ඇහැලෙපොළ කුමාරිහාමි ලවා දරුවන්ගේ හිස් කෙ

ehseres

Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    ඇහැලෙපොළ කුමාරිහාමි ලවා දරුවන්ගේ හිස් කෙ

    ඇහැලෙපොළ කුමාරිහාමි ලවා දරුවන්ගේ හිස් කෙටවීමේ කතාව ඉංග්‍රීසි ආණ්ඩුකාරයාගේ ප්‍රබන්ධයක් ?


    ඇහැලෙපොළ කුමාරිහාමි පිළිබඳ ඛේදවාචකය ගැන පසුගිය කාලය තිස්සේ පුවත්පත්වල සහ මෑත කාලයේ අන්තර්ජාලය ඔස්සේ පළ වී ඇති ලිපි සංඛ්‍යාව අතිවිශාල ය. ඒ සිදුවීමට අදාළ ඇතැම් කරුණු ගැන මේ ලිපිවලින් ඉදිරිපත් කෙරෙන තොරතුරු අතර යම් යම් විසදෘශතා සහ පරස්පර විරෝධතා පවතින බව ඒවා විමසිල්ලෙන් කියවන කවරකුට වුව ද පෙනෙනු ඇත. හිස් ගසා දමනු ලැබූ දරුවන්ගේ ගණන, ඔවුන්ගේ නම්, එක් එක් ළමයාගේ වයස, හිස් කීයක් වංගෙඩියෙහි දමා කොටන්නට නියෝග කෙරුණේ ද? ඒ සඳහා වංගෙඩි කීයක් යොදාගනු ලැබුවේ ද? කුමාරිහාමි සහ ඇයගේ දරුවන් වධක භූමිය වෙත කැඳවාගෙන එන ලද්දේ කොතැනක සිට ද? එය සිදු වූයේ කවරදා ද? යනාදි කරුණු ගැන මේ ලේඛකයන් අතර ඒකමතික බවක් නැති බව පෙනේ.

    එක නිදසුනක් ගනිමු. “The Last Days of Sri Wickrama” නම් ග්‍රන්ථය, මහනුවර අවසාන රජ සමය ගැන ප්‍රාමාණික දැනුමක් සහිත ලේඛකයකුගේ කෘතියක් ලෙස විද්වතුන් විසින් පිළිගැනේ. මේ ඔළුගෙඩි කෙටවීමේ පුවත, අනුවේදනීය නාට්‍යමය ජවනිකාවක් ලෙස විස්තර කෙරෙන එහි සඳහන් වන්නේ ඒ කටයුත්ත සඳහා “හතර වීදියෙන් වංගෙඩි හතරක්” වධක භූමිය වෙත ගෙන්වනු ලැබූ බවයි.

    ඇතැම් ලේඛකයන්ට අනුව ඒ කටයුත්ත සඳහා යොදාගන්නා ලද්දේ එකම වංගෙඩියකි. ඒ වංගෙඩිය මහනුවර පොලිස් ස්ථානයට නුදුරු තැනෙක තිබෙනු 1843දී ද දක්නා ලදැයි වාර්තා වන බව තවත් ලේඛකයෙක් කියයි.

    සමහර ලේඛකයන් පවසන්නේ රජු විසින් මරණ දඬුවම නියම කරන ලද්දේ පිරිමි ළමයින් දෙදෙනාට පමණක් බවයි.

    කටින් කට මෙන්ම ලේඛකයාගෙන් ලේඛකයාට මාරු වෙමින් ආ මේ කතාවට ඇතැම් අය විසින් ඔවුන්ගේ සිතැඟි පරිදි රසකාරක ද එකතු කරනු ලැබ ඇතැයි අපට සිතිය හැකිය.

