ඇස මත තිබෙන සිදුරු
අපි හැමෝගෙම ඇස මත තිබෙන මෙම සිදුර ගැන දන්නවද?
මෙම කුඩා සිදුර මත ඇස් පිහාටු හිර වූ විට ඇස කසන්නට ගන්නවා. ඔබ වහාම කන්නාඩිය අසලට ගොස් ඇස පරික්ෂා කලොත්, එම කුඩා සිදුර ඔබට දැක ගන්නට පුළුවන් වේවි. පහල ඇස්පිය මත එවැනි කුඩා සිදුරක් ඇති බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ.
ඇත්තටම එම කුඩා සිදුර මොකක්ද? මෙය සෑම කෙනෙකුම සතු සාමාන්‍ය ශාරීරික අංගයක්.
වෛද්‍ය විද්‍යාත්මකව එය හඳුන්වන්නේ Lacrimal Punctum යනුවෙනි.
සෑම කෙනෙකුගේම ඇස්වල එය ලොකු කුඩා වශයෙන් දැකගන්නට පුළුවන්.
ඔබේ උඩ සහ යට ඇස් පිහාටු දෙකේම එවැනි කුඩා සිදුරු දෙකක් තිබෙනවා කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි.
එම කුඩා සිදුරු වල කෘත්‍යය කඳුළු නිපදවීම බවට වැරදි මතයක් පවතිනවා. නමුත් එහි සැබෑම කෘත්‍යය නම් ඇස මත නිපදවෙන අතිරික්ත කඳුළු බැස යන්නට සැලැස්වීමයි.
හඬන විට නාසය දියරවලින් පිරෙන්නේ අන්න එම හේතුව නිසා බව මතකතබාගන්න.
ඇතැම් අවස්තාවන් වලදී එම කුඩා සිදුරු විසින් ඕනෑවටත් වඩා වැඩියෙන් කඳුළු බැසයාමට සලස්වනවා.
ඉතින් එම දුෂ්කෘත්‍ය නිවැරදි කිරීමට වෛද්‍ය ක්‍රමවේදයක්ද තිබෙනවා. එහිදී සිදුකරන්නේ කුඩා ඇබ දෙකක් එම සිදූ තුලට ඇතුළු කොට කඳුළු බැස යෑම යම් පමණකින් පාලනය කිරීමයි. එය ඔබට ඉතාමත්ම භයානකම ක්‍රමවේදයක් සේ දිස්වෙනවා ඇති.
නමුත් එය ඇස් අධික ලෙස වියලීම වැලැක්වීම සඳහා භාවිතා කළහැකි ඉතාමත්ම සාර්ථක ක්රමයකි.
ඉතින් ඔබ ඇස් වියලීම කියන තත්වයෙන් පීඩා විඳින කෙනෙකු නම්, ඊට හේතුව ඇස්පිය මත පිහිටි මෙම කුඩා සිදුරු ප්‍රමාණයෙන් විශාල වීම විය හැකියි.
උපුටගැනීම sinhalaheath.com