ඇසිඩ්_ගැසූ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අඹන්වලට ඇසිඩ් ගැසූ හත් දෙනාම වැරදිකරුවෝ - ලක්‍ෂ 50ක වන්දියකුත් නියම වේ




    1111.gif



    මධ්‍යම පළාත් විගණන අධිකාරි ලලිත් අඹන්වල මහතාට ඇසිඩ් ගසා වැරැදකරුවන් වූ හත් දෙනාට මහනුවර මහාධිකරණ විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන මහතා සිර දඬුවම්, වන්දි හා දඩ නියම කළේය.

    2002 පෙබරවාරි 1 හා මැයි 20 අතරදී ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම හා ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට ඔවුහු වැරදිකරුවෝ වූහ. මේ සිද්ධියෙන් අඹන්වලගේ ඇසක් ද අහිමි විය.

    හිටපු අධ්‍යාපන අධ්‍යක්‍ෂ ආනන්ද මුණසිංහ, ප‍්‍රධාන ගණනාධිකාරී ආනන්ද වීරසිංහට බරපතල වැඩ සහිතව දස වසර බැඟින් සිර දඬුවම් ද, රුපියල් දෙලක්ෂය බැගින් දඩද නියම විය. මේ අනුව දෙදෙනකුට දඩ වසර බැඟින් ද, පස් දෙනකුට වසර 30 බැගින් ද සිරදඬුවම් නියම විය.

    ඇසිඩ් ගැසූ ව්‍යාපාරික මොහොමඩ් රාපික් මොහොමඞ් රියාස් 3, 4, 5 සහ චෝදනාවලට වැරදිකරු විය. ඔහු එක් චෝදනාකට අවුරුදු 20 බැගින් අවුරුදු 80 සිරදඬුවම් නියමවිය. එහෙත් එම සිරදඬුවම් එකවර ගෙවී යන පරිදී විසි වසරින් ගෙවී යයි. එක් වරදකට රුපියල් රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ අටක දඩයක් ද නියම විය. දඩ නොගෙවන්නේ නම් අවුරුදු දෙක බැඟින් අවුරුදු අටකින් සිර දඬුවම දික්වෙයි.

    මීට අමතරව ලලිත් අඹන්වල මහතාට රුපියල් ලක්ෂ 50 ක වන්දි ගෙවන ලෙස මොහොමඩ් රාසික් මොහොමඩ් රියාස්ට නියෝග කළ විනිසුරු වන්දිය නොගෙවන්නේ නම් බරපතල වැඩ සහිතව වසර අවුරුදු තුනක් ඒ වෙනුවෙන් ගෙවීමට නියම විය.

    හුසේන් සෙයියදු මොහොමඩ් සාපිට 7 වැනි සහ 8 වැනි චෝදනා වලට වැරදිකරු කරමින් අවුරුද් 20 බැගින් සිර දඬුවම් ද රුපියල් ලක්ෂ දෙක බැඟින් දඩ ද නියම විය. එම දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් වසර හතරක සිර දඬුවම් ගෙවීමට සිදුවෙයි.

    ඔමාර් ලෙබ්බේ මරික්කාර් මොහොමඞ් නිව්ෆර්, එම්.ජේ. මොහොමඩ් රියාල් ඉස්රූම් රාමන් දෙ වැනි චෝදනාවන්ට වැරදිකරු කරමින් වසර 20 සිර දඬුවම් ද, රුපියල් ලක්ෂ දෙක බැගින් දඩ ද නියම විය. දඩ නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ගෙවීමට සිදුවේ

    මොහොමඩ් හනිපා මොහොමඞ් ඉමිටියාස්ට දෙවැනි වැනි ‍චෝදනාවට සහ හත්වැනි චෝදනාවට වැරදිකරු විය. එක් චෝදනාවකට වසර විස්ස බැඟින් වසර හතළිහක බරපතල වැඩ සහිතව සිරදඬුවම විසි වසරකින් ගෙවි යන පරිදී නියම කෙළේය. එක් චෝදනාවකට ලක්ෂ දෙක බැඟින් ලක්ෂ හතරක දඩ ද දඩ නොගෙවන්නේ නම් අවුරුද හතරක සිරදඬුවමක් ද නියම විය


