ඇස් ආසික්‌කාරයෝ
ගැහැනු පමණක් දිය නාන ළිං ගාව, වක්‌කඩ වතුරේ ගංගා ඇළ දොළ අසල ඇති වන රොදක සැඟවී කාන්තාවන්ගේ නිරුවත් අඟපසඟ නරඹා වින්දනයක් ලබන පුද්ගලයන් ගමේ පමණක් නොව ගෙන්දගං රස්‌නය දෙන නගරයේ ක්‌ලෝරීන් වතුර ගලා එන පයිප්ප වටේද සිටිති. ඔවුන් මුවා වී සිටින්නේ ගහකට ගලකට හෝ වල් පඳුරකට නොව එක්‌කෝ ටකරං හා ලෑලි ගැසූ මුඩුක්‌කු කාමරයකට නැත්නම් රෙක්‌සින් රෙද්දෙන් හතර වටේ ආවරණය කරන ලද ත්‍රීරෝද රථයක කළු කරන ලද පසුපස වීදුරු තහඩුවකටය. එසේත් නැත්නම් ඈත නිවසක වහලයක් මත හෙළුබැල්ලෙන් දිගා වෙමිනි. සමහරු දුරදක්‌නාද මේ සඳහා භාවිත කරති.
මෙම රෝගී තත්ත්වය හෙවත් අක්‍රමතාවය මනෝ විද්‍යාවේදී හඳුන්වනු ලබන්නේ නිරීක්‍ෂණ කාමුකත්වය ඩදහැමරසිප හෙවත් දර්ශාස්‌වාදය ලෙසයි. ස්‌ත්‍රීයකගේ හෝ පුරූෂයෙකුගේ නිරුවත දෙස බලා ආස්‌වාදයක් ලබන්නාට මනෝ විද්‍යාවේදී කියන්නේ දර්ශාස්‌වාදකයා කියාය. මෙම රෝගී තත්ත්වයේ තවත් අවස්‌ථාවක් වන්නේ නිරුවත් සිරුරු පමණක් නොව සංවාස ක්‍රියාවලි දෙසද හොරෙන් බලා සිට තෘප්තියක් ලැබීමයි.
යතුරු සිදුරින් එබී බලන්නා යන සමාජ විද්‍යාවේ එන අසම්මත ක්‍රියා පිළිබඳ සංකල්පය මේ වොයරිසම් නැමැති අසම්මත රෝගී තත්ත්වයට සමාන බවක් දක්‌වයි. සිදුරකින් හෝ එවන් දෙයකින් එබී බලනවාට ඉංග්‍රීසියෙන් කියන්නේ පීපින් කියාය. එවැන්නෝ පීපිං ටොම්ලා චැeචසබට එදප කියා හඳුන්වති. මේ පීපිං ටොම් යන්න සමාජයට ආවේ අතීතයේ සිටි වංශවත් ආර්යාවක් රටේ බදු බර අඩු කරනු පිණිස පාලකයා වන තම සැමියාට බල කරනු වස් විරෝධය පාන්නට නිරුවතින් අසකු පිට නැග වීථි සංචාරය කරද්දී හොරෙන් බැලු නිසා බව ඉතිහාසය පවසයි.
යතුරු හිලෙන් බලන රූම් බෝයිස්‌ලා හා වේටර්ලා අද හෝටල්වල ලැගුම්හල්වල සහ තානායම්වල අනන්තවත් සිටිති. ඔවුන් මෙසේ බලන්නේ බොහෝ විට කාමර වෙත එන හොර ජෝඩු නටන අනඟ රැඟුම් දෙස බව මට කීවේ නුවරඑළියේ හග්ගල මල් වත්තට යන පාරේ ඇති ගෙස්‌ට් හවුසියක වැඩ කරන අකීම් නමැති තරුණයායි.
