උඹට කොහොමත් ඉස්සර ඉඳන් ඔය වගේ රාජපක්ෂලා නැතුව බෑ ජාතියේ ප්‍රශ්න එනවා නේද?
උත්තරේ මේකයි, පොහොට්ටුව කියන්නේ දේශපාලන පක්ෂයක් විතරක් නෙවෙයි ඒක දේශපාලන ක්‍රමයක්. දැන් මෙච්චර හිකිල ඉද්දිත් ජොගින් ට්‍රැක් හදන්නේ මුන්ට පිස්සු නිසා කියලද උඹල හිතන්නේ? නෑ මා පුතා උන්ට පිස්සු නෑ. පොහොට්ටුවේ core එකම ඇවිල්ල ඔය project වලින් කීයක් හරි කොටාගෙන ජිවත් වෙන සෙට් එක. ඒක 10% කපුටාගේ ඉඳල කානුව කොන්ක්‍රීට් කරන එකෙන් ගානක් ගහ ගන්න ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රී වෙනකන් ඉන්නවා. රාජපක්ෂලාට තවත් සල්ලි එපා කියල හිතුවත් මේ සිස්ටම් එක දැන් උන්ටවත් නවත්තන්න බෑ. එහෙම කරපු ගමන් අර පහල මට්ටමේ සපෝට් එක නැති වෙලා උන් ෆුල් අනාථ වෙලා යනවා. පොහොට්ටුවේ පැවැත්මට "දැවැන්ත සංවර්ධනය" අත්‍යවශ්‍යයි. ඒක නැත්තම් පොහොට්ටුවක් නෑ. ජොනිය පොහොට්ටුවේ මෙච්චර කෙරුමෙක් වෙලා ඉන්නේ ඇයි කියල දැන් උඹට තේරෙන්න ඕනේ. ආණ්ඩුවේ ජොබ් සම්බන්ද කතාවත් ඔච්චරම තමයි. පොහොට්ටු දේශපාලන ක්‍රමය පවතින්නේ නෑ ආණ්ඩුවේ ජොබ් යම් ගානක් හැම අවුරුද්දෙම බෙදුවේ නැත්තම්.
දැන් ලංකාව තියෙන්නේ කොහෙන් ගියත් හුකැස් වෙන ලයින් එකක, අපිට කිසිම විදිහකින් 2019 ජිවත් උනා වගේ නම් ජිවත් වෙන්න බෑ, ඒක වෙන්නේ නෑ. තියන හොඳම option එක තමයි IMF ගිහින් මේක ටිකක් හරි ශේප් කර ගන්න එක. IMF එකෙන් අපිට ආතල් ගන්න සල්ලි දෙන්නේ නෑ. උන්ගේ පලවෙනි කොන්දේසිය තමයි austerity measures. ඒවා නැතුව උන්ගෙන් සපෝට් එකක් නෑ. ඒ කියන්නේ "දැවැන්ත සංවර්ධනය", "රාජ්‍ය සේවය ශක්තිමත් කිරීම" වගේ ඒවාට බෙල්ල මුලින් ටටා කියන්න වෙනවා. ඒවා නැති පොහොට්ටු දේශපාලනයක් නෑ. ඒ නිසා රාජපක්ෂලාට ඕනේ උනත් උන්ට ලංකාවේ austerity measures කරන්න බෑ. උන් අකමැතියි නෙවෙයි උන්ට බෑ.
ඔය හේතු නිසා තමයි අර්බුධය බෙල්ල මුලට එනකන් උන් swap දදා හිටියේ. කබ්බ කිව්වේ මේක imf නොයා විසඳනවා කියල.
දැන් උඹට තේරෙන්න ඕනේ ඇයි මේ වෙලාවේ පොහොට්ටු දේශපාලනේ එක්ක රටට ගොඩ යෑමක් නැත්තේ කියල. ඊළඟට මොකා ආවත් ඌ පොහොට්ටු දේශපාලනේ නොකරන එකෙක් වෙන තාක් කල් ඒක රටට හොඳයි. උඹ කියනවා වගේ මීටත් වඩා කළු එකෙක් නෑ, මේ ඉන්නේ කට්ට කළුම එකා.