    අඹන්වලට ඇසිඩ් ගැසීමට කුමන්ත්‍රණය කිරීම, ඇසිඩ් ගසා මරණයට පත් කිරීමට තැත් කිරීම ඇසිඩ් ගැසීම ඇතුළු චෝදනා අටකට ඔවුහු වැරදි කරුවෝ වූහ.

    3, 4, 5, 6, 7 විත්තිකරුවනට ඉහත දඬුවම් වලට අමතරව පළමු චෝදනාව යටතේ වසර 10 බැගින් වූ සිර දඬුවම් ද සහ එම චෝදනාවට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ද දඩ මුදල නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් ද නියම කෙළේය.

    රජයේ මුදල් ද යහ පාලනය ද රැක දීමට ගොස් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ තමාට යුක්තිය ඉටුවීම ගැන සතුටු වන බවත් එක ඇසක් පමණක් හිමි තමා ඉදිරියේදී රාජකාරී කරන බවත් ඒ ඇස ඇස් හයකට සමාන බවත් නඩු තීන්දුවෙන් පසුව අඹන්වල මහතා මාධ්‍ය අමතමින් කීවේය.





    2512.jpg




    හොඳ වැඩේ ඔය කලකනින්ට අපේ ගොන් හැත්ත පර තම්බිත් එක්ක එකතුවෙලා අපේම එකෙකුට කෙලලා කාලකන්නි:angry::angry::angry:.......... ඕනෑම ආණ්ඩුවේ ආයතන වලට බඩුවක් ගන්නවන අපේ මීහරක් ගන්නේ ඔය තම්බින්ගේ කඩවලින් විශේෂයෙන් computer.මොකද උන් අපේ උන්ගේ ගෙවල්වලටම අතයටින් ජරාව යවන නිසා අනේ අපේ ජාතියකට ගිය කලක්.:angry:.... සල්ලිවලට ගූත් කන හැත්ත.:angry::angry::angry:.....
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇසිඩ් ප්‍රහාරයකට ගොදුරුවූ රජයේ ජ්‍යෙෂ්ඨ විගණක අධිකාරි
    ලලිත් අඹන්වල මහතා එදා දිවයින ට කියූ කතාවක්‌....

    අවංකව රාජකාරිය කළ නිසා
    මට ඇහැක්‌ නැති වුණා
    ලලිත් අඹන්වල





    මීට දසවසරකට පෙර ඇසිඩ් ප්‍රහාරයකට ලක්‌වූ රජයේ විගනක අධිකාරි ලලිත් අඹන්වල මහතා 2008 ජනවාරි මස 13 වැනිදා දිවයින සමඟ කළ සාකච්ඡාව පහතින් අප පළ කරනුයේ ඔහුට එම අපරාධය කළවුන්ට අධිකරණය මගින් දඬුවම් පැමිණවීමද නිමිති කරගෙනය. ඔහු මේ වනවිට සුව තත්ත්වයේ පසුවේ.

    මීට වසර 5 කට පමණ පෙර මහනුවර දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්‌ව තවමත් බරපතළ ලෙස රෝගාතුරව සිටින රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ විගණන නිලධාරියකු වූ ලලිත් අඹන්වල මහතාගේ වත්මන් තොරතුරු සොයා ගිය ගමනක ප්‍රතිඵලයයි මේ.

    සම්පූර්ණ නම - අඹන්වල හේරත් මුදියන්සේලාගේ ලලිත් අඹන්වල.

    උපන් දිනය - 1957 දෙසැම්බර් 23.

    ගම - මහනුවර නාපාන ගුන්නෑපාන.