"අපි ඒව කරන්නේ නිකං විනෝදෙට බොස්. නැත්තං අපට ඔය කියන ජාතියේ ලෙඩක් එහෙම නැහැ. මං විතරක් නෙමේ අපේ මැනේජර් මහත්තයයි කෝකියයි මුරකාරයයි ඔක්‌කොමල සමහර දාට වැඩේට සෙට් වෙනව. හැබැයි හනිමූන් එන වැදගත් ජෝඩු ඒ වගේම කසාද නෝනල මහත්තුරුන් දිහා අපි ඇහැක් ඇරල බලන්නෙ නැහැ"
අකීම් වැනි තරුණයන් තව බොහෝ ලැගුම්හල්වල සිටිනවා වෙන්න පුළුවන. රෝගයක් නැතැයි කියා ඔහු කෙසේ කීවත් අසාමාන්‍ය මනෝ විද්‍යාවට අනුව නම් එය ලිංගික අක්‍රමතාවයකි. යතුරු හිලෙන් හෝ වහලේ සිවිලිමෙන් බලා ආස්‌වාදයක් ලබනවා පමණක් නොව සේවාලාභීන්ගේ අති පෞද්ගලික දසුන් තම ජංගම දුරකතනයේ ඇති කැමරාවෙන් හෝ කුඩා අත් කැමරාවලින් වීඩියෝ කර ගෙන පුනරූපනය කර කර බලනවා පමණක් නොව මිතුරන් අතරේ බෙදා ගන්නා සහ කාමාතුරයන්ට මුදලට විකුණන අයියලාද අප රටේ මෙන්ම විදෙස් හෝටල්වලද ඉන්නා බව මම ස්‌ථිරව දනිමි. අන් අයගේ අතිශය පෞද්ගලික හැසිරීම් හොරෙන් නරඹන අයට සමාජ බාසාවෙන් කියන්නේ බලන්නෝ කියාය. මොවුන් හැම තැනම සිටිති. ගෑනු නාන තැන්වල වැඩිපුරම ඉන්නා අතර මුහුදු වෙරළ, සිනමා ශාලා, මල් වතු, උද්‍යාන වැනි තරුණ පෙම් ජෝඩු ගැවසෙන ස්‌ථානවලද නිතර දකින්නට ඇත.
මට මුලින්ම මේ බලන්නෙකු මුණ ගැහෙන්නේ මෙයට වසර තිහකට පමණ පෙර මා නව යොවුන් පාසල් සිසුවෙකුව සිටි අවදියේ කොළඹ වික්‌ටෝරියා පාක් එක හෙවත් වත්මන් විහාර මහා දේවී උද්‍යානයේදීය. එදා අප පාසලේ කලා උලෙල හෙවත් සිංහල සාහිත්‍ය උත්සවය ජෝන් ද සිල්වා සමරු රඟහලේ පැවති අතර ඊට සහභාගි වීමට පැමිණි අප තව කල් වේලා තිබූ නිසා මදකට අසල ඇති උද්‍යානයට ගියේ අරමුණක් නැතිවය. එහිදී අපි මිතුරන් කීප දෙනෙක් නිදහසේ උයන පුරා සැරිසැරූ අතර සිමෙන්ති බංකුවක වාඩි වී සිටි අපූරු චරිතයක් දැක ඔහුව මදක් නිරීක්‍ෂණය කළෙමු. වයස අවුරුදු හැටකටත් වඩා වැඩි ඒ අංකල් අත පුවත්පතක් තිබුණි. ඔහු ඉතා හොඳින් ඇසට ළංකරමින් පත්තරය කියවනු අප කාටත් පිටතින් පෙනුණත් සමාජ බාසාවෙන් හෙවත් රබර් ඇසක් ඇති අපේ නාලක හෙවත් වැලයා දැක්‌කේ පත්තරයේ ඇති කුඩා හිලකින් ඒ වැදගත් පාටැති මහතා ඔහු ඉදිරියේ පෙම් සුව විඳින තරුණ ජෝඩුවගේ ඉරියව් දිහා බලා සතුටු වන බවයි. විනාඩි කීපයක් ඔහු වටේ ගැවසෙමින් ඔහුගේ රසාස්‌වාදයට අපි බාධා කළ අතර අවසානයේ "අනේ පුතාලා මේක අරන් ගිහින් අයිස් ක්‍රීම් කාපන්" කියා මුදල් නෝට්‌ටුවක් අපට දික් කළ නිසා එයද රැගෙන අපි ශාලාව වෙත ගියෙමු. නමුත් ඊට පසුවද මේ උයන පැත්තෙන් යන අවස්‌ථාවලදී පෙම්වතුන් තුරුල්ව සිටින පැතිවල බංකු මත වාඩි වී පත්තරේ හිල අස්‌සෙන් ඇස් ආසික් ගන්නා මහත්තුරුන්ට වාතේ වෙන්නටත් ඔවුන්ගෙන් අයිස්‌ක්‍රීම් රටකජු කන්නට අනුග්‍රාහක දායකත්වය ලබන්නටත් අපට කීප වතාවක්‌ම හැකි වූ බවද සිහි කරමි.
