ඇසේ සූද නොසලකා ඉන්න එපා

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඇසේ සූද නොසලකා ඉන්න එපා

    ඇසේ සූද නොසලකා ඉන්න එපා

    tracking_id.php
    logo.png


    ඇසේ සූද බොහෝ පූද්ගලයන් තුළ දෑකිය හැකි රෝගී තත්ත්වයකි. මෙම රෝගී තත්ත්වය යම් දුරකට සූව කර ගත හැක. නමූත් මෙය සැත්කමක් මගින් සිදුකරනූ ලබන නිසා බොහෝ රෝගීන් බියක් ඇති කරගෙන තිබේ. මේ නිසා ඇසේ සූද අන්ධබාවය දක්වා වර්ධනය වන අවස්ථා බොහෝ ඇත. අපේ රටෙි තුනෙන් දෙකක් ඇසේ සූද මතුවීමෙන් අන්ධවී සිටින බව ඔබ දන්නවද?

    eye-picture.jpg

    ඇසේ කාචයෙන් ඇසට එන ආලෝකය ඇසේ පිටූපස තිබෙන දෘෂ්ටිවිතානයෙන් නාභිගත කරන්නේ කළු ඉංගිරියාවෙන්. ඒ නිසා කළු ඉංගිරියාවෙන් අපට ළඟ, දුර, බැලීමට හැකි වෙනවා. නමූත් ඇසේ කළු ඉංගිරියාවෙන් විනිවිධ භාවය නොපෙනීමත් සමඟ ඇසේ සූද මතුවීම පටන්ගෙන අන්ධභාවය දක්වා පවතිනවා. මෙය ඇතිවන්නේ නිකම්ම නෙවේ. ඒ සඳහා හේතු කිහිපයක් බලපානවා.


    ඇසේ සූද වැඩිහිටියන්ට පමණක් නොව කුඩා දරුවන්ටත් ඇතිවිය හැකියි. වැඩිහිටියන්ට ඇතිවී තිබෙන සූදු වළක්වා ගැනීමට හැකි අතර ඔවූන්ට මෙම රෝගය ඇතිවීමට හේතු සාධක කිහිපයක් බලපානවා. ඔවූන්ට දියවැඩියාව, එනම් වයස අවූරුදු 40-60 දී හෝ ඊට පෙරත් දියවැඩියාව අධිකව තිබේනම් සූද ඇති වීමේ ප්‍රවණතාවක් තිබේ. නොයෙකුත් ඇසේ හටගෙන තිබෙන තුවාල, ඹඪ කිරණ හේතුවෙන් ඇසේ සූද මතුවිය හැකියි.



    එමෙන්ම කුඩා දරුවන්ට මෙම රෝගය ඇතිවෙන්නට කිසිම හේතුවක් බලනොපාන අතර ඇතැම් විට කුඩා දරුවන්ට උපතේදීම මෙය ඇතිවන්නට පූළුවන්. ඇසේ හට ගෙන තිබෙන ආසාදන තත්ත්වයන් නිසා හෝ ගර්භනී මව ජර්මන් සරම්ප වැළඳී තිබීම හා එයට එන්නත් ලබා නොගැන සිටීමත් බබා ලැබෙන්නට ප්‍රමාද වීමෙන් දරුවාගේ ඇසේ සූද මතුවිය හැකියි.



    ඇසේ සූදට කළ යූතු ප්‍රතිකාර ලෙස ප්‍රථමයෙන් අකෂි වෛද්‍යවරයෙකුට පෙන්විය යූතුයි. වයස අවූරුද්දට අඩූනම් ඇසට සැත්කමක් නොකරන අතර දරුවා පරීකෂා කිරීමෙන් පසූ ඇස් කණ්නණාඩි භාවිත කිරීමට නිර්දේශ කරයි.



    වැඩිහිටියෙකු නම් අනිවාර්යෙන්ම සැත්කමකට යොමූ කරනූ ලබයි. නමූත් ඔහූ කරන රැකියාව අනූව රෝග තත්ත්වය අනූව ප්‍රතිකාර කළයූතු අතර උදාහරණයක් ලෙස අපි හිතමූ පරිගණක ආශ්‍රිත රැකියාවක් කරන පූද්ගලයෙක් කියා. ඔහූට ඇසේ සූද යාන්තමට තිබේනම් එය ඉක්මනින්ම ඉවත්කල යූතු වෙනවා. නැතිනම් කල්යාමේදී ඇසේ සූද වර්ධනය වී අන්ධවීමටද හැකිවීම ඊට හේතුවයි.



    අපි තවත් උදාහරණයක් බලමූ. ඔබ දියවැඩියාව රෝගයෙන් පෙලීී සිටින අවස්ථාවකදී ඇසේ සූද තිබේනම් ප්‍රථමයෙන් ප්‍රතිකාර කරනූ ලබන්නේ ඔබගේ දියවැඩියා රෝගයටයි. එයට හේතුව රෝගය පැවතීමෙන් තුවාල සූව නොවන නිසාය. එසේ නොවූණත් ඇසෙන් රුධිරය ගැලීම වැඩිවීමේ ඉඩ ප්‍රස්ථාව තිබෙන නිසාවෙන් රෝගය සූව නොවෙන නිසාය.



    ඇසේ සූදට ප්‍රතිකාර ලෙස ඇසේ කාචය ඉවත්කර ඇසට කෘතිම කාචයක් දෑමීම සිදුකිරීමයි. මෙය එතරම් අපහසූනොවේ. රෝහලේ නොනැවතීම එදිනම සැත්කමක් සිදුකර නිවසට යාමටද හැකිය.



    නමූත් පැරණි ක්‍රමය තරමක් අපහසූවේ. එම සැත්කමක් සිදුකරන විට ඇසේ 11පප කළු ඉංගිරියාවෙන් 1/2 ඉවත්කරනූ ලබයි. ඉන්පසූ ඇසට කාචයක් දමා මැහූම් දමා සූමාන තුනක් පමණ ඇස පරිස්සම් කළ යූතු වෙනවා.

    Lasik-Eye-Surgery-Cost.jpg

    මෙම රෝගී තත්ත්වයට බිය නොවිය යූතු අතර රජයේ රෝහල් වල මෙන්ම පෞද්ගලික රෝහල්වල 15000 වැඩි පිරිසක් ඇසේ සූදට ප්‍රතිකාර ලබනවා ඔබ දන්නවාද?