මනුස්යත්වයට නිගාදුන් විද්‍යා පර්යේෂණය

NRTG

Well-known member
  • Oct 19, 2019
    39,053
    193,771
    113
    Colombo, Sri Lanka
    මනුස්යත්වයට නිගාදුන් විද්‍යා පර්යේෂණය - ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’

    “කයිසර් ෆැමිලි පදනම” කියන්නේ එක්සත් ජනපදයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක වන, ලාභ නොලබන ආයතනයක්. ඔවුන් එක්සත් ජනපදය කාලීන වශයෙන් මුහුණ දෙන ප්‍රමුඛ සෞඛ්‍ය ගැටලු සම්බන්ධයෙන් සමීක්ෂණයන් ද පවත්වනවා. 2 020 දෙසැම්බරයේදී ඔවුන් කළ සමීක්ෂණයකට අනුව එක්සත් ජනපදයේ වෙසෙන කළු ඇමරිකානුවන්ගෙන් 35%ක් කොවිඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත අනිවාර්යයෙන්ම හෝ බොහෝවිට ලබා නොගන්නා තීරණයක සිටින බව හෙළි වුණා. එක්සත් ජනපදය තුළ එන්නත ප්‍රතික්ෂේප කරන අනෙකුත් ජනවර්ග සමග සසඳන විට මෙම ප්‍රතිශතය සැලකිය යුතු අගයක්. කළු ඇමරිකානුවන් එක්සත් ජනපදයේ සෞඛ්‍ය පද්ධතිය ගැන අවිශ්වාසයකින් සිටින බව යි පෙනී ගියේ.

    uDlCXqP.jpg

    ටස්කීගී සිදුවීමෙන් පසු කළු ජාතික ඇමරිකානුවන් තම රටේ මහජන සෞඛ්‍ය පද්ධතිය පිළිබඳ අවිශ්වාසයක් ඇති කරගත්තා/nber.org/


    තමාගේ මවුරටේ සෞඛ්‍ය පද්ධතිය කළු ඇමරිකානුවන්ගේ අවිශ්වාසයට ලක්වීම පිටුපස සාධාරණ හේතූන් ද ඔවුන්ගේ කටුක ඉතිහාසයේ ඕනෑ තරම් තිබුණා. ඒවායින් ඔවුන් දරුණුම කම්පනයකට පත්කළ ඓතිහාසික සිදුවීම වන්නේ ‘ටස්කීගී සිෆිලිස් පර්යේෂණය’ යි.



    ටස්කීගී සිෆිලිස් පර්යේෂණය

    ටස්කීගී සිෆිලිස් පර්යේෂණය යනු, එක්සත් ජනපද මහජන සෞඛ්‍ය සේවය විසින් 1932-1972 යන කාල පරාසය තුළ ඇලබාමා ප්‍රාන්තයට අයත් ටස්කීගී ප්‍රදේශයේ සිදු කෙරුණු සායනික අධ්‍යයනයක්. පර්යේෂණය ආරම්භ කළ කාලයේ දී සිෆිලිස් රෝගය සඳහා ක්‍රමවත් ප්‍රතිකාර ක්‍රමයක් සොයාගෙන තිබුණේ නැහැ. සිෆිලිස් රෝගය සිංහලෙන් ‘උපදංශය’ නමින් හඳුන්වන අතර, එය ලිංගිකව බෝවන රෝග අතර නිතර කතාබහට ලක්වනවා. ට්‍රිපොනීමා පැලිඩම් නම් බැක්ටීරියාව ආසාදනය වීමෙන් මෙම රෝගය ඇති වෙනවා.