    නිදසුනක් වශයෙන් පහත දැක්වෙන්නේ ආචාර්ය නාමයකින් ද උපලක්ෂිත ලේඛකයකු විසින් “Ehelepola the Great” යන මැයෙන් “The Island” පුවත්පතට කලකට පෙර සපයන ලද ලිපියකින් උපුටාගත් ඡේදයක පරිවර්තනයකි:

    “ඇහැලෙපොළ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ කල්හි රජු ඔහුගේ බිරිය, නෑණන්ඩිය සහ දරුවන් අත්අඩංගුවට ගත්තේය. ඔහු සමඟ ලිංගික ඇසුරට එකඟ නොවන්නේ නම් මරා දමන බව ඔහු බිරියට සහ සොහොයුරියට කීවේය. ඔවුහු එයට එකඟ නො වූහ. එහෙයින් මරනු ලැබූහ.”

    මෙය පුදුම කතාවකි! රජතුමාගේ ‘කැරැට්ටුව’ එතරම් යහපත් නො වූ බව රහසක් නො වේ. එහෙත් ඒ අවස්ථාවේදී කාන්තාවන් දෙදෙනාගෙන් එවන් ලිංගික අල්ලසක් එක එල්ලේ ඉල්ලන්නට තරම් ඔහු දීන වන්නට ඇතැයි සිතන්නට නුපුළුවන. යම් හෙයකින් ඔහු අප්‍රසිද්ධියේ පෞද්ගලිකව ඔවුන්ට එවන් යෝජනාවක් කළේ නම්, ඒ බව වෙනත් කෙනකුට හෙළි කරන්නට අවස්ථාවක් ඔවුන්ට ලැබෙන්නට ඉඩ තිබුණේදැයි සිතා බැලිය යුතුය.

    මේ කතාවට මුල් වූ වඩාත් විශ්වාසදායක තොරතුරු රැසක් තත්කාලීන වාර්තාගත ඉතිහාසයෙන් කෙනකුට දැකගත හැකිය. මෙහිදී පෝල් ඊ. පීරිස් විසින් 1939 දී පළ කරන ලද “Tri Sinhale - Last Phase” නම් ග්‍රන්ථය විශේෂයෙන්ම වැදගත් වෙයි.

    අපි මේ කතාවේ සුලමුල විමසමු.

    ඇහැලෙපොළ කුමාරිහාමි සහ දරුවන් මරණ දඬුවමට ගොදුරු වූ බව මුල් වරට ලිඛිතව සටහන් වන්නේ ජෝන් ඩොයිලි විසින් අවිස්සාවේල්ලේ සිට 1814 මැයි 23 වැනි දා බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා වෙත යවන ලද Co 54/56 දරන පණිවිඩයේය. ඉන් මෙසේ කීයවෙයි:

    “ඇහැලෙපොළගේ බිරිය සහ දරුවන් හතර දෙනා මෙන්ම නුවර කලාවියේ හිටපු දිසාව වූ පුස්සැල්ල ඔහුගේ බිරිය, දරුවන් සහ ඥාතින් ද මරණයට පත් කරන ලද බවට ආරංචියක් පවතී. එය මේ සතියේ සෙනසුරාදා හෝ ඉරිදා දින සිදු කෙරුණු බව දැනගන්නට ලැබී ඇත...”

    උඩරට රාජධානිය යටත් කරගැනීම උදෙසා ඇප කැපවූවන් අතර ප්‍රමුඛයා වූ ද, සිංහල භාෂාවෙහි මෙන්ම රටතොට ගැන ද මනා දැනුමක් ඇතිව සිංහල - ඉංග්‍රීසි ඔත්තු සේවාවන් පවත්වාගෙන යන්නට සමත් වූ ද, ඩොයිලි වැනි ක්‍රියාශූර පරිපාලන නිලධරයකු සටහන් තබා ඇති දිනයක් සැකයෙන් යුතුව බැහැර කිරීම අපහසුය.

    1814 වසරේ දින දර්ශනයේ හැටියට මැයි 23 වැන්න සඳුදාවකි. ඒ සතියේ සෙනසුරාදා ලෙස ඩොයිලි අදහස් කළේ 21 වැනි දා විය යුතුය.