ඇස් ආසික් ගන්නවා කියන්නේ වෙන අයෙකුගේ පෞද්ගලික දේ දිහා අනවශ්‍ය ලෙස අවලං බැලුම් හෙළනවාටයි.
ගාළු මුවදොර වැල්ලවත්ත දෙහිවල ගල්කිස්‌ස රත්මලාන මීගමුව වැනි සෙනඟ වැඩිපුරම ගැවසෙන මුහුදු වෙරළවල් සහ ගාල්ල කොටු පවුර කුරුණෑගල ඇතාගල වැනි තැන්වලද මේ බලන්නෝ සුලබය. ගල්කිස්‌ස වැල්ලේ ඇති පෙම්වතුන්ට පෙම් සුව විඳිනු පිනිස ඉඩ පහසුව ලබා දෙන කුඩා පොල් අතු කබානා ගැන දන්නෝ දනිති. ඉතා සාධාරණ මිලකට පැයක් දෙකක් මෙම කබානාව තරුණ ජෝඩුවකට කුළියට දෙන අතර ඒ තුළට වැදී පොල් අතු දොරින් හෝ ඝන දොර රෙද්දෙන් මුවා වී සිල්ලරට කම් සැප විඳින ඒ ජෝඩුවල ලයිව් ෂෝ එක හිලක් අස්‌සෙන් බැලීමට තවත් තැනක් තිබේ. ඒවා ඉතා වැඩි මිලට අලෙවි වන්නේ වයසක අංකල්ලාට හෙවත් නාකි බලන්නන්ටය. මා මේවා ඉතාම අමු අමුවෙන් පාඨකයා ඉදිරියේ කියන්නේ දැනුවත් වීමට සහ අනාරක්‌ෂිත එවැනි තැන්වලට තරුණ ජෝඩු යාමෙන් වැළකීමට බව සිතට ගත යුතුය.
කාන්තා නිරුවත් සිරුරු දෙස හොරෙන් බලා සිටින තවත් අවස්‌ථාවක් වන්නේ සමහර ඇඳුම් සාප්පුවල ඇති "හරිද බලන කුටි" හෙවත් ෆිටෝන් රූම් (සෙඑදබ රදදප) වලය. මේ වැනි කැත වැඩ හැම තැනම සිදුවනවා යයි අපි නොකියමු. නමුත් මතුපිටින් කණ්‌නාඩි (දර්පණ ) ලෙස පෙනුණද එහා පැත්තට සියල්ල මනාව පෙනෙන වීදුරු යෙදු ෆිටෝන් රූම්ස් ඇති සාප්පු කීපයක් අප රටේද තිබෙන බවට අපට වාර්තා ලැබී ඇත. යුරෝපීය රටවලත් සිංගප්පූරුවෙත් තායිලන්තයෙත් මේවා සුලබ කරුණුය. ඇඳුම ඇඟට හරිද බලන කුටියකට ගිය කල එහි ඇති කණ්‌නාඩිය තුළින් එහා පැත්තට පේනවාද බලන්න ඉතා පහසු ක්‍රමයක් ඇත. ඒ එම වීදුරුවට නිය පොත්ත තියා බැලීමයි. නියපොත්ත හා වීදුරුව අතර පරතරය ඉතා අඩුයි නම් ගැටලුවක් නැත. නූල් දෙකක පමණ පරතරයක් ඇත්නම් සළු ගැලවීමෙන් වැළකී සිටින ලෙස අපේ තරුණියන්ට හා ගැහැනුන්ට උපදෙසක් දෙන්නට කැමැත්තෙමි.