    qQwx76F.jpg

    සිෆිලිස් රෝගය සඳහා හේතුවන ට්‍රිපොනීමා පැලිඩම් බැක්ටීරියාව

    අතීතයේ දී සිෆිලිස් සඳහා සිදු කෙරුණු ප්‍රතිකාර භයානක වූ අතර, ඒවායේ සාර්ථකත්වය ගැටලුකාරී වුණා. එනිසා සිෆිලිස් රෝගය සඳහා අවම සංකූලතා ඇති ප්‍රතිකාර ක්‍රම‍යක් සොයා ගැනීම, සහ රෝගයේ අවධීන් හඳුනා ගැනීමෙන් පසු ඒ ඒ අවධීන් සඳහා ගැලපෙන ප්‍රතිකාර ක්‍රම වැඩි දියුණු කිරීම, ටස්කීගී සිෆිලිස් පර්යේෂණයේ ප්‍රමුඛ අරමුණු වුණා.


    hHVfPIg.jpg

    ටස්කෙගී පරීක්ෂණය මෙහෙය වූ පිරිස විසින් පරීක්ෂණයට සහභාගී වූවන්ට තොරතුරු වසන් කළා/scientificamerican.com/


    කෙසේ නමුත්, මෙය ආරම්භයේ පටන්ම මතභේදාත්මක ලෙස පවත්වා ගෙන ගිය අධ්‍යයනයක්. පසුකලෙක, සායනික අධ්‍යයනයන්වලට සහභාගී වෙන රෝගීන්ට ලැබෙන නෛතික රැකවරණයේ වෙනස්කම් සිදුවීමට පවා මෙම පර්යේෂණයෙන් ඇති කළ කළු පැල්ලම හේතු වුණා. ජීවිත හානි පවා සිදුකළ මේ අමානුෂික පර්යේෂණය දශක හතරකට ආසන්න කාලයක් තිස්සේ සිදුකර ගෙන යෑමත් පුදුමයකට කරුණක්.


    bQnYSf8.jpg



    පර්යේෂණය සඳහා අප්‍රිකානු-ඇමරිකානු සම්භවයක් සහිත පිරිමින් 600ක් සහභාගී කරවාගත් අතර, ඔවුන් බොහෝමයක් අඳගොවීන් ලෙස සේවයකර තිබෙනවා. තෝරාගත් පිරිසෙන් සැලකිය යුතු කොටසක් ඉන් පෙර වෛද්‍යවරයෙකු හමුවී පවා නැහැ. මෙම 600 අතරින් 399ක් සිතාමතාම සිෆිලිස් රෝගකාරකය ආසාදනය කළ මිනිසුන් ලෙසත්, ඉතිරි 201 දෙනා රෝගකාරකය ඇතුළත් නොකළ පාලක කණ්ඩායම ලෙසත් වෙන්වන පරිදි පර්යේෂණය සැලසුම් වුණා.



    3DkLOw7.jpg

    වින්දිතයන් සමහරෙක්/history.com

    ටස්කීගී සිෆිලිස් පර්යේෂණයේ ආරම්භය පවා පර්යේෂණ ආචාරධර්ම උල්ලංඝණය කළ බව කුප්‍රකට යි. සායනික පර්යේෂණයකට යොදාගන්නා පුද්ගලයින්ට එම පර්යේෂණයේ සත්‍ය ස්වභාවය පැහැදිලිකර, ඔවුන්ගේ දැනුමැති අනුමැතිය ඒ සඳහා ලබාගැනීම යි සාමාන්‍ය පිළිවෙත වන්නේ. නමුත් තමා සම්බන්ධ වන පර්යේෂණයේ නියම ස්වභාවය ගැන කිසිදු පැහැදිලි කිරීමක් මේ කළු ඇමරිකානුවන්ට ලැබුණේ නැහැ. ඒ වෙනුවට ඔවුන්ට පවසනු ලැබුවේ “නරක රුධිරය” සඳහා ප්‍රතිකාර කිරීමේ වැඩපිළිවෙලක් ලෙස මෙම පර්යේෂණය ක්‍රියාත්මක වන බව යි. එකල එම ප්‍රදේශයේ ජනයා බොහෝ අසනීප තත්ත්වයන් සඳහා “නරක රුධිරය” යන යෙදුම පොදුවේ භාවිතා කළ, මේ නිසා පර්යේෂණය සාමාන්‍යකරණය කිරීමත් පර්යේෂකයන්ට අපහසු වුණේ නැහැ. අධ්‍යයනයට සහභාගී වුවහොත් නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර, සායනය දක්වා නොමිලේ ප්‍රවාහනය, නොමිලේ ආහාර ලබා දීම, සහ මරණයේ දී නොමිලේ රක්ෂණයක් ලබාදීම යන පොරොන්දු ලබාදුන් නිසා, දරිද්‍රතාවයෙන් පෙළුණු මේ මිනිසුන් පර්යේෂණයට සහභාගී වුණා.