    ඇහැලේපොළ පවුල දඬුවම් ලැබු දිනය මැයි 17 යැයි ඇතැම් අය කියා සිටියත් එසේ නොවිය හැක්කේ එය අඟහරුවාදාවක් වූ බැවිනි.

    බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා 1814 ජුනි 28 වැනිදා බ්‍රිතාන්‍ය යටත්විජිත ලේකම්වරයා වෙත යැවූ ලිපියෙහි සබරගමුවේ කැරැල්ල ගැන සහ රජුගේ ක්‍රෑරකම් ගැන විස්තර කළේය. 1814 අගෝස්තු 16 යැවූ ලිපියක ද ප්‍රධාන වශයෙන් අඩංගු වූයේ ඒ තොරතුරුය.

    හතර කෝරලේ සහ සබරගමුවේ නායකයන් ඉංග්‍රීසි ආණ්ඩුවට පක්ෂපාතී වීමට එකඟ වෙමින් ඒ දිනවල බ්‍රවුන්රිග් වෙත ඉදිරිපත් කළ ලිපියෙහි රජුගේ ක්‍රෑරකම් ලැයිස්තුගත කර තිබිණි. ආණ්ඩුකාරයා ඒ ලිපිය ද 1814 සැප්. 25 වැනිදා තමාගේ ලිපියක් සමඟ බ්‍රිතාන්‍ය බලධරයාට යැවූයේය. ඒ එකකවත්, ඇහැලෙපොළ කුමාරිහාමි ලවා දරුවන්ගේ හිස් කෙටවීමේ කතාවක් සඳහන් නොවීය. ඇත්ත වශයෙන් එබන්දක් සිදු වූයේ නම් හතර කෝරලේ සහ සබරගමුවේ නායකයන් බ්‍රවුන්රිග් වෙත ඉදිරිපත් කළ ලිපියෙහි නිසැකවම එය ඇතුළත් වන්නට ඉඩ තිබිණි.

    එසේ නම් මේ කතාව ආරම්භ වූයේ කෙසේ ද?

    හිස් කෙටවීමේ කතාව හිස ඔසවන්නේ උඩරට රාජ්‍යය යටත් කරගැනීමෙන් පසු මහනුවර සිය මූලස්ථානය බවට හරවාගත් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා 1815 පෙබරවාරි 25 වැනි දා බ්‍රිතාන්‍ය යටත් විජිත ලේකම් වෙත යැවූ ලිපියකිනි. ඉන් මෙසේ කියවෙයි:

    “රජු විසින් කරන ලද සාහසික ක්‍රියා ගැන, අප මෙහි පැමිණි දා සිට දැනගන්නට ලැබුණා. එමෙන්ම තහවුරු කරනු ලැබූ සිද්ධීන්ගෙන් එකක් වන්නේ ඇහැලෙපොළ අදිකාරම්ගේ පවුල වනසනු ලැබූ ආකාරයයි. අපට එය හෙළි කරන ලද්දේ කොළඹදී රාජකීය කාලතුවක්කු හමුදාවට බැඳී සිටි ලේඩ්න්හි වැසියකු වූ තොඑන් නමැත්තා විසිනි...”

    ආණ්ඩුකාරයා මේ තොඑන් හඳුන්වා දෙන්නේ 1803 වසරේ ඉංග්‍රීසින් මහනුවර අල්ලා ගෙන සිටි දවස්වල, රෝහල් ගත වන්නට සිදු වීම නිසා, උඩරැටියන් විසින් පසුව මෙහෙයවනු ලැබු සමූල ඝාතනයෙන් බේරී “ආශ්චර්යයකින් මෙන් පණ බේරා ගැනීමට සමත් වූ” සෙබළකු වශයෙනි. ඔහුගේ ලිපියෙහි තව දුරටත් මෙසේ සඳහන්ය:

    “...ඇහැලෙපොළ අදිකාරම්ගේ දරුවන් හතර දෙනාගේ හිස් සිඳිනු ලැබු අතර ඒ සඳහා බාලම ළමයා මවගේ ළය තුරුලෙන් උදුරා ගනු ලැබූ බවත්, ඔවුන්ගේ මළසිරුරු වීදි ඔස්සේ ඇදගෙන යනු ලැබූ බවත්, ඔවුන්ගේ හිස් වංගෙඩියක දමා මවගේ අතෙහි මෝල් ගසක් තබනු ලැබූ බවත්, ඇයට තමාගේම දරුවන්ගේ හිස් කොටන්නට සිදු වූ බවත්...” ඔහු කියා සිටී.

    ඉතිහාසයෙන් කියැවෙන්නේ 1803 සිදු වූ සංහාරයෙන් පසුව මේජර් ඩේවි, කැප්ටන් රම්ලි සහ හම්ිෆ්රි යන සිරකරුවන් හැරුණ විට වෙනත් ඉංග්‍රීසි ජාතික කිසිවකු මහනුවර ඉතිරි නො වූ බවය. රෝගී වූ රම්ලි සහ හම්ෆ්රි දෙදෙනා වැඩි කල් නොගොස් මිය ගියහ.

    1812 දී මිය යන තුරු සිරකරුවකු ලෙස හතරලියද්දේ ජීවත් වූ මේජර් ඩේවි, ඒ අතර සිය දුක් ගැනවිලි ඉංග්‍රීසි බලධාරීන්ට දන්වමින් හොර රහසේ පණිවිඩ යැවූ බව ජෙෆ්රි පවල් ලියූ “Kandyan Wars” නම් ග්‍රන්ථයේ සඳහන්ය. ඔහු නිදහස් කරගැනීම සඳහා ජෝන් ඩොයිලි සෑහෙන උත්සාහයක් දැරුවේය. නිදහසේ මහනුවර සැරිසරන්නට අවසර තිබුණු තොඑන් නමැති ඉංග්‍රීසි සෙබළකු ගැන ඔහුගේ ලියකියවිලිවල සඳහන් නොවීම සැලකිය යුත්තකි.

    1803 සිද්ධියෙන් ඉංග්‍රීසින්ට අත් වූ අන්ත පරාජය සහ අවමානය නිසා උදාසීන වූ බ්‍රිතාන්‍ය මහ ආණ්ඩුවෙන් මෙරට ආණ්ඩුකාරයාට යළි උඩරට ආක්‍රමණය සඳහා අනුමැතිය නොලැබිණි. එහෙත් ඔහුට සහ ඩොයිලිට කෙසේ හෝ උඩරට යටත් කරගැනීමට වුවමනා විය.

    බ්‍රවුන්රිග්ගේ අරමුණ වූයේ එය ආක්‍රමණයක් නොව රජුගේ ක්‍රෑරකම් දරා ගත නොහැකි වූ අසරණ උඩරැටියන් ඔහුගෙන් නිදහස් වීම සඳහා දැරූ අරගලයට රුකුල් දීම සඳහා කළ මානුෂික මෙහෙයුමක් බව බ්‍රිතාන්‍ය මහ ආණ්ඩුවට ඒත්තු ගැන්වීමයි. ඔහු සහ ඩොයිලි අතර හුවමාරු වූ ඇතැම් පණිවිඩවලින් මේ බව සනාථ වෙයි.