    මව - අඹගස්‌පිටිය වලව්වේ බණ්‌ඩාර මැණිකේ.

    පියා - ටිකිරි බණ්‌ඩා හේරත්.

    සහෝදර සහෝදරියන් - මාත් එක්‌ක 8 යි. ගැහැණු හයයි, පිරිමි දෙකයි. මම පවුලේ පස්‌වැනි දරුවා.

    අධ්‍යාපනය ලැබූ පාසල - මුලින්ම ගුන්නෑපාන කනිෂ්ඨ විද්‍යාලයට ගියා. සාමාන්‍ය පෙළ කළේ මාතලේ ශාන්ත තෝමස්‌ විද්‍යාලයෙන්. වලල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස්‌ පෙළ සමත් වෙලා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ගියා.

    උපාධිය ලබාගත්තේ මොන විෂයයෙන්ද?

    ව්‍යාපාර අධ්‍යයනය විෂයයෙන්.

    පාසල් ජීවිතයේ විශේෂ දක්‍ෂතා මොනවාද?

    මලල ක්‍රීඩා කළා. සමිති සමාගම්වල වැඩ කළා, අධ්‍යාපන කටයුතුවලට තමයි මුල් තැන දුන්නේ.

    දෙමව්පියන්ගේ තොරතුරු මොනවාද?

    අප්පච්චි රජයේ ලිපිකරුවෙක්‌. 1973 දී මියගියා. මිය යන විට මහනුවර මහ රෝහලේ පරිපාලන නිලධාරියෙක්‌ හැටියට කටයුතු කළා. මව පාඨශාලාචාරිණියක්‌.

    ඔබ උසස්‌ පෙළට වානිජ්‍ය අංශය තෝරා ගන්න විශේෂ හේතුවක්‌ තිබුණාද?

    අප්පච්චි රජයේ සේවයේ සිටිය නිසා රජයේ සේවයට බැඳෙන්න ලොකු කැමැත්තක්‌ තිබුණා.

    විගණකාධිකාරිවරයෙකු ලෙස රාජ්‍ය සේවයට එක්‌ වුණේ කොහොමද?

    විවෘත තරග විභාගයකට පෙනී සිට එයින් සමත් වෙලා 1986 පෙබරවාරි 05 වැනිදා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ රුකියාව ලැබුණා.

    ඔබ ලැබූ අධ්‍යාපනය ඔබේ රැකියාව සඳහා ප්‍රායෝගිකව ප්‍රයෝජනවත් වුණාද?

    ඇත්තෙන්ම ඔව්. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දී අපට ගණකාධිකරණය පිළිබඳ ප්‍රායෝගික අධ්‍යාපනයකුත් ලැබුණා. ඊට අමතරව වරලත් ගණකාධිකාරි ආයතනයෙනුත් මම ටික කලක්‌ ඉගෙන ගත්තා.

    ඔබ පශ්චාත් උපාධියකුත් ලැබූ අයෙක්‌ නේද?

    ඔව්. රාජ්‍ය මූල්‍ය හා විගණනය පිළිබඳ වරලත් ආයතනයේ වසරක පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්‌ හැදැරුවා. ශිෂ්‍යත්වයක්‌ ලැබිලා 1995 දී එංගලන්තයට ගියා.

    මුලින්ම විගණනය කරන්න ලැබුණේ මොන ආයතනය ද?

    රාජ්‍ය වැවිලි සංස්‌ථාවේ හොරණ ප්‍රාදේශීය කාර්යාලය.

    වංචා දූෂණ කොපමණක්‌ හසු වී තිබෙනවාද....?

    විගණනය කරන්න ලැබුණු අවස්‌ථා අතරින් සියයට අනූවකම වංචා දූෂණ අසු වුණා.

    ඒවායින් කීයක්‌ සඳහා නීත්‍යානුකූල පියවර ගත්තා ද?