    පර්යේෂණය කෙමෙන් කෙමෙන් අමානුෂික වෙයි!

    වර්ෂ 1947 දී, සිෆිලිස් රෝගය සඳහා පෙනිසිලීන් යොදාගැනීම පිළිගත් ප්‍රතිකාරයක් බවට පත්වුණා. ඊට පෙර සිෆිලිස් නිතරම නිධන්ගත සහ වේදනාකාරී සංකූලතාවලට මඟ පෑදූ අතර, අවසානයේ දී ඉන්ද්‍රීය අකර්මණ්‍යවීමට පවා හේතු වුණා. පර්යේෂණය තුළ අධ්‍යයනය කළ විෂයයන් සඳහා පෙනිසිලීන් යොදාගනිමින් නිගමනවලට එළඹීම හෝ, එම ඖෂධයේ වැඩිදුර අධ්‍යයනය සඳහා පාලක කණ්ඩායමක් ගොඩනැඟීමේ හැකියාව තිබුණත්, ටස්කීගී අත්හදා බැලීම භාරව සිටි විද්‍යාඥයින්ට අවශ්‍ය වුණේ රෝගය පැතිරෙන ආකාරය දිගින් දිගටම අධ්‍යයනය කිරීම පමණ යි.


    WNGk15Q.jpg


    ඒ සඳහා, පර්යේෂණයට සහභාගී වූ මිනිසුන් රෝගයෙන් සුව නොවී සිටීම මූලික අවශ්‍යතාවයක් වුණා. මේ නිසා පෙනිසිලීන් ප්‍රතිකාරය ඔවුන්ගෙන් වසන්කර තබා ගැනීමට විද්‍යාඥයින් ක්‍රියා කළා. ඒ වෙනුවට ඖෂධ ලෙස අඟවා ඇස්පිරින් සහ ඛනිජ ලවණ අතිරේකයන් ඔවුන්ට ලබා දුන්නා. මෙනිසා ඔවුන්ගේ රෝගය සුවවෙනවා වෙනුවට දවසින් දවස දරුණු වෙන්නට ගත්තා. ආචාර ධර්ම පිළිබඳ පැහැදිලි ගැටලු ඇති කරමින් ඇරඹුණු පර්යේෂණයට අමානුෂික මුහුණුවරක් ලැබෙන්න පටන් ගත්තේ මෙතැන් සිට යි.



    2OdsWnm.jpg


    ටස්කීගී ප්‍රදේශයේ සිදුවූ මේ අමානුෂික පර්යේෂණය ගැන ලෝකයට හෙළිවන මොහොතේ දී අධ්‍යයනයට සම්බන්ධ වූ බොහෝදෙනෙකු සිෆිලිස් රෝගය නිසා මියගොස් තිබුණා. ඇතැමුන් හදවත ආශ්‍රිත සංකූලතාවලින් පීඩා වින්දා. හරිහමන් අධ්‍යාපනයක් නොලද, අඳ ගොවියන් ලෙස ශ්‍රමය වැගිරවූ මේ අහිංසක කළු ඇමරිකානුවන් සිෆිලිස් රෝගයෙන් කොතරම් දුක් වින්දා ද යන්න අවබෝධ කර ගැනීම පිණිස අපි එම රෝගයේ රෝග ලක්ෂණ මඳක් සලකා බලමු.



