ඇ‌ක්ටිව් රෝල් ඕවර් බාර්/

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇ‌ක්ටිව් රෝල් ඕවර් බාර්/



    ඇ‌ක්ටිව් රෝල් ඕවර් බාර්/ඇ‌ක්ටිව් රෝල් ඕවර් ප්‍රොටෙක්ෂන් සිස්ටම්(ARP)

    මොකක්ද මේ ඇ‌ක්ටිව් රෝල් ඕවර් බාර් එහෙම නැත්නම් ඇ‌ක්ටිව් රෝල් ඕවර් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක කියලා කියන්නේ?

    නවීන කැබ්රියෝලෙට්(Cabriolet)වර්ගයේ වහල පිටුපසට ඇ‌කිලිය හැකි මෝටර් රථ පෙරලීමක දී ඇ‌තුල සිටින මගීන්ට පෙරලීමේ දී අතිවෙන අනතුරැ වලට අතිරේක ආරක්ෂාවක් සැපයීමට ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීම සඳහා නිර්මාණය කරලා තියෙන පද්ධතියට කියනව අක්ටිව් රෝල් ඕවර් සිස්ටම් කියලා.මේ ඇ‌ක්ටිවි රෝල් ඕවර් බාර් පසුපස ආසන වල හෙඩ් රෙස්ට් එකට පිටුපසින් තියෙන පුවරු අතර කප්ලිං පොයින්ට් සහ හයාටෙන්ෂන් ස්ප්‍රින් ලෝඩ් එකක් සහිතව වෙන වෙනම හවුසිං දෙකකින් සමන්විත වෙන ආ‌කාරයට නිර්මාණය කරලා තියෙනවා.ඒ‌ වගේම කාර්‍ය්‍යයක්ෂම සැලසුම් ක්‍රමය හා සම්පූර්ණයෙන්ම ඇ‌ණ වලින් මෝටර් රථයේ බොඩියට සවිකර ඇ‌ති නිසා පෙරලීමක දී වඩා වැඩි බලයක් අවශෝෂණය කර ගැනීමට හැකියාව තියෙනවා.

    කොහොමද මේ ඇ‌ක්ටිව් රෝල් ඕවර් බාර් සිස්ටම් එක වඩ කරන්නේ?

    මේ ඇ‌ක්ටිව් රෝල් ඕවර් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක ස්ටැබිලිටි කොන්ටෝල් සිස්ටම් එකට ඇ‌න්ටිලොක බ්‍රේක් සිස්ටම්(ABS),ට්‍රැක්ෂන් කොන්ට්‍රෝල්(TC) සහ යෝ රේට් කොන්ටෝල්(Yaw control)යන චෙසි කොන්ටෝල් සිස්ටම් සමග ඒ‌කාබද්ධ කරලා තියෙනවා.ඊට අමතරව පෙරලීමට හේතු වන අධික ලැටරල් ෆෝස්(lateral force)තත්වයන් සහ අධික වේගයෙන් හැරවීම වැනි අවස්ථා හඳුනාගැනීම් ද මේ පද්ධතියට එකතු කරලා තියෙනවා.පෙරලීමක් විය හැකි නිශ්චිත අවස්ථාවක් හඳුනාගන්නා විටකදී මේ ඇ‌ක්ටිව් රෝල් ඕවර් බාර් ස්වයංක්‍රීයවම ක්‍රියාත්මක
    වෙන අතර ක්‍රෂ් සෙන්සර් මගින් සිදුවිය හැකි පෙරලීමක් හෝ ගැටුම් (ඉදිරිපස, පසුපස හෝ පැත්තකින්)හඳුනාගන්නා ආ‌කාරයට එයාර් බෑල් කොන්ට්‍රෝල් යුනිට් එක මගින් මේ ඇ‌කටිව් රෝල් ඕවර් ප්‍රොටෙක්ෂන් පද්ධතිය ක්‍රියාත්මක කරනවා.

    ඇ‌ක්ටිව් රෝල් ඕවර් බාර් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක මගින් රෝල් ඕවර් බාර් හයි ටෙන්ෂන් ස්ප්‍රං නිදහස් කිරීම තත්පර 0.25 ක් වැනි කෙටි කාලයක් ඇතුළත සිදුකරනු ලබන අතර රෝල් ඕවර් බාර් අවසන් නැවතුම් ස්ථානයට ලඟා වූ පසු ඉදිරි සහ පසුපස ආසන හතර සඳහා ආරක්ෂාව සැපයීමට ඉතා දැඩි ලෙස නිර්මණය කරලා තියෙන රථයේ ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීන් ෆ්‍රේම් එකේ උසට සමාන සමානුපාතවන ලෙස සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීවම ලොක් වීම සිදුකරනු ලබනවා.

    ඇ‌ක්ටිව් රෝල් ඕවර් ප්‍රොටෙක්ෂන් තියෙන සමහර මෝටර් රථ වල කන්වටර්බල් රෑෆ් ටොප් එක වහලා තියෙනවා නම් මේ රෝල් ඕවර් බාර් ස්ප්‍රිං ටෙන්ෂන් එකත් එක්ක සම්බන්ධවෙලා රෑෆ් ටොප් එකේ හෙඩ් ලයිනින් එක ලඟින් නවතින අතර මෝටර් රථය පෙරලීමක් සිදු වුණේ නැත්නම් මේ රෝල් බාර් අතින් නැවත හවුසිං ඇ‌තලට තල්ලු කරලා රීසෙට් කිරීමේ හැකියාවද තියෙනවා.මේ ක්‍රමය නිසා අලුත්වැඩියා වියදම් වෙනත් ආකාරයකින් වැයවීම වළක්වා ගැනීමට උපකාර වෙනවා.

    කන්වටර්බල් රෑෆ් ටොප් සහිත කාර් කාලයෙන් කාලයට විශෂයෙන් සෑම ඔයිල් චේන්ජ් සර්විස් එකකදීම ස්කෑන් ටූල් එක මගින් මැනුඅල් ආ‌කාරයට ක්‍රියාත්මක කරලා මේ ඇ‌ක්ටිව් රෝල් ඕවර් ප්‍රොටෙක්ෂන් සිස්ටම් එක නිවැරදිව ක්‍රියාත්මක වෙනවාද යන්න පරීක්ෂා කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.ස්කෑන් ටූල් එක හරහා මේ ඇක්ට්ව් රෝල් ඕවර් බාර් පරීක්ෂා කිරීම සඳහා ඇ‌ක්ට්වේට් කිරීමට පෙර කන්වටර්බල් රෑෆ් ටොප් එක සම්ර්ණයෙන්ම හකුලා තිබිය යුතුවෙනවා.

    (චන්ද්‍රසිරි ජයවික්‍රම විසිනි)

    12/03/2017
     
    • Like
    Reactions: shaminda peiris