    සියල්ල ම නීතියට භාර දුන්නා. අපේ රාජකාරිය වුණේ විගණනය කිරීම පමණයි. එතැනින් එහාට නීතිය හරියට ක්‍රියාත්මක වූ අවස්‌ථා වගේ ම ක්‍රියාත්මක නොවූ අවස්‌ථාත් තිබුණා.

    පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විගණන උප කාර්යාලයට මාරුවක්‌ ලැබුණේ මොන කාලෙදීද?

    1988 දී.

    එම මාරුව භාර ගනිද්දී බියක්‌ දැනුණේ නැද්ද?

    තරමක චකිතයක්‌ තිබුණා. ඒ කාර්යාලයේ හිටපු අයට මරණ තර්ජන එල්ල වී තිබූ නිසා මම එහි යන විටත් කාර්යාලය වහලයි තිබුණේ. දෙපාර්තමේන්තුවෙන් කිව්වා කාර්යාලය ඇරගෙන වැඩ කරන්න කියලා. ඒ කාලේ ටිකක්‌ බයෙන් තමයි වැඩ කළේ.

    රෝහල් විගණනය පිළිබඳ අත්දැකීම් ලැබුවේ නැද්ද?

    1991 දී පේරාදෙණිය මධ්‍යම පළාත් සභාවේ රජයේ විගණන දෙපාර්තමේන්තුවට මාරුවක්‌ ලැබුණා. එතැනදී රෝහල් කිහිපයක විගණන කටයුතු කළා.

    රාජකාරිය නිසා ඔබේ ජීවිතයට තර්ජන එල්ල වෙන්න පටන් ගත්තේ කොයි කාලෙද?

    රාජ්‍ය අංශයේ විවිධ ආයතනවල වැඩ කළා. එක්‌ අවස්‌ථාවක මුදලට අගය කියලා විගණනයක්‌ කළා. දූෂිත ක්‍රියාවන් බොහෝමයක්‌ එම නිරීක්‍ෂණයේදී අනාවරණය වෙලා වංචා කළ නිලධාරීන් කිහිප දෙනකුගේ වැඩ තහනම් වුණා. මම හිතනවා එතැනින් පසුව තරහකාරයෝ ඇතිවෙන්න ඇති. නිසි පරිදි ආදායම් එකතු නොකිරීම වැනි අවස්‌ථාවලදී විගණනය කිරීමෙන් එවැනි අයගෙන් මුදල් අයකර ගන්න පුළුවන්කම තිබෙනවා. මොකද පළාත් පාලන ආයතන සම්බන්ධ අධිබාර බලතල විගණකාධිකාරීන්ට තියෙනවා. මේ වගේ අවස්‌ථාවලදී ප්‍රශ්න ගොඩක්‌ ඇති වුණා. සමහර තැන්වල ගොඩනැගිලි හදනවා කියලා තිබුණාට ගිහින් බැලුවාම ගෙවල් නැහැ. මාතලේ දිස්‌ත්‍රික්‌කයේ ආයතනවල විගණන කටයුතු කරද්දී ඇතැම් බලධාරීන් මට විරුද්ධව කටයුතු කළා. හරියට විගණන කටයුතු කරනවා කියන්නේ ප්‍රශ්න ඇති වීමක්‌ තමයි.

    විගණනයෙන් පසුව යහපත් තත්ත්වයට පත් වූ ආයතන තිබෙනවාද?

    ඔව්. අපි කළ විගණන කටයුතුවලින් පසුව මධ්‍යම පළාතේ ලොකු විනයක්‌ ඇති වුණා. රාජ්‍ය සේවයේ පිබිදීමක්‌ ඇති වුණා. හරියාකාර විගණනයක්‌ සෑම ආයතනයකම තිබිය යුතුයි.

    ඔබට ඇසිඩ් ප්‍රහාරය එල්ල වීමට පෙර මරණ තර්ජන එල්ල වී තිබුණාද?