    සිෆිලිස් හෙවත් උපදංශය

    සිෆිලිස් හෙවත් උපදංශයේ රෝග ලක්ෂණ අදියර තුනක් යටතේ ඇති වෙනවා. ප්‍රාථමික උපදංශයේ දී ලිංගික ප්‍රදේශය, ගුද මාර්ගය අවට හා මුඛයේ, වේදනාවක් රහිත තුවාල එකක් හෝ කිහිපයක් ඇති වෙනවා. ඉකිළි ආශ්‍රිත වසා ගැටිති ඉදිමීමක් වුවත් සිදු වෙන්න පුළුවන්. එමෙන්ම මේ වේදනා රහිත තුවාල කිසිදු ප්‍රතිකාරයක් ලබා නොදුන්නත් සති 2-3 අතර කාලයේ දී සුවපත් වීමේ හැකියාව තිබෙනවා.


    hrQE7Gy.jpg


    නිසි ප්‍රතිකාර නොලද විට උපදංශය ද්වීතික මට්ටම දක්වා වර්ධනය වෙනවා. එහිදී සමේ වේදනා රහිත පළු හෝ කුෂ්ඨ, අත්ලේ සහ යටිපතුල් ද ඇතුළුව ශරීරය පුරා විහිදෙන්න ගන්නවා. කාන්තාවන්ගේ යෝනි විවරය සහ පිරිමින්ගේ ගුදය අවට පැතලි ඉන්නන්ගේ ස්වරූපයෙන් ගැටිති හටගැනීමක් ද මෙම අවධියේ දී සිදු වෙනවා. මීට අමතරව ඉදිමුණු වසා ගැටිති සමග උණ සහ හන්දිපත් වේදනාව, විඩාව, කෑම අරුචිය, දිව සහ උඩුතල්ලේ සුදුපැහැ පැල්ලම් ඇතිවීම, හිසෙහි තැනින් තැන හිසකෙස් ගැලවී යාම සිදු වෙනවා.

    MHF69U0.jpg

    සිෆිලිස් රෝගයේ රෝග ලක්ෂණ අදියර තුනක් යටතේ හටගන්නවා/dbclinic.com.sg/

    එම තත්ත්වය යටතේ වුවත් ප්‍රතිකාර නොගතහොත් මෙම රෝගී තත්ත්වය තෘතීයික මට්ටම හෙවත් අවසාන අවස්ථාව කරා වර්ධනය වෙනවා. එහිදී රෝගියාගේ ඇස්, ස්නායු පද්ධතිය, හදවත සහ මොළයට හානි පැමිණෙන අතර මරණය පවා සිදුවිය හැකියි. සිෆිලිස් හෙවත් උපදංශය තෘතියීක මට්ටම කරා වර්ධනය වීමට වසර කිහිපයක් ගත වෙනවා. එනිසා ටස්කීගී සිෆිලිස් පර්යේෂණයට දායක වූ මිනිසුන් හරිහමන් ප්‍රතිකාරයක් නොලබා කොතරම් කාලයක් දුක් වින්දා ද යන්න ඔබට සිතාගත හැකියි. ඔවුන්ට වෙනත් වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගැනීමේ අවස්ථාවන් ද අහුරා දැමීමට පවා පර්යේෂණය මෙහෙයවූ මිනිසුන් සූක්ෂම වුණා. ප්‍රතිකාර උදෙසා පර්යේෂණය මෙහෙය වූ විද්‍යාඥවරුන් වෙතම පැමිණෙන්නට වින්දිතයන්ට සිදු වුණා

