ දෙනවා..... )
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේකෙ කියල තියනව වැරදියි ඇස්බැස්ටෝස් තහඩු පැත්තක නිකන් තිබ්බට මුකුත්ම වෙන්නෙ නැහැ ඒව කපද්දි සහ විනාශ කරද්දි තමා ඇස්බැස්ටෝස් කෙඳි වායුගෝලයට නිදහස් වෙන්නෙ
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    ඇස්‌බැස්‌ටස්‌ සෙවිලි තහඩු යෙදූ වහලවල් යට ජීවත් වීම අනතුරුදායකද?

    මේ සඳහා ලබා දිය හැකි සරල පිළිතුර වනුයේ නැත යන්න ය.

    ඇයි බන් එ??? උඹ ඔනම එක පැහැදිලි කරලා නැහැනෙ..:confused::confused:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඇස්බැස්ටස් නැතුව ගෙදරක වහලෙට දාන්න හොද වෙන දේවල් මොනවද​?
     

    Similar threads