ඇස් කණ්නාඩි නොමැතිව පෙනිම ලබාගත හැකි ක්‍&#3515

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    side effects ndda..????

    ඕනෑම වෛද්‍ය ප‍්‍රතිකර්මයකදී ඉතාමත් කලාතුරකින් අතුරු ආබාධ තත්වයන් ඇති විය හැකිය. ඒ අනුව එක්ස්යිමර් ලේසරය නිසා ද යම් ගැටලූ සහගත තත්වයක් මතු විය හැක. එහෙත් ඒවා කල්යාමේදී මග හැරී යා හැකි අතර ඇතැම් ඒවාට ප‍්‍රතිකාර කර සුව කළ හැකිය.

    උත්කෝපනයක්: ඇසට පිල්ලක් වැටුණ කලෙක මෙන් කෙවීමක් සිදු වීම මෙහි දී ස්වාභාවිකය. එය දැරිය නොහැකි වුවහොත් ඒ සඳහා ඖෂධ ප‍්‍රතිකාරයක් නියම කළ හැකිය.

    පෙනීමේ බොඳ වීමක්: ලැසික් ප‍්‍රතිකාරයෙන් පසු පැය කීපයක් තුළ පෙනීමේ බොඳවීමක් ඇති විය හැකිය. පැය කීපයක් ඇතුළත එය පහ වී යා හැකිය. පෙනීමේ වර්ධනයක් දැකිය හැකිය.

    රාති‍්‍ර පීඩක ආලෝකය: මෙම රෝග ලක්ෂණය බොහෝ විට ඇති වන්නේ ඔබ අක්ෂි ශල්‍ය කර්මයට භාජනය වී මුල් සති කීපය තුළ ඇස යථා තත්වයට පත් වෙද්දීය. රාති‍්‍රයට ආලෝකය දකින්නට අපහසුතාවක් ඇති වුවද එය සුව අතට හැරෙද්දී ඇස් දෙකම එකම මට්ටමට පත්වෙද්දී ඉබේම මග හැරී යයි.

    කියවීමේ අපහසුතාවක්: ලැසික් ප‍්‍රතිකාරයෙන් පසු ආරම්භයේ දී ම කියවන දේ ටිකක් ඉදිරියට අල්ලා කියවීමට ඔබට සිදු වීමට ඉඩ ඇත. මෙය තාවකාලික දෙයකි. ඉක්මනින් මග හැරී යයි. මෙය බොහෝ විට ඇති වන්නේ ඔබ වයස 40 වැඩි නම් ය.

    ආලෝකයට සංවේදී බවක්: ලැසික් ප‍්‍රතිකාරයෙන් පසු මුල් පැය කීපය තුළ ආලෝකය දැරීමේ අපහසුවක් ඇති විය හැකිය. හොඳ අව් කන්නාඩියක් පැලඳීමෙන් මෙය මග හරවා ගත හැකිය.

    ආසාදන අවදානමක්: ප‍්‍රතිකාරයෙන් පසු මුල් සතිය දෙක ඇතුළත සුළු ආසාදනයක් ඇති වීමේ අවදානමක් ඇත. ඔබේ ප‍්‍රතිකාරයේ කොටසක් වශයෙන් ප‍්‍රතිකාරයට පෙර හා පසුව උදේ සවස ඇසට දැමීමට බින්දු වශයෙන් දෙන ප‍්‍රතිජීවක ඖෂධ නිසා මේ තත්වය මග හැරී යනු ඇත. පළමු සතිය තුළ ගෙවුයන් කටයුතු හා පිහිනීම ආදිය නොකරන ලෙස උපදෙස් දෙන්නේ මේ ආසාදන අවදානම අවම කිරීම පිණිසය.

    අති නිරවද්‍යතාවක්: සමහර අවස්ථාවක අනපේක්ෂිත ආකාරයේ අති නිරවද්‍යතාවක් සැත්කමින් පසු අතට හැරෙද්දී ඇති විය හැකිය. එය සාමාන්‍යයෙන් සුව අතට හැරෙද්දී දක්නට ලැබෙන්නකි. සති එකත් හතරත් අතර මේ තත්වය සාමාන්‍ය අතට හැරී පෙනීම ස්ථාවර වනු ඇත. සිදු වන්නේ ඔබේ ඇසේ මුලදී තිබූ වර්තන දෝෂ මට්ටම අනුවය. කලාතුරකින් මේ තත්වය නොවෙනස්ව පැවතිය හැකිය. එසේ වුවහොත් මාස තුන හතරකට පසු මේ සඳහා ප‍්‍රතිකාර කළ හැකිය. මේ සඳහා නැවත මුදල් ගෙවීමක් අවශ්‍ය නොවේ.

    වර්තන දෝෂයක්: සැත්කමේ දී වැඩි වශයෙන් කලින් හොඳින් පැවති පෙනීමේ තත්වයම යළි ලබාගත හැකි වුවත් කලාතුරකින් සුළු වර්තන දේෂයක් හෝ පෙනී ඉතා සුළු අඩුවීමක් දැකිය හැකිය. මෙය නිවැරදි කිරීම අවශ්‍ය නම් ඒ සඳහා අතිරේක සැත්කම් ප‍්‍රතිකාරයක් කළයුතු වෙයි. ප‍්‍රතිකාර ලැබීමට එන වැඩි දෙනකුට එකම සැතකමින් ම සාර්ථක ප‍්‍රතිඵල ලැබෙන බව කිව හැකිය.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    නවලෝක හොස්පිටල් එකේ ඇස් දෙකටම කරන්න ලක්ශ 1.6ක් විතර යනව...

    හුකා ලක්ෂ 1.6 ඇයි බං රත්තරං වලින්ද ඔපරේෂන් කරන්නෙ??:P:angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුකා ලක්ෂ 1.6 ඇයි බං රත්තරං වලින්ද ඔපරේෂන් කරන්නෙ??:P:angry:

    එහෙම තමයි බන්... ඔක ඔයිට වඩා අඩු කරොත් ඇස් කන්නාඩි බිස්නස් එකට කෙලවෙනවනෙ...
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    එහෙම තමයි බන්... ඔක ඔයිට වඩා අඩු කරොත් ඇස් කන්නාඩි බිස්නස් එකට කෙලවෙනවනෙ...

    ඒකත් ඇත්ත තමා එල මචෝ තෑන්ක්ස් ගාන කිව්වට රෙප් දෙන්න බෑලු පැය 24ක් යනකං