    අමානුෂික පර්යේෂණය ලෝකාපවාදයක් වූ හැටි

    1960 දශකයේ මැදභාගයේ දී, සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ වාසය කළ පීටර් බක්ස්ටන් නම් තැනැත්තෙක් ටස්කීගී සිෆිලිස් පර්යේෂණය ගැන තම අවධානය යොමු කළා. ඔහු එක්සත් ජනපදයේ මහජන සෞඛ්‍ය සේවාවට අනුබද්ධව සේවය කළ, ලිංගාශ්‍රිත රෝග පිළිබඳ පරීක්ෂකයෙක්. ටස්කීගී ප්‍රදේශයේ සිදුවන මෙම පර්යේෂණය සදාචාර විරෝධී අන්දමෙන් කරගෙන යන්නක් බව ඔහු ඉහළ නිළධාරීන් හමුවේ ප්‍රකාශයක් කළා. එයට ප්‍රතිචාරයක් ලෙස මහජන සෞඛ්‍ය සේවයේ නිළධාරීන් ටස්කීගී පර්යේෂණයේ අධ්‍යයන ආකාර සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් පිහිටුවාගත් නමුත්, කමිටුව දිගටම පවත්වා ගෙන යෑම පසුව අත්හිටුවනු ලැබුවා.


    ulcTRbe.jpg


    වගකිව යුතු පාර්ශවවල ක්‍රියාකලාපය ගැන සෑහිමට පත්නොවූ බක්ස්ටන් සිය හෘද සාක්ෂ්‍යයට එකඟව යමින් ටස්කීගී සිෆිලිස් පර්යේෂණය ගැන තමා දන්නා සියලු තතු පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස සේවය කළ මිතුරෙකුට ලබා දුන්නා. බක්ස්ටන්ගේ මිතුරා ඔහුගේ වෘත්තිය සගයෙකු වූ ජීන් හෙලර් වෙත එම තොරතුරු භාර දුන්නා. ජීන් හෙලර් ඒ වන විට ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනය වෙනුවෙන් සේවය කළා.



    dtDOnUF.jpg

    බක්ස්ටන්, 2018 දී/Johns Hopkins Berman Institute of Bioethics


    1972 වර්ෂයේ ජූලි මාසයේ දී දශක හතරක් පුරා කරගෙන ගිය මේ අවිධිමත් පර්යේෂණයේ නියම ස්වභාවය ලෝකයට හෙළිදරව් කෙරුණා. අනාවරණය වූ කරුණු හමුවේ මහජන කෝපය බරපතල ලෙස එල්ල වූ අතර, ටස්කීගී සිෆිලිස් පර්යේෂණය නවතා දැමීමට බලධාරීන්ට සිදු වුණා. කෙසේ නමුත්, ඒ වනවිට සැලකිය යුතු හානියක් සිදුවී අවසාන යි. පර්යේෂණයට සහභාගී වූ 28 දෙනෙකු පර්යේෂණය අත්හිටවූ මොහොත වනවිට මියගොස් තිබුණා. සිය දෙනෙකුට වඩා වැඩි පිරිසක් රෝගය ආශ්‍රිත සංකූලතා හේතුවෙන් අවසන් හුස්ම හෙළා තිබුණා. පර්යේෂණයට සම්බන්ධ වූ පුද්ගලයන් විවාහ කරගෙන සිටි තැනැත්තන් අතුරින් අවම වශයෙන් 40 දෙනෙකු හට රෝගය වැළඳී තිබූ අතර, ළමුන් 19 දෙනෙකුට උපතින්ම රෝගය සම්ප්‍රේෂණය වී තිබුණා.