නිරීක්‍ෂණ කාමයෙන් හෙවත් දර්ශාස්‌වායෙන් පෙළෙන ග්‍රීස් යකින්නියෝද අපි දැක ඇත්තෙමු. එවැන්නියෝ කරන්නේ රාත්‍රී යාමයේ පවත්වන සුවිශේෂී සමාජ ශාලා වලට ගොස් එකින් එක ඇඳුම් උනා දමමින් අඩ නිරුවතින් හෝ නිරුවතින් නටන රඟන හැඩි දැඩි ගිගොලෝස්‌ලාගේ (ඨෂඨධඛධී) මස් පිඬු දෙස රාගයෙන් බලා සිටිමින් ඒවා අගය කරමින් සිතින් ආස්‌වාදයක් ලැබීමයි. (ගිග්ලෝ යන්නේ හරි අර්ථකථනය වන්නේ වැඩිමහලු කාන්තාවන්ගේ පෙම්වතා ලෙස ගෙවීමක්‌ද ලබමින් සිටින හැඩි දැඩි තරුණයාටයි) මෙවැනි වයෝවෘද්ධ මෙන්ම මැදිවියේ පසුවන දර්ශාස්‌වාදිකාවෝ සිටින රාත්‍රී සමාජ ශාලා මා දැක්‌කේ ස්‌වීඩනයේදී සහ කැනඩාවේදීය. ඉතාලියේ තායිලන්තයේ සහ පිලිපීනයේ රෙඩ් ලයිට් ස්‌ටි්‍රට් (රතු එළි වීදී) වල මේ කාන්තාවන් සුලබව සැරිසරයි. ඉතාලියට එන නවක තරුණයන් මොවුන්ගෙන් ප්‍රවේසම් විය යුතු බව මට කියා සිටියේ මිලානෝවල වසන අපේ ජාඇල නීල් අයියායි.
මෙවැන්නියෝම නොවුණත් මෙයට බොහෝ සේ සමාන දර්ශාස්‌වාදිකාවන් අප රටේද සිටින බව මා කියන්නේ කලකට පෙර අපේ සමහර රූපවාහිනී නාලිකාවල පෙන්වූ රියෑලිටි ෂෝ ගැන යළි සිහි වෙද්දීය. ඒවායේ රැඟුම් පෑ දඩෝරි අඩ නිරුවත් තරුණයන්ගේ අත පය ගැන ශරීරයේ හැඩය ගැන මස් පිඬු ගැන වැඩි වැඩියෙන් වර්ණනා කළ අපේ තෙල්මන්ද මේරූ කලින් රූමතියන්ව සිටි මැඩම්ලා සහ නාගරික ලේඩීස්‌ලා ගැන දැන් ඔබගේ මතකයටද එනු ඇතැයි මම සිතමි. කවුරු මොනවා කීවත් ලාබාල තරුණයන්ගේ අඩ නිරුවත් දඟර නැටුම් බලා ඒවා වර්ණනා කරන්නේ නම් ඇය නිරීක්‍ෂණ කාමිනියක් බව මගේ පෞද්ගලික හැඟීමයි.