    ඔව්. 2002 ජනවාරි 07 වැනිදා උදේ මම කාර්යාලයට යන විට කාර්යාලය කඩලා ලිපිගොනු පැහැරගෙන තිබුණා. මේ පිළිබඳව බොහෝ ක්‍රියාමාර්ග ගත්තත් කිසිම වැඩක්‌ වුණේ නැහැ.

    ඇසිඩ් ප්‍රහාරයට ලක්‌ වුණේ කවදාද?

    2002 මැයි 20 වැනිදා මම කාර්යාලයේ ඉඳලා මගේ කාර් එකෙන් ගෙදර යද්දී තමයි මට ඇසිඩ් ගැහුවේ.

    එයින් ඔබට සිදු වූ තුවාල මොනවාද?

    මගේ ඇස්‌ දෙකටයි, මූණටයි බරපතල තුවාල සිද්ධ වුණා. එක ඇහැක්‌ සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න සිද්ධ වුණා. අනිත් ඇහැට තවමත් ප්‍රතිකාර කරනවා. ඒ ඇහැට සැත්කම් 6 ක්‌ කළා. මූණේ තුවාල තවමත් හොඳටම හොඳ නැහැ.

    ඔබගේ විවාහ ජීවිතයේ දැන් තත්ත්වය කුමක්‌ද?

    මගේ බිරිඳ චන්ද්‍රිකා විඡේසුන්දර සියලු දුක්‌ වේදනා විඳ ගනිමින් මට ඇප උපස්‌ථාන කරනවා. දරුවෝ දෙන්නාත් මං වෙනුවෙන් කැපවී සිටිනවා. ඥති හිත මිතුරන් පවා තවම මාව අතහැර ගියේ නැහැ.

    ඒ අතින් මම වාසනාවන්තයි.

    දූලා දෙන්නාත් ඔබ වගේ විගණන කාර්යයට ලැදියි ද?

    මගේ රාජකාරි ජීවිතය පිළිබඳ ගෞරවයක්‌ ඒ අයට තියෙනවා. ලොකු දුව මේ වසරේ උසස්‌ පෙළ කරනවා. පොඩි දුව නවය වසරේ ඉගෙන ගන්නවා. පොඩි දුව චෙස්‌ ක්‍රීඩිකාවක්‌. ඇය ලෝක ශූරතා තරගාවලි රැසකට සහභාගී වෙලා ජයග්‍රහණ ලබා තිබෙනවා. ලොකු දුව ඒ.ඒ.ටී. ආයතනයේ අවසාන වසරේ ව්‍යාපාර සන්නිවේදනය විෂයයෙන් ලංකාවෙන්ම ප්‍රථමයා වුණා.

    දරුවෝ දෙන්නා ගැන මට ආඩම්බරයි.

    හරියට රාජකාරිය කරන්න ගිහින් සිදු වූ දේ ගැන අද ඔබට මොකද හිතෙන්නේ.

    මම මිය ගියත් රාජකාරිය හරියට කළා කියන ආත්මාඩම්බරය මට තියෙනවා. මෙවැනි දෙයින් නොසැලී දිවිහිමියෙන් තමන්ගේ රාජකාරිය හරියාකාරව කරන්න රටේ සෑම පුරවැසියෙක්‌ම කටයුතු කරනවා නම් වංචාකාර දූෂිතයන්ගෙන් රට බේරාගන්න පුළුවන් වෙනවා. මුදලට යටවෙලා රාජකාරිය පාවා දීම තමන්ගේ ආත්ම තෘප්තිය තමා විසින්ම විනාශ කර ගැනීමක්‌ කියා මම විශ්වාස කරනවා.

    ඉදිරි බලාපොරොත්තු මොනවාද?

    මම පළපුරුදු විගණන නිලධාරියෙක්‌. ඉක්‌මනින් සනීප වෙලා යළිත් රැකියාවට යැම තමයි මගේ බලාපොරොත්තුව වන්නේ.

    සාකච්ඡා කළේ - තුෂාරී කළුබෝවිල



    :(
     

    Similar threads