     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,053
    193,771
    113
    Colombo, Sri Lanka

    බිල් ක්ලින්ටන් සමාව අයදියි

    1973 දී ටස්කීගී අත්හදා බැලීම් පිළිබඳව නඩු විභාගයක් එක්සත් ජනපද කොන්ග්‍රසය විසින් පැවැත්වූවා. එයින් ලැබුණු තීන්දු ප්‍රකාරව පර්යේෂණයට සහභාගී වූ ජීවතුන් අතර සිටින සාමාජිකයන්ට මෙන්ම, මියගිය අයගේ උරුමකරුවන්ටත් ඩොලර් මිලියන 10ක වන්දි මුදල් පිරිනැමුණා. මීට අමතරව, එක්සත් ජනපද රජය විසින් අරමුදල් සපයනු ලබන පර්යේෂණ ව්‍යාපෘතිවල මානව විෂය සම්බන්ධයෙන් නව මාර්ගෝපදේශ නිකුත් කිරීමක් ද සිදු කළා.

    ටස්කීගී පර්යේෂණයෙන් පසු අප්‍රිකානු සම්භවයක් සහිත බොහෝ ඇමරිකානුවන් තම රටේ මහජන සෞඛ්‍ය නිලධාරීන් සහ එන්නත් පිළිබඳ ගැඹුරු අවිශ්වාසයක් වර්ධනයකර ගත්තා. ඒ පැරණි අවිශ්වාසය වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය ඉදිරියේ පවා ඉස්මතු වුණා. ජන වාර්ගික අර්බුදයක් නිර්මාණය වීමේ පසුබිමක් පවා ඇතිකළ මේ අපකීර්තිමත් සිදුවීම කෙරෙහි හිටපු ජනපති බිල් ක්ලින්ටන් තම අවධානය යොමු කළා. ඒ අනුව ටස්කීගී සිෆිලිස් පර්යේෂණය නිසා රටේ ඉතිහාසයට ඇතිවූ කළු පැල්ලම සැලකිල්ලට ගනිමින් බිල් ක්ලින්ටන් ජනපතිවරයා 1997 දී ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියා.




    j1pQtw0.jpg

    ටස්කීගී සිෆිලිස් පරීක්ෂණය වෙනුවෙන් බිල් ක්ලින්ටන් ජනපතිවරයා සමාව අයැද සිටි අවස්ථාව (මයික්‍රොෆෝනය ඉදිරියේ සිටින්නේ පරීක්ෂණයේ වින්දිතයෙක්)/statnews.com/

    “එක්සත් ජනපද ආණ්ඩුව මේ පර්යේෂණය හරහා සදාචාරාත්මකව ඉතා වැරදි දෙයක් සිදු කළා. එම ලැජ්ජා සහගත අතීත සිදුවීම සිහිපත්කර අවශ්‍ය වෙනස්කම් සිදු කරමින් අපගේ ජාතිය සුවපත් කිරීමට පමණක් නොව, අතීතය දෙස බලා වඩා හොඳ වර්තමානයක් සහ අනාගතයක් ගොඩනඟා ගැනීම සඳහාත් මේ මොහොත යොදාගත යුතු යි”
    බිල් ක්ලින්ටන් ජනපතිවරයාගේ සමාව අයැදීම තුළ ඉහත අර්ථයට සමීප ප්‍රකාශයක් ඇතුළත් වුණා.


    Qxx1AO8.jpg


    සිෆිලිස් උදෙසා ආචාර ධර්ම උල්ලංඝණය කරමින් පවත්ව ගෙන ගිය එකම පර්යේෂණය ටස්කීගී අධ්‍යයනය නොවේ. 2010 වර්ෂයේ දී එවකට ජනාධිපති වූ බැරක් ඔබාමා සහ අනෙකුත් ෆෙඩරල් නිලධාරීන්, දශක කිහිපයකට පෙර ගුවාතමාලා රාජ්‍යය කේන්ද්‍රකර සිදු කෙරුණු සිෆිලිස් පර්යේෂණයක් වෙනුවෙන් ද ජාතියෙන් සමාව අයැද සිටියා. 1946-1948 අතර කාලය තුළ ගුවාතමාලාවේ පැවැත්වූ සිෆිලිස් පර්යේෂණයෙන් මිනිසුන් 700ක්ට ආසන්න පිරිසකට හිතාමතාම සිෆිලිස් රෝගකාරකය ආසාදනය කරවන්න පරීක්ෂකයන් කටයුතු කළා.