කින්නර පිස්‌සුව හෙවත් nymphomania කියා කාමෝන්මාදයක් ඇති බව මට සිහි කළේ අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝය. මෙයට සුරතෝන්මාදය හෝ නාරිකාමෝන්මාදය කියාද කියති. ග්‍රීස් යක්‌කු ලෙස සැරසී කළුවරේ සැරිසරණ ලිංගික අකර්මතා ඇති අය මෙයින් පෙළෙන්නෝය
මා දන්නා ග්‍රීස් යක්‌කුන්ද කීප දෙනෙක් සිටින බව මා කලින් කී නිසා උන් ගැනද මඳක් කතා කළ යුතුය.
වරක් මාත් මා පාසල් මිතුරන් වන පයිලටුත් නලින්දත් තිස්‌සත් උසස් පෙළ සඳහා රාත්‍රී පාඩම් කරන කාලයේ මහ රෑ තේ එකක් බොනු පිණිස හොරෙන් ඔවුන්ගේ නිවස වූ රේල්වේ බංගලාවේ සිට දෙමටගොඩ නයිට් කඩයට ගොස් කාටවත් ඇසේවි යන බයෙන් හොර බළලුන් සේ නිශ්චලව මහා ගස් ඇති අඳුරු පටු පාර දිගේ ආපසු එමින් සිටියෙමු. මද දුරක් එද්දී එක් අසල්වැසි නිවසක ජනේලයක් අස්‌සෙන් නිදන කාමරයක් දෙස බලා සිටින අපූරු මිනිසෙකුව අපි දුටිමු. ඇඟටම ඇලුණු ඉතා කුඩා කළු පැහැති බයිසිකල් ෂෝටක් (කොට කළිසමක්) පමණක් ඇඳි සිහින් උස මේ මිනිසා කවුද ඔහු මොනවාද කරන්නේ කියා දැනගැනීමේ කුකුසක් අපට ඇති වූ අතර පැවති ජවය සහ තරුණ මදය ප්‍රයෝජනයට ගනිමින් ඔහුව වටලා අත්අඩංගුවට ගතිමු. අපේ අත් ගසා දමා පැන යනු පිනිස ඔහු හැකි උපරිම උත්සාහයක් ගත්තද ඔහුගේ සියොළඟම තවරාගෙන තිබූ පොල්තෙල් වල ලිස්‌සන සුලු ගතියද පරාජය කරමින් අපේ තිස්‌ස මේ ග්‍රීස් යකාගේ කිහිළි යටින් තම අත් බාහු යවා ගෙල වටේ පටලා පොලිස් පුඩ්ඩ දමා බිම දණ ගස්‌සවන්නටද සමත් විය.
"අනේ මල්ලි මාව යවන්න, යවන්න මං හොරකමේ ආවේ නැහැ. වට පිට අය ඇහැරෙන්න ඉස්‌සෙල්ල මාව යවන්න. පිංසිද්ද වෙයි මල්ලි මං හොරෙක් නෙමේ"
ඔහු බැගෑපත් වුණ අයුරු තාමත් මගේ කන්වල දෝංකාරය දෙයි.
නලින්ද තම කළිසමේ හොර සාක්‌කුවක තිබූ ගිනි පෙට්‌ටියෙන් කූරක් ගෙන ගසා එය මිනිසාගේ මුහුණට ඇල්ලු අතර ( පාසල් සිසුවන් රාත්‍රී කාලයේ ගිනිපෙට්‌ටි පරිහරණය කරන්නේ ඇයි කියා නොඅසන්න) අපට උන් හිටි තැන් අමතක වුණේ ගිනි කූරු එළියෙන් ඒ පුද්ගලයා අඳුනා ගත් විටයි. ඒ අන් කිසිවෙක් නොව අපට නිතර දෙවේලේ හමුවන අපේ මිතුරාගේ හිතවත්ම මිතුරෙකුගේ පියා වන අල්ලපු ගෙදර පෙරේරා අංකල්ය. ඔහුට වඩා ලැ-ජාවක් අපිට දැනුණ නමුත් වහා අපි ඔහුව පාරට ගෙන වැඩි විස්‌තර අසා දැන ගතිමු.