    ඒ අයුරින් බ්‍රිතාන්‍ය ආණ්ඩුව සන්සුන් කිරීමටත්, කටකතා සහ ඕපාදූප හැර වෙනත් සන්නිවේදන මාර්ග නොතිබුණු ඒ අවදියෙහි සිංහල - ඉංග්‍රීසි චරපුරුෂයන් ලවා මෙවන් කතා උඩරට ජනතාව අතර ප්‍රචාරය කරවීමෙන් රජු කෙරෙහි ඔවුන් තුළ ද්වේෂය දල්වා ඔවුන් හීලෑ කරගැනීමටත්, ඔවුන්ගේ එකම ගැලවුම්කාරයන් ලෙස තමන්ට පෙනී සිටීමටත් හැකි වන බව ඉංග්‍රීසි බලධාරීන් හොඳින් දැන සිටි බව පෙනේ. කිසිදු විරෝධතාවකින් තොරව උඩරට රාජ්‍යය යටත් කරගැනීමට ඔවුන්ට හැකි වූයේ ඒ නිසාය.

    උපක්‍රමශීලී ඉංග්‍රීසි ආණ්ඩුව විසින් මේ පදනම් විරහිත කතාව අනුක්‍රමයෙන් පාඨශාලා කියවීම් පොත්වලට ද රිංගවීමෙන් එය මුළු ජාතියටම ජීර්ණ වන පරිදි කවනු ලැබ ඇත.

    ඇහැලෙපොළ පවුලට තමා දඬුවම් කළේ නීතියට අනුකූලව යැයි අන්තිමේදී ශ්‍රී වික්‍රම රජු ඉංග්‍රීසි බලධාරීන්ට ද අවධාරණයෙන් ප්‍රකාශ කළේය. නීතිය වූයේ රාජද්‍රෝහී වරදට හසු වූ පිරිමින්ගේ හිස ගසා දැමීම සහ ගැහැනුන් දියේ ගිල්වා මැරීමයි. වංගෙඩි සහ මෝල් ගස් සඳහා ප්‍රතිපාදන ඒ නීතියෙහි ඇතුළත් වී යැයි සිතන්නට නුපුළුවන.
     
    • Like
    Reactions: arsehole-froce

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකත් හරියට මහින්ද එලවන්න යහපාලනයෙන් ගෙනාපු කටකතා වගේ...

    අනේ මන්ද බව්වො, අපි කාවද විස්වාස කරන්නෙ මෙහෙම ගියොත්....
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඉතිහාසයේ අපි නිවැරදි කරගතයුතු තැන් තියෙනවා
    විශේෂයෙන් සිංහලයා පැවත එන්නේ විජයගෙන කියන එක එහි ප්‍රමුඛ දේයක්
     

    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේකත් හරියට මහින්ද එලවන්න යහපාලනයෙන් ගෙනාපු කටකතා වගේ...

    ඉතිහාසයෙයි වර්තමානයෙයි තියෙන සමානකම් තුලින් ලංකාවේ අනාගතය පිලිබදව අවබෝදයක් ගත හැක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අපේ රටේ මිනිස්සු ඒ කාලෙත් සෑහෙන ගොන්කන් කරපු බව තමා ඕකෙන් පෙන්නේ. ඉස්සරවෙලාම ඉන්දියාවෙන් ආපු දෙමල මිනිහෙකව රජකමට පත් කරගත්ත. ඊට පස්සේ සුද්දට රට බාරදුන්න. :(
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතිහාසයේ අපි නිවැරදි කරගතයුතු තැන් තියෙනවා
    විශේෂයෙන් සිංහලයා පැවත එන්නේ විජයගෙන කියන එක එහි ප්‍රමුඛ දේයක්

    එහෙනන් කාගෙන්ද එන්නෙ... :eek:
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,715
    2,602
    113
    නිධානයක් උඩ
    එහෙනන් කාගෙන්ද එන්නෙ... :eek:

    ඊට කලින් ඉඳලා හිටපු මිනිස්සු තමයි අදටත් සිංහල කියලා ඉන්නේ, 700 දෙනෙක්ගෙන් පුලුවන්න්ද ජාතියක් පටන්ගන්න.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඊට කලින් ඉඳලා හිටපු මිනිස්සු තමයි අදටත් සිංහල කියලා ඉන්නේ, 700 දෙනෙක්ගෙන් පුලුවන්න්ද ජාතියක් පටන්ගන්න.