    මූලාශ්‍රයයන්:
    බ්ලොගර් - මිලාන් පෙරේරා
    රෝර්මිඩියා
    චායාරුප අන්තර්ජාලයෙනි
    aidscontrol.gov.lk
    history.com
    sciencedirect.com
    time.com/
    psychiatrictimes.com
     

    blue_in_rio

    Well-known member
  • තව අවුරුදු 50කින් විතර කොවිඩ් කියන්නෙත් එහෙම එකක් කියල හොයාගත්තෙ නැත්තන් හොදයි
    matath okamai hithune. vaccine kiyala dunna shot eka okkotama.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,038
    113
    මුන් තමයි දැන් අපිට මානව හිමිකම් උගන්නන්න එන්නේ :no:

    වැදගත් සුදු මහත්තුරු :lol:

    උන් අඩුගානෙ අලුත් නීති ගෙනල්ලා ආපහු එහෙම දෙයක් නොවෙන්න වග බලාගෙන, වැරැද්ද පිලිඅරගෙන, සමාවත් ඉල්ලලා වන්දිත් දුන්නා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    21,426
    13,247
    113
    උන් අඩුගානෙ අලුත් නීති ගෙනල්ලා ආපහු එහෙම දෙයක් නොවෙන්න වග බලාගෙන, වැරැද්ද පිලිඅරගෙන, සමාවත් ඉල්ලලා වන්දිත් දුන්නා

    ඒ හින්ද කරපු බලු වැඩ අවුලක් නැද්ද? :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    16,132
    27,934
    113
    මොන් හුප්තේ රටවල්ද බං. ආයේ ඕකුං ඔය වගේ පරීක්ෂණයක් කලොත් උඩ දාගෙන ඇමෙරිකාවේ ගිය සිංහලුන්ව තමයි අල්ලගන්නේ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,697
    113
    දෙවෙනි ලෝක යුද්ධ කාලෙත් ජර්මනියෙන් ජපානෙන් ඔය වගෙ පර්යේෂණ කරලා තියෙනවා වෙන රටවලින් හිරකාරයෝ විදියට අල්ලගත්ත මිනිස්සු යොදාගෙන.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    7,385
    1
    23,598
    113
    පව් වැඩේ බං. මුන් දැනුත් ඔය වගේ unethical clinical studies කරනවා. හොදම උදාහරණය තමයි මේ රටවල මිනිස්සු හුග දෙනෙක් තමන් මැරුණාට පස්සේ තමන්ගේ අවයව පරිත්‍යාග කරන්න/වෛද්‍ය පරීක්ෂණ වලට සිරුර පරිත්‍යාග කරන්න එකග වෙනවා. ලගදී එලි වුනා එහෙම වෛද්‍ය පරීක්ෂණ වලට පරිත්‍යාග කරපු සිරුරු ඇමරිකානු හමුදාව වැඩිම හානියක් වෙන විදිහට බිම් බෝම්බ හදන්නේ කොහොමද, පුරවන්නේ කොහොමද කියන එකට පාවිච්චි කරලා. බලුම වැඩේ කියන්නේ ඒ university එකෙන් තමන්ට පරිත්‍යාග විදියට ලැබුන bodies උන් army එකට විකුණලා.

    https://www.reuters.com/investigates/special-report/usa-bodybrokers-industry/
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,038
    113
    ඒ හින්ද කරපු බලු වැඩ අවුලක් නැද්ද? :lol:
    බලු වැඩේ බලු වැඩේම කමයි. පොඩ්ඩක් කියපන්කෝ එහෙම එකක් උනාම සාමාන්‍යයෙන් මොනවද කරන්න ඕනෙ කියල