"මේක මම තදින්ම ඇබ්බැහි වුන ලෙඩක් පුතා. පුංචි කාළේ ඉඳලම මට මේ පුරුද්ද තිබුණා. අනේ ඇන්ටිටයි නංගිටයි දැනගන්න තියන්න එපා. අපිට වහ කාල මැරෙන්න වෙන්නෙ"
උගත් වැදගත් නිරෝගීමත් අයෙක් වන පෙරේරා අංකල්ගෙන් ආරම්භ වුණු දර්ශාස්‌වාදිකයන් ගැන අධ්‍යයනය කිරීමේ පාඨමාලාවේ මගේ අවසන් සළකුන වූයේ බොහෝ මෑතකදී අපගේ මිතුරු සෙවණට මහ රැයේ පැමිණි රමේෂ්ය. අප මත්ලෝලී නේවාසිකයන් දිය නාන පොකුනේ ළිං පඩිය මත හඳපානේ නිරුවතින් වැතිරී සිටි මේ රමේෂ් නම් දමිළ තරුණයා එක්‌තරා ජාතියක ග්‍රීස් යකෙකි. දර්ශාස්‌වාදියෙකි. මහ රෑ අපගේ පුනරුත්ථාපනයේ කොල්ලන් හට සද්දයක් ඇහී වත්තට පැමිණි කල සිද්ධිය දැක ඔහුව අහුවෙද්දී ඔහුගේ අතේ කාන්තා යට ජංගියක් සහ තිසර පටයක් තිබී ඇත.
"මොනාද බං මහ රෑ අපේ වත්තේ පොකුණ ගාව උඹ හෙළුවෙන් කරන්නේ" කියා අපේ ලොකු කුමාර සහ ගයාන් මල්ලී ප්‍රශ්න කරද්දී "අයියා බල්ලො දෙන්නෙක් මේ වත්තට එනව දැකල උන්ගෙ පස්‌සෙන් ආවා. ඒ සිද්ධිය දැකලා පොඩි පන් එකක් ගත්තා" කියා පවසා ඇත. මොහු අසම්මත මානසික රෝගයකින් පෙළෙන අයෙක් බව අප තේරුම් ගත් නිසා තරයේ අවවාද කොට පසුදා උදෑසන පිටත් කර ඇරියද තවමත් අපි ඔහු ගැන අවධානයෙන් විමසිල්ලෙන් සිටින්නෙමු.
රමේෂ්ගේ අතේ කාන්තා යට ඇඳුම් තිබුණාක් මෙන් තවත් බොහෝ ග්‍රීස් යකුන්ගේ ආසාව මේ ගැහැනු වස්‌ත්‍ර වලටය විශේෂයෙන්ම යටට අඳින කුඩා ඇඟලුම්වලටය. අප පාසල් යන සමයේ කිරුළපන අපේ ගෙවල් පාරේ එකල විසු උසස් පොලිස් නිලධාරියෙකුගේ රූමත් දියණියකගේ යට ඇඳුම් නිතර නිතර නැතිවන්නට පටන් ගත් අතර සොරා සෙවීමේ කොන්තරාත්තුව පැටවුණේ ඇයගේම අයියා වන අපේ පාසල් මිතුරාට සහ අපේ කල්ලියටයි. අපි දින කීපයක් රැක සිට ජංගිහොරා අතටම අල්ලා ගත් අතර ඔහු හිටියේ ඒ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ නිවසේ නාන කාමරය හොඳින් දිස්‌වන ගරාජයේ කොන්ක්‍රීට් ස්‌ලැබ් එක මත දිගාවී ගෙනයි. එදා නම් ඒ ග්‍රීස් යකා අපගෙන් හොඳටම පහර කෑමට ලක් වුන අතර දැන් සිතෙන්නේ අප රෝගියෙකුට ගසා මහ පාප කර්මයක් කර ගත් බවයි. අප හඳුනාගත් පරිදි ඔහු අන් කවරෙක්‌වත් නොව අපේ ගමේ පන්සලේ නිතර නිතර සිල් සමාදම් වන අමතර පන්ති පවත්වා සුළු මුදලක් උපයන අහිංසක තරුණයෙකි.
මෙම රෝගී තත්ත්වය ඉංග්‍රිසියෙන් fetishism යනුවෙන් හඳුන්වන අතර මනෝ විද්‍යාවේදී පෙතිෂවාදය ලෙසත් සමාජ විද්‍යාවේදී අර්චණකාමය ලෙසත් සිංහලෙන් හඳුන්වනු ලබයි.
ගැහැනු යට ඇඳුම් ඇඳීම, ස්‌පර්ශ කිරීම සහ ඇඟේ තවරා ගැනීම පිරිමින් තුළ ඇති රෝග ලක්‍ෂණයක් වන අතර fetishism තත්ත්වය ඇති ගැහැනුන් ප්‍රවණතාවයක් දක්‌වන්නේ පිරිමි යට ඇඳුම් සෝදා දීමට බව අසාමාන්‍ය මනෝවිද්‍යාවේ ඉගැන්වෙයි.
මට හමුවී ඇති සියයකට අධික දර්ශාස්‌වාදිකයන් අතරින් සුවිශේෂී අය කීප දෙනෙක් මගේ මතකයට එයි. ඉන් එකෙක් වන්නේ පාසල් නිවාඩුවට අපි හිඟුරක්‌ගොඩ දිවුලංකඩවල කුසුම් නැන්දලාගේ ගෙදර යන කාලයේ ඇළ අයිනේ පළු ගසක බැඳ සිටි බණ්‌ඩාර නම් ග්‍රාමසේවකයායි. ඔහු හැටට ආසන්න වැඩිහිටියෙකි. එක් ගොම්මනක කුසුම් නැන්දා ඇළ අමුණේ (ඇනිකට් එකේ) තනපටයක් ගහගෙන නාන විට ග්‍රාමසේවකයා හබරළ පඳුරකට මුවා වී ඇය සබන් ගාන අයුරු නරඹමින් හිඳ තිබේ. එවකට තාරුණ්‍යය යාන්තමින් පසුකරමින් සිටි අවිවාහක හැඩිදැඩි එඩිතර ගැහැනියක වන කුසුම් නැන්දා වහා පැන දර්ශාස්‌වාදකයා බෙල්ලෙන් අල්ලා තම චිSත්තයෙන් ඉරා ගත් රෙදි පටිවලින් ඔහුව ගස් බැඳ ඇත.
අපේ තාත්තාට රට පුරා සහ ලොව පුරා බොහෝ මිතුරු මිතුරියන් සිටි අතර මේ කුසුම් නැන්දාත් එවැන්නියකි. ඇය සහ අප අතර කිසිම නෑදෑකමක් නැතත් කට පුරා අපි ඇයට නැන්දා කීවේ එසේ කියන ලෙස අපේ තාත්තා සහ අම්මා අපට කියා තිබුණු නිසා පමණක් නොව ඇය තුළ අප දුටු වීරත්වය සහ ලෙන්ගතුකම නිසාය. කුසුම් නැන්දා යකාටවත් බය නැති එකියක් කියා අපි තාමත් සිතමු. ඇය තනිවම මිරිස් හේනේ ඇති රූස්‌ස ගහ උඩ පැලේ මහ රැයට පැල් රකී. අම්බරුවන් සමග කොළ පාගයි. හේන් කොටයි. වී වපුරයි. කැලේ ගිහින් ගස් බෙණවලට අත දමා මී වද කඩා ගෙනත් අපට කන්නට දෙයි. ගස් නගියි රා මදියි අමා රස දෙන අග්ගලා හදයි හොල්මං කතා කියයි. එක් දිනක් රාත්‍රියේ මාවත් ඉණේ ගසාගෙන හේනේ ගහ උඩ පැලට නැග්ග කුසුම් නැන්දා පැල් කවි කියමින් නිදි වැරූ හැටිත් පැය ගානක් නොපෙනෙන කා සමගදෝ හරි හරියට වාදෙට බැණ ගත් හැටිත් මට තාම මතකය. බැන්නේ කාටද කියා මා ඇසූ විට ඇය කීවේ තමා පසුපස එන කළු රාළ නැමැති හොල්මනට එසේ තමා බැන්න බවයි. සාමාන්‍යයෙන් තාත්තාගේ හිතවතියන්ව නොරිස්‌සන අපේ අම්මා මේ කුසුම් නැන්දාට නම් බොහෝ ආදරය කළාය. ඒ ඇය අප නිවාඩුවට හිඟුරක්‌ගොඩ යන කල චිත්‍ර, සිංහල සහ ඉතිහාසය වැනි දේ අපට ඉගැන්වූ නිසාය.