    හරියටම කීවොත් ලංකාවේ හිටපු අයයි, ඉන්දියාවෙන් සැරින් සැරේ අවුරුදු දාස් ගානක් තිස්සේ එක එක තැන්වලින් ආපු ආපු අයයි ඔක්කොම කවලම් වෙච්ච කිසි කෙනෙකුට තමන් මෙන්න මෙයාගෙන් පැවතෙනවා කියල කියන්න බැරි අච්චාරුවක් වගේ ජාතියක් :baffled::baffled:
     

    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    රජකාලේ නම් එක්නැළිගොඩ ෆොන්සේකා වගේ රාජ්‍ය ද්‍රෝහින්ටත් මේ වගේ තමා වෙන්නේ.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හරියටම කීවොත් ලංකාවේ හිටපු අයයි, ඉන්දියාවෙන් සැරින් සැරේ අවුරුදු දාස් ගානක් තිස්සේ එක එක තැන්වලින් ආපු ආපු අයයි ඔක්කොම කවලම් වෙච්ච කිසි කෙනෙකුට තමන් මෙන්න මෙයාගෙන් පැවතෙනවා කියල කියන්න බැරි අච්චාරුවක් වගේ ජාතියක් :baffled::baffled:

    :rolleyes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතිහාසය ගැන නම් මෙලෝ මල හසරක් දන්නෙ නැහැ බං.. දන්න එව්වත් ඇත්තද බොරුද කියලා මං දන්නෙ නැහැ.. ඒ නිසා ඔය සබ්ජෙක්ට් එක ගැන කතා නොකර ඉන්නෙක හොඳයි කියල හිතෙනවා..:D
     

    madhu1988

    Active member
  • Jun 17, 2011
    516
    58
    28
    මේකත් හරියට මහින්ද එලවන්න යහපාලනයෙන් ගෙනාපු කටකතා වගේ...

    අලුත් පස්තාපිරුලක් වගේ'මහින්ද එලවන්න යහපාලනය ගෙනාවා වගේ'

    :D:D:D:D:D:D
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113

    ඉතිහාසයෙයි වර්තමානයෙයි තියෙන සමානකම් තුලින් ලංකාවේ අනාගතය පිලිබදව අවබෝදයක් ගත හැක
    :(:(
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    ඉතිහාසය වැරදි සොයා නොයා යුතුයි.

    ඉතිහාසය තිබුන දේ ඒ විදයට තියන්න. මන් ද ලියන්න කරැනු නොදැන ඔහේ තමාට හිතුන හිතුන විදයට ඉතිහාසය වෙනස් කරන්න යන්න ඒපා. උබට පිලිගන්න බැරි නම් උබව වැදුවේ උබේ අම්මා ද වෙන අම්මා කෙන්ක ද නැත් නම් උබේ අම්මා ඒකක් හිටියේ වෙන පිරිමියෙක් ද කියලා. පුලුවන් නම් ඒක හොයපන්. ඉතිහාසය වැරදි අයුරින් විවේචනය කරන්න ඒපා....
     

    SSKL

    Active member
  • Nov 14, 2008
    164
    47
    28
    Nugagoda
    ඉතිහාසය තිබුන දේ ඒ විදයට තියන්න. මන් ද ලියන්න කරැනු නොදැන ඔහේ තමාට හිතුන හිතුන විදයට ඉතිහාසය වෙනස් කරන්න යන්න ඒපා. උබට පිලිගන්න බැරි නම් උබව වැදුවේ උබේ අම්මා ද වෙන අම්මා කෙන්ක ද නැත් නම් උබේ අම්මා ඒකක් හිටියේ වෙන පිරිමියෙක් ද කියලා. පුලුවන් නම් ඒක හොයපන්. ඉතිහාසය වැරදි අයුරින් විවේචනය කරන්න ඒපා....