කන්දවත්තට හැරෙන තැන රේල් පාර ගාව පින් ළිඳේ ගැහැනු නාන හැටි ගසකට නැග බලා සිටි සරත්ට ගම්මු වටකරගෙන ගහන විට ඔහු දුව විත් සැඟවුනේ මා හිතවත් ජයසේන මහතාගේ නිවස පිටිපස්‌සේය. ජයසේන මහතාගේ යොමු කිරීම මත මම සරත් සමග ගැඹුරින් කතා කර උපදේශන සේවා ලබා දුනිමි. දර්ශාස්‌වාදය යනු ඉතා ගැඹුරු නමුත් සුලබ සිද්ධීයක් බව ම එදා හොඳටම පසක් කර ගතිමි.
කළු කොට කලිසමක් පමණක් ඇඳගෙන ඇඟේ පොල්තෙල් හෝ එන්ජින් ඔයිල් තවරාගෙන සිටි අයෙකුගේ මළ සිරුරක් සතෙක් මෙන් බිම දමා කෙසෙල් කොළවලින් වසා දමා ඇති අයුරු මා දැක්‌කේ මහනුවර අනියවත්තේ ගුරු පාරක් අද්දරදීය. එසේ මරා දමනු ලැබුවේ ග්‍රීස් යකෙක් බව එදා ගම්මු කෑගසමින් කියා සිටියහ. ගුටි කා මිය යන්න තරම් ඌ කර ඇති වරද නම් කෙල්ලන් සිටින බෝඩිමක් අසල රාත්‍රී කාලයේ සැරිසැරීමයි.
කෙසේ වෙතත් වත්මන් ග්‍රීස් යක් සංස්‌කෘතිය සහ ප්‍රවාද නිසා අපේ රටට ආවේ අපකීර්තියක් මිස යහපතක් නොවන බව අපි දනිමු. ශ්‍රී ලංකාව යනු අසාර්ථක රටක් භීෂණය ව්‍යාප්ත වුණ භයානක රටක් බව ලෝකයට පෙන්වන්නට කිසියම් සංවිධානාත්මක පිරිසක් කටයුතු කළ බවද අපි දනිමු. ගී්‍රස් යකුන්ට ස්‌රූස් ගා මාරුවෙන්නට ඉඩ දී අසම්මත ආසාවන්ගෙන් පෙළෙන දර්ශාස්‌වාදීන් සහ තවත් එවැනි කාමරෝගීන් දෙස අනුකම්පාවෙන් සහ හරි ඇසින් බලා ඔවුන් යහමගට ගන්නට හැකි සාර්ථක මගක් ගැන සිතන්නට අප රටේ සිටින සමාජ, සෞඛ්‍ය සහ මනෝ වෛද්‍ය බලධාරීන්ට අභියෝග කරමින් මෙම ලිපිය අවසන් කරමි.
මිත්‍ර ශ්‍රී කරුණානායක
කින්නර පිස්‌සුව සහ ඇස් ආසික්‌කාරයෝ

උපුටාගැනීම